ජන කලාවන් පෝෂණය කොට රුක ගැනීම සිය ජීවන පරමාර්ථය කර ගත් ගෞරවපූර්ව ශ්‍රී ලාංකිකයන් අතර ලයනල් රන්වලයන්ට හිමිවන්නේ ප්‍රමුඛතම තැනක්, ලයනල් රන්වලයන්ෙග් 77 වැනි ජන්මදින සැමරුම වෙනුවෙන් මෙවරත් රන් සලකුණ ජන ගී ප්‍රසංගය පැවැත්වේ. මේ රන් සලකුණ ජන ගී ප්‍රසංගය ගැන සහන් රන්වල සමඟ හදසර කළ කතාබහයි.
රන් සලකුණ ප්‍රසංගය පැවැත්වීමේ අරමුණ?
විශේෂයෙන්ම කියනවා නම් දේශීය සංගීතය ගැමි රසය නුතන පරපුරට සමීප කරන ප්‍රසංගයක් තමා මේ රන් සලකුණ ප්‍රසංගය තුළින් කරන්නේ. ඒ වගේම මෙය සෑම වසරකම අපි නොවැම්බර් 27 වැනිදාට පවත්වන හේතුව තමා මේ ජන සංගීතය රුක ගත් ලයනල් රන්වලයන් වන මගේ පියාණන්ගේ උපන් දිනය යෙදෙන්නේ නොවැම්බර් 27 වැනිදාට. ඒ නිසා තමා රන්වල බලකායේ අපි හිතුවේ එතුමාගේ ජන්ම දින සැමරුම වෙනුවෙන් සෑම වසරකම මේ රන් සලකුණ ප්‍රසංගය පවත්වන්න.
රන් සලකුණ ප්‍රසංගය තුළ ඇතුළත් අංග මොනවද?
ඔව්, මේ තුළ තියෙනවා ‘ගම අවුලඤ්ඤං’ ‘යුද්දෙටත් ඇවිත්’ ‘පොඩි අයට ජන ගී’ කියන අපේ රන්වල බලකාය තුළ තියෙන ප්‍රසංග වලින් තෝරා ගත් විශේෂ අංග සහ තවත් ජන ගී අංග කිහිපයක එකතුවක්. මොකද මේ තමයි අපේ ජන ගී ඇසුරෙන් නිර්මාණය වූ අංග, අපට ඕනේ මේ අපට අනන්‍ය වූ අපේ දේ ඉදිරි පරම්පරාවටත් දායාද කරන්න.
මෙවර රන් සලකුණ ප්‍රසංගය තුළ විශේෂත්වයක් තියෙනවද?
අනිවාර් යෙන්ම. මෙවර අපි මේ රන් සලකුණ ප්‍රසංගය පවත්වන්නේ රන්වල බලකායට වසර 206 ක් කියලා.
රන්වල බලකායට වසර 206 ක්?
ඔව්. හිතාගන්න බැහැ නේද? හැබැයි කොහොමද වසර 206 ක් වෙන්නෙ කියලා හරියටම දැනගන්න නම් එන්න වෙනවා රන් සලකුණ ප්‍රසංගය බලන්න. මොකද එදාට තමා අපි ඒ ගැන කියන්නේ.
හරි අපි පැවැත්වෙන තැන සහ වෙලාව කියමු එහෙනම්?
නොවැම්බර් 27 සවස 3.30ට සහ 6.30ට කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී තමා මෙවරත් අපි රන් සලකුණ ප්‍රසංගය පවත්වන්නේ.
රන්වල බලකාය මගින් පවත්වන ප්‍රසංග ඔබ විදෙස් රටවලදීත් පවත්වනවනේ. කොහොමද ලැබෙන ප්‍රතිචාර?
ඉතාමත් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. මෑතකදී අපි කළ ප්‍රසංගයක් ගැන මතක් කළොත් මේ මාසෙම මුල මම ඇතුළු අපේ කණ්ඩායම ඉතාලියේදී යුද්දෙටත් ඇවිත් කියන ප්‍රසංගය පැවැත්තුවා. ඇත්තටම අපි හිතුවටත් වඩා ඉහළ ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම කියන්න ඕනේ අපි නම් ආයේ කවදාවත් ලංකාවේ පදිංචියට නම් යන්නේ නෑ කියලා තීරණ අරන් විදෙස් ගත වෙලා හිටිය බොහෝ පිරිසක් මා එක්ක කතා කරලා කිව්වේ මේ ප්‍රසංගය බලද්දී ආයේ ලංකාවට යන්න ඇත්නම් කියලා හිතුණු බව අපේ දේ වටිනාකම දැන් තමා අපිට තේරෙන්නේ කියලා. ඒ වගේ ප්‍රතිචාර ලැබෙද්දී අපිටත් සතුටුයි මොකද අපි රට රටවල් අතරට අරගෙන යන්නේ අපේ ජන සංගීතය නිසා.
ඔබේ ඉදිරි වැඩසටහන් ගැනත් මතක් කරමු?
මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ 12 වැනිදා බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී අපි පවත්වනවා අපෙන් අභාවයට යන සංස්කෘතික ප්‍රසංගයක් සුවිසි විවරණ කියලා. ඒ තුළ බුදුගුණ ගායනා, වාදන නර්තන අංග ඇතුළත් මේක අපි පවත්වන්නේ රන්වල බලකායේ ඇරයුමෙන් දෙහිමඩුව පරපුරේ ශිල්පීන් එක්ක, ඒ වගේම කියන්න ඕනේ මේක සම්පුර්ණයෙන්ම නොමිලේ පවත්වන්නේ, 12 වැනිදා සවස් කාලයේ සිට පසුදා පහන් වනතුරු මේ අත්දැකීම ශ්‍රී ලාංකික ඔබට දකින්න ලැබෙන දුර්ලභ අවස්ථාවක් වේවි. ඉතින් මම හදසර අවස්ථාවක් කරගන්නවා දෙසැම්බර් මාසේ 12 වැනිදා බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයට එන්න කියන ඇරයුම ඔබට කරන්න.
අනූෂා රණසිංහ
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
අපිට අවුරුදු 206යි