IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


අපේක්ෂකයෝ 35 පිළිගැනෙති:විරෝධතා ඉවතට

(ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු)

ජනාධිපතිවරණය සඳහා   ඉදිරිපත් වූ නාම යෝජනා සියල්ල පිළිගත් බවත්  නාම යොජනා  බාරදීමෙන් පසු ඉදිරිපත් වූ විරෝධතා දෙකම  පනතේ  විධිවිධාන අනුව  ප්‍රතික්ෂේප වූ බවත්  මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

ජනසෙත පෙරමුණේ අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමි විසින් ස්වාධීන අපේක්ෂක එම්. එල්.ඒ.එම්හිස්බුල්ලා මහතාට  එරෙහිව විරෝධතාව ගොනු  කර තිබු අතර , නව සිහල උරුමය අපේක්ෂක සරත් මනමේන්ද්‍ර මහතා විසින්  ස්වාධින අපේක්ෂකයකු වූ එම්.කේ සිවාජිලිංගම් මහතාට එරෙහිව විරෝධතාව ගොනු කර තිබිණි. 

 එම විරෝධතා දෙකම   මෙලෙස ප්‍රතික්ෂේප විය .

මෙවර ජනාධිපතිවරණය සඳහා ඊයේ ( 06) වැනිදා වන විට අපේක්ෂකයෝ 41 දෙනකු ඇප තැන්පත් කර තිබු අතර අද   ඉන් 35 දෙනකු නාම යෝජනා බාර දුන්හ.

ඇප තැන්පත් කළ අපේක්ෂකයින් 6 දෙනකු  අද නාම යෝජනා බාර දීම සඳහා පැමිණ නොසිටියේය.



අදහස් (34)

අපේක්ෂකයෝ 35 පිළිගැනෙති:විරෝධතා ඉවතට

heshani Monday, 07 October 2019 06:43 AM

අපේක්ෂකයෝ 35 ගේම මෙඩිකල් ගන්න. මොළය හොඳට පරික්ෂා කරන්න. නැත්නම් අපේ රට පව්.

:       12       299

NissankaMonday, 07 October 2019 06:58 AM

වහල්ලු වගේ හැමදාම ඡන්දෙ දීලා එයාලව පත්කරන අපි තමයි මොලය පරීක්ෂා කරගන්න ඕනෑ.

:       1       416

MFMonday, 07 October 2019 12:36 PM

නියම කතාව.

:       0       51

BamunuarachchiMonday, 07 October 2019 02:15 PM

පරික්ෂා කරන්නත් මොලයක් තිබෙන්න ඕනේ නේද?

:       2       6

ගල් බමුණා Tuesday, 08 October 2019 05:13 AM

කඩේ යන විදිහටනම් මොලයක් නැති බව ඉතා පැහැදිලියි.

:       0       29

rosaMonday, 07 October 2019 07:24 AM

පවතින ආණ්ඩුව ජනතාව කෙතරම් ප්‍රතික්ෂේප කරනවද කියලා තේරුම් ගන්න පුළුවන් හොඳම දේ ඒ ආණ්ඩුවේ අගමැති ජනපති දෙන්නටම අපේක්ෂකත්වය නොලැබීමයි.

:       111       473

RaveendraMonday, 07 October 2019 09:07 AM

නිස්සංක මයා වෙත, අප විශ්වාස කරනවා ඔබ තමයි මෙහි වඩාත්ම වැදගත් අදහස් ප්‍රකාශ කර ඇත්තේ. අප ඒ පිළිබඳව අගය කරන්නෙමු...

:       15       117

බන් ගොයියා Monday, 07 October 2019 06:55 AM

දැන් එතකොට අපි කොයි රාජපක්ෂටද ඡන්දෙ දෙන්න ඕන? චමල් රාජපක්ෂටද, නන්දසේන රාජපක්ෂටද? නාමල් රාජපක්ෂටද?

:       1212       1007

maalaka Monday, 07 October 2019 07:03 AM

විහිළුලන්තය.

:       0       59

VajiraMonday, 07 October 2019 10:58 AM

අනු පිළිවෙල 1. අජන්ත සොයිසා 2. අජන්තා පෙරේරා 3. අනුර කුමාර දිසානායක 4. අහමඩ් හසන් ආදී පිළිවෙලට ආවහම ගෝඨාභයගේ නම ලයිස්තුවේ මැදත් සජිත්ගේ නම ලයිස්තුවේ අගත් තියෙයි. අපිනම් තුන්වෙනියට තියෙන නමට කතිරේ ගහනවා

:       921       781

Ossan Salam Monday, 07 October 2019 07:13 AM

ඡන්ද අපේක්ෂකයින්ට නාම යෝජනා භාරදීමට පූර්ව සුදුසුකමක් ලෙස ඔහු හෝ ඇය පක්ෂයකින් පමණක් ඉදිරිපත්විය යුතුයි යන කොන්දේසියක් තිබිය යුතුයි. අනෙක එම පක්ෂවලටද අඩුම ගණනේ සාමාජිකයින් තිස්පන්දහසක් හෝ පනස්දහසක් සිටිය යුතුය. දැන් නිකම් පාරේ යන අයත් ඡන්දයට ඉදිරිපත්වෙනවා. මෙය ඡන්දදායකයින්ගේ වටිනා ඡන්දය හෑල්ලු කිරිමක්.

:       2       264

sandun Monday, 07 October 2019 07:28 AM

ආර්ථිකය කඩා වැටීම නිසා රාජ්‍ය යාන්ත්‍රණය නඩත්තු කිරීමට අද වනවිට දිනකට රුපියල් බිලියන 7 අවශ්‍ය වුවත් රජයට සොයා ගතහැකි වී තියෙන්නේ බිලියන 5යි. දුර්වල ආර්ථික කළමනාකරණය නිසා දවසට බිලියන 2 බැගින් ණයවී වසර 5ට රුපියල් බිලියන 3650ක් ලෝකෙට ණයවී තියනවා. (ඩොලර් බිලියන 20ක්). මෙහෙම තවදුරටත් යන්න පුලුවන්ද? මෙය දරුණු ආර්ථික ගැටළුවක්... දේශපාලන කෝණයෙන් බලන්න එපා...

:       0       111

isurandi Monday, 07 October 2019 07:34 AM

පාට කණ්නාඩි පසෙකලා මේ සැරේවත් නිවැරදිව ඡන්දේ පාවිච්චි කරන්න අපේ රටේ උදවියට නුවණ පහළ වේවායි පතමි.

:       0       71

kap Monday, 07 October 2019 07:42 AM

ගොපල්ලෙක් වීමට කිසිම සුදුසුකමක් අවශ්‍ය නොවේ .

:       1       81

Alahdiin Monday, 07 October 2019 08:14 AM

මගේ මනාපය හිස්බුල්ල මහත්මයට. රට ගොඩ ගන්න පුළුවන් එකම නායකයා. සංවාදයට!

:       341       2

රවින් Monday, 07 October 2019 08:28 AM

කරුණාකර මේ අයගේ අධ්‍යාපන සුදුසුකම් ඇතුළු සියලු සුදුසුකම් හා ඔවුනොවුන් සතු දේපල ගැන සවිස්තර පල කරන්න. මෙය මෙරට ඉදිරියේදී පවත්වන සියලුම ඡන්ද වලට ප්‍රථමයෙන් කිරීමෙන් සියලු ලක්වැසියන්ගේ යහපත සැලසෙන බව මාගේ විශ්වාසයයි. ඉල්ලන්නේ පොදු මහජන සේවයටනේ? පොදු වැඩ වලදී පෞද්ගලිකත්වය අවම බව එතකොට තේරුම් ගනීවි.

:       0       226

ධම්ම Monday, 07 October 2019 08:56 AM

අලියත් නෑ, අතත් නෑ , සීනුවත් නෑ. ඔක්කොම ප්‍රතික්ෂේප වෙලා..

:       0       9

Roshan Monday, 07 October 2019 09:23 AM

එකම නම දෙපාරක් තියෙනවනේ 34ද? 35ද?

:       21       6

Chathura Monday, 07 October 2019 09:42 AM

මුස්ලිම් හෝ ටැමිල් අයට ජනාධිපතිවරණයට ඉල්ලන්න පුලුවන්ද?

:       5       60

Haputale vipassi Monday, 07 October 2019 09:50 AM

පැවිද්දෙක් ජනපති කරමු

:       88       6

මෝ Monday, 07 October 2019 09:56 AM

කෝ අර නාගානන්ද කියල රටම අනික් පැත්ත හරවන්න වලිකාපු හාදයා? මිනිහා ව්‍යවස්ථාවකුත් හදාගෙන නීතිය බලගන්වන්න ගියෙ මැතිවරණයකට නාම යෝජනා දෙනකොට පිළිපැදිය යුතු නීතියවත් නොදැනද? එකතුකරගත්තු සල්ලි කන්දරාවත් අරගෙන එංගලන්තෙට සැපත් වේවි එයානං.එයාට කඩේ ගිය අහිංසක ජාති හිතෛෂි සෙට් එකට විනාඩියක නිශ්ශබ්දතාවක් පළ කරන්න.

:       21       309

Upali Monday, 07 October 2019 10:34 AM

කල දුටු කළ වල ඉහ ගත්තනෙ

:       1       134

කරුණාපාල Monday, 07 October 2019 03:56 PM

ඇත්තමයි උපාලි.. මිනිහා ඔබ දන්නා එයාගේ වල විතරක් නෙමේ, වල වටේ වැවිලා තිබුණු වටිනා පඳුරු ටිකත් සුද්ද කරලයි ගිහින් තියෙන්නේ.. ඒක තවම දන්නේ නැද්ද? මිනිහට අමතක වීමකින්, ලූල් පැටියෙක් ඒ වලේ දමා ගිහින් තියනවා. පුලුවන්නම්, කන්න බොන්න දීලා ඇතිකර ගන්න බලනවා. පින්සිද්ධවෙයි.

:       0       18

BamunuarachchiMonday, 07 October 2019 02:18 PM

කන්දක් විලිලා මීයෙක් වැදුවා කියන්නේ ඕකට තමයි.

:       0       3

බද්රානිMonday, 07 October 2019 03:30 PM

මේ යක්ෂ විමානේ පාලනයට අවශ්‍ය වන්නේ, යකෙක්ම මිස, මනුස්සයෙක් නොවන බවවත් ඔබගේ ඔය ටිකිරි මොළේට වැටහෙන්නේ නැද්ද? එංගලන්තේ වැනි රටකට පය තබන්න පින්කර තිබූ නාගානන්ද, මේ සිරි ලංකාවේ දසරාජ ධර්මය, හා ජනතා පරමාධිපත්‍යය, සැමට එක නීතියක් ගැන කතා කිරීමම විහිළුවක්. උගත්කමින් නීතීඥයෙකු වුණත්, රටේ සිංහලුන්ගේ තරම තේරුම් ගැනීමට නොදත් ඒ මනුස්සයා ගැන පව්. ඔහු විසින්ම වේදිකාව සකස් කර දුන් උගතුන් යයි කියා ගන්නා සහචරයින් එතුමාව වේදිකාවෙන් පහලටම තල්ලු කළා. අනේ අපිට මොන විකල්පද? ව්‍යවස්ථා විප්ලවද? වැලයන පැත්තට මැස්ස ගසාගෙන බඩ ගෝස්තරය හොයාගන්නවා හැරෙන්න..

:       41       44

gunarathnaTuesday, 08 October 2019 01:06 AM

බද්රානි ඔබේ කොමෙන්ට් එක හරිම කාලීන එකක්.අපේ රටේ හෙමදාමත් තිබුනේ වැල යන අතට මැස්ස ගැහීම තමා.ඡන්දෙ දාන පුද්ගලයා වගේම ඡන්දෙ ඉල්ලන පුද්ගලයාටත් රටේ ඉන්න ලොකුම සල්ලි කාරයෝ කිසිම ප්‍රති පත්තියක් නැහැ.දැන් ඉන්න ජනාදිපති නැවත දේසපාලනය කරන්නේ නැහැ පොළොන්නරුවට ගිහිල්ල නිදහසේ ඉන්නවා කීව.දැන් මන්ත්‍රී කෙනක් වෙන්ට හරි බලනවා.පොළොන්නරුවේ ඉඳල රට පාලනය කරනවා කීව.රනිල් එක්ක අවුරුදු ගානක් එකට හිටපු මිනිස්සු දැන්කියන්නේරනිල්ට බැහැ සජිත්ට පුළුවන් කියල.සජිත් පැරදුන ගමන් ඔය මිනිස්සු ආපහු රනිල් වටේ කැරකෙන්ට ගන්නවා.අපේ රටේ මිනිස්සුන්ගේ දේසපාලනෙත් මේ වගේ තමා.තමුන්ගේ පුතාට රක්සාවක් දුන්නේ නැතිනම් වෙන එහෙකුට චන්දෙ දෙනවා.ගම්වල ඉන්න දුප්පත් මිනිස්සුන්ට ගමේ හාමුදුරුවෝ කීවොත් මෙයාට චන්දෙ දෙන්ට කියල මේ මිනිස්සු චන්දෙ දෙනවා.ගමේ ණය දෙන මිනිහ කීවොත් චන්දෙ දෙනවා,රටේ ඉන්න ලොකුම සල්ලි කාරයෝ දිනන එකාට සහ පරදින එකාටත් වියදම් කරනවා. මෙහෙව් රටක වැල යන අතට මැස්ස නොගහ කුමක් කරන්ටද ?

:       0       0

chandimaMonday, 07 October 2019 07:50 PM

අම්මප මේ නගනන්දය අපිව නැතිකළා.

:       0       0

Dr. Vajira FernandoTuesday, 08 October 2019 05:28 AM

පසුගිය අවුරුදු විස්සක් තිස්සේ අපේ රටේ පිරිසිදු දේශපාලනයක් කරන රටේ සිදුවන සියලුම වංචා දුෂණ හෙළි කරමින් දුෂිතයන් හෙළිදරව් කරන රට ගොඩනගන විකල්ප වැඩපිළිවෙලක් ඇති ජනතාවගේ පක්ෂයක් තිබියදී අහසින් පාත් වී අන්තර්ජාලය හරහා වීඩියෝ දෙක තුනකින් විකල්පයක් මවා පෙන්වූ පුද්ගලයෙකුට රැවටෙන්න තරම් මෝඩ දේශපාලන ඥානයක් නැති අඳ බාලයන්ට නාගානන්ද විසින් අමතක නොවන පාඩමක් කියාදී තිබේ

:       0       105

සමන් ඔස්ට්‍රලියා Monday, 07 October 2019 10:07 PM

එයට මොලේ අමාරුව හොද වෙලා බෙහෙත් ගත්තට පස්සේ

:       0       0

vishwa Monday, 07 October 2019 06:56 PM

චන්දෙට යන මුළු වියදම අපේක්ෂකයන් ගණනෙන් බෙදල, උන්ගෙන්ම ය කරගන්ඩ....

:       0       0

රවිඳු Monday, 07 October 2019 08:15 PM

නාගානන්ද මහත්මයා JVP එක සමග එකතු වෙනවා කියන්නේ මහපක්ෂ දෙකේ හොරු සෙට් එකට සහ කාපු පතේ පහරපු විකල්පේ පාහරයින්ට දුවන්න පාරවල් නැති වෙනවා.

:       1       0

නිමල් Tuesday, 08 October 2019 01:37 AM

නාගානන්ද මහතා කළ දේ ඇසූ විට මට සිහිවන්නේ එක්තරා සිදුවීමක්. අප ප්‍රදේශයේ කසල ට්රැක්ටරයේ අයට නව වසර සඳහා සුලු පාරිතෝශිකයක් අප ස්වේච්ඡාවෙන් ලබා දෙනවා. පසුගිය වසරක ට්රැක්ටරය පැමිණීමට සුලු වේලාවකට පෙර එක්තරා පිටස්තර පුද්ගලයෙක් ඉතාම වංචනික ලෙස මුදල් එකතු කර ගත්තා. කසල කාර්ය මණ්ඩලයේ අය පැවසුවේ එම පුද්ගලයා ඔවුන්ගේ අයෙක් නොවන බවයි.

:       0       0

Rohana Tuesday, 08 October 2019 03:58 AM

ප්‍රධාන දේශපාලන ධාරාවන්ගෙන් හැර මැතිවරණ කාලයට පමණක් කලඑළි බහින අනිකුත් හල්පාරු අපේක්ෂකයින් ඉදිරිපත්වීම වැලැක්වීම සඳහා ඔවුන්ගෙන් රුපියල් කෝටියක ඇපමුදල් ලබාගත යුතු බව මැතිවරණ කොමිසමට යෝජනා කරමි. චන්ද පත්‍රිකාව අනවශ්‍ය ලෙස විශාල වීමෙන් චන්ද දායකය අසීරුවට පත්වන බව මොවුන් දැනගත යුතුය්.

:       0       0

vidya Friday, 11 October 2019 07:02 PM

අනේ දෙෂප්ප්රිය මහත්තයෝ : කරුණාකර මේ චන්දෙ ටිකක් කලින් තියන්න බැරිද ? අපිට කනක් ඇහිලා ඉන්න. මේ මල දානේ ඉක්මනට ඉවර වෙනවනම් කොච්චර හොඳද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 724 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 162 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 401 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 539 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 109 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 466 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 722 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 506 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site