IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


අනේ මෙහෙම ලංකාවක් : සිසුවාට ගහද්දී සිය ගණනක් ‘බකන්නිලාගෙන‘

මහනුවර ප්‍රසිද්ධ  පිරිමි පාසලක ගේට්ටුවක් ඉදිරිපිටට පැමිණි මැර කණ්ඩායමක් පාසල් සිසුවකුට තදබල ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර ඇත.

පාසල අවසන්වූ අවස්ථාවක යැයි සිතිය හැකි එම දර්ශන අනුව සිසුන්, දෙමාපියන්, ආරක්ෂකයන් ඇතුළු දෙනෝදාහක් ඉදිරිපිටදී එම මැර ප්‍රහාරය එල්ල වෙද්දී අසරණවූ සිසුවාගේ පිහිටට කිසිවෙක් ඉදිරිපත් නොවූහ.

පාසලේ රැකවළුන් බව සිතිය හැකි පිරිසක් ද හමුදා නිල ඇඳුම ඇඳ සිටි පුද්ගලයකු ද එම ස්ථානයේ සිටින අයුරු වීඩියෝවේ දැක්වේ. මෙම පහරදීම සිදුව ඇත්තේ සඳුදා (21) දින බව වීඩියෝවේ සඳහන්වේ.

Untitled-1 Untitled-2 Untitled-3 Untitled-4 Untitled-5 Untitled-6 Untitled-7

 



අදහස් (0)

අනේ මෙහෙම ලංකාවක් : සිසුවාට ගහද්දී සිය ගණනක් ‘බකන්නිලාගෙන‘

ජයා Wednesday, 23 November 2016 06:29 AM

හද කකියවන දෙයක් , මේක දකින අපිට මෙච්චර අමාරුනම් හැදු වැඩු මවුපියන්ට කොච්චර හිතට අමාරු ඇද්ද? මේ තඩි බාන හටියට ඒ ළමයට කිසියම් කරදරයක් වුණොත් මෙයට සම්බන්ද එවුන්ගේ දේපල රාජසන්තක කර අය සිරගෙට දැමිය යුතුයි. (ම)

:       0       0

විරාජ් ඒකනායක Tuesday, 22 November 2016 10:48 AM

රටකට ගිය කලක් (බ)

:       0       0

කිත්සිරි Wednesday, 23 November 2016 06:42 AM

මේ ගහන අය අඳුනගන්න පුළුවන් ඇතිනේ මේ පින්තූර වලින්. මේ අය දැනට අත්අඩංගුවට අරගන්න (ම)

:       0       0

උපාලි Tuesday, 22 November 2016 11:03 AM

ළමාරක්ෂක අධිකාරියත්, ශී‍්‍ර ලංකා පොලීසියත්, අධ්‍යාපන අමාත්‍යාංශයත් වහාම මේ පිළිබඳව සොයා බලා මැරයන් අත් අඩංගුවට ගත යුතුයි. මේ වගේ දේවල් තවත් නොවන්නට, වහාම පිළියම් යොදා පාසල් සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි. (බ)

:       0       0

දිනුක Tuesday, 22 November 2016 11:06 AM

පොලිස්පතිතුමනි අහිංසක සිසුවාට පහරදුන් පාහරයන්ට නීතිය ක්‍රියාත්මක කරන්න. දැඩි දඬුවම් දෙන්න ! (බ)

:       0       0

ලෙස්ලි Tuesday, 22 November 2016 08:47 PM

අද කාලේ මිනිස්සු අනවශ්‍ය ප්‍රශ්න වලට පැටළෙන්න බයයි (නි)

:       0       0

නුවන් Tuesday, 22 November 2016 11:08 AM

පොලිසිය කාරුණික දැනුම් දීමයි වහාම ක්‍රියාත්මක වෙන්න දරුවෙකුට මෙහෙම අමානුෂිකව ගහන්න කිසිම අයිතියක් නෑ (බ)

:       0       0

නිමල් රාජපක්ෂ Tuesday, 22 November 2016 08:47 PM

මේ පාසල පොලිස්පතිතුමාගේද, මන්ත්‍රීතුමාගේද කියන එක නොවේ ප්‍රශ්නය, මේ දරුවට මේ විදියට පහර දුන්නේ මොකද? ඔය නුවර පැත්තේ මහා ලොකුවට රට ජාතිය ගැන මහලොකුවට කෑමොර දෙන අයියලා දැක්කෙ නැද්ද මේ අහිංසක දරුවට ගහන හැටි? පිරිමිකමටත් ලැජ්ජයි (නි)

:       0       0

යශෝධා Tuesday, 22 November 2016 11:13 AM

මේ මහනුවර ධර්මරාජ ළග නේද (බ)

:       0       0

නාමල් Tuesday, 22 November 2016 08:57 PM

ඔහු මොකක්හරි වැරදි වැඩක් කරලා ඇති. අපි ඉස්කෝලේ යන කාලේ නම් මෙහෙම කාටහරි ගහනවා දැක්කහම අපිත් ගිහින් ගහනවා. (නි)

:       0       0

මොහොමඩ් Tuesday, 22 November 2016 09:05 PM

මේ විදියට ගහන්න මේ දරුවාත් වැරදි වැඩක් කරලා ඇති. (නි)

:       0       0

අනෝර්ල්ඩ් ගුණවර්ධන Tuesday, 22 November 2016 11:18 AM

පොලිස්පති තුමනි ඔන්න පෙන්නන්න නීතිය හා සාමය කොහොමද රකින්නේ මේ රටේ කියලා. (හේ)

:       0       0

අනෝර්ල්ඩ් ගුණවර්ධන Tuesday, 22 November 2016 11:20 AM

මේ චන්ඩි නෙමෙයි බය ගුල්ලෝ ටිකක්. නැත්තම් පස් හය දෙනෙක් ඇවිත් පාසල් යන වයසේ ඉන්න දරුවෙකුට තඩි බාවිද.(හේ)

:       0       0

ලක්ෂි Tuesday, 22 November 2016 11:22 AM

අපි ඉස්කොලේ යනකාලේ අපේ ඉස්කෝලේ පොඩිපන්තියක එකෙකුටවත් පිටින් අැවිල්ලා අත තියන්න අපිනම් ඉඩ තිබ්බේ නැහැ...(හේ)

:       0       0

කුසුම් Tuesday, 22 November 2016 11:24 AM

ඇයි කිසිම වැඩිහිටියෙක් ඔය රන්ඩුව බේරන්න ඉදිරිපත් නොවන්නේ.(හේ)

:       0       0

අමිත Tuesday, 22 November 2016 11:30 AM

පෙනුමට නම් පාසල පොලිස්පතිතුමාගේ පාසල වගේ ????? මහනුවර...... ඔන්න අවස්ථාව ලියිසන් නැති චන්ඩින්ට වැඩේ දෙන්න (ම)

:       0       0

ලංකා Tuesday, 22 November 2016 11:41 AM

මේ ෆොටෝ වලින් හදුනාගෙන නීතිමය පියවර ගන්න. (ම)

:       0       0

ලලිත් බෝපිටිය Tuesday, 22 November 2016 11:44 AM

මුන් ටික වහාම අත්අඩංගුවට ගනු, මේක දරුවකුට කළ පාහර අපරාධයක් (බ)

:       0       0

සමරසිංහ Tuesday, 22 November 2016 11:45 AM

ධවල පත්‍රිකාවට ස්ට්‍රයික් කරපු වෙලාවෙ අැමති හෙන්චයියල ටිකක් පොලිසියෙ මහත්තුරුත් එක්ක අාව අපිට ගහන්න .එ් වෙලාවෙ ඉදිරියට ගියේ අපේ ප්‍රින්සිපල්. මේකෙ පොලිස්කාරයයි, ගණන්කාරයයි, මම තොපි එකෙක්වත් මගේ ලමයින්ට අත තියන්න එපා කියල ගේට්ටුව වහල අපිව අැතුලට ගත්ත. ඊට පස්සේ ධවල පත්‍රිකාව ගැන අපෙන් ප්‍රශ්න අැහුව අපිට උත්තර නැහැ.ඉස්කෝලෙ තිබුණ වෙවැල් මදිවෙලා පේර කෝටු කැඩෙනකම් ගැහුව අපි ගෙදර ගිහින් බත්කෑවෙ හිටගෙන. දැන් කොහෙද එ් වගේ උත්තමයො. (බ)

:       0       0

නිශාර්ඩ් Tuesday, 22 November 2016 11:46 AM

හොඳ පිරිමකම තියෙන පිරිමියෙකුට තියෙන්නේ දෙනෝ දාහක් තරුණ තරුණියන් ඉස්සරහ මුන්ට දුවනකන් නෙළන්න. මුන් කරපු පාහර වැඩේට පාඩමක් උගන්නන්න. (බ)

:       0       0

නාමල් Tuesday, 22 November 2016 10:49 PM

ලංකාවේ පිටකොන්දක් තිබුන අය රට ගිහින්. දැන් ඉතුරුවෙලා ඉන්නේ වැඩිහරියක් කොන්දක් නැති අය තමයි (නි)

:       0       0

ලලිත් බෝපිටිය Tuesday, 22 November 2016 11:48 AM

පියෙක් ලෙස මම මෙය පිළිකුලෙන් හෙළා දකිනවා කාගේ වුණත් පාසල් දරුවෙක් පොලිසියේ ලොක්කනි වහාම මේ ගැන සොයන්න (බ)

:       0       0

ලුම්බිණි Tuesday, 22 November 2016 11:23 PM

මැරයන් තවමත් අපේ සමාජය අරක්ගෙන තිබෙන බවට උදාහරණයක්. (නි)

:       0       0

සිසිර Wednesday, 23 November 2016 12:03 AM

යහපාලනය හොඳින්ම කෙරීගෙන යනවා. අනේ අපේ රටට ගිය කලක්. (නි)

:       0       1

පසිදු Tuesday, 22 November 2016 12:07 PM

බාල වයසේ දරුවෙක්, මොවුන්ට දැඩි දඩුවම් අවශ්‍යයයි, මොවුන් මොන බලවතෙකුගේ මිනිස්සු වුණත් පොලිසියට මොන බලපෑම් ආවත් නිතිය ඉදිරියට පත්වේවා (ම)

:       0       0

උදාර Wednesday, 23 November 2016 12:29 AM

මම නම් දකින්නේ මේක සම්පූර්ණයෙන්ම විදුහල්පතිගේ නොහැකියාව. මේ දවස් ටිකේ මේ ගැන කිසිම පියවරක් ගන්න මොහුට බැරිවුණා (නි)

:       0       0

කමල් Wednesday, 23 November 2016 12:52 AM

දිසා, විකුම්, උතුරු යුධ සටනේදීත් එය අතහැර දුවපු අය නැතිවෙන්න බැහැනේ (නි)

:       0       0

ප්‍රින්ස් Tuesday, 22 November 2016 12:22 PM

වහාම මේ මැරයන් අත්අඩංගුවට ගෙන උපරිම දඬුවම් දිය යුතුය.(හේ)

:       0       0

කුමාර හේවගේ Tuesday, 22 November 2016 12:22 PM

මහ පිළිකුල් සහගත සිද්ධියක්. ඒ දරුවගේ පිහිටට කිසිම කෙනෙක් ආවේ නෑ. මොන තරම් බියක් දැනෙන්න ඇත්ද ඒ දරුවාට. වැරැද්ද මොකක් වුනත් මෙහෙම ගහන්න අයිතියක් නෑ.(හේ)

:       0       0

උපාලි Wednesday, 23 November 2016 01:39 AM

මේ පොලිස්පතිතුමා ඉගෙනගත්ත පාසලේ සිසුවෙක් නේද? කරුණාකර ඔබතුමාගේ අවධානය මේ වෙත යොමුකරන්න. සීසීටීවී දර්ශන තියෙන නිසා බොහොම පහසුවේවි සැකකරුවන් අල්ලන්න (නි)

:       0       0

අසංග Wednesday, 23 November 2016 01:41 AM

අනේ අපේ කලින් විදුහල්පතිතුමා හිටියා නම්...... (නි)

:       0       0

චමිල් රූපසිංහ Tuesday, 22 November 2016 12:31 PM

එක මවකගේ දරු කැළ බැවිනා කිියලා කියන්නේ.ලොකුවට පාසල් තිබ්බට දරුවන්ට ගුණ හරුකම් උගන්වනනේ නෑ.ඔය සිද්ධිය ගමේ ගොඩේ පාසලක වුනානම් ගමේ කොල්ලෝ කුරුට්ටෝ ටික ටොකුවත් අනිනවා මින් පෙරත් ඔය වගේ සිද්ධි වෙලා තියෙනවා ලොකු පාසල් වල. එතන අම්මලා තාත්තලා ඇවිත් ඉන්නේ වෛද්‍ය වරු ලෝයර්ලා වගේ ලොකු ලොකු අය ඔය එක්කෙනෙක්වත් බේරන්නවත් ගිහින් නෑ.නම තිබ්බට ගුණ ධර්ම නෑ මේක මහා අමානුෂික ක්‍රියාවක් අන්තිමට වෙන්නේ පාසලට ලැජ්ජාවක් කියලා ඕක යට ගහන එක විතරයි ඒ දරුවගේ වරදක් තිබ්බා නම් මෙහෙම ගහන එක වැරදියි.(හේ)

:       0       0

එස්.සේකර Tuesday, 22 November 2016 12:33 PM

බලාගෙන ඉන්නේ කොන්ඳක් තියන පිරිමිද කියල කියන්නත් හිරිකිතයි. වීඩියෝ කරලා දාපු කෙනාට මගේ ප්‍රණාමය. දැන් ඉතින් මේ පොටෝ හොඳටම ඇති පොලිසියට ......(බ)

:       0       0

ගාමිණි Wednesday, 23 November 2016 01:51 AM

මේවට තමා කියන්නේ කරන්න බැරි දේවල් කියලා බලයට ආවහම වෙන දේවල් කියලා. රටකට අපූරු යහපාලනය! (නි)

:       0       0

ශෂික Tuesday, 22 November 2016 12:35 PM

නුවර පොලිසිය හොදටම සුවසේ නිදී.....(බ)

:       0       0

අවිනාශ් Wednesday, 23 November 2016 01:58 AM

නුවර පැත්තේ වීරයෝ නැහැ වගෙයි (නි)

:       0       0

ඩිල්ෂාන් Tuesday, 22 November 2016 12:37 PM

පුදුම මිනිස්සු අපේ රටේ ඉන්නේ . ළමයෙකුට හෝ ගැහැනියකට හෝ සතෙකුට, හිරිහැර කරද්දී බලන් ඉන්නවා අපිට මොකද කියල. (බ)

:       0       0

රුවන් Tuesday, 22 November 2016 12:41 PM

රට අවුරුදු 500 කින් පස්සට ගිහින්!මිනිස්සු සත්තු වෙලා; (හේ)

:       0       0

ප්‍රදීප් Wednesday, 23 November 2016 02:00 AM

එවේලේම මේක විසඳන්න, පොලිස්පතිතුමා හෝ විදුහල්පතිතුමා එතන හිටියේ නැහැනේ. හැමෝටම දොස් කියන්න එපා. කොළපාට යුනිෆෝම් ඇඳපු කෙනත් පුංචි ළමයෙක් අතින් අල්ලාගෙන ඉන්නේ. ළමයව දමලා ඔතෙන්ට පනිනවද අපි වුණත් එකපාරටම. මෙවැනි වැඩ ආයෙත් නොකරන්න ඔය මැරයන්ව අල්ලලා දඬුවම් කරන්න ඕනෑ. “ඔන්න පොලිසියෙන් එනවෝ"කියලා කවුරුහරි බොරුවට කෑගැහුවා නම් මේක නවතාගන්න තිබුනා නේද? (නි)

:       0       0

රන්ජනී Wednesday, 23 November 2016 02:02 AM

බලන්න බැරි තරමට හිතට වේදනායි. තමාගේ දරුවෙක්ට වුණා වගෙයි දැනෙන්නේ. අවට අය මෙහෙම බලා ඉන්න හැටි හරි පුදුම හිතෙනවා. වහාම අල්ලලා දැඩි දඬුවම් දෙන්න. නැත්නම් හෙට ඊට වැඩිය බරපතල දෙයක් වෙන්න පුළුවන් (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 22 November 2016 12:43 PM

දැන් සිද්ධවෙන දේවල් දිහා බලද්දී මෙවැනි දේට හොටදාන්න මිනිස්සු භයයි.මොකද මැරයන්ගේ ප්‍රහාරවලින් අහිංසක ජිවිත බිලිවෙන්න පුළුවන්.(හේ)

:       0       0

සුසන්ත Wednesday, 23 November 2016 02:04 AM

රටකට ගිය කල! (නි)

:       0       0

සදුන් Tuesday, 22 November 2016 12:51 PM

මොකක් හරි ලොකු ප්‍රශ්නයක්. නැත්තම් මේ වගේ ප්‍රසිද්ධියේ ගහයිද?(හේ)

:       0       0

මහින්ද Tuesday, 22 November 2016 01:07 PM

අමිත කියන විදියට ලයිසන් තියන චන්ඩි ඉන්නවද? (බ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Wednesday, 23 November 2016 02:16 AM

මොහමෙඩ්, වැරදි නොකරන දරුවෝ කොහෙද ඉන්නේ? (නි)

:       0       0

රුවන් Tuesday, 22 November 2016 01:18 PM

මේ ගැන විදිමත් පරික්ෂණයක් කරන්න.(හේ)

:       0       0

තුෂාර Tuesday, 22 November 2016 01:19 PM

මොන තරම් ලොකු ප්‍රශ්නයක් වුනත් ,පාසල් දරුවෙකුට පිරිමි ටිකක් එකතුවෙලා ගහපු එක විලිලැජ්ජ නැති වැඩක්.(හේ)

:       0       0

කුමාර Tuesday, 22 November 2016 01:20 PM

මේ චන්ඩි නෙමෙයි බය ගුල්ලෝ ටිකක්.(හේ)

:       0       0

සත්‍යපාල Wednesday, 23 November 2016 02:38 AM

කවුරු කෑගැහුවත් වැඩක් නැහැ. ඔය ගුටිකාපු කෙනාම හෙට සාමදාන වෙන්න ඉඩ තියනවා. එතකොට ඕකට අතදාන්න ගිය පිට අය අමාරුවේ. ඔහොම දෙනෝදාහක් මැද චණ්ඩිකම් කරන්නේ කාගේහරි ලොකු හයියක් තියෙන අය. පොලිසියට සහ උසාවියට පුලුවන්ද ගුටිකාපු කෙනා එපා කිවුවොත් මේ මැරයන්ට දඬුවම් කරන්න? (නි)

:       0       0

මේනු Tuesday, 22 November 2016 01:31 PM

බලමු අපේ නිතිය මොකද කරන්නේ කියල. (බ)

:       0       0

සංජීව රාජපක්ෂ Wednesday, 23 November 2016 02:44 AM

හමුදා පුද්ගලයාට හැමෝම බනිනවා. නමුත් හමුදා සාමාජිකයකුට සිවිල් කටයුතු සඳහා කෙළින්ම සම්බන්ධවීමේ හැකියාවක් නැහැ. අනෙක් කරුණ තමයි එහෙම මුහුණදීලා හමුදා සාමාජිකයාට යම් දෙයක් සිදු වුණොත් ඒ වෙනුවෙන් හමුදාවෙන්ද සහනයක් නොලැබෙනු ඇති (නි)

:       0       0

දයා Wednesday, 23 November 2016 02:45 AM

මොවුන්ට විරුද්ධව අනිවාර්යයෙන්ම දඬුවම් ඕනෑ (නි)

:       0       0

පාලිත Wednesday, 23 November 2016 02:47 AM

අපේ පාසලට අාවා නම් යන්න වෙන්නේ අතපය කඩාගෙන (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 23 November 2016 02:48 AM

ළමයින්ට මෙහෙම වෙනවා නම් අපිට කොහොමවෙයිද? පොලිස්පතිතුමනි, ඔබගේ අවධානය කෝ? (නි)

:       0       0

ශාන් Tuesday, 22 November 2016 01:37 PM

මේ වගේ කට්ටිය පොලිසියෙන් හරි විදියට දණ ගස්සල මනුස්සයින් ඉදිරිපිට දඩුවම් දෙන්න ඕනේ (බ)

:       0       0

මහේෂ් Wednesday, 23 November 2016 02:53 AM

ලංකාවේ සිද්ධවෙන දේවල් එක්ක තමන්ගේ දරුවත් එන්නේ මේ පාසලට කියලා දැනගෙන ඔතන වලි වලට මැදට පනින්න කිසිම අම්මෙක් තාත්තෙක් යන්නේ නැහැ. අනික නිරපරාදේ නිකන් ළමයෙක්ට ගහන්නෙත් නැහැ. (නි)

:       0       0

රජින්ද Tuesday, 22 November 2016 01:42 PM

ඉස්කෝලවල ඉස්සර ඉදන්ම පොඩි පොඩි වළි තිබුනා. ඒවා ඉස්කෝලේ ඇතුලේ, හවස පන්තියේ, කෝච්චියේ, බස් එකේ එහෙම තිබුනා. කොළඹ ඉස්කෝලවල ගැහැණු ළමයි නිසා මේ වගේ වලියක් නොදැකපු කෙනෙක් නැහැ. ඒත් මම මේවා අනුමත කරනවා නෙවෙයි. මේ සමාජේ යන තාලෙට ඉදිරියේදී මේවට එහා ගිය දේවලුත් සාමන්‍ය දේවල් වෙනවා. ඔන්න බලන්න බොරුද කියලා.(බ)

:       0       0

සමීර Tuesday, 22 November 2016 02:03 PM

බේරුවේ නැති වුනාට අපුරුවට විඩියෝ කරලා ඇති (බ)

:       0       0

දිසා බදුල්ල Tuesday, 22 November 2016 02:03 PM

ඔතන නිල ඇඳුම ඇදගෙන ඉන්නේ හමුදාවේ කෙනෙක් වෙන්න නම් බෑ . අනිවාර්යයෙන් හමුදාවේ කෙනෙක් නම් අහක ඔහොම බලාගෙන යන්නේ නෑ. එහෙම වුනානම් තනියෙන් හරි ඔය චණ්ඩින්ට ගහන්න එනවා. (බ)

:       0       0

සදුන් Tuesday, 22 November 2016 02:06 PM

ජනාධිපති තුමනි දරුවෝ ඉන්න පියෙක් වශයෙන් මේ ගැන හොයලා මේ සාහසිකයන්ට දඩුවම් දෙන්න මෙන්න පත්තරේ දාලා (බ)

:       0       0

ජගත් ලියනගේ Tuesday, 22 November 2016 02:06 PM

නීතිය අතට ගැනීමක් කිසිම කෙනෙකුට කළ නොහැක්කක් (බ)

:       0       0

ලංකා Tuesday, 22 November 2016 02:09 PM

අනේ අපේ රටට වෙච්ච දෙයක්. පාසල් වලට යන්නේ දරුවෝ මිසක් වැඩිහිටියෝ නෙවෙයි. කවුද මේ චන්ඩි රැල. දැන් ඉන්න පොඩි එවුනුත් කරන්නේ ලොකු ලොකු වැඩනේ. මොකක් වුනත් ළමා හිංසනයට දඬුවම දිය යුතුයි.(හේ)

:       0       0

නලීන් Tuesday, 22 November 2016 02:11 PM

ඉස්සර සුදු වැන් , දැන් ඉරි කමිස කොන්ඩ කුරුල්ලෝ....හංසයෝ (හේ)

:       0       0

භද්‍රානි Tuesday, 22 November 2016 02:16 PM

ඔන්න වර්තමාන ශ්‍රී ලාංකික සමාජයේ සැබෑ යතාර්ථය. පුදුමේ කියන්නේ මේ සිද්ධිය වෙන්නේ පාසල ඉදිරියෙමයි. ආරක්ෂක අංශයකට අයත් යැයි හැඟෙන නිලධාරියෙක් මාරුවෙන හැටි දැක්කම හිනා යනවා. මැරයෝ මෙච්චර හරියක් කරලා යනකම් සංදර්ශනය නරඹමින් ඉන්න මව්පියන්, ගුරුවරුන්, සිසුන්, පිරිමි ඉන්න රටක්? නිවටයින්, ලැජ්ජයි නුඹලා ගැන (හේ)

:       0       0

රුවන් Wednesday, 23 November 2016 03:26 AM

මේකට ලියන අය දන්නේ නැහැ මොනම හේතුවකටවත් කෙනෙකුට තව කෙනෙක් පහරදීම වැරදියි කියන එක. නීතිය තමන් අතට ගැනීම වරදක්. පොලිසියටවත් බැහැ කෙනෙකුට පහර දෙන්න. දඬුවම් දීම තනිකරම අධිකරණයට මිසක් පුරවැසියාට, පොලිසියට, හෝ අගමැතිට, ජනපතිට, අමතිලට හෝ මන්ත්‍රීලට අයිති රාජකාරියක් නොවේ! (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Wednesday, 23 November 2016 03:27 AM

සිරි ලංකාවනේ! පුදුම වෙන්න දෙයක් නැහැ (නි)

:       0       0

නිමල් Wednesday, 23 November 2016 03:30 AM

සාමාන්‍යයෙන් පාසලක් ඉදිරිපිට රථවාහන හැසිරවීමේ නිරත පොලිස් නිලධාරීන් සිටිනවා නේද? (නි)

:       0       0

අරවින්ද Tuesday, 22 November 2016 02:36 PM

පාසැල ඉදිරිපිටම උන මේ සිද්දිය මේ පාසලටත් මහා අවමානයක්. මේ තක්කඩින් දෙදෙනාට නීතිය මගින් උපරිම දඩුවම් දිය යුතුයි. (හේ)

:       0       0

ගැමුණු Tuesday, 22 November 2016 02:38 PM

මෙහෙමත් වැඩ.(හේ)

:       0       0

ඉසුරු Wednesday, 23 November 2016 03:41 AM

මේ චණ්ඩි නෙමෙයි. චණ්ඩි දැකලා නෙති අයට ඕවා හොඳයි. කොහොම වුණත් මොවුන්ව අල්ලලා ඔය ඉස්කෝලෙට ගෙන්වලා සමාව ගන්වන්න ඕනෑ මුළු පාසලෙන්ම (නි)

:       0       0

විකුම් රංගන Tuesday, 22 November 2016 03:22 PM

මට නම් අර හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමක් ඇඳගෙන ඉන්න පුද්ගලයා ගැන ලොකු සැකයක් තියනවා. මේ සිද්ධියට ඔහුගේ යම්කිසි සම්බන්ධතාවයක් තියෙන බවට සැක කරන්න පුළුවන්. පාසල් සිසුවෙකුට පහරදෙන එක මේ විදිහට අහක බලාගෙන ඉන්න මිනිසුන්, වෙනත් අවස්ථාවකදී හැසිරෙන තත්වය ගැන හිතා ගන්න පුළුවන්. (බ)

:       0       0

සුගත් Wednesday, 23 November 2016 03:47 AM

මේවා මර්වින් සිල්වා, වාස් ගුනවර්දනලා වගේ අය කරපු වැඩ. යහපාලනය යටතේ මේවා නැවැත්විය යුතුයි. මේ මැරයන්ට දැඩි දඬුවම් දෙන්න පොලිසිය වග බලා ගත යුතුයි. නැතිනම් අපේ දරුවන්ටත් ඔහොම තමයි (බ)

:       0       0

දිලිප් Wednesday, 23 November 2016 03:50 AM

මෙය තවත් එක් සිදුවීමක් පමණයි. මෙවන් වාර්තාගත නොවූ සිදුවීම් බොහොමයි (බ)

:       0       0

ජෝයි Tuesday, 22 November 2016 03:44 PM

දැන් මේවා මොන කතාද (හේ)

:       0       0

ජයන්ත Tuesday, 22 November 2016 03:45 PM

පොලිසිය ඕක හොයාවි. නමුත් අයෙත් ඕව නොකරන්න අත පය හතර කලා දුක් විඳින්න දන්නා ඕන. චන්ඩි නෙමේ නුගත් පිරිසක්.(හේ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Wednesday, 23 November 2016 04:07 AM

මේක තමයි අද අපේ රටේ ස්වභාවය.නිතිය වල්වැදිලා- මැරයෝ/පාතාලය රජවෙලා.පෙරේදා නුවර අංකුඹුරේ තරුණයාව ඝාතනය කළා. අද නුවර ටවුන් එකෙදි ළමයින්ට පහරදෙනවා. මෙහෙම ගහල තියෙන්නේ මිනිස්සු දකින නිසා නැතිනම් මෙයාවත් මරල දමාවි. නිතිය හා සාමය පිළිබද ඉන්න ඇමතිලා පුටුවල නිදි .පොලිස් ඇමති මංතීරු කඩනවා,මිනිස්සුන්ට විහිළු සපයනවා,(බ)

:       0       0

කුමාර් මෙන්ඩිස් Tuesday, 22 November 2016 04:04 PM

කියල වැඩක් නෑ හැබැයි ජාති බේද අන් ජාතිකයන්ට ගහන්න අපේ අය සුදානම් ඕනේ වෙලාවක.එක සැරයක් පිට කොටුවෙත් කෙල්ලෙක්ට ගැහුවා වටකරගෙන කොල්ල එක්ක ඉන්නකොට. (බ)

:       0       0

අප්පුහාමි Tuesday, 22 November 2016 04:17 PM

මේවට පාරට බහින්න කවුරුත් නැහැ. රටකට ගිය කලක් (බ)

:       0       0

ගයා Tuesday, 22 November 2016 04:17 PM

මේ මහනුවර පොලිස්පති තුමා ගිය පාසැල ....(බ)

:       0       0

රොෂාන් ලියනගේ Wednesday, 23 November 2016 04:35 AM

අය් සිස් කට්ටිය වගේ...මුණු බැලුවහම (බ)

:       0       0

නීල් Tuesday, 22 November 2016 04:40 PM

සිසුවෙකුට ගහනකන් එයාගේ අනිත් යාලුවෝ මොකද කළේ පැත්තකට වෙලා (නි)

:       0       0

ආරියරත්න Tuesday, 22 November 2016 04:44 PM

ඒ දරුවගේ පිහිටට කිසිම කෙනෙක් ආවේ නැත්තේ ඇයි. මොනතරම් බියක් දැනෙන්න ඇද්ද ඒ දරුවාට. වැරැද්ද මොකක් වුණත් මෙහෙම ගහන්න අයිතියක් නැහැ. ළමයා ඔලුව අතින් වහගෙන ඉන්න හැටි දැක්කම මට නම් අම්මා කෙනෙක් විදියට බලන්න බැහැ දුකයි. අපි පණ වගේ අපේ ළමයි ආරක්ෂා කරන්නේ. මොන අම්මා තාත්තද කැමති තමන්ගේ දරුවා කාගෙන්වත් ගුටි කනවා දකින්න, බලන්න, අහන්න. අනේ පොලිස්පතිතුමනි, ඉක්මනින්ම දඬුවම් ලබාදෙන්න මේක කළ අධමයන්ට. (නි)

:       0       0

අනුෂ්ක Wednesday, 23 November 2016 02:34 PM

වගකිවයුත්තන් කරුණාකර මේ සම්බන්ධව සාධාරණ විනිශ්චයක් අර දරුවාට ලබාදෙන්න ක්‍රියාමාර්ගයක් ගන්න. පාසල් යන දරුවෙකුට මේ තරම් අමානුෂික විදියට පහර දී වීරයෝ වෙන්න දඟලන මේ පුද්ගලින් තමන් පෙර පින්කමකින් ලැබූ මිනිස් ආත්මයෙන් උපරිම ප්‍රයෝජන ලබාගනිමින් මේ සසරින් එතෙර වන්න උත්සහ නොගන්නේ ඇයි? (නි)

:       0       0

නෞෂාඩ් Tuesday, 22 November 2016 05:05 PM

ඉතාමත් පිළිකුල්සහගතයි (නි)

:       0       0

ලසන්ත Tuesday, 22 November 2016 05:05 PM

කෝ පොලිසිය, කොහෙද ඉන්නේ? ඉක්මනින් මේ නරුමයන් අත්අඩංගුවට ගන්න (නි)

:       0       0

පතිරණ Tuesday, 22 November 2016 05:13 PM

මහින්ද හිටියා නම් අද මෙහෙම වෙන්නේ නැහැ (නි)

:       0       0

රේණුක Tuesday, 22 November 2016 05:15 PM

පර සුද්දන්ට එළව එළවා පහරදීපු පරම්පරා වලින් පැවතඑන කව්රුවත් මෙතන ඉඳලා නැහැ වගේ. (නි)

:       0       0

ශාන්ති ප්‍රනාන්දු - පැරිසිය Tuesday, 22 November 2016 05:17 PM

ඒ අයට වරදක් කියන්නත් බැහැ. මොනවා වුණත් මේ පිළිබඳව පොලිසියත් රජයත් ගරු ජනාධිපතිතුමාත් ක්‍රියාත්මක වේවි කියා සිතනවා. (නි)

:       0       0

රුවන් Tuesday, 22 November 2016 05:22 PM

මට ලියන්න දෙයක් නැහැ. මේ ආණ්ඩුව පත්කරන්න ඡන්දය දීපු මුළු සිංහල ජාතියම ගැන දුකයි. (නි)

:       0       0

ජගත් Tuesday, 22 November 2016 05:42 PM

අයියෝ මෙහෙමත් නීතියක්! (නි)

:       0       0

ජනහිත Tuesday, 22 November 2016 07:44 PM

අපේ රටට ගියකලක්! පාලකයෝ නිදිවදිති, මැරයෝ රටකති. මොකද කියන්නේ තවත් බලා ඉඳිමුද. මේ සිද්ධියට හේතුවක් ඇති. එහෙත් කිසිවෙකුට නීතිය අතට අරන් කටයුතු කිරීමට ඉඩදීම රට අරාජික කිරීමක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1558 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 365 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 117 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 210 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 104 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 73 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39982 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25939 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 220 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1298 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site