IMG-LOGO

2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා


අනුර - මෝදි අතර ගිවිසුම් රැසක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට නිල සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට නියමිත බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය වික්‍රම් මිස්රි මහතා පසුගියදා ඉන්දියාවේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවහොත් මෙරට සිවිල් යුද්ධයට මැදිහත්වී සිටි ඉන්දීය සමා සාධක හමුදාව 1980 දශකයේදී මෙරටින් පිටවීමෙන් පසුව දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ ගිවිසුමකට එළැඹෙන ප්‍රථම අවස්ථාව මෙය වේ.

චීනය ශ්‍රී ලංකාව සමග ඇති ආරක්ෂක සහයෝගීතාව වැඩි දියුණු කරගැනීමට දිගින් දිගටම උත්සාහ කරන මොහොතක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මෙලෙස ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබේ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට නිල සංචාරයේදී බලශක්ති සම්බන්ධතාවය, ඩිජිටල්කරණය, ආරක්ෂක, සෞඛ්‍ය සහ බහු-ආංශික ප්‍රදාන ආධාර යන අංශ යටතේ අවබෝධතා ගිවිසුම් 6 ක් අත්සන් කිරීමට නියමිතය.

එලෙස අත්සන් තබන අවබෝධතා ගිවිසුම් අතරට ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමද ඇතුළත් වන බව ඉන්දීය විදේශ කටයුතු ලේකම් වික්‍රම් මිස්රි මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහත්වරුන් අතර එළැඹෙන 5 වැනිදා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් එම සාකච්ඡා ව අවසානයේදී ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තබනු ඇති බවත් මිස්රි මහතා සඳහන් කළේය.

 



අදහස් (8)

අනුර - මෝදි අතර ගිවිසුම් රැසක්

නිමල් පෙරේරා Sunday, 30 March 2025 04:39 PM

1 එක්ටා, 2 ත්‍රිකුණාමලය තෙල් ටැංකි, 3 මන්නාරම පාලම 4 ඉන්දියාව සිට අනුරාධපුරය දක්වා විදුලි රැහැන් පද්ධතිය සහ මෙතෙක් නොකියපු ගිවිසුම් 2 යි මේවා නේද ඔය කියන ගිවිසුම් හය. ඇයි ජනතාවට හෙළි කරන්නෙ නැත්තෙ

:       1       5

මැක්ස් Sunday, 30 March 2025 05:55 PM

හම්මේ ඉතින්, මේ අර "ඉන්දියානු ව්‍යාප්තවාදයක් " ගැන නන් දොඩවමින්, ඉන්දියානු භාණ්ඩ වර්ජනය කරමින් සැලකිය යුතු කාලයක් රට මුලා කළ වසවර්ති පක්ෂයේ මිනිස්සු නේද! ඒ අතීතය අමතක කළත්, මේ ඊයේ පෙරේදත්, ඉන්දියාවට ගරහමින්, ශ්‍රී ලංකාව ඉන්දීය කොලනියක් වන බවට කෑ ගසමින්, මෙරටට පැමිණි ඉන්දීය ආයෝජන නැවත හරවා යැවූ කඩාකප්පල්කාරීන්ගේ මුලිකය නේද දැන් තොත්ත බබා න්‍යායයෙන් ඉන්දීය නායකයන් සමග කටයුතු කරන්නේ! ලැජ්ජාවක් නැති උනාම මේවා සුළු දේවල් බව තමයි "මොරාල් ඉස් ද ස්ටෝරි"!

:       3       7

MahSen Sunday, 30 March 2025 08:01 PM

ඉන්දියානු ව්‍යාප්ත වාදය ගැන අනුරගේ NPP එක අමතක කරා වගේ . දැන් JVP නොවේ, NPP නේ!

:       3       8

ගුණරත්න Sunday, 30 March 2025 10:01 PM

කලින් ආණ්ඩුව ගිවිසුමක් ගැන කතා කලත් වර්ජන තර්ජන ගෙනවිත් රට අවුල් කල පිරිස්ම දැන් ඒ ගිවිසුන් අස්සන් කරනවාට අපේ සීයා කියන්නේ ඌරා පිටේ තියාගේන ඌරු මාළු කපනවා කියලයි.

:       5       7

Saman Sunday, 30 March 2025 10:28 PM

ඉන්දියානු ව්‍යාප්තවාදය නමැති බූවල්ලා

:       3       6

Harimanis Monday, 31 March 2025 08:26 AM

අවුරුදු 76 ක් තිස්සේ කකුලෙන් ඇදලා ඇදලා දැන් කකුල ලෙවකනවා ලැජ්ජයි ඔයා ගැන

:       3       10

Toni Monday, 31 March 2025 03:02 PM

සාධාරණ කොටා

:       1       3

prasanna Monday, 31 March 2025 06:21 PM

චේතිය රජු...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ආලංකුලම වැව් ඉස්මත්තේ අනවසර ගොඩනැගිල්ලක්
2025 අප්‍රේල් මස 01 361 0

අනුරාධපුර ආලංකූලම වැව් ඉස්මත්තේ ඇති වගුරු සහිත කුඹුරු බිම සහ හග්ගමුව කැලේ සහිත අක්කර ගණනාවක භූමිය ලබා දී ඇත්තේ නිසි ක්‍රමවේදයට නොවන ආකාරයට ගොවිජන සංව


ඉන්ධන ලොරිය වෙළට පෙරළේ
2025 අප්‍රේල් මස 01 356 0

කොලොන්නාව සිට මඩකලපුව බලා ධාවනය වූ ඩීසල් හා පෙට්‍රල් ප්‍රවාහන බවුසරයක් මනම්පිටිය ආච්චිබෝක්කුව ප්‍රදේශයේදී අද සවස 4.00 ට පමණ පාරෙන් ඉවතට පෙරළී මෙන් එහි


අඩුවට කෑම දෙන ආණ්ඩුවේ හෝටලේ ඇරැඹෙයි
2025 අප්‍රේල් මස 01 1133 0

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාරවේලක් පහසු මිලට ලබා දීමට රජය හඳුන්වාදුන් වැඩසටහන නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ “පැ


ගුරුවරයාගේ පහරකෑමෙන් සිසුවා රෝහලේ
2025 අප්‍රේල් මස 01 330 0

ගාල්ලේ විදුහලක ගුරුවරයෙකුගේ පහරදීමකින් කනට බර පතල තුවාල සිදුව ඇති සිසුවෙකු අද (01) සවස කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.


තරුණ අමාත්‍යාංශයෙන් ඇඹිලිපිටියට තෑග්ගක්
2025 අප්‍රේල් මස 01 241 0

ජාතික තරුණ සේවා සභාව හරහා ස්ථාපිත කෙරෙන බහුවිධ මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ එක් මධ්‍යස්ථානයක් ඇඹිලිපිටිය නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානයේ ස්ථාපිත කි


මැතිවරණ පෙත්සම් 3 දක්වා කල් යයි
2025 අප්‍රේල් මස 01 164 0

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ නාම යෝජනා පත‍්‍ර ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව ‘‘ජන අරගල සංවිධානය’ ‘ස්වාධීන කණ්ඩායම්’ 40ක් ගොනුකොට ඇති පෙත්සම්


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 132 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 730 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 763 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site