IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


අපරාධකරුවන් වෙනුවෙන් පෙනී නොසිටින්නැයි ජනපති ඉල්ලයි

ඉදිරියේදී  ලංකාවේ  මරණිය දණ්ඩනය  ක්‍රියාත්මක  කිරීමේදී   අපරාධකරුවන්  වෙනුවෙන් පෙනී සිටිමින් දඩුවම් පාලනය කිරීමට උත්සාහ නොකරන  ලෙස  ලංකාවේ  මානවහිමිකම්  වෙනුවෙන් පෙනී සිටින ආයතනවලින්   කරුණාවෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

දැනට  ලැබී ඇති වාර්තා අනුව  ඉදිරි මාසයක් දෙකක් ඇතුළදී ලංකාවේ  මරණිය දණ්ඩනය ක්‍රියාත්මක  කිරීම සිදු කරන බවත් කුමන බාධක පැමිණියත් එය සිදු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම විනයක් ඇති රටක්  නිර්මාණය කිරීම සඳහා  සහය වන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලා සිටියේය.  

බරපතල වංචා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තා පිළිබඳ අදහස් දැක්වීමට  අද(06)  ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී මෙම විශේෂ ප්‍රකාශය නිකුත් කළේය.

අපරාධකරුවන්ට දඬුවම් දීමේදී මානව හිමිකම් ඉදිරියට දමා ඒවාට අකුල් නොහෙළන ලෙස ඒ සම්බන්ධයෙන් කථාකරන රටවලින් තමා ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා   පැවසීය.

 ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කළ  කතාව.

‘එස් ටී එෆ් ප්‍රධානියාගෙන් අහනවා මොන හේතුවක් මතද කාගේ නියෝගයක් මතද කුමන කාරණයක් සඳහාද අගුණුකොලපැලැස්සට එස් ටී එෆ් එක දාන්නේ කියලා.එතකොට එතන්දී මානව හිමිකම් කොමිසන් සංවිධානය පෙනී සිටින්නේ කවුරු වෙනුවෙන්ද ? විශේෂ පොලිස් කාර්ය බලකාය අවංකව වැඩ කරන දක්ෂ පිරිසක් ඒ නිසා තමයි එහි ප්‍රධානියාට අපි ඇමැති මණ්ඩලය ඒකමතිකව මම ඉතාම සතුටු වෙනවා ලතිෆ් මහත්තයාට අවුරුද්දක කාලයක් දික් කරාම  මුළු ඇමැති මණ්ඩලය එක හඬින් කිව්වා ඒක ඉතාම හොඳ තීරණයක් කියලා. 

ඒ නිසා මේ රටේ විශේෂයෙන්ම කෙරෙන මත්ද්‍රව්‍ය ඒ වගේම පාතාලය මර්දනය කිරීමේදී  රජය ඒකාබද්ධව අදාල අමාත්‍යාංශ එක්ව කරන කටයුත්තේදී  අපිට විශාල සහයෝගයක් ඒ ආයතන වල තියෙනවා. නමුත් මානව හිමිකම් සභාව අහනවා  ඇයි මේකට එස්.ටී.එෆ් දැම්මේ කියලා.ලොකු ප්‍රශ්න පත්‍රයක් එස්.ටී.එෆ් එකට එවලා තියෙනවා.  එගොල්ලන්ගෙන් උත්තර ඉල්ලලා. මේ පැත්තට අගුණකොලපැලැස්සට  ගෙනයෑම පිළිබඳව.  මේ විදිහට තමා තියෙන්නේ 
අපේ ත්‍රිවිධ හමුදාව අපේ පොලිසිය විදේශීය පුහුණුවීම් එක්සත් ජාතීන්ගේ සංවිධානය සාම සාධක හමුදාවට යැවීම්  සියල්ල ප්‍රමාද කරනවා.  අපේ මානව හිමිකම් කොමිසන් සභාව ගැන මම හරිම කණගාටු වෙනවා . 

දැන් ඊයේ භූමදානය  කළ රණවිරුවන් දෙදෙනා  මාලි වල රාජකාරි වලට ගිහිල්ලා  එක්සත් ජතීන්ගේ සාම සාධක හමුදාවේ  ඒ දෙදෙනා ලංකාවට එන්න හිටියේ මීට මාස හයකට කලින්  ඒ අපේ කණ්ඩායම් මාරු කිරීම කරන්න දෙන්නේ නැහැ අපේ සියලු දෙනාගේ තොරතුරු හොයලා මේ අය මේ අය මෙහෙමයි.

මේ අය යවන්න බැහැ මේ විදිහයි කියලා  අපේ මානව හිමිකම් කොමිෂන් සභාව තමයි අපිට කරදර කරන්නේ මානව හිමිකම් කොමිෂන් සභාව ඒ කරදරය නොකළා නම්  මං පැහැදිළිව දන්නවා.  ඔය මරණයට පත් වෙච්ච සාම සාධක හමුදා වල මේජර්වරයා පොලොන්නරුවේ ඊළඟට කුරුණැගල  ඒ සොල්දාදුවා  කිසිසේත් මරණයට පත් වන්නේ නැහැ. ඒ හුවාමාරු වැඩසටහන හරියට කර ගන්න තිබුණනම්.  

නමුත් මෙවැනි තත්ත්වයක් මේ පසුබිම් වල  තිබෙනවා.ඒ නිසා මම කියන්නට ඕන  මේ මරණීය දණ්ඩනය නියම කිරීමේදී මේ රටේ  මානව හිමිකම් සංවිධාන මානව හිමිකම් කොමිසම් මේ සියල්ලම ලෝකයේ අනිත්  ප්‍රබල රාජ්‍ය වල මේක ක්‍රියාත්මක වෙනවා. 

 අපි වගේ පුංචි මිනිස්සුට තමා නීති රිති ඔක්කොම දාලා තර්ජනය කරන්නේ .ඒක නිසා අපේ රට හදාගන්න විනයක් ඇති රටක් හදන්න හොද රටක් හදන්න මානව හිමිකම් සංවිධාන කරුණාකරලා අපරාධකරුවන්ට මේ බරපතල වැරදි කරන අයට දෙන දඬුවම් පාලනය කරන්න සීමා කරන්න ඒවාට මානව හිමිකම් ඉස්සරහට දාන්න එපා කියන ඉල්ලීම මම විශේෂයෙන්ම මේ සියලු දෙනාගෙන්ම කරනවා.

ඒ වගේම තුන්වැනි කාරණය තමා අද අධිකරණ අමාත්‍යාංශය යටතේ මේ කෙරෙන සාකච්ඡාවක් නිසා  මං කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්නට ඕන.

අපේ විනිශ්චය කාරවරුන්ට උසස් වීම් දීමේදී ඇතිවෙලා තිබෙන තත්ත්වය.ව්‍යවස්ථා සභාව තමයි  මම එවන නම් අනුමත කරන්නේ  මම ඒ නම් එවන්නේ අග්‍රවිනිශ්චයකාරතුමා  මට එවන නම්  මේ රටේ කිසිම දවසක ඇති නොවුන තත්ත්වයක් අද ඇතිවෙලා තියෙනවා . 

මේ වන විට විනිශ්චයකාරවරුන් දොළහක්  ප්‍රතික්ශේප කරලා තියෙනවා ව්‍යවස්ථා සභාව.ඒ ප්‍රතික්ෂේප කළේ ඇයි කියන කාරණාව මට දන්වලත් නෑ  ඒ විනිශ්චයකාරවරුන්ට දන්වලත් නෑ  මේ තුළ මේ රටේ අධිකරණ ක්ශ්‍රේත්‍රයේ ප්‍රාතමික අධිකරණය මහේස්ත්‍රාත් අධිකරණය දිසා අධිකරණය  මහාධිකරණ  ඒ විනිසුරුවරුන් අද  අපේක්ෂා භංගත්වයට පත් වෙලා තියෙනවා ඔවුන් කොතෙක් අවංකව සේවය කළත්  ඔවුන්ගේ උසස් වීම් වලදී  කිසිදු හේතුවක් කාරණයක් නොදක්වා  ඒ උසස්වීම් ප්‍රතික්ෂේප කිරීම ඔවුන්ගේ දැඩි කනස්සල්ලට පත් වෙලා තියෙනවා .

යම් විනිශ්චකාර තනතුරක සිටින පුද්ගලයෙක්  එම උසස් වීම සඳහා ඔහු සුදුසුනම් ජ්‍යෙෂ්ඨත්වට සලක්නේ නැත්නම් මම කණගාටු වෙනවා ගරු කතානායක තුමා මෙතන් අද  නැහැ.  මේ සිද්ධිය පිළිබඳ මම කරපු ප්‍රකාශ සම්බන්ධයෙන් ගරු කතානායක කරු ජයසූරිය මැතිතුමා මට පිටු හතරක ලිපියක් එවල තිබුණා. ඒ ලිපියේ සඳහන් වෙලා තියෙනවා .

විනිශ්චයකාරවරුන්ට උසස්වීම් දීමේදී ජ්‍යෙෂ්ඨත්වය කිසිසේත් සලක්නේ නැහැ. කියලා  කුසලතා දක්ෂතා හැකියාවන් සලකලා තමයි ව්‍යවස්ථා සභාව උසස්වීම් දෙන්නේ කියලා ඒ කුසලතා  දක්ෂතා හැකියාවන් තීරණය කරන්න  ව්‍යවස්ථාසභාව  මොන මග පෙන්වීම් තුළද ව්‍යවස්ථාසභාව විතරක් නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි  අපේ ස්වාධීන කොමිසන් සභා ඉතාම හොද දෙයක්  මේවා ඉතාම හොද දෙවල්  නමුත් මේවා පිහිටෙව්වට පස්සේ 19 වැනි  සංශෝධනයෙන්  ඒවායේ තිබෙන ප්‍රතිපතිමය කරුණු ඒවායේ සීමාවන්  අවශ්‍ය මග පෙන්වීම්  ඊය අදාල කරුණු සම්බන්ධයෙන් රෙගුලාසි  කිසිවක් සම්මත කරලා නැහැ  

ඒ නිසා කිසිම සීමාවක් නැති අකාරයට තමයි මේ ආයතන වල කටයුතු සිදුවන්නේ  ඒ නිසා මං මේ ගරු සභාවෙත්  මැති ඇමැතිවරුන්ගෙන් කතානායකතුමාගෙන් ඉතාම ගෞරවයෙන් අවදානයට යොමු කරනවා විනිශ්චකාරවරුන්ට උසස් වීම් දීමේදී ඒ සාධාරණත්වය  අතීතයේ යම් යම් නඩු තීන්දු දීම පිළිබඳව  මට ආරංචි විදිහට චෝදනා කරමින් ඒ නිසා මේ අය උසස් වීම් වලට නොසුදුසුයි කියන  මතයක් තුළ විනිශ්චකාරවරුන්ගේ උසස්වීම් ලබා නොදෙනවානම්  එය මේ රටේ අධිකරණ ක්ශ්‍රේත්‍රයේ බරපතල ඛේදවාචකයක් බවට පත් වේවි කියා මා විශ්වාස කරන්නේ. 

ඒ නිසා රටම බලාපොරොත්තු වන අන්තර්ජාතික වශයෙන් බලාපොරොත්තු වන අධිකරණයේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය ඉතාම වැදගත් වූ  එය ආරක්ෂා කිරීමට නම්  විනිශ්චකාරවරුන්ට උසස් වීම් දීමේදී ව්‍යවස්ථා සභාවත් අග්‍රවිනිශ්චකාරවරයාගේ කාර්යයත් පැහැදිලි ලෙසම ඉටුවීමේදී ඒ සාධාරණත්වය අපි බලාපොරොත්තු වෙනවා යම් කිසි කෙනෙක් සුදුසු නෑ කිනවානම් අග්‍රවිනිශ්චකාරතුමා හෝ  අපිට දන්වන්න ඕන  මෙයා මේ තනතුරට සුදුසු නෑ.

 මෙයාට විනය පරීක්ෂණයක් තියෙනවා මෙයා ක්‍රියාශිලී නෑ වගකීම් රජකාරී ඉටු කෙරුවේ නෑ කියන එක ලිඛිතව දන්නන්න වෙනවා  එහෙම දන්වීමක් නොකිරීම නිසා එ සියලු දෙනා මාව තමා අල්ල ගන්නේ මොකද මාව මහ පාරෙදිත් අල්ල ගන්න පුළුවන් අග්‍රවිනිශ්චකාරතුමා ගාවට ඒ ගොල්ලන්ට යන්න බැහැ ව්‍යවස්ථා සභාවට ඒගොල්ලන්ට එන්න බැහැ මේ නම් ප්‍රතික්ෂේප වන අයට  මාව හම්බවෙන්න පුළුවන් .

 ඒනිසා මාව හමුවෙලා බොහෝ දුක් ගැනවිලි මේ අය කියනවා . මේ ගොල්ලෝ අභියාචනා ඉදිරිපත් කරනවා වරින් වර ඒ නිසා සමහර අයගේ නම් මම දෙසරේ තුන්සැරේ ව්‍යවස්ථා සභාවට එවලා තියෙනවා.ඒ එවන්නේ වෙන හේතුවක්  නිසා නෙවෙයි මගේ පුද්ගලික හේතු කාරණා නිසා නෙවෙයි තමන් ට ඇති වෙච්ච ප්‍රශ්නය පිළිබඳ දුක් ගැනවිල්ලේදී මට අභියාචනා ඉදිරිපත් කරන අයගේ නම් තමා මට කළ හැකි එකම දේ ගැන මම කියනවා  මම මේ නම නැවත යවන්නම් බලන්න කියලා.නමුත් මේක පැහැදිලිය විසඳාගත යුතු දෙයක්  ඒ ගැනත් මම එච්චරයි මම කියන්න බලාපොරෙත්තු වෙන්නේ.

 මම දැන් මේ ආවට පස්සේ ඒ මෙතව වෙච්ච සකච්ඡාවකදී මා හිතවත් රිෂාඩ් බදුයුදීන් ඇමැතිතුමා කිව්වා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන්  වැරදි කරුවන් ඉන්නවනම් අල්ලගන්න ජනාධිපතිතුමාට පුළුවන් පොලිසියත් එතුමාගේ බාරයේනේ තියෙන්නේ කියලා.
  ඇත්තටම මාවත් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය පිළිබඳව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉතාමත්ම හොදින් ඒ පරීක්ෂණ කටයුතු කරනවා.
 මේ වන විට  මම පොලිසිය භාර ගත්තට පස්සේ ප්‍රධාන වශයෙන් මාස දෙකක පමණ කාලයක් තුළ ඒ පරීක්ෂණ කටයුතු ඉක්මන් වෙලා තියෙනවා  ඒ පරීක්ෂණ කටයුතු අවසන් වෙලා අවසානයේ වු‍නේ මගෙන් ප්‍රකාශයක් ගැනීම පමණයි  දැන් දවස් හතරකට කලින්  අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගේන් ප්‍රකාශයක් ගත්තා.
 මම හිතනවා සති දෙකක් ඇතුළත වගේ රටටම දැනගන්න පුළුවන් අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාල වාර්තාව‘ යනුවෙන්  පැවසීය. 

 

(36698)

 

 



අදහස් (46)

අපරාධකරුවන් වෙනුවෙන් පෙනී නොසිටින්නැයි ජනපති ඉල්ලයි

Dayal Wednesday, 06 February 2019 12:21 PM

බලමුකෝ ඉදිරියට මොනවා වෙයිද කියල

:       3       102

ධනුෂ්කWednesday, 06 February 2019 03:27 PM

එක් කුඩු මුදලාලී කෙනෙක්ගේ, පාතාලයෙක්ගේ, දූෂකයෙක්ගේ මානව අයිතිවාසිකම් අාරක්ෂා කිරීම යනු අහිංසකයන් දහස් ගණනකගේ මානව අයිතිවාසිකම් අනතුරේ හෙලීමක් සහ තවත් අපරාධකරුවන් නිර්මාණය කිරීමකි..

:       84       288

RaveendraWednesday, 06 February 2019 04:50 PM

ධනුෂ්ක මයා වෙත, ඔබ විසින් සඳහන් කර ඇති අදහස් ඉතාමත්ම වැදගත් මෙන්ම යතාර්ථයද එය වන්නේය. මේ වගේ කාලකන්නින් ආරක්ෂා කරන්න අයගේ " මුදල් කෝටිගණන් ලබාගනිමින් " ගොන් තර්ක විතර්ක ඉදිරිපත්කර " මෙම අය එළියට ගැනීමට සුදු කෝට් පරයින්ද, "එන් ජි ඔ" බූරුවන්ද " සැදී පැහැදී සිටීම මොන තරම් අවාසනාවක්ද? මෙම සුදු කෝට් කාරයින් සහ "එන් ජි ඕ" අය සිතන්නේ අනේ අපේ එකෙක්වත් මේ කුඩු උවදුරට ගොදුරු වෙන්නේ නැතැයි සිතාය. නමුත් එහි අනිසි විපාක මෙම සුදු කෝට් කාරයින්ට මෙන් "එන් ජි ඕ" හැත්තද මෙලොවදීම ලබා ගන්නෝය.

:       86       224

pathiranaThursday, 07 February 2019 07:26 AM

වෙන දෙයක් නැහැ මේක මේ බාල දේශපාලන ව්‍යාපෘතියක් - මෙයා මේ කුඩුකාරයින්ගේ ෆයිල් වලට අත්සන් කරලා, අර මහින්ද මහත්තයා යුද්දේ දිනුවා වගේ ලොකු කීර්තිනාමයක් ගොඩනගා ගන්න ලැහැස්ති වෙනවා වගෙයි මට පෙන්නේ...........

:       115       131

MaheeFriday, 08 February 2019 08:37 AM

නෑ නෑ දයාල්.... අර 225 දෙනා ගැන හිතලයි ඔය කියන්න ඇත්තේ.

:       0       0

Sapumal. Wednesday, 06 February 2019 12:22 PM

දඬුවම ක්‍රියාත්මක කරන්න කලින් කාගෙන්වත් මොකටද අවසර ගන්නේ. අපේ රට හා නීතිය රැක ගන්න ඕන අපමයි. කාගෙන්වත් අවසර ගන්න අවශ්‍ය නැහැ. ඔබතුමා නිවැරදි දේ කරන්න. එවිට ජනතාව ඔබතුමා සමගයි. ඔය ජනතා බලය ඔය හිමිකම් සංවිධාන බලයට වඩා ලොකුයි. ඔබතුමාට ජය.

:       1105       1106

AmilaWednesday, 06 February 2019 01:06 PM

චෝදනා තියෙන කෙනෙක්ගෙන් සාධාරණය බලාපොරොත්තු වීමම විහිළුවක්...

:       221       329

Sapumal.Wednesday, 06 February 2019 01:44 PM

අමිල මහතා... ඔබතුමා නිවැරදියි. ඒත් මේ ජනතාව පත්කළ ජනපතිවරයායි. අප කැමති වුනත්, නොවුනත් ඊළඟ ජනපතිවරණය වෙනකන්ම එතුමා තමයි මේ තනතුරේ කටයුතු කරන්නේ. ඉතින් අප එතුමාගෙන් අවශ්‍ය සේවය ලබා ගැනීමට උනන්දු විය යුතුයි. එතුමා නිවැරදි දේ කිරීමට වෙර දරන්නේ නම් අප අවංකව එය අගය කල යුතුයි. එතුමාට දිරි දිය යුතුයි. මේ අවස්ථාවේදී එතුමා ලවා අවශ්‍ය දඬුවම ක්‍රියාත්මක කරවා ගැනීම පක්ෂ විපක්ෂ කොයි කාගේත් වගකීමයි. නොඑසේනම් අපගේ රටත් ජනතාවත් කුඩු වසංගතයෙන් වැනසේවි. ගැඹුරින් සිතා බලන්න. ස්තුතියි...!!!

:       50       469

NishanThursday, 07 February 2019 02:21 AM

දැන් නාහෙන් අඬන්නේ ඕව පිහිටුවනකොට නේද සීමාවල්, ක්‍රමවේදයන්, පටිපාටීන් ගැන හිතන්න තිබුනේ. දුෂිත නඩුකාරයන් ඉන්නවා. දේශපාලන හස්තයට යට වුන අයත් ඉන්නවා. එහෙම අයට උසස්වීම් නොදිය යුතුයි. දුක් ගැනවිල්ලක් කිව්ව පමණින් ව්‍යවස්ථා සභාව ප්‍රතිකෙෂේප කල අයට උසස්වීම් දෙන්නැයි බල කිරීම අනුමත කරන්න බෑ. ජනාධිපති වශයෙන් ඔබටත් එම දුෂිත නඩුකාරයන් ගැන අවබෝධයක් තිබිය යුතුයි. ව්‍යවස්ථා සභාවේ කටයුතු විවේචනය කරනවා වෙනුවට එහි ස්වාධීනත්වයට අප සැම ගෞරව කල යුතුයි වගේම එවැනි ස්වාධීන ආයතන තව තවත් ශක්තිමත් කල යුතුයි.

:       2       100

MaheeSaturday, 09 February 2019 07:16 PM

බුදු හාමුදුරුවන්ටත්, ජෙසුතුමන්ටත්, නබි නායකතුමන්ටත් චෝදනා එල්ල වුණා. ඒ හින්දා එතුමන්ලා අසාධාරණද? චෝදනා එල්ල නොවූ කිසියම් රාජ්‍ය නායකයෙකු ඉන්නවා නම් පෙන්වන්න. ලෝක පූජිත මහත්මා ගාන්ධි, ලී ක්වාන් යූ, මැන්ඩෙලා ඔය ඕනෑම කෙනෙක් චෝදනාවලට ලක්වුණු අය... කල්පිත ලෝකවලින් එළියට ඇවිත් යතාර්ථය දකින්න උත්සාහ කළොත් නරකද?

:       0       0

nirupa Wednesday, 06 February 2019 12:35 PM

ඔව්.. ඔබ හරි. අපේ රට අපි බලාගන්නම් කියන්න කව්රුවත් එන්නේ නැහැ අපේ පොඩි අයව බලා ගන්න

:       0       110

Amara Wednesday, 06 February 2019 12:46 PM

හිරු ගිනි ගෙන දැවෙන පුවතක්...

:       4       27

chathuri Wednesday, 06 February 2019 12:47 PM

එල්ලුම් ගහ... අද නෙමේ හෙට කියන්නේ නැතිව තනි තීරණයක් ගන්න ඔබට හැකියාව තියෙනවා. වෙනත් රටවල් ප්‍රශ්න ඇතිකරන්නේ නැහැ. ඔබ ඇතුළු 255 සහ ධනවත් ව්‍යාපාරිකයින් කියන්නේ අන්න මේ කට්ටිය තමයි උද්ඝෝෂණ කරන්නේ... අනිත් එක කිසිම කෙනෙක් විරුද්ධ නැහැ... විශාල මුදල් ප්‍රමාණයක් අරගෙන.. කුඩ්ඩෝ වෙනුවෙන් පෙනී සිටින අයට නීති දමන්න. මොවුන් වෙනුවෙන් ඉදිරිපත් නොවෙන්න. ඡන්දෙ ලංවෙනකම් ඉන්න එපා. පක්ෂය දිනවන එක අමතක කරලා රට වෙනුවෙන් ජනතාවට වැඩක් කරන්න හිර ගෙදරම ඉන්න. අලුගෝසුවෝ, නැතිනම් අරාබියෙන් ගෙන්වන්න. ලොකු වැටුපකට බොරුවට එකම දේට කියවන්නේ නැතිව එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න....

:       0       166

මායිමේ banda Wednesday, 06 February 2019 12:55 PM

මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් ඔබ ශ්‍රී ලංකා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨම නායකයෙක් බව ඉතිහාසය දිනක ලියාතබාවි. එය චනයකට සීමා නොවී ක්‍රියාත්මක කරන්න... ඔබට ජය ගරු ජනාධිපතිතුමනි...

:       325       310

Amila Wednesday, 06 February 2019 01:04 PM

ඒ කොනෙන් බැලුවොත් ඔබතුමාත් ව්‍යවස්ථාව උල්ලංඝණය කරලා එක්තරා අකාරයක අපරාධයක් කරලා ඉන්න කෙනෙක්නේ... අනික අර සේයාදරුවගේ සිද්ධිය බැලුවොත් සහ අර මෑතකදි අම්මා කෙනෙක් මැරුවා කියලා අල්ල ගත්ත කෙනාගේ සිද්ධිය බැලුවාම නීතිවේදියෝ සහ තාක්ෂණය වගේ දේවල් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනෑ. අනික අර ඕස්ට්‍රේලියාවේන් පගාගහපු සිද්ධිය යට ගහන්න දෙන්නත් එපා හොඳේ...

:       411       729

Hafeel Wednesday, 06 February 2019 01:49 PM

ඉතා වටිනා අදහස්. ඔබ ඇත්ත කිව්වා.

:       217       404

sirimal Wednesday, 06 February 2019 01:06 PM

හිරකාරයොත් මනුස්සයෝ කියලා ගහලා තියෙන්නේ විහිළුවටද?

:       5       41

saliyaThursday, 07 February 2019 03:56 AM

ඒ අයට මනුස්සකම් මතක් වන්නේ හිරේට ගියාම, බරපතල අපරාධයක් සැලසුම් කරන කොට මිනිහෙක් මරනකොට මේ මනුස්සකම මතක්වන්නේ නෑ.

:       1       91

RaveendraThursday, 07 February 2019 11:34 AM

හිරකාරයෝ නිසා ජිවිත නැති වෙච්ච අයගේ පවුල් එමෙන්ම එළියේ ඉදන් දුක්විදින දහස් ගණනක් මනුස්සයෝ නොවේද? කව්රුන් හෝ ඔය වචන ටික හොයාගෙන තියෙන්නේ වොඩ්කා බෝතලෙකින් වතුර බොන ගමන් වෙන්න ඇති. හිරකාරයෝ නිසා නැති වුන ජිවිත සමගම බැදී දෙමව්පියෝ, ස්වාමිපුරුෂයා, භාර්යාව, දුවලා පුතාලා, අක්කලා නංගිලා සහෝදර සහෝදරියන් අමනුස්සයෝ විදියට පෙනෙන්න ඇති එම කෙනාට .

:       0       17

nisar Wednesday, 06 February 2019 01:10 PM

ජනාධිපතිතුමා මේක ක්‍රියාත්මක කරයි නම් ඉතිහාසයේ ඔහුත් වැදගත් නායකයෙක් වනු ඇත.

:       44       185

ජයන්ත මිලානෝ Wednesday, 06 February 2019 01:17 PM

ජනාධිපතිතුමා මෙය ක්‍රියාත්මක කිරීමෙන් රටේ පවතින අපරාධ රැල්ල අඩු වෙන එකනම් ස්ථිරයි.

:       0       160

Nishantha Wednesday, 06 February 2019 01:45 PM

වෙන කරන්න දෙයක් නැහැ. ලොකු ලොකු මිනිස්සු කරන වැරැදි වැඩ වලට මරණ දඬුවම දෙන්නේ පොඩි මිනිස්සුන්ට තමයි. නමුත් ඒ වැරැදි වැඩ කරන පොඩි මිනිස්සුත් දැනගන්න ඕනෑ ඒවා නොකර ඉන්න. ඒ නිසා මරණ දඬුවම දෙන්න ඕනෑ..

:       0       177

Hafeel Wednesday, 06 February 2019 01:53 PM

ඔන්න වැඩේ නොකරන්න හේතුවකුත් කියල ඉවරයි. අධිකරණ ඇමති තලතා මැතිනිය කිව්වා නේ අර නම් ලැයිස්තුව මැතුමාට යවලයි කියල. දැන් ෆයිල් නැති කතාවත් වලංගු නැහෙ.

:       0       161

chandima Wednesday, 06 February 2019 01:55 PM

ඔය මානව හිමිකම් කාරයොත් එන්නේ අපේ ඔලුවටම ඇත හෝදන්න. දැන් ඔය යස අගේට ඇමෙරිකාවේ, අරාබියේ පණ යනකල් මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ. එහෙ ගියාම මානව හිමිකම් කාරයෝ කුක්කෝ වගේ නැට්ටත් දෙපරන්ද අස්සේ ගහගෙන ඉන්නේ? හැම එකම කරට අරන් උන්ට බයයි වගේ පෙන්නලා ඉහලින් තිබ්බම තමයි අපටම කෙලින්න එන්නේ. ඇත්තටම ඔය කතාව වත් කියල උන්ව මුරුංග ඇත්තේ තියපු එක වැරදියි. දැන් බලන්න ඉස්සර අර අයිසිස් කාරයින්ට පණබයේ ඉන්න කලේ ලෝකේ පුර වීරකම් පෙන්නුවා. උන්ව ගණන් නොගෙන උන් උපන් රටවල්වල සංක්‍රමණිකයන්ට තියා සංචාරකයන්ටත් විස බලපත්‍ර දීම නැවැත්තුව විතරයි, යුරෝපයේ සහ ඇමෙරිකාවේ ඒ අපරාධ රැල්ල නිකන්ම නැවතුනා. කොන්ද පණ ඇති නායකයෙක් ඉන්නවනම් ඔය මානව හිමිකම් කාරයෝ, කුඩු කාරයෝ විතරක් නොවෙයි, රට පුරා මහා බලගතු යයි කියා ගන්න, තමන්ගේ වෘත්තියට අයිති නැති කටයුතු වලටත් වෘතීය ක්‍රියාමාර්ග ගනිමින් රට අකර්මන්‍ය කරන කෙරුමෝ පවා දමනය කරන්නට පුළුවනි. ප්‍රේමදාස මහත්තය ඉද්දි, නැතිනම් රාජපක්ස මහත්තය ඉද්දි, ඔය කවුරුවත් සන්දර්සන දැම්මේ නැහැ. දුරදක්නානුවන පමණක් තිබීම, උදේ හවස නවගුණවැල ගනින්නකු වීම පමණක් රටක නායකත්වයට ප්‍රමාණවත් නැහැ.

:       116       192

ranjith Wednesday, 06 February 2019 02:13 PM

එල්ලුම් ගහ තියෙන්නම ඕනේ. අපරාද කිසිම බියක් සැකක් නැතුව කරනවා සොරකම්, ස්ත්‍රී දුෂණ, ළමා අපචාර මේවා එන්න එන්නම් වැඩි දියුණු රටවල එල්ලුම් ගහ තියෙනවා කුඩු කාරයන්ට සම්බන්ද සංවිධාන එල්ලුම් ගහට විරුද්දයි. මේ රටේ මේ ජනාධිපතිතුමා විතරයි මේ ගැන කෙලින් කතා කරන්නේ. කුඩුකාරයන්ට විතරක් නෙවී මරණ දඩුවම නියම වෙන හැම කෙනාටම මරණ දඩුවම දිය යුතුය. ටික කලක් යනකොට අපරාද කරන්න බයවෙයි.

:       59       136

Sunil Gunawardane Wednesday, 06 February 2019 02:33 PM

ව්‍යවස්ථාව කාපු අපරාධකාරයන් වෙනුවෙනුත් පෙනිසිටින්න එපා...

:       0       51

Amal Wednesday, 06 February 2019 02:43 PM

මේක සිංහල බෞද්ධ රටක්, එල්ලුම් ගස් අවශ්‍ය නැහැ, අවශ්‍ය කුඩා කල සිට මිනිස්සු ගුණගරුකව හදාගන්න එක...

:       70       78

එම්.සිරිසේනWednesday, 06 February 2019 09:30 PM

හිතන්න එපා මම මේ පත්තර බලන්නේ නැහැ කියලා. .

:       0       1

raviThursday, 07 February 2019 12:03 PM

ඔයත් මේ මාෆියා එක්කෙනෙක්ද ..?

:       0       0

Chanak los angeles Wednesday, 06 February 2019 02:53 PM

ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් දවස් 59ක් රට අරාජික කිරීමත් වැටෙන්නේ බලවත් අපරාධ ගණයටයි.

:       160       459

ramaThursday, 07 February 2019 03:51 AM

චානක් එහෙ වැඩක් බලාගෙන ඉන්නවද කඩේ යන්නේ නැතුව අපේ රට අපි බලා ගන්නම්

:       1       46

harsha Wednesday, 06 February 2019 04:40 PM

බලයට එන්න කලින් කරනවා කියපු කිසිදෙයක් තාම නොකරපු මේ මනුස්සයා ඕක කවදාවත් කරන්නේ නැහැ..

:       2       125

බද්රානි Wednesday, 06 February 2019 09:51 PM

ඒ කියන්නේ, හොර තක්කඩි වෙනුවෙන් පෙනී හිටියට කමක් නැද්ද ජනාධිපති තුමෝ?

:       0       18

ලුම්බිණි Thursday, 07 February 2019 02:08 AM

රාජ්‍ය නායකයෙක් වශයෙන් මේ කරන ඉල්ලීම ඉතාම වැරදියි. සමහර විට මේක පිලිපීනෙන් ඉගෙන ගෙන එන්න ඇති.

:       0       41

Sriyal Thursday, 07 February 2019 02:45 AM

මානව හිමිකම් කොමිසම මගින් සාධාරණ පරීක්ෂණයක් සිදු නොවන අවස්ථාවලදී පැමිණිලි කරන්න ආයතනය ක් අවශ්‍යතාවයක් තිබීම වැදගත්ය

:       0       61

seya Thursday, 07 February 2019 03:44 AM

කතාව ඇති දැන් වැඩ පෙන්නන්න.

:       0       3

sudesh Thursday, 07 February 2019 04:31 AM

ජනාධිපතිතුමා මේක ක්‍රියාත්මක කරයි නම් අපේ රටේ මෑතකදි මතුවුන ශ්‍රේෂ්ඨම නායකයා ඔබ වනු ඇත.

:       0       2

sam Thursday, 07 February 2019 06:02 AM

නොකෙරෙන වෙදකමට කෝඳුරු පැණි හත්පට්ටෙකුත් තව කාලකුත් ඕනෑ කියන්නේ මේකටයි. එල්ලුම් ගසට නියමවූ කෙනෙකු ගේ තීන්දුව මහාධිකරණයෙන් ලබා දුන්නාම ජනාධිපතිතුමාට තියෙන්නේ ඒ සඳහා දිනයක් නියම කරලා අත්සන් කරන්න

:       0       1

Chamly Thursday, 07 February 2019 06:43 AM

මේ ජනාධිපති තව බොරුවක් කරන්න. කවදාවත් කාවවත් මෙය එල්ලන්නේ නැහැ. තව ටිකදවසකුන් කියයි කවුරුහරි මෙයට බාධා කරනවා, ෆියිල් නැතිවෙලා කියල. මේවා තමයි “ පුලතිසි බයිලා”

:       0       0

[email protected] Thursday, 07 February 2019 08:16 AM

මේක අලුත් පොතක් කුඩු අල්ලලා එල්ලුම් ගහ ක්‍රියාත්මක කරලා මෙය තව පහක් ඉන්න හදන්නේ රටේ ජනතාවට නුවණ පහළ වේවා

:       0       32

ravi Thursday, 07 February 2019 08:38 AM

ඔක්කොම කියන්නේ කොරන හැටි තමයි ... එත් අද වෙනකන් සිද්දවෙච්ච දෙයක් නැහැ .

:       0       11

kap Thursday, 07 February 2019 08:39 AM

කිසිම තීරණයක් ගන්න කොන්දක් නැති නායකයෙක්. ජීවිත කාලෙම අනික් අයගේ තීරණ වලට ඔලුව නෑමුවා මිසක්, තමන් ගත්තෙ නෑති නිසා, ඒ පුරුද්ද තාම තියෙනවා. තම්න් තමයි රටේ නොම්මර එකේ ලොක්කා කියල හිතාගෙන කිසිම කෙනෙක්, සංවිධානයක් ගනන් ගන්නෙ නැතුව රටේ හොද වෙනුවෙන් තීරනයක් ගන්න බැරිද? ගත්තෙ එකම තීරණයයි. ඒකෙන් රටම විනාශ උනා.

:       0       7

indika Thursday, 07 February 2019 10:09 AM

වැරදී කතාව. අපරාදකාරයෙක් වෙන්නේ කොහොමද නඩු කියන්නේ නැතිව. නඩු කියනකම් ඕනෙම කෙනෙකුට අවස්ථාවක් දෙන්න නීතියේ පිහිට පතන්න. ආණ්ඩුව වුනහම කරන්න ඕනේ නඩු කියල වැරදීකරුවන් කරන්න. නිකන් නඩු කල් දම දම ඉන්නේ නැතිව

:       0       36

saliya Saturday, 09 February 2019 07:59 AM

ජනාධිපතිට බැන්නොතින් තමයි හරි...

:       0       0

ගගන Saturday, 09 February 2019 11:53 AM

මෙයා මෙහෙ අමුඩේ ගහනකොට අරහේ මදුෂ්ගේ ලේවල මත්ද්‍රව්‍ය නැහැ කියලා ඔක්කොම පාතාලේ හරක් ටික නිදහස් කරන්න යනවා.. මෙහෙ එවනකන් අපේ අය බලන් ඉන්නවා. මේකෙන්ම පෙනෙනවා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ලංකාවට තියෙන තත්වේ.

:       0       0

කිරන් Saturday, 09 February 2019 05:11 PM

දැන් ඇයි ඔය කතාව අපිට කියන්නේ. 225ට කියන්නකෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩීසල් නැව් හතරක් ගන්න කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවට
2024 නොවැම්බර් මස 26 115 0

ඩීසල් (0.05% M.S.) නැව් තොග 4ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


අයවැය එන දවස ටක්කෙටම කියයි
2024 නොවැම්බර් මස 26 295 0

2025 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


චීනයට එන්නැයි ජනපතිට ආරාධනයක්
2024 නොවැම්බර් මස 26 187 0

චීනයේ නිල සංචාරයකට සහභාගී වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට ආරාධනයක් ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


මහ බැංකු වංචාවට අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි
2024 නොවැම්බර් මස 26 603 0

2015 වසරේ ශ්‍රී ලංකා මහා බැංකු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් දූෂණය නම් වරද සිදු කර ඇතැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට පෙබරව


අර්චුනා රාමනාදන්ට වරෙන්තු
2024 නොවැම්බර් මස 26 1699 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහ


E 8 ගැන සීඅයිඩියට පැමිණිල්ලක්
2024 නොවැම්බර් මස 26 522 0

E8 වීසා ක්‍රමවේදය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 543 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2079 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site