( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා කළ පැමිණිල්ලකට අදාළව ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර යන මහත්වරුන් දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට කැඳවීම තාවකාලිකව අත්හිටුවීමට එම ජනාධිපති කොමිසම අභියාචනාධිකරණය හමුවේ අද (27) එකඟතාවය පළ කළේය.
එම කොමිසම හමුවට කැඳවමින් නොතීසි නිකුත් කිරීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර යන මහත්වරුන් ගොනු කළ රිට් පෙත්සම් දෙක සම්බන්ධයෙන් නොතීසි නිකුත් කර කරුණු තහවුරු තෙක් ඔවුන් දෙදෙනා කොමිසම හමුවට නොකැඳවීමට එම කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ උදිත ඉගළහේවා මහතා ස්වේච්ඡාවෙන්ම අධිකරණය හමුවේ එකඟතාවය පළ කළේය.
එසේම රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර මහතා මෙම නඩුකරයෙන් ඉවත් කිරීමටද ජනාධිපති නීතීඥ උදිත ඉගළහේවා මහතා අධිකරණය හමුවේ එකඟ විණි.
ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති කළ පැමිණිල්ලට අනුව දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ සිදුකරන විමර්ශන නීතියට පටහැනි බව සඳහන් කරමින්, එම විමර්ශන අත්හිටුවන්නැයි අනුර කුමාර දිසානායක මහතා සහ ශානි අබේසේකර යන මහත්වරුන් රිට් පෙත්සම් දෙක අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතීඥ උදිත ඉගළහේවා මහතා මෙම එකඟත්වය පළ කර සිටියේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී.නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවිණි.
පෙත්සම් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු දක්වමින් කියා සිටියේ මේ වසරේ ජනවාරි මස 09 වනදා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ මෙම කොමිසමට බලය පැවරී තිබෙන්නේ ඉකුත් පාලන සමයේ රජයේ නිලධාරීන්, සංස්ථා හා මණ්ඩලවල සේවය කළ නිලධාරින් සහ ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සේවය කළ නිලධාරීන්ට සිදුවු බව කියන දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීමට පමණක් බව පැවසීය.
ඒ අනුව ඇවන් ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල අදාළ කොමිසමේ විෂය පථයට අයත් නොවන අතර එය විමර්ශනය කිරීමට අදාළ කොමිසමට බලයක් නොමැති බව ද ජනාධිපති නීතිඥවරයා සාලිය පීරිස් මහතා වැඩිදුරටත් කියා සිටියේය. එසේම එම කොමිසමට පැමිණිලි කිරීමට නිශ්ශංක සේනාධිපතිට අයිතියක් නොමැති බවද ජනාධිපති නීතීඥවරයා පෙන්වා දුන්නේය.
පෙත්සම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අස්තික දේවේන්ද්‍ර මහතා කරුණු දක්වමින් කියා සිටියේ දේශපාලන පලිගැනීම් වලට ලක්වූ රාජ්‍ය හා සංස්ථා සේවකයින් පිළිබඳ විමර්ශන කිරීමට පත් කළ මෙම කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නිශ්ශංක සේනාධිපති මහතාට නීතීමය අයිතියක් නොමැති බවය.
එසේම එවැන්නෙකු කරන පැමිණිල්ලක් විමර්ශනය කිරීමට එම ජනාධිපති කොමිසමට බලයක් නොමැති බවද නීතීඥ අස්තික දේවේන්ද්‍ර මහතා අධිකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.
පෙත්සම් දෙක පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන සැප්තැම්බර් මස 29 වන දා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය දින නියම කළේය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දේශපාලන පළිගැනීම් පිලිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික විනිසුරු උපාලි අබේරත්න , සහ එහි සාමාජිකයන් වන දයා චන්ද්‍රසිරි ජයතිලක සහ චන්ද්‍ර ප්‍රනාන්දු යන මහත්වරුන් , කොමිසමේ ලේකම්වරයා, නීතිපති දප්පුල ද ලිවේරා, ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර , ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති නම් කරනු ලැබ සිටිති.
නීතීඥ සුනිල් වටගල සහ නීතීඥ මංජුල බාලසූරිය යන මහත්වරුන් මාර්ගයෙන් මෙම පෙත්සම් ගොනු කෙරිණි.
පෙත්සම්කාර අනුර කුමාර දිසානායක මහතා සිය රිට් පෙත්සමෙන් පෙන්වා දෙන්නේ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති කොමිසම විසින් ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති විසින් කරන ලද පැමිණිල්ලකට අදාළව සාක්ෂි දීම සඳහා තමන්ට මෙම මේ මස 16 වැනිදා එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර ඇති බවයි.
එසේම දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලැබූ ජනාධිපති කොමිසම පිහිටුවීමට අදාළව ඉකුත් ජනවාරි මස 09 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව එම කොමිසමට විමර්ශන සිදුකිරීම සඳහා බලය පැවරී තිබෙන්නේ රාජ්‍ය සේවකයින් විසින් ඉදිරිපත් කරන පැමිණිලි පමණක් බවද පෙත්සම්කාර අනුර දිසානායක මහතා සිය පෙත්සමෙන් පෙන්වා දේ.
ඒ අනුව ඇවන් ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල විභාග කිරීමට එම කොමිසමට බලයක් නොමැති බවත් , එම පැමිණිලි විමර්ශනය සඳහා තමන්ව කැඳවීම සඳහා නිකුත් කර තිබෙන නොතීසිය ද බල රහිත ලියවිල්ලක් යැයිද පෙත්සම්කාර අනුර දිසානායක මහතා සිය පෙත්සමේ සඳහන් කර ඇත.
මේ හේතුවෙන් එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස තමන් වෙත නිකුත් කර තිබෙන නොතිසිය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් , ඇවන්ගාඞ් සමාගමේ සභාපතිවරයා සිදුකරන ලද පැමිණිල්ලට අදාළව පවත්වනු ලබන විමර්ශනය අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි අනුර කුමාර දිසානායක මහතා සිය පෙත්සමින් ඉල්ලා සිටී.
මේ අතර දේශපාලන පළිගැනීම් පිළිබදව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ වගඋත්තරකරුවකු ලෙස නම් කරමින් මේ මස 17 වනදා පෙනී සිටින ලෙස දන්වා තමන් වෙත නිකුත් කර තිබෙන නොතීසිය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා විසින් ද අභියාචනාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් සහ නීතීඥ අස්තික දේවේන්ද්‍ර යන මහත්වරුන් පෙනී සිටියහ.
නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා පෙනී සිටියේය.
විදේශ රැකියා ඒජන්සිය මාර්ගයෙන් විදේශ රැකියාවලට යන ශ්‍රමිකයන්ට ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේදී යම් නිලධාරියකු හෝ පුද්ගලයකු වංචනික අන්දමින් කටයුතු කර
ශ්රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි ආරක්ෂක අංශයේ සහකාර අධ්‍යක්ෂවරයකු 2022 ජනවාරි සිට දෙසැම්බර් දක්වා රාජකාරි කළ වාහනය වෙනුවෙන් නිකුත් කරන ඉන්ධන ප්‍රමාණ
චීනය සහ ඇමෙරිකාව අතර ආරම්භ වී ඇති වෙළෙඳ යුද්ධය තවත් දරුණු කරමින්, ඇමෙරිකාවට චීනයෙන් ලැබෙන භාණ්ඩ සඳහා පනවන තීරු බද්ද සියයට 104 දක්වා ඉහළ දැමීමට ජනපති ඩොනල
“ඔබතුමා මුදල් අමාත්‍යාංශයෙ වැඩේ කරගෙන යන්න. මම මගේ වැඩේ කරගෙන යන්නම්. මගේ වැඩ වලට ඇඟිලි ගහන්න අවශ්‍ය නෑ. ප්‍රශ්නයක් තියෙනවා නම් ඔක්කොම එකතුවෙලා මාව සභ
බොරලැස්ගමුව සම්බාහන මධ්‍යස්ථානයක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් කාන්තාවක් සන්තකයේ තිබූ ව්‍යාජ හැදුනුම්පතක් ඔස්සේ සිදුකළ විමර්ශන වලදී වැලිකඩ සුඛෝභෝ
දසවැනි පාර්ලිමේන්තුව සඳහා වන ශ්‍රී ලංකා - ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ග
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
අනුර කුමාර-ශානි අබේසේකර කොමිසමට කැඳවීම තාවකාලිකව අත්හිටුවයි
සමිත සේනක අලුත්ගමගේ. Monday, 27 July 2020 12:10 PM
අනුර කුමාර මහතාගේ හෝ ශානි අබේසේකර මහතාගේ දේශපාලන පැත්ත කුමක් වුවත් අපට එය වැදගත් නොවේ. වෙනත් කුමන පක්ෂයක් හෝ වැදගත් නොවේ. අප කතා කරන්නේ කොයි දේශපාලනයෙත් ඇත්ත ඇති සැටියෙන්. කොයිකවුරු දේශපාලන බලවතාත් පත්කරනු ලබන මෙවැනි කොමිසම්වලට පත්කරනුයේ තමන්ගේ සිතැඟි අනුව කටයුතු කරන්නන්ය. එසේ හෙයින්, මේ කොමිසම් රටේ පවතින නීති හා අධිකරණ පද්ධතියට අදාළ නොවන බව පෙනේ. මේ කොමිෂන් පත් කෙරිල්ල පසෙක තබා, අදාල සිද්ධි රටේ අධිකරණය වෙත යොමු කරන්නේ නම්, එයට කිසියම් නීතිමය පසුබිමක් තිබෙන බව පෙනේ. දේශපාලන පසුබිමක් සහිතව නඩුව ඇසෙන මේ කොමිෂන්වලට වියදම් කරනු ලබන විශාල මුදල් සම්භාරය රටේ ආර්ථිකයට ඔරොත්තු නොදේ. රටේ අධිකරණයක් තිබියදී මෙවන් දේට මහජන මුදල් නාස්ති කිරීම අපරාධයකි.
beau Monday, 27 July 2020 08:16 PM
ඒ මොකද? මේ අය නීතියට වඩා ඉහළින්ද ඉන්නේ...?නැතිනම් අධිකරණය මේ අයට බයද?