IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


අන්සතු වුණත් රැල්ලේ ගීතයක්

2017-01-15-ent-37

මීට වසරකට පෙර දෙසැම්බර් මාසයේ රටක් හඳුනන තරුවක් බවට පත් වුණ ජනිත් අද වනවිට ලොවක් හඳුනන ගායකයෙක් බවට පත් වී හමාරයි. පසුගිය දවසක ජනිත් අලූත් ගීතයකුත් එළිදැක්වුව ගමන් හිමාල කන්ද තරණය කරලා ලොකු අත්දැකීම් ගොන්නකුත් එක්ක මව්බිමට ආවා. මේ සිදුවීම් එක්ක අපි ඔහුව මෙවර කතාබහට එකතු කරගන්න හිතුවා. මේ ජනිත් ඉද්දමල්ගොඩ.

 

ඉතින් කොහොමද ජනිත්?

2017-01-15-ent-38සුපුරුදු විදියට වැඩ කටයුතු ටික කරගෙන ඉන්නවා. මගේ අලූත් ගීතයක් එළි දැක්වූවා. හිමාල කන්ද තරණය කරලා ආවා. මේ දවස්වල සංගීත ප‍්‍රසංගවලට සහභාගි වෙනවා.

 

ඞී‍්‍රම් ස්ටාර් වුණාට පස්සේ කාලයක්ම නිහඬ වෙලා හිටියේ ඇයි?

ඞී‍්‍රම් ස්ටාර්වලින් පස්සේ ගීතයක් කළා. ඞී‍්‍රම් ස්ටාර්වලට අවුරුද්දක්ම කැප කරපු නිසා ඞී‍්‍රම් ස්ටාර් ඉවර වුණ ගමන් අධ්‍යාපන වැඩවලට මුළු කාලයම යොදවන්න සිද්ධ වුණා. මොකද උසස් පෙළ කියන්නේ මගේ හීනයේ මූලාරම්භයනේ.

 

හීනයේ මූලාරම්භය කිව්වේ?

සංගීත අංශයෙන් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක් වෙන එක තමයි මගේ ලොකුම හීනය. එතනට යන්න උසස් පෙළ කඩුල්ල ඉහළින්ම පනින්න ඕනනේ. ඒ නිසා පසුගිය දවස්වල විභාග වැඩ නිසා කලා වැඩවලින් මාස ගණනක්ම ඈත් වෙලා තමයි හිටියේ.

 

අලූත් ගීතය ගැන කතාකරන්න කලින් කඳු තරණය ගැන කතා කරමුකෝ... මොකද එකපාරටම කඳු නගින්න හිතුණේ?

ඒක චූටි කාලේ ඉඳලම මගේ හිතේ තිබුණ හීනයක්. කඳු නැගීමේ හීනේ නම් සැබෑ කරගත්තා. මම අධ්‍යාපනය ලබපු නාලන්දා විද්‍යාලයේ ත‍්‍රාසජනක සංගමය තමයි මේ කටයුත්තට පූර්ණ දායකත්වය දුන්නේ. මම පාසලේ නවය වසරේ ඉඳලම හිමාල කන්ද තරණය කරන්න පාසලෙන් අවසර ගන්න උත්සාහ ගත්තා. ඒත් අවස්ථාවක් ලැබුණේ නැහැ. කවදාහරි හිමාල කන්ද තරණය කරන්න අවස්ථාව ලැබේවි කියලා විශ්වාසයක් තිබුණා. කඳු නගින්නන්ගේ කණ්ඩායමේ නායකයා විදියට කටයුතු කළෙත් මම. මාස එකහමාකරක පාඨමාලාවක් එක්ක තමයි කන්ද තරණය කළේ. ත‍්‍රාසජනක සිදුවීම් ගොඩක් වුණා. කොහොම වුණත් හිමාලය තරණය කරන්න ලැබීම මම ජීවිතේ ලබපු ලොකුම ජයග‍්‍රහණයක්. ඒ වගේම හොඳ අත්දැකීමක්. ගමන දුෂ්කර, කටුක වුණත් අවස්ථාව උදා කර ගන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි.

 

කොච්චර උසකට ළඟා වුණා ද?

අඩි 17,000ක තරම් උසට තරණය කළා.

 

ඉතින් අලූත් ගීතය ගැනත් කියමු?

”අන්සතු වුණත්” ගීතය තමයි මගේ අලූත්ම ගීතය. මේ මගේ දෙවැනි ගීතය වගේම පළමු විෂුවල් එක කරපු සින්දුව. ගීතය ලිව්වේ යසිත් දුල්ෂාන්. සංගීතය විකුම් පියුමාල්ගෙන්. මේ ගීතයත් විරහ ගීතයක්.

 

ඒ කියන්නේ ජනිතුත් අඬන රැල්ලේ ගායකයෙක් වෙන්න ද හදන්නේ?

කවුරු කොච්චර දේවල් කිව්වත්, දෝෂාරෝපණය කළත් හැමෝම ගීත කරන්නේ රැුල්ලට තමයි. මේකත් ඇත්තටම රැුල්ලේ ගීතයක්. මම මල් සින්දු කියන්නේ නැහැ කියලා කියන්නෙ නැහැ. බලාපොරොත්තුවක් තියෙනවා ඉදිරියේදී වෙනස්ම ආරේ ගීතයක් කරන්න. අපිට මේ රැුල්ලත් එක්ක එකපාරටම වෙනස් වෙන්න අමාරුයි. අලූත් ගීත නිර්මාණ කරන්න කැමතියි. ආසයි. ඒත් රැුල්ලේ ගීත නොකීවොත් අපිට පේ‍්‍රක්ෂකයා අතරට යන්න අමාරුයි. මගේ ඊළඟ ගීතයත් රැුල්ලේ ගීතයක්ම තමයි. අපේ මහන්සිය එක්ක තමයි අපේ ගමන තියෙන්නේ..

 

සංගීතය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනයට ඉන්දියාවට යන්න තිබුණ බලාපොරොත්තුව දැන් ජනිත්ගෙන් නැති වෙලා ද?

ඇත්තටම දැන් නම් ඉන්දියාවට යන්න අදහසක් නැහැ. මම කාලයක්ම කලාවෙන් ඈත් වෙලා ඉඳපු නිසා දැන් ආයෙමත් ලංකාවෙන් ගියොත් පේ‍්‍රක්ෂකයාට මාව අමතක වෙලා යයි. පේ‍්‍රක්ෂකයාගෙන් ඈත් වෙන්න මම කැමති නෑ. ලංකාවේ ඉඳගෙන අධ්‍යාපනය පැත්තෙන් මගේ අරමුණට යනවා. නම හැදුනා වගේම පවත්වාගෙන යන්නත් අද කලාව ඇතුලේ ලොකු සටනක් කරන්න වෙලා තියෙනවා. ඒ නිසා ඉන්දියාවට යන්න බලාපොරොත්තුව දැනට නම් නැහැ.

 

ජනිත්ට රියැලිටි වැඩසටහන්වලින් ආරාධනා ලැබුණේ නැද්ද?

ආරාධනා නම් ලැබුණා. අධ්‍යාපන වැඩයි, ඉන්දියාවෙයි ගිය නිසා ඒ අවස්ථා මට මඟ ඇරුණා. ඉදිරියේදී නැවත ආරාධනා ලැබුණොත් බාරගන්නවා.

 

සින්දු කියනවා, කඳු නගිනවා, රඟ පාන්න අදහසක් නැද්ද?

සින්දු කියන්න හැකියාව තිබුණට රඟපාන්න නම් මට හැකියාව නැහැ. මට රඟපාන්න ආරාධනාවක් ලැබේවි කියලා හිතන්නෙත් නැහැ. පුංචි ආසාවක් තියෙනවා. මගේ මියුසික් වීඩියෝ එකක හරි රඟපෑම අත්හදා බලනවා.

 

මොනවද මේ දවස්වල අලූත්ම වැඩ?

ගීත කිහිපයක් නිර්මාණය කරනවා. ඊට අමතරව බෞද්ධ චිත‍්‍රපටයක පසුබිම් ගීතයකට ආරාධනා ලැබිලා තියෙනවා. සුපුරුදු විදියට ප‍්‍රසංගවලටත් දායක වෙනවා. විභාගෙත් ඉතින් ඉවර වුණා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. කොහොම වේවි ද දන්නේ නැහැ. බලමු ඉදිරියේදී.

 

එතකොට සංගීත කණ්ඩායමේ වැඩ?

ඒවත් සුපුරුදු විදියට කරගෙන යනවා.

 

ජනිත් දැන් පෙම්වතෙක් කියලත් ආරංචියි?

ඒක ගැන පස්සේ කියන්නම්. ඒවා කියන්න තව කල් තියෙනවා. පුවත්පතකට මම ආදරේ ගැන කියලා පොඩි පොඩි ප‍්‍රශ්න වගයක් ආවා. තාම අපි ඉගෙන ගන්නවනේ. කිවයුතු කාලෙදී කියන්නම්.

 

නදීෂා අතුකෝරළ / ඡායාරූපය සඳුන් ගමගේ

 



අදහස් (0)

අන්සතු වුණත් රැල්ලේ ගීතයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 883 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 136 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


පිපිරීමකින් තරුණයෙක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 14 326 0

යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.


අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 471 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 2162 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 4208 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 355 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1381 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site