IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘අපරාධ කළ කොටි සාමාජිකයනුත් එළියට‘ - ගම්මන්පිල

රජය නිදහස් කිරීමට සැරසෙන කොටි සැකකරුවන් අතර දඬුවම් විඳින කොටි සාමාජිකයන් ද ඇතැයි වාර්තා වී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

මේ නිදහස් කිරීමට යන්නේ අවසන් සටනේ දී අත්අඩංගුවට පත් වූ සැකකරුවන් නොව, පොලිසිය හා ත්‍රවිධ හමුදා විසින් අපරාධවලට සැකපිට අත්අඩංගුවට ගත් අය බව ද ගම්මන්පිල මහතා කීවේය.

දෙමළ ජාතික සංධානයේ බලපෑම් මත මෙවැනි සැකකරුවන් 217 දෙනෙකු නිදහස් කිරීමට රජය තීරණය කර ඇති බව ද ගම්මන්පිල මහතා සඳහන් කළේය.

එම් ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා කොටි සැකකරුවන් දේශපාලන සැකකරුවන් ලෙස හඳුන්වන නමුත්, දේශපාලන සැකකරුවන් යනු අපරාධවලට හවුල් වූවන් නොව, යම් දේශපාලන මතයක් දැරීම හේතුවෙන් අත්අඩංගුවට පත්වූවන් වන බවත් ඔහු කීවේය.



අදහස් (0)

‘අපරාධ කළ කොටි සාමාජිකයනුත් එළියට‘ - ගම්මන්පිල

ඩිලාන් Monday, 09 November 2015 12:12 PM

මෙයාලගේ නඩුත් කලින්ම අසා නිමකළා නම් අද මෙසේ ප්‍රශ්නයක් පැනනඟින්නේ නැත. (නි)

:       0       0

බණ්ඩා Monday, 09 November 2015 12:47 PM

කේ.පී. සහ කරුණට කරදරයක් නැතිව ඉන්න පුලුවන්නම් මොවුන්ව නිදහස් කලාම මොකද ? ඔය මිනීමරපු රජයේ දේපල විනාශ කළ ජේවීපී එක යස අගේට දැන් දුෂකයන්ට විරුද්ධව කෑගහන්නේ. (අ)

:       0       0

උපුල් Monday, 09 November 2015 12:50 PM

එතකොට ගම්මන්පිල මහත්තයෝ, අර කරුණා අම්මාන් මහත්තයා අපරාධ නොකළ කෙනෙක්ද? අපිට නම් මේ කතා වලට ලැජ්ජයි. (නි)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Monday, 09 November 2015 12:51 PM

කොටි කොහෙද ගම්මන්පිල මහත්තයෝ ලංකාවේ හිටියේ .ඒ අර ඒ මිස්ටර් ප්‍රභාකරන් කියලා එක්කෙනෙක් හුරතලේට හදපු අහිංසක පුස් පැටව් ටිකක් අල්ලාගෙන අපේ අය හිර කරලා තියෙන්නේ . (අ)

:       0       0

මනෝ Monday, 09 November 2015 01:20 PM

ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ මරණීය දඩුවම් නෑ. ත්‍රස්තවාදීන් යනු පොදු අරමුණක් උදෙසා ත්‍රාසය ඇති කරන අයයි. මොවුන්ද දේශපාලන සිරකරුවන්ය. වෛර සහගත අදහස් පැතිරවීමෙන් හා ජනතාව නොමග යැවීමෙන් වළකිමු. බුද්ධිමත්ව හා පුළුල්ව සිතන්න අපි පුරුදු වෙමු. මේ නිදහස් කරන අයට විවෘතීය පුහුණුවක් දී කිට්ටු අධික්ෂණයක් කිරීමේ ක්‍රම වේදයක් ගැන හිතන්න. (අ)

:       0       0

මනෝජ් Monday, 09 November 2015 01:26 PM

උපුල්, බණ්ඩා, ඩිලාන්ලා වගේ අය අතීතයේත් සිටියා (නි)

:       0       0

ලක්මාල් Monday, 09 November 2015 01:44 PM

උපුල්, බණ්ඩා, ඩිලාන්ලා වගේ අය නිසා තමයි මේ රටට මෙහෙම වෙලා තිබෙන්නේ. (නි)

:       0       0

ඇසළ Monday, 09 November 2015 01:56 PM

උපුල්,බණ්ඩා,ඩිලාන්, මට කියන්න අවශ්‍ය දේ මෙතන සඳහන් කරන්න අපහසු නිසා මම ඒක ලිව්වා කියලා හිත හදාගන්නවා. (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Monday, 09 November 2015 02:02 PM

මෙතුමා කියන කතා ගැන එච්චර හිතන්න එපා (නි)

:       0       0

ඩිල්ශාන් Tuesday, 10 November 2015 09:39 AM

කොටි මරන්නෙත් සාමාන්‍ය වැසියන් නේ. ඉතින් කොටි නිදහස් කරලා ගානක් අතට ලැබෙනවා නම් යහ පාලන ආණ්ඩුව ඒකට සපෝට්. (අ)

:       0       0

බණ්ඩාර Monday, 09 November 2015 04:08 PM

සත්‍යය පෙනෙනකොට සමහරුන්ට නම් හරි අමාරුයි වගේ (නි)

:       0       0

උදිත Monday, 09 November 2015 04:46 PM

අනේ අපි ඕවා දන්නෙ නැහැ මහත්තයෝ (නි)

:       0       0

නිමල් ලාලිත Monday, 09 November 2015 05:21 PM

දේශපාලකයන්ගේ බලපෙරේතකම නිසා අන්තිමේදී වරදින්නේ අපිට! (නි)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Monday, 09 November 2015 07:11 PM

කිංග්ස්ලි හරියටම හරි. අපේ රටේ කොහෙද කොටි ප්‍රශ්න තිබුනේ! සිංහල ජාතියට අමතකවෙන විදිය මේ සමහර අදහස් වලින් පේනවා. (නි)

:       0       0

රෝහන Wednesday, 11 November 2015 11:02 AM

බණ්ඩා , උපුල් යන දෙන්නම හරි. (ස)

:       0       0

ලියනගේ Tuesday, 10 November 2015 03:29 AM

යමක් වෙන්න තිබෙනවා නම් ඒක වළක්වන්න බැහැ මහත්තයෝ (නි)

:       0       0

ලයනල් Tuesday, 10 November 2015 03:32 AM

පවසන පරිදි මෙම සැකකරුවන් නිදහස් කිරීමට රජය තීරණය කර ඇත්තේ මෙතෙක් කලක් ඔවුන්ට විරුද්ධව චෝදනා ඉදිරිපත් කිරීමට කිසිවෙකුත් අසමත්වූ බැවින් නේද? (නි)

:       0       0

නිමලරත්න Tuesday, 10 November 2015 03:51 AM

කොටින් ඔවුන්ගේ අමනකම්, කෘර කම් හෙලිවිම්ට ලෙහෙසියෙන් සාක්ෂි ඉතිරි කලේ නැහැ. කොටින්ට ,ඔවුන්ගේ වැඩවලට ආවඩන ,සියල්ල කර්මයට බාර දෙන උතුමන්ගේ කව්රුවත් කොටි සහිකම වලට අසුවෙලා නැතිව ඇති.. (ම)

:       0       0

උපුල් Tuesday, 10 November 2015 05:21 AM

ලක්මාල් ,මනෝජ් වගේ මන්ද බුද්ධිකයින්ට ඕනේ මේ රට නැවතත් ලේ විලක් කරන්න.මිසක් රටට ඇති ආදරයක් නෙවෙයි. ඇසළගේ අපහසුතාව ගැන කණගාටුයි බලන්න (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 192 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 60 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 1190 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 465 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 1144 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
2024 සැප්තැම්බර් මස 24 224 0

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30084 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23669 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 415 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site