(යොහාන් භාසුරු)
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් නිවේදනය කළේය.
මැතිවරණයේදී ප්‍රකාශකළ ඡන්දවලින් හරි අඩකට වඩා කිසිඳු අපේක්‍ක්‍ෂකයෙක්ට ගැනීමට නොහැති වීම නිසා පළමු සහ දෙවැනි ස්ථානවල සිටි අපේක්‍ෂකයන්ගේ වාසියට ලැබුණු දෙවැනි සහ තුන්වැනි මනාප ගණනය කළ බවත් එහිදී මනාප 105,264 ක් ලැබූ අනුර කුමාර දිසානායක මහතාගේ ඡන්ද සංඛ්‍යාව 5,740,179 ක් දක්වා ඉහළ ගිය බවත් සභාපතිවරයා කීය.
දෙවැනි ස්ථානයේ සිටි සජිත් ප්‍රේමදාස මහතාට මනාප 167,867 ක් ලැබීමත් සමඟ ඔහුගේ ඡන්ද සංඛ්‍යව 4,363,035 ක් බවට පත්වූ බවත් ඒ අනුව වැඩිම ඡන්ද ලැබූ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස පත්කරන බවත් සභාපතිවරයා වැඩි දුරටත් සදඟන් කළේය.
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අනුර ජනපති
අමල් Sunday, 22 September 2024 08:59 PM
ආඩම්බරයි ශ්‍රී ලංකා ! 42.36%ක් විතරයි බත් කන හරක් ඉන්නේ!
දුමින්ද රංකොත්ගෙදර Sunday, 22 September 2024 09:09 PM
ඔබතුමාගේ යම්යම් ප්‍රතිපත්තිවලට එකග නොවුනත්, ඔබතුමා තමයි සුදුස්සා… හදවතින්ම සුභපතනවා
සිංහල නිංජා Sunday, 22 September 2024 09:11 PM
රටේ 50% නැති පලමු ජනාධිපති. හෙට උදේම මහපොල වැඩි කරයි.
ASP Sunday, 22 September 2024 09:28 PM
කුහකයන්ට හොදට රිදෙනවා නේද?
පිටිගල මිලානෝ Sunday, 22 September 2024 09:37 PM
ජයෙන් ජයම වේවා….!
මැක්ස් Sunday, 22 September 2024 09:42 PM
වැඩි ජනතාවක් දැනට ඔබට විරුද්ධ වුවත්, ඔවුන්ගේ කැමැත්ත ද දිනා ගැනීමට හැකිවන ලෙස කටයුතු කිරීමට ඔබට හැකිවේවා! රටේ ඒකීයභාවය, බුදු දහමට හිමි තැන ඔබතුමා යටතේ ද එසේම පවතීවා! සුබ පැතුම්!