(සුමිත් පොතුපිටිය )
දකුණු පළාතේ ක්‍රියාත්මක ප්‍රබල අපරාධ කල්ලියක සාමාජිකයෙකු විදෙස් රටක නිශ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ 14 ක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අහුංගල්ලේ ඩිංගියා නමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන 32 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.
ඊයේ (17) පස්වරුවේ අහුංගල්ල ප්‍රදේශයේ සිට වැලිපැන්න ප්‍රදේශයට ගිනි අවියක් රැගෙන පැමිණෙන බවට ලද තොරතුරක් වැලිපැන්න,කැප්පෙටිගහලන්ද ප්‍රදේශයේ දී සැකකරු මත පරීක්ෂා කිරීමේදී බෑගයක සගවා තිබූ එන්පී 22 මිමි වර්ගයේ ගිනි අවිය, එම මැගසීනය සහ ජීව උණ්ඩ 14 ක් සොයාගත් බව පොලිසිය සදහන් කරයි.
අත් අඩංගුවට ගෙන ඇති ගිනි අවිය ආරක්ෂක අමාත්‍යාංශයට අයත් එකක් බවට සැකකර මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් සදහන් වේ.
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
ලැගුම්හලකදී කාන්තාවක මරා ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ බස් නැවතුම්පොලේ දමා යෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු
ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා අද (24) ගෞරව දැක්වූහ.
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරෙන අප්‍රේල් 26 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.
පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා අද (24) දහවල් අත්
රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අපරාධ කල්ලි සමාජිකයෙක් ගිනි අවියක් -උණ්ඩ 14ක් සමඟ අල්ලයි