‘‘මම පූන්තෝට්ටම් කඳවුරට එද්දි දුවට අවුරුද්දයි. දැන් දුවට අවුරුදු 24ක් වෙනවා. නමුත් අපි තවමත් කඳවුරේ. දුව පොල්ලෙලි තලලයි පවුල ජීවත් කරවන්නේ. එක දවසක් ලෙලි තලන්න ගියේ නැති නම් අපිට හාමතේ තමයි ඉන්න වෙන්නේ.‘‘ වවුනියාව පූන්තෝට්ටම් කඳවුරේ ජීවත් වන රාසිකා පාපති (69) කීවාය.
වව්නියාව නගරයේ සිට කිලෝමීටර පහක් පමණ ගිය විට පූන්තෝට්ටම් කඳවුර හමුවෙයි. එහි පවුල් 20ක් පමණ ජීවත් වන්නේ වව්නියාව විද්‍යා පීඨයට අයත් ඉඩමක බව ප්‍රදේශවාසීහු කියති. කිලිනොච්චියේ සිට 1988 සිට මෙම කඳවුරට පැමිණි පිරිස් එහි සිටිති. පූන්තෝට්ටම් කඳවුර අවුරුදු 28ක් තරම් පැරණිය.
රසිකා පාපතී මහත්මිය මෙම කඳවුරට පැමිණ ඇත්තේ මීට වසර 23කට පෙරය. ඊට පෙර පදිංචිය කිලිනොච්චියේය.
‘අපට කිලිනොච්චියේ ගෙවල් දොරවල් තිබුණා. යුද්දෙ කියා පූන්තෝට්ටම් කඳවුරේ පදිංචි කළා. මගේ මනුස්සයා නෑ. දුවයි දුවගේ දුවයි සමග කඳවුරේ ජීවත් වෙන්නේ. අපට තියෙන්නේ පැල්පතක්. වහිනකොට මේක සේරම තෙමෙනවා. හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ. විටින් විට විවිධ පිරිස් ඇවිත් බලලා ගියත් තවමත් අපට ගෙවල් දොරවල් ලැබුණේ නෑ. ‘ යැයි පාපතී කීවාය.
කඳවුරට විදුලිය නැති බවත්, දරු මුණුපුරන් සමග අනාරක්ෂිතව ජීවත් වන බවත් ආර් සුබ්‍රමනියම් (55) පැවසීය. 1997 වසරේ පූන්තෝට්ටම් කඳවුරට පැමිණි සුබ්‍රමනියම් කුලී වැඩ කර ජීවත් වෙයි. සුබ්‍රමනියම්ගේ නිවස කුඩා කාමරයකි. ඔහු කීවේ තමා සමග පවුලේ හය දෙනකු එහි ජීවත් වන බවයි.
‘‘යුද සමයේ අප ගෙනැවිත් මෙහි පදිංචි කළා. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සමයේ එක් පුද්ගලයකුට දිනකට රුපියල් 50 බැගින් දුන්නා. ඉන් පසු එයත් නැවතුනා. අප අනාථ කඳවුරට ගෙනැවිත් දැමූ කාලයේ විවිධ පිරිස් පැමිණ ආධාර හා භාණ්ඩ දුන්නත් කාලයක් යද්දි එය නැවතුණා.
අපේ පවුලේ කුඩා ළමයින් ඉන්නවා. මෙතන හරිම අනාරක්ෂිතයි. බොන්න වතුර නෑ. පවුල් අනූ ගණනකට තියෙන්නේ එක ළිඳයි. මේ ආණ්ඩුවෙන්වත් අපට රස්සා, නිවාස ලැබෙයි කියා බලාපොරොත්තු වෙනවා.‘‘ යැයි සුබ්‍රමනියම් පැවසීය.
පූන්තෝට්ටම් කඳවුරේ පවුල් 104ක් තවමත් සිටින බවත්, ඉන් පවුල් 18ක් පමණ වව්නියාව විද්‍යා පීඨ ඉඩමේ සිටින බවත් පූන්තෝට්ටම් කඳවුරේ සුබසාධක සමිතියේ සභාපති යූ වේලායුදන් (78) මහතා කීවේය.
කඳවුරට පැමිණි දිනවල විවිධ වරප්‍රසාද හිමි වුවත් දැන් ඒවා නොමැති බව ද ඔහු සඳහන් කළේය.
‘‘කිලිනොච්චියේ සිටි අප 1999 ජනවාරි 25 වැනි දා පූන්තෝට්ටම් අනාථ කඳවුරේ පදිංචි කළා. 2010 පමණ වන තුරු යම් යම් සහන තිබුණත් ඒ සියල්ල ඉන් පසු නැවතුණා.‘ යැයි වේලායුදන් පැවසීය.
නම හෙළි කිරීමට අකමැති වූ තරුණයකු කීවේ අනාථ කඳවුරේ ජීවිතය අපාගත ජීවිතයක් බවයි.
‘‘ළමයින් බේරා ගන්න ඕනෑ නම් කඳවුරට යන්න කිව්වා. ඒ නිසා 1997 කිලිනොච්චියේ සිට මෙම අනාථ කඳවුරට ආවා. වැසිකිළි කැසිකිළි පහසුකම් නෑ. වතුරත් නෑ. වෙනත් අනාථ කඳවුරුවල සිටි පිරිස් හොඳ ප්‍රදේශවල පදිංචි කළත් අප පදිංචි කළේ නෑ. අපට විදුලිය නෑ. හොරෙන් විදුලිය ගත්තාය කියා එක් වරක් නඩුත් දැම්මා. දේශපාලනඥයන් වව්නියාවේ තිබෙන කෝවිලට ඇවිත් යනවා. හැබැයි කඳවුර පැත්තටවත් එන්නේ නෑ. මේ ප්‍රදේශයේ රජයේ ඉඩම්වල ගෙවල් දොරවල් හදා අනාථ කඳවුරේ සිටින පිරිසට ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.‘‘ යැයි එම තරුණයා කීවේය.
මේ ගැන කළ විමසීමක දී වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ නිලධාරියකු කීවේ ඉදිරියේ දී පූන්තෝට්ටම් කඳවුරේ වැසියන්ට නිවාස ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි. කඳවුරේ සිටි පවුල් කිහිපයක් දැනටත් වෙනත් ස්ථානවල පදිංචි කර ඇති බවත්, නුදුරේදී ඉඩම් ලබාදීමට නියමිත නිසා සෙසු පහසුකම් ලබා දී නැති බවත් ඔහු කීවේය.
වව්නියාව දිසාපති රෝහණ පුෂ්පකුමාර මහතා කීවේ පූන්තෝට්ටම් වැසියන්ට නිවාස ලබා දීමේ වැටපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි. ඒ වන තෙක් තාවකාලිකව විදුලිය ලබා දීමට විදුලිබල මණ්ඩලය සමග සාකච්ඡා කරන බව ද ඔහු කීවේය.
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල
අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අපාය තව හොඳයි : පූන්තෝට්ටම් කඳවුරට වයස 28යි
ඔශිනි Monday, 04 April 2016 06:03 AM
මේවගේ දුක්බර ජීවිත ලංකාවේ තවමත් සෑම පළාතකම තියෙනවා,උතුරේ කියල විශේෂයක් නෑ,,රජයකින් පියවර ගත යුත්තේ පොදුවේ සෑම පළාතකම දියුණුව උදෙසායි (ම)
එරන්දි Monday, 04 April 2016 06:06 AM
අපි හැමෝම එකතුවෙලා අපේ මේ අහිංසක නෑයන්ට උදවු කරමු (ම)
නමීඩා Monday, 04 April 2016 07:10 AM
තාමත් මේවට විසදුම් නැතම් වැඩක් නැ... (ම)
රුවන් කොටුවෙල්ලේ Monday, 04 April 2016 07:17 AM
මෙන්න ප්‍රශ්නය විසදන්න ඕන . ඇත්තටම කවදද ඔවුන්ට ජීවිතයක් ලබාදෙන්නේ . (ම)
ෂෙවොන් Monday, 04 April 2016 07:49 AM
වාර්තා කිරීම හොඳයි (බ)
මාලක Monday, 04 April 2016 02:27 AM
මේත් අපේ රටේ අපේ සහෝදරයෝ. ඒ අයට සමානාත්මතාවය අහිමිද? කවදා ඔවුන්ට මනුෂ්‍යයින් හැටියට ජීවත්වීමට ලැබෙයිද ? (නි)
චන්දන Monday, 04 April 2016 02:49 AM
අපි මේ අය වෙනුවෙන් ගෙවල් ටිකවත් හදාදෙමු. රජය කරනතුරු නොඉඳ අපි කරමු (නි)
සුදේෂ් Monday, 04 April 2016 03:33 AM
මොරටුව මුහුදු වෙරළ ආසන්නයටත් ගිහින් බලන්න. අපායවල් වන් මෙවැනි තවත් ස්ථාන දැකගත හැකියි (නි)
දිලාන් Monday, 04 April 2016 04:38 AM
මාලක, ඔයාට වගේ සන්හිඳිය අදහස් දෙමල අයට එන්නේ නැති එක තමයි ලංකාවේ ඇත්තම ජාතික ප්‍රශ්නය. විග්නේශ්වරන් කතා කරන හැටි බලන්න. පොඩ්ඩක් වත් සංහිඳියාවක් තියනවද එයාලගේ. මේ රජය වුනත් ඇත්තටම සන්හිදියව කියල සිංහල අයට විතරයි පාට් දාන්නේ.(බ)