(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සියලුම වෛද්‍යවරු,වෛද්‍යවරියන්, හෙද හෙදියන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලවල ආරක්ෂාව නිසි ලෙස තහවුරු කරන තුරු අඛණඩ වෘත්තිය ක්‍රියා මාර්ගයකට අවතීර්ණය විමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අනුරාධපුර ශික්ෂණ රෝහල් ශාඛාවේ ලේකම් වෛද්‍ය ශෂික විතානගේ මහතා පැවසිය.
පුද්ගලයකු විසින් තියුණු ආයුධයක් පෙන්වා මරණිය තර්ජනය කොට අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නිරතව සිට ආපසු සිය නිල නිවසට යමින් සිටි අවිවාහක වෛද්‍යවරියකට ලිංගින හිංසනයක් සිදුකිරිමට විරෝධය පළ කරමින් එම රෝහලේ වෛද්‍යවරු අද දින සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතව සිටිති.
මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදින් දැණුවත් කිරිම සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලේදි මාධ්‍ය හමුවක් ද පැවැත්වුණි.
15 වෙනිදාට රිලව් වඳුරෝ දඬුලේනු හරියට ගණන් කරන්න .අපිත් ඒකට සුබ පතනවා.අපේ වත්තේ ඉන්න සතුනුත් ගණන් කරලා ලැයිස්තුවක් එවන්නම් යැයි හම්බන්තොට දිස්ත්‍රික් ම
මෙරට ගුවන් යානයක් තුළ බීමතින් ගුවන් සේවිකාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ස්වීඩන් ජාතිකයෙක් ගුවන්තොටුපොළ පොලිසිය විසින් ගුවන්තොටුපොළ පොලිසිය වි
චීන තානාපති චී ජෙංහොංග් මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් අද (12) දින තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවත්ව
දරුවන්ට අමානුෂික ලෙස පහර දුන්නේ යැයි චෝදනා එල්ල වී ඇති උපකාරක පංති ගුරුවරයෙක් අත්අඩංගුවට ගැනීමට ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය විමර්ශන ආරම්භ කර ඇති බවත්
නගරවල සවිකර ඇති ආරක්ෂක කැමරා ආශ්‍රිතයෙන් මාර්ග නීති උල්ලංඝනය කළ මෝටර් රථ පිළිබදව කළ විමර්ශනවලින් ව්‍යාජ අංක තහඩු යොදාගෙන ධාවනය කළ මෝටර් රථ 267 ක් හදුනාග
අනුරාධපුර ශික්ෂණ රෝහලේ අවිවාහක වෛද්‍යවරියකට පුද්ගලයෙකු විසින් සිදුකරන ලද ලිංගික හිංසනයට විරෝධය දක්වමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරැ හෙද නිලධ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
අනුරාධපුර රෝහලේ වැඩ නවතී
sanjeeva Tuesday, 11 March 2025 04:31 PM
රණවිරුවන්ට අත නොතබනු!!!
Kamal Koyrala Tuesday, 11 March 2025 04:53 PM
එවිට නීති පතා වෙඩි කන උන් වෙනුවෙන් මහජනතා මොන ස්ට්‍රයික් ද කරන්න ඕන
රම්බොඩ Tuesday, 11 March 2025 05:15 PM
වැරදිකරු සොයා ගැනීම දඬුවම් දීම කළ යුතුම දෙයක්. මෙවැනි අකටයුතුකම් නැවත කොහේවත් නොවන්නටත් වග බලාගත යුතුයි. එහි සැඟවුණු කතාවකුත් ඇති දැයි අපි නොදන්නෙමු. ඒ කෙසේ වෙතත් අනෙක් අසරණ රෝගීන් අපහසුවය පත් කිරීම කොතරම් සාධාරණදැයි සිතාගත නොහැක.
Nilantha Tuesday, 11 March 2025 05:36 PM
දොස්තරලා කරන අනෙක් වර්ජන ගැන නම් පැහැදීමක් ඇත්තෙම නැහැ ඒ මේ වර්ජනයට නම් අනෙකුත් රෝහලවලිනුත් සහයෝගයක් දෙනවානම් ඉතාමත් සාධාරණයි
හසක Tuesday, 11 March 2025 06:04 PM
එක මිනිහෙක්ගෙ ක්‍රියාවක් නිසා ඒකට කිසිම සම්බන්ධයක් නැති මිනිස්සුන්ගෙන් පලිගන්න එක උගත් යැයි කියාගන්න අය අනුමත කරනවා ඇති. ඔය වර්ජනේ කෑම පැයේදි, පෞද්ගලික සේවා වෙලාවෙදි කෙරුවනම් ජනතාවත් සහයෝගය දෙයි.
Asela Tuesday, 11 March 2025 09:17 PM
මේ රජයේ සේවකයින් හිතන්නේ ඔවුන් නීතියට ඉහළින් ඉන්නවා කියලද? දැන් චෝදනා එල්ල වී ඇති අපරාධය සිදුවී ඇති අතර පොලිසිය ඉක්මනින් ඒ පිළිබඳව විමර්ශනය කළ යුතුයි. මෙම විමර්ශනය ඉදිරියට ගෙන යාමට ඔවුන් දැඩි පීඩනයක් එල්ල කරන බව පෙනේ. අපි හිතුවේ මේ ඊනියා වෘත්තීය මැරයන් මිනිසුන් ප්‍රාණ ඇපයට ගැනීම මේ පාලනයත් සමඟ නතර වුණා කියලා.
Rata Perata Wednesday, 12 March 2025 01:19 PM
මොන කාලකන්නි ටිකක්ද මේ? මුන්ට වෛද්‍යවරු කියන්න බෑ මුන් හරියට මාෆියා කාරයෝ වගේ අනිත් එක මුන් හිතාගෙන් ඉන්නේ මුන් ඉන්නේ රටේ අනිත් ජනතාවට වැඩිය උඩින් කියලා