IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


'අඳුරු සෙවණැලි' සමගින් එන ශේන් වික්‍රමසිංහ

2016-08-10-ent-82

සිංහල රැප් කලාවට නවමුහුණුවරක් ගෙන එමින් DURTY DOGS විසින් නවතම ගීතයක් එළිදක්වා තිබෙනවා. "අඳුරු සෙවණැලි" ලෙස නම් කර ඇති මෙම ගීතය මේ වනවිට ඉහළ ප්‍රතිචාර ලබමින් පවතිනවා. මේ පිළිබඳව අපත් සමග කතාබහ කිරීමට DURTY DOGS හි සාමාජික ශේන් වික්‍රමසිංහ මෙලෙසින් එක්විය.

 

මුලින්ම ඔබේ කණ්ඩායම ගැන කිව්වොත්?

2016-08-10-ent-86DURTY DOGS පටන් ගන්නේ "අඳුරු හෙවණැලි" කියන ට්‍රැක් එකත් එක්ක. ටීම් එකේ තුන්දෙනෙක් ඉන්නවා. සෙනුර, මධුක සහ මායි. 2014 වගේ තමයි සිංහල රැප් කරන්න ආවේ. පස්සෙ සෙනුර මල්ලිව සෙට් වුණා. තනි තනියෙන් ගොඩක් අය දැනන් හිටියට කණ්ඩායමක් ගැන දන්නේ කිහිප දෙනෙක් විතරයි. අපි මේ කණ්ඩායම පටන් ගත්තේ මෑතකදියි.

 

අඳුරු හෙවණැලි ගීතය ගැන කිව්වොත්?

මොකක්ද ඒකේ සංකල්පය? අඳුරු හෙවණැලි මේක ටිකක් අද්භූත පැත්තට යන ට්‍රැක් එකක්. ගොඩක්ම අපි පෙන්නන්න උත්සාහ කළේ කර්ම කියන දේ අපේ පස්සෙන් ඇවිත් මේ ඇත්තටම පලිසන් දීම වගේ අර්ථයක්. ට්‍රැක් එකේ වීඩියෝ එක බැලුවම ඒ දේ පැහැදිලි වෙනවා. මං දන්න තරමින් ලංකාවේ අද්භූත සංකල්පයක් ගෑවෙන පළවෙනි සිංහල රැප් එක අඳුරු හෙවණැලි.

 

ඒ ගීතය සඳහා ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර තිබුණා. සිංහල රැප්වලට බැනපු අයත් කිහිප දෙනෙක්ම මේ ට්‍රැක් එක ගැන හොඳ ප්‍රතිචාර දැක්වූවා. සද්දෙට අහන්න පුළුවන් සම්ප්‍රදායික රැප් කලාවෙන් ටිකක් වෙනස් දෙයක් කියලයි හැමෝම කිව්වේ.

 

ලංකාව තුළ රැප් ගීත කලාවට ඇති ඉඩකඩ?

මම කලාවට ආවේ සිංහල රැප් කියනදේ ටික ටික උඩට එන කාලේ. ඒ දවස්වල නම් ටීවී එකේවත් ට්‍රැක් එකක් දැක්කෙ නැහැ. කිසිදු වැඩසටහනකටවත් සිංහල රැප් ගායකයෙක් ගෙන්නපු නැති කාලයක්. නමුත් දැන් වෙද්දි සිංහල රැප් හොඳ තැනක තියෙනවා වගේම, මාධ්‍යවලිනුත් ගොඩක් ඉඩ දීලා තියෙනවා. අලුත් දෙයක් මිනිස්සු වැලඳ ගන්න ටික කාලයක් යනවනේ.

 

ඉදිරි කටයුතු මොනවාද?

ඉස්සරහට අලුත් ට්‍රැක් ටිකක් ප්ලෑන් කරගෙන යනවා සහ ටීම් එකෙන් තව අලුත් දෙයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි කලාකරුවන් විදිහට අපේ රසිකයන්ට අහන්න බලන්න පුළුවන් දෙයකුයි දෙන්න ඕන නිසා හොඳම දේවල් ටිකක් ඉස්සරහට කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මගේ තනි ගීතයක් ගොඩක් දුරට ඉදිරි මාස දෙක ඇතුළත් එළිදක්වන්න ඉන්නවා. ඊට අමතරව නිරූපණයටත් එන්න ආසාවක් තියෙනවා. ඒකත් ඉදිරියේදී බලමු.

 

සහයෝගය දැක්වූ පිරිසක් ඇති නේද මතක් කරන්න?

අනිවාර්යයෙන්ම ඉන්නවා. මුලින්ම අපේ නිෂ්පාදක හේමක විජේරත්න (YAKA) වීඩියෝ පැත්තෙන් සමීර වගේම කැමරා පැත්තෙන් සිතුමින් ප්‍රනාන්දු මතක් කරන්න ඕනේ. මේ වීඩියෝ එකේ රසිකයන් අතරට ගෙනියන්න සහයෝගය දුන් හම්සා හනීෆා වගේම තිළිණ කලුතොටගේ මල්ලිවත් මතක් කරන්න ඕනේ. රැප් කර්මාන්තයට මුල්ම අඩිය තියන්න අත දීපු drill team හර්ෂණ රත්තම්බිගේ (dog loco) සහ සහයෝගය දුන්නු ඔක්කෝම අයට ස්තූති කරනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-08-10-ent-87

2016-08-10-ent-84
2016-08-10-ent-83
2016-08-10-ent-81
2016-08-10-ent-80



අදහස් (0)

'අඳුරු සෙවණැලි' සමගින් එන ශේන් වික්‍රමසිංහ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 173 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 487 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 289 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 201 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 949 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 811 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39208 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25605 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1093 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 382 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site