IMG-LOGO

2024 දෙසැම්බර් මස 17 වන අඟහරුවාදා


අනවසර වයරයේ පැටලුණු මුනුපුරා බේරා ගැනීමට ගිය සීයා අවසන් ගමන් යයි

(හේමන්ත රණසූරිය සහ පියදාස සමරවීර)

කැබිති ගොල්ලෑව  හේරත්හල්මිල්ලෑව ප්‍රදේශයේ පාළු ගෙවත්තක් හරහා අදින ලද අනවසර විදුලි රැහැනක පැටලී සිටි මුණුපුරා බේරා ගැනීමට ගිය හැත්තෑ දෙහැවිරිදි  සියා  මියගොස්   මුනුපුරා විදුලි සැර වැදී රෝහල් ගත කර ඇතැයි කැබිතිගොල්ලෑව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ හේරත් හල්මිල්ලෑව ගමේ පදිංචිව සිටි බණ්ඩාගේ විජේරත්න නමැති සිව් දරු පියකි. ඔහු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික සෙබළකු ලෙස කටයුතු කළ අයෙකි.

විදුලිය සැර වැදීමෙන් බරපතළ තත්ත්වයෙන් දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන හෂාන් සඳකැළුම් නමැති දාහත් හැවිරිදි මුනුබුරා කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරන සිසුවකු බවද පොලිසිය සඳහන් කළේය.

විදුලිය සැරවැදීමෙන් බරපතල තත්ත්වයේ පසුවන හෂාන් සඳකැලුම් නමැති අය ඔහුගේ නිවස ආසන්නයේ ඇති අනාරක්ෂිත ළිඳකට දිය නෑමට ගොස් සිටියදී ඒ අසලින් ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී ඇද වැටී කෑගසන ශබ්දය ඇසී, ඔහුගේ සීයා වන මරණකරු එම ස්ථානයට දිව යෑමේදී ඔහුද එම අනවසර විදුලි රැහැනේ පැටලීමෙන් මෙලෙස මරණයට පත් වූ බව, එම අවස්ථාවේ එතැනට දිවගිය අසල්වාසීන් අප සමඟ පැවසූහ.



අදහස් (0)

අනවසර වයරයේ පැටලුණු මුනුපුරා බේරා ගැනීමට ගිය සීයා අවසන් ගමන් යයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නලින් ද සජිත්ගේ උපාධි සහතිකය ඉල්ලයි
2024 දෙසැම්බර් මස 17 1 0

’’ඔබතුමා ලන්ඩන් විශ්වවිද්‍යාලයකට ගියා කියා කියනවා.ඕන නම් ඒ සහතික ඉදිරිපත් කරන්න පුළුවන් යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස ම


දයාසිරි ශ්‍රිලනිප විනය කමිටුවට
2024 දෙසැම්බර් මස 17 86 0

සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුවට කඳවා ඇතිි බව එම පක්‍ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහත


එන්නතකින් පසු සරසවි සිසුහු හතක් රෝහලට
2024 දෙසැම්බර් මස 17 37 0

ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ දෙවැනි වසර ඉගනුම ලබන සිසුසිසුවියන් 07 දෙනකු සදහා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ලබා දුන


ශල්‍යාගාර ලාම්පුවලින් රජයට පාඩු කළ වෛද්‍ය ඉංජිනේරුවාට අධි චෝදනා
2024 දෙසැම්බර් මස 17 487 0

ශල්‍යාගාර ලාම්පු 35 ක් මිලදී ගැනීමේදී රජයට පාඩු කළ බවට චෝදනා ලැබ සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ඒකකයට අනුයුක්තව සිටි ජීව වෛද්‍ය ඉං


මට වෛද්‍ය සහතිකේ තියෙනවා
2024 දෙසැම්බර් මස 17 1240 1

තමා 2013 වසරේදී වෛද්‍යවරයෙක් ලෙස ලියාපදිංචි වී සහතික ලබා ගත් බව සමග ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය


හිටපු සුරා බදු කොමසාරිස්ට රට යන්න අවසර
2024 දෙසැම්බර් මස 17 220 0

පුද්ගලික කටයුත්තක් සඳහා විදේශ ගතවීමට අවසර දෙන ලෙස හිටපු සුරා බදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ. ගුණසිරි මහතා කළ ඉල්ලීමකට ශ්‍රේෂ්ඨාධිකරණය රියෙ අවසර ලබා දුන


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 243 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 232 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 111 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site