IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘අපරාධ ප්‍රතිනිරූපනය හරි වැරදියි‘

‘කොටකෙතන අම්මා මැරූ බවට සැකපිට පුතා අත්අඩංගුවට ගත්තා. ගමක ළමයෙක් අම්මා මරනවා කියන්නේ ලොකු ප්‍රශ්නයක්. මාධ්‍ය මගින් නැවත ඒවා ප්‍රතිනිරූපනය කිරීමෙන් පවට බර තරුණ සිතක් එය නැවත කරන්නට ඉඩ තිබෙනවා. අම්මා මරණ, තාත්තා මරණ, නංගී දූෂණය කරන මේ චින්තනය වෙනස් කරන්න අවශ්‍යයයි. ඒවා වෙනස් කරන්න නම් දාර්ශනික ප්‍රබෝධයක් ඇති කළ යුතුයි.‘ යැයි පිටිදූවේ සිරිධම්ම හෙවත් සිරි සමන්ත්‍රභද්‍ර හිමියෝ බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසූහ.

තමා විවේචනය කිරීමට ඕනෑම කෙනෙකුට හැකි බවත්, තමාට එරෙහිව එල්ල වන චෝදනාවලට පිළිතුරු දීමට ද සාධාරණ අවස්ථාවක් ලබා දිය යුතු බවත් ඒ හිමියෝ කීහ.

සමාජයේ දාර්ශනික විප්ලවයක් ඇති කිරීමට ගිය ඕෂෝ, සොක්‍රටීස්, ජියඩානෝ බෘනෝ, ගැලීලියෝ ගැලිලි, සිග්මන්ඩ් ප්‍රොයිඩ්, අයිසෙක් නිව්ටන්, ඇල්බට් අයින්ස්ටයින්, ඒබ්‍රහම් ලින්කන්, රයිට් සහෝදරයන් සහ මහත්මා ගාන්ධිට ද එකල සමාජයෙන් විවේචන එල්ල වූ බව සිරිධම්ම හිමියෝ ප්‍රකාශ කළහ.

කොටකෙතන ගම්වාසීන්ට ආශිර්වාද කිරීමට ධර්ම යාත්‍රාවක් සංවිධානය කර ඇති බවත්, ගමේ පාසල් දරුවන්ට හා පිරිවෙන්හි ශිෂ්‍ය හිමිවරුන්ට අවශ්‍ය පොත්පත් ඇතුළු ලිපි ද්‍රව්‍ය බෙදාදීමට බලාපොරොත්තු වන බවත්, එහි ගොස් මියගිය අයට පිං අනුමෝදනා කරන බවත් සිරි සදහම් ආශ්‍රාමවාසී ධම්ම ජාත හිමි කීවේය.

වෙසක් පොහොය නිමිත්තෙන් සදහම් ආශ්‍රමය පිහිටි ගම්මානයේ පිඬුසිඟා වැඩීමේ වැඩසටහනක් ද පැවැත්විණි.

IMG_8467 IMG_8468 IMG_8497 IMG_8498 IMG_8512 IMG_8513 IMG_8522 IMG_8545 IMG_8602 IMG_8621 IMG_8625 IMG_8630 IMG_8665 IMG_8711 IMG_8862



අදහස් (0)

‘අපරාධ ප්‍රතිනිරූපනය හරි වැරදියි‘

මුරලි Monday, 11 May 2015 10:49 AM

ආගම තවත් කෙනෙකුට විසුලුවකට ලක් නොවන විදිහට වෙනවා නම් කොයි තරම් ලස්සනද.(නදී)

:       0       0

මේනක Tuesday, 12 May 2015 04:19 AM

මේවා ගැන අදහස් කියන්න කට ඇරලා නිකම් පව් සිද්ධ කරගන්නේ මොකටද කියලා හිතුවා. (නි)

:       0       0

සකුනි Monday, 11 May 2015 11:37 AM

අනේ ඇයි මේ මල් පාගන්නේ??(හේ)

:       0       0

ජාලිය Tuesday, 12 May 2015 04:30 AM

මේ වගේ දේවල් වල වැරදි දකින්න හොඳ නැහැ තමයි. එහෙත් පිඬුසිඟා යාමක් නොව මට නම් මෙය මල් පෙරහරක් වගෙයි පෙනෙන්නේ. හැමදේම ආනයනිකයි. ඇයි ශ්‍රී ලාංකික කුඩ, පාත්තර එහෙම නැත්තේ? (නි)

:       0       0

යසස්සි හිමි Monday, 11 May 2015 11:52 AM

වැඩපිළිවෙල විශිෂ්ටයි , අගය කරනවා . (අ)

:       0       0

ගාමිණි දූල්වැව Monday, 11 May 2015 11:54 AM

මෙයින් බුද්ධ දේශනාවට හානියක් වන්නේ නැද්ද (අ)

:       0       0

තිලක් Monday, 11 May 2015 11:55 AM

බුදුන්ට පුදන, මල් පාගාගෙන බුදුන්වහන්සේකේ අනුගාමිකයෙක් යන එක හරිද? (අ).

:       0       0

රොෂාන් Tuesday, 12 May 2015 04:32 AM

"අරහත්" කියලා බෝඩ් එකක ලියලා මොකද? (නි)

:       0       0

හරිත් කුමාරසිංහ Monday, 11 May 2015 11:56 AM

කෙදිනකවත් සත්‍යය යටපත් කරන්න බැහැ මඩ ගහලා.. සමන්ත භද්‍ර හිමි දේශනා කරන සත්‍යයට එරෙහි වන්නේ අසත්‍යයෙන් බඩ වියත රැකගන්නා අය පමණයි. (අ)

:       0       0

කරූ Tuesday, 12 May 2015 04:33 AM

මොනවද මේ කරන්නේ? (කේ)

:       0       0

පහන් Monday, 11 May 2015 12:02 PM

අපි කොතරම් බැන්නත් ඔබ වහන්සේ හරි කියලා හිතෙනව මේ කියන දේවල් ඇහුවාම. ඇත්තටම ඔබ වහන්සේ කියන්නේ ඇත්තක් නම් අපි එකතු කරගත්තු පව් කොහොම ගෙවන්නද ? කවුරුත් ඉන්නවා නම් මේකට මැදිහත් වෙලා විවෘතව සාකච්ඡ කරලා අපිට ඇත්ත කියලා දෙන්න. (අ)

:       0       0

ගයේෂා Monday, 11 May 2015 12:05 PM

ඇත්තටම ලස්සනයි . හාමුදුරු ගොල්ලෝ ගේට්ටු කඩන කාලේ මෙවැනි දේවල් දැකීමත් සතුටක් (අ)

:       0       0

මනමේන්ද්‍ර Monday, 11 May 2015 12:05 PM

මේ ස්වාමින්වහන්සේ කියන දේ හරි. ලංකාවේ මිනිස්සුන්ගේ ඔලු අවුරුදු ගණනක් තිස්සේ මොට්ට කරවල තියෙන්නේ.. ඉතින් නිදහස් මනසින් ලෝකය දිහා බලන්න තේරෙන්නේ නැහැ.. (අ)

:       0       0

සුමන මානන්දුව Monday, 11 May 2015 12:15 PM

මල් බුදුන්ට පුජා කරනවා හැර පාවඩයක් ලෙස දැමීම නුසුදුසුය .(හේ)

:       0       0

අරුනිකා Monday, 11 May 2015 12:15 PM

බුදුරජානන් වහන්සේ මහා සංඝයාට පිඩුසිඟා වැඩීම අනුමත කළේ ධර්ම මාර්ගයේ ගමන් කිරීම සඳහා ජීවිතය පවත්වාගැනීමට මිසක් මිනිසුන්ගේ පැහැදීමට හෝ මෙවැනි වෙනත් අරුතක් සඳහා බවක් මා මින් පෙර අසා තිබුනේ නෑ. (හේ)

:       0       0

කමල් Monday, 11 May 2015 12:18 PM

උන්වහන්සේ දේශනා කරන ධර්මය හරි.(හේ)

:       0       0

අකිත Monday, 11 May 2015 12:23 PM

හාමුදුරුවෝ කියන කතාවේ ඇත්තක් තියනවා. අපරාධ වලට අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබා නොදිය යුතුයි.(හේ)

:       0       0

විජේසුරිය Monday, 11 May 2015 12:22 PM

හැම දෙනාටම සමාන අවස්ථාවක් දිය යුතුය . එවිට සත්‍ය මතුවේවි . (හේ)

:       0       0

ශ්‍රිමාල් Monday, 11 May 2015 12:26 PM

ලංකාවේ ඉන්න කෙලින් කතාකරන,ඇත්තම කියන ස්වාමීන් වහන්සේ නමක්.(හේ)

:       0       0

දයා අලහකෝන් Monday, 11 May 2015 12:41 PM

බුඳුන්ට පුදන මල් මෙසේ පයට පෑගීම හරිද? බුදු දහමට මේවා ගැලපෙනවාද (අ)

:       0       0

ප්‍රභාත් Monday, 11 May 2015 12:41 PM

එක ඇත්ත .(අ)

:       0       0

දයාන් Tuesday, 12 May 2015 05:01 AM

මේ හාමුදුරුවො කියන දේ හරි කියන අය පොඩ්ඩක් හිතලා බලන්න. බුදුහාමුදුරුවෝ පිඩුසිඟා වැඩියේ ඇයි කියලා සහ මේ හාමුදුරුවො මල් අතුරාගෙන, නැටුම් කණ්ඩායමක් සමඟ පෙරහැරකින් පිඩුසිඟා වඩින්නේ ඇයි කියලා.මේ සසරින් එතෙර වෙන්න , කුසට ආහාරයක් අවශ්‍ය නිසාවෙන් වෙන්න පුලුවන්ද? මේ හාමුදුරුවො කියන විදිහට ඔබම හිතලා තර්ක කරලා බලන්න. (නි)

:       0       0

අරුනික Monday, 11 May 2015 12:51 PM

සකුණි, මහා සංඝයා වෙනුවෙන් මල් අතුරා ඇති සැදැහැවතුන්ට එය දෙව්ලොවට හිනිමගක් වේවි. සිත පහදාගන්න. (අ)

:       0       0

චමින්ද කුමාර Monday, 11 May 2015 01:04 PM

සත්ව මාංශ විශාල ප්‍රමාණයක් බෙදල දීපු උපන්දින සාදයෙන් පස්සේ මල් පාගන පිඩු සිඟා කෑමක්. මේවගේ දේවල් වලට පස්සෙන් යන මිනිස්සු ගැන පුදුම හිතෙනවා. (අ)

:       0       0

අරවින්ද Monday, 11 May 2015 01:06 PM

හිතට හරිම සැනසීමක් දැනුනා මගේ නම් (නි)

:       0       0

අම්පාරේ යසස්සි හිමි Monday, 11 May 2015 01:12 PM

රහත් වූ ආර්යන් වහන්සේලාට මල් මතින් යන්නත් , ගිනි මතින් යන්නත් පුළුවන්. උන්වහන්සේලාට ඒ දෙකෙහිම වෙනසක් නැහැ.මල් පිදුවත් , ගල් පෙරලුවත් බුදුවරු ඒ දෙකෙහිදීම කම්පානොවී සිටිනවා. ඔබත් එවැනි තත්වයකට පත්වූ දවසට මෙවැනි ප්‍රශ්න හට නොගනී. (නි)

:       0       0

විජේදාස Monday, 11 May 2015 01:13 PM

උතුම් සංඝරත්නයට මල් මතින් වැඩම කිරීමට පුර්ණ අයිතියක් තිබෙනවා යැයි මම පවසමි. (නි)

:       0       0

නිරානි හේරත් Monday, 11 May 2015 01:15 PM

හැමෝම මේ වීඩියෝව ඉස්සෙලා බලන්න ඊට පස්සේ විවෙච්ච්නය කරන්න . (අ)

:       0       0

කිත්සිරි Monday, 11 May 2015 01:18 PM

මේ හැමදේම අපි දකින විදිහේ ප්‍රශ්නයක් තියෙන්නේ . මමත් කලින් උන්වහන්සේට නොසහෙන්න දොස් කිව්වා , එත් කරන දේශනාව ඇහැව්වම මට තේරුනා . අපි ඉන්නේ තාමත් අවු 2500ක් පිටිපස්සේ කියලා . (අ)

:       0       0

අරුණ Monday, 11 May 2015 01:17 PM

මිනිසා යනු මසින් උසසස් යන්නයි . රොන් උරා බොන ක්රුමීන්ටත් නොදී බුදු පුදනට නෙලන මල් මෙසේ‍ෙ පා පැගිලට යෙදීම මොනතරම් . මනෝ විකුර්ති භාවයක්ද ? අඟේ හිරි ගඩු පිපුණා (අ)

:       0       0

සංකල්ප Monday, 11 May 2015 01:19 PM

අපි ස්වාමින් වහන්සේගේ දේශනා අහනේ කොරියාවේ ඉඳලා , අපිට ගොඩාක් සතුටියි ලංකාදීප පුවත් පත ගැන , මේ හිමියන්ගේ ලිපි අන්තර් ජාලයේ පල කරන්න . අපි ගොඩාක් කැමති ඒවා කියවන්න .

:       0       0

ජිනෙත් නිර්මාල් Monday, 11 May 2015 01:21 PM

මිනිස්සු අලුත් විදියට හිතන්න පටන් අරන් . අලුත් දෙයක් කරනවා නම් අපිත් උදව් කරන්න කැමති . (අ)

:       0       0

තරණි Monday, 11 May 2015 01:23 PM

බුදුදහම තේරෙන සිංහලෙන් පැහැදිලි කරලා දෙන්නේ මේ ස්වාමින් වහන්සේ විතරයි (අ)

:       0       0

සේන Monday, 11 May 2015 01:34 PM

බුදු රජානන් වහන්සේ දෙශනා කළෙත් විවෘත මනසින් තීන්දු ගැනීමටයි. එබැවින් මුන් වහන්සේගේ දෙසුම ඉතාම වටිනා බව ම පිලිගනිමි (අ)

:       0       0

තිලකසිරි Monday, 11 May 2015 01:46 PM

අබුද්දස්ස කාලේ.(හේ)

:       0       0

බුද්ධික Monday, 11 May 2015 01:48 PM

හාමුදුරුවෝ මේ විදිහට කරන එක වරදක් නැහැ.(හේ)

:       0       0

ලලිත් -බදුල්ල Saturday, 16 May 2015 03:37 PM

ලංකාවේ කොපමණ භික්ෂූන් සිටියද නියම බුද්ධ දේශනාව අපිට කියා දෙන්නේ ඔබ වහන්සේ (බ)

:       0       0

නෙත්සර - බදුල්ල Saturday, 16 May 2015 03:41 PM

සත්‍ය අවබෝධ කළ උතුමෙක්ට ගල්ද මල්ද කියා වෙනසක් නැත. (බ)

:       0       0

හරිත් Monday, 11 May 2015 01:58 PM

අපේ බෞද්ධයන් වැටිලා තියෙන තැන දැක්කාම දුක හිතෙනවා..(හේ)

:       0       0

මාලනී ජයසේකර -බදුල්ල Saturday, 16 May 2015 03:46 PM

සියල්ලේ දෙපැත්තක් ඇත සැප දුක හොඳ නරක ඒ ලෙසින් දේසනා දේශනය තුලින් සත්‍ය දකින්න.(බ)

:       0       0

අනු විජේසිංහ Monday, 11 May 2015 02:12 PM

උන්වහන්සේගේ හැම වචනයකම මොකද්දෝ ලොකු පණිවිඩයක් තියෙනවා කියලා මට දැනෙන්නේ...ඇත්තටම අද වගේ කාලෙක මෙවැනි වටිනා දේශනා අහන්න ලැබීමත් පිනක්...ඔබ වහන්සේ කියලා තියෙන්නේ හරියටම, ඒ වගේම කියන්න තියෙන දේ කෙලින් කියන සුවමින්වහ්සේ නමක් දැක්කමයි...මෙවැනි සුවමින්වහන්සේ කෙනෙක් වඩින මග මල් නෙමේ අතුරන්න තිබ්බේ දියමන්ති කියලා මට හිතෙන්නේ..(හේ)

:       0       0

මොහොමඩ් Wednesday, 13 May 2015 07:07 AM

මල් පාගලා මේවා නවත්වන්න බැහැ හාමුදුරුවනේ. ෂරියා නීතිය යොදවන්න. දවසෙන් අපරාධ නවතිනවා. (නි)

:       0       0

දුමින්ද Tuesday, 12 May 2015 05:36 AM

පයට පෑගෙන මල් මෙනි අනියත සසර (නි)

:       0       0

ලංකා Monday, 11 May 2015 02:22 PM

මල් මතින් භික්ෂූන් වැඩමවීම ථෙරවාදී රටවල සිදුවන දෙයක්.ලංකාවේ දැනට ඒක සිදුවෙන්නේ නැහැ.තායිලන්තය,බුරුමය වගේ බෞද්ධ රටවල අදත් මේ දේ සිදුවෙනවා.මෙතන අදහස් දක්වා ඇති අයගේ අදහස් වලින් පේනවා ඒ අය මල් කෙරෙහි කොච්චර ඇලීමක් ඇතිකරගෙන තිබෙනවද කියලා.ඔය භෞතික ලෝකයට තිබෙන ඇලීම නැතිකරගන්නට උන්වහන්සේගේ දේශනාව අහන්න. (නි)

:       0       0

කවිඳු Tuesday, 12 May 2015 02:19 PM

ඕගොල්ලන්ට තියෙන්නේ හාමුදුරුවරු මල් උඩින් වඩින එකයි, රහත්ද නැද්ද කියන එකයි කියන ඕවගේ ප්‍රශ්නද? මේ හැම එකකින්ම අපි අපේ බුදු දහමටම නේද නිගා කරගන්නේ? අනික් ආගම් වල අය මෙහෙම කරනවද? (නි)

:       0       0

වරුණ Tuesday, 12 May 2015 05:40 AM

බුද්ධ දේශනාවේ කොහේ හෝ මෙසේ සඳහන් වී ඇද්ද? (නි)

:       0       0

අනිසා Monday, 11 May 2015 02:32 PM

මහින්ද නැවත බලයට එනවට කැමති පිරිසකුත් ලංකාවේ ඉන්නවා.(හේ)

:       0       0

අනුර Monday, 11 May 2015 02:43 PM

මේ ස්වාමින්වහන්සේ කියන දේ හරි. ධර්මයේ හැසිරෙන්න විනය රකින්න සැබෑ බුදු දහම සැමට පහ දා දෙනමෙන් ඔබවන්සේගෙන් ඉතා කාරුණිකව ඉල්ලනවා (හේ)

:       0       0

රජින්ද Monday, 11 May 2015 02:47 PM

සත්‍ය කියන්නේ තමන්ගේ හිතේ තියෙන දේ තවකෙක් පිලිගැනීමනම් ඔබ වහන්සේ හරි.(හේ)

:       0       0

නිමල් ජයසිරි Monday, 11 May 2015 03:04 PM

සල්ලි සල්ලි වලට තමා ඔය ඔක්කොම (නදී)

:       0       0

කමල් පෙරේරා Monday, 11 May 2015 03:10 PM

බුදුන්ටත් මෙහෙම මල් පාවඩ එලලා තියෙනවා, මේක බුදුදහමට පටහැනිනෑ. බුදුදහම හරියට දන්නේවත් නැති අය හාමුදුරුවරු විවේචනය කිරීම ශාසනයේ පරිහානියට හේතුවක්. සමන්තභද්‍ර හිමියන්ව විවේචනය කිරීමට පෙර පැය 100ක්වත් උන්වහන්සේගේ දේශනා ශ්‍රවනය කරන යැයි උන්වහන්සේ ඉල්ලාසිටිනවා. එක දෙයක් මතකතියා ගන්න. රහතන්වහන්සේ කෙනෙකුට අපහාස කිරීමේ පාපයෙන් මිදීමට හැකි එකම මග උන්වහන්සේ හමුවී වැද සමාව ගැනීමෙන් පමණක් බව.(නදී)

:       0       0

රංග Monday, 11 May 2015 03:17 PM

ඔබ වහන්සේ කියන දේ තුලත් ඇත්තක් තියෙනවා.(හේ)

:       0       0

සෝමා Monday, 11 May 2015 03:54 PM

සතුන්ට පැණි බොන්න තිබෙන මල් කඩාගෙන ඇවිල්ලා පාගන්න දානවා. (නි)

:       0       0

සුමුදු හේවා Tuesday, 12 May 2015 06:14 PM

අපේ සාහිත්‍යයේ වගේම බොහෝ පෙරදිග සාහිත්‍ය සම්ප්‍රදායයන්හි අතිශයෝක්තිය අදාළ රසය තීව්‍රර කිරීමට යොදා ගැනෙයි. එවැනි අවස්ථා සැබෑ සේ ගෙන කටයුතු කරන්නා සුපර් මෑන්ගේ අහසින් යාමේ හැකියාව සැබෑවක් සේ ගෙන බිම වැටි තුවාල කරගන්නා බාලයෙකුගෙන් වෙනස් නොවෙයි. බුදුදහමෙහි කියැවෙන්නේ ආශාවන් ප්‍රහීන කිරීමෙහි වැදගත්කමයි. සත්ත්වයා ආකෘති තනන්නේම අවිද්‍යාව නිසා යැයි පවසන බුදුදහම අවබෝධ කරගෙන රහත් වුණු කෙනෙක් තමන්ගේ මුලික විද්‍යා උපාධිය පිම්බීම පිණිස යොදාගනියිද? එවැන්නෙකුට විවිධ විද්‍යාත්මක සොයාගැනීම් සහ දාර්ශනික මතවාද වුව මෙතරම්ම වැදගත් වියහැකිද? (නි)

:       0       0

සමරසිංහ Monday, 11 May 2015 04:14 PM

සත්‍යට පහරදීම අපේ මෝඩ මිනිසුන්ගේ ස්වභාවයයි. මේ අය ගැන හරිම දුකයි. මේ පිරිසිදු බුදුබණ අහන්න ලැබෙන දුර්ලභ කාලයක්.දීර්ඝ කාලයක් අපිට අහන්න ලැබුනේ ජාතක කතා විතරයි.දැන් තමයි ආන්දෝලනාත්මක ධර්මයක් අහන්න ලැබෙන්නේ. දැන් තමයි දස කුසල ශීලය ගැන දැනගන්න තියෙන්නේ.දැන්වත් ඔබේ ඇස්, කන් ඇරගන්න.මේ ධර්ම දේශනා වලට‍ දිගටම සවන් දෙන්න. (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 12 May 2015 08:31 PM

මල් මතින් උතුම් සඟරුවන ගියාට කමක් නැහැ කියමුකෝ. ඒත් ඉතින් මේ 'සමහරු' මල් උඩින් යන්න මොකක්ද අවශ්‍යතාවය?ප්‍රතිරූපයක් ගොඩනැඟීම මිස වෙන මොකක්ද? (නි)

:       0       0

චාමර Tuesday, 12 May 2015 08:38 PM

හරිම ලස්සනයි (නි)

:       0       0

අරුණ Monday, 11 May 2015 04:46 PM

අපේකමට හුරු කුඩය ,චීවරය ,පාත්‍රය... අනේ අහෝ අපේ නිර්මල බුදු දහම! මිනිසුන්ට සම්මා දිට්ඨිය ,නැණ නුවණ පහළ වේවා! (නි)

:       0       0

රකිත් Monday, 11 May 2015 05:00 PM

මිනිස්සු මානසිකව නන්නත්තාර වෙලා කියලා සමහර වෙලාවට මට හිතෙනවා (නි)

:       0       0

රවී Monday, 11 May 2015 05:32 PM

අයියෝ! මල් පාගනවා. දකිද්දීත් පපුව පිච්චෙනවා (නි)

:       0       0

අරුණ Sunday, 17 May 2015 08:51 PM

මේ මොනවද මේ කතා? (නි)

:       0       0

කරුණාදාස Monday, 11 May 2015 10:20 PM

ක්‍රියාවෙන් අරහත් බව මිනිසුන්ට පෙන්වීමයි වැදගත් වෙන්නේ (නි)

:       0       0

ඉන්දික Wednesday, 13 May 2015 12:17 PM

මේ ස්වාමින් වහන්සේලගේ සහ දේශපාලනය,පිකටින්, රැස්වීම්, වර්ජන කරන අයගේ මුහුණු වල වෙනස බලන්න. මම නම් හිතන්නේ එයම ඇති (නි)

:       0       0

ජයනි Tuesday, 12 May 2015 03:54 AM

රහතන් වන්සේලා තමන් වහන්සේගේ රහත් බව ප්‍රසිද්ධියේ කියනවාද ? දන්නා කෙනෙක් මට පැහැදිලි කරදෙනු මැනවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 492 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 234 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3213 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1140 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 595 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1977 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37770 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24905 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 226 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 734 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site