IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


අනේ කෙල්ලක් හිටියනම් හිතෙනවා

2016-08-05-ent-32

 

නම - දිනෙත් ද සිල්වා

උපන් ගම - මාතර හක්මන

දැන් පදිංචිය - ජාඇල, ඒකල

පාසැල - කොළඹ තර්ස්ටන් විද්‍යාලය

 

පවුලේ විස්තර 

තාත්තා විශ්‍රාමික පොලිස් අධිකාරිවරයෙක් ඩයමන්ද සිල්වා. අම්මා  ලලිතා රත්නවීර, මට ඉන්නවා මල්ලිලා දෙන්නෙක් ප්‍රභාත් සම්පත්, උදේන අසංක. 

 

මේ දවස්වල ජිවිතේ කොහොමද?

2016-08-05-ent-33සී රජ නාට්‍යයේ වැඩ කළා. තව දැවන්ත ටෙලි නාට්‍යක් මේ මාසේ පටන් ගන්නවා ඒකට සුදානම් වෙනවා. තව අගෝස්තු මාසේ අලුත් චිත්‍රපටයක් කරන්න සුදානම් වෙනවා. මේ දවස්වල ඒ චරිතයට අදාළ විදියට ශරීරය හදාගන්නවා

 

කලාවට අවතීර්ණ වෙන්නේ කොහොමද?

මම නිරෑපණ ශිල්පියෙක් විදියට එන්නේ සහ අදටත් මම නිරෑපණ කටයුතුවලට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මට හැකිවුණා music video වලට සම්බන්ධ වෙන්න. ඊට පස්සේ තමා රංගනයට මුලින්ම සම්බන්ධ වෙන්නේ ආලෝකෝ උදපාදී කියන චිත්‍රපටය හරහා. එකේ ප්‍රධාන චරිත කිහිපයක් තියෙනවා ඒකේ චරිත එකකට එකක් සම්බන්ධයි. ඒ තමා මගේ මුල්ම රංගනය.

 

තව මොනවද ඔබ රඟපෑ නිර්මාණ?

ජපානයේ රෑපගත කිරීම් කරපු සුමිත්‍රා රාහුබන්ධ මහත්මියගේ කන්දක් සේමා නවකතාව ඇසුරෙන් කරපු කන්දක් සේමා චිත්‍රපටය. ඒක අධ්‍යක්ෂණය කළේ අශෝක අතාවුද හෙට්ටි මහතා. ඒ වගේම ඉසුරැ මුදලිගේ ගේ පැණි මකුළුවෝ චිත්‍රපටය සහ ඉක්තා චිත්‍රපටයෙත් සාමා කියන චිත්‍රපටයෙත් මම රඟපෑවා.

 

සිනමාවටද, පුංචි තිරයටද වඩා කැමති?

මගේ එහෙම විශේෂයක් නැහැ. සමාජයට මිනිස්සුන්ට යම් පණිවිඩයක් දෙන්න පුළුවන් හොඳ නිර්මාණයක් නම් මම ඉතා කැමැත්තෙන් කරනවා සිනමාව හෝ වේවා පුංචි තිරය වේවා වෙනසක් නැහැ. නමුත් සිනමාවට මම ගොඩාක් ආදරෙයි.

 

ඔබ කවදා හරි නළුවෙක් වෙන්න ඕනේ කියලා සිහින දැක්ක කෙනෙක්ද?

මගේ යටි හිතේ තිබ්බා කලාවට පුදුම ආදරයක්. ඒ නිසා වෙන්න ඇති මම කලාවට නොදැනුවත්වම යොමු වුණේ. ඉතින් මටත් හිතෙනවා මගේ හිතේ තිබුණ සිහිනය තමා මේ සැබෑ වෙමින් යන්නේ කියලා.

 

කලාව නියෝජනය කිරීම ගැන මොකද හිතෙන්නේ?

සත්තකින්ම සතුටු වෙනවා. මොකද මම කලාවට කැමති සොබාදහමට මිනිස්සුන්ට සතුන්ට ආදරය කරන කෙනෙක්. ඒ නිසා උපරිමයෙන්ම සමාජයට දෙයක් දෙන්න පුළුවන් හොඳ නිර්මාණවලට මම දායක වෙනවා.

 

කරපු හෝ කරන්න කැමති චරිතයක් තියෙනවද?

මම එක චරිතයකට කොටු වෙන්න කැමති නැහැ. මම ආසයි චරිතාංග නළුවෙක් වෙන්න. මට මම ගැන ලොකු විශ්වාසයක් තියෙනවා හැම පරාසයකම චරිත කරන්න පුළුවන් කියලා.

 

එතකොට ඔබ චරිත තෝරාගන්නේ කොහොමද?

මගේ එකම බලපොරොත්තුව මුදල් පස්සේ නොයෑම, මුදල් අපිට අවශ්‍යයි තමා. එත් එහෙම කියලා ලැබෙන හැම නිර්මාණයක්ම භාරගන්න කැමති නැහැ. මම කරන චරිත ගැන මට හොඳ අවබෝධයක් තියෙනවා. ඉතින් සමාජයට පණිවිඩයක් දිය හැකි මිනිස්සුන්ට මතක තියෙන චරිතයක් කිරීම තමා මගේ අරමුණ.

 

මෙතෙක් කරපු චරිත අතරේ කැමතිම චරිතයක් තියෙනවාද?

ඇත්තටම ඔව්, මේ දවස්වල මම කරන ජැක්සන් ඇන්තනී මහතාගේ සී රජ කියන නාට්‍යයේ මම "ධාඨ" කියන චරිතය කරන්නේ. මගේ බිසව "විජුලා"ට ඉන්නේ මේනකා පීරිස්. මාව දැවැන්ත තැනකට ගෙනාපු චරිතයක්. මාව තේරැම් අරගෙන මට ගැළපෙන චරිතයක් ලබාදුන්න ජැක්සන් ඇන්තනී මහතාව මේ මොහොතේ ආදරයෙන් සිහිපත් කරන්න ඕනේ. එතුමා මගෙන් උපරිම ප්‍රයෝජනය නෙලා ගත්තා. ඉතින් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම කැමතියි ඒ චරිතයට.

 

ආදරය ගැන කතා කළොත් පෙම්වතියක් ඉන්නවද?

පෙම්වතියක් නැත.

 

ඇත්තටමද කියන්නේ?

අනේ ඔව්, ඇත්තටම තමා කියන්නේ. මම මගෙන්ම අහලා බලද්දී මට දැනෙන දේ තමා මම මේ ගත කරන කාලය කැපකරන්නේ කලාව වෙනුවෙන්. ඒ වැඩවලට ආදරය කරන නිසා ආදරවන්තියකට ආදරය කරන්න ඒ වෙනුවෙන් වෙන්කරන්න කාලයක් හොයාගන්න අමාරැවක් තියෙනවා. නමුත් එහෙම කෙනෙක් ජිවිතයට හිටිය නම් කියලත් තදින්ම දැනෙනවා.

 

අනාගත බලාපොරොත්තු මොනවද?

දැනට මගේ බලාපොරොත්තුව හොඳ නිර්මාණවලට උපරිමයෙන් දායකත්වය ලබාදීම. කවදාහරි මගේ නිර්මාණයක් තුළින් මගේ පුංචි රටට මට පුළුවන් ආකාරයෙන් ආඩම්බරයක් ගෙන දෙන්න. කවදාහරි ලෝකයට යා හැකි රට නියෝජනය කළ හැකි නිර්මාණයක් කිරීමට බොහොම කැමැත්තෙන් ඉන්නවා.

 

අනූ

 



අදහස් (0)

අනේ කෙල්ලක් හිටියනම් හිතෙනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 432 1

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 371 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 2265 1

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 948 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 809 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 350 1

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39164 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25592 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 325 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site