IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අපරාධ මඩින්න අලුත් ක්‍රමයක්

‘අපරාධ දත්ත තොරතුරු විශ්ලේෂණ මධ්‍යම කාර්යංශය‘ නමින් නව ඒකකයක් අද (4) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ කැරිණි.

නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක හා පොලිස්පති එන්.කේ.ඉලංකෝන් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ මෙම නව ඒකකය මගින් දිවයිනේ වාර්තා වන අපරාධ තොරතුරු දෛනිකව පොලිස් ස්ථාන මට්ටමින් විද්‍යුත් තැපැල් ජාලය ඔස්සේ ලබාගෙන එක්රැස් කිරීමේ හා දත්ත විශ්ලේෂණය කර හඳුනාගත් අපරාධ ක්‍රමවේදයන් වර්ධනය වීම් සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් දැනුම්වත් කර අපරාධ මර්දනයට සහාය වීම සිදුකැරේ.

මෙම නව ඒකකය කොළඹ 7, ටොරින්ටන් පෙදෙස පිහිටි අපරාධ වාර්තා කොට්ඨාසයේ ආරම්භ කර ඇත. ඒ අතර ජාතික පොලිස් අභ්‍යාස ආයතනය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමද අද සිදුවිය.

police_201644 police_201644-2 police_201644-3 police_2016444



අදහස් (0)

අපරාධ මඩින්න අලුත් ක්‍රමයක්

තේජාන්විත Wednesday, 06 April 2016 03:09 AM

මුලින්ම නිදාගෙන ඉන්න අය අවදි කළොත් නරකද? (නි)

:       0       0

අතිජාත Tuesday, 05 April 2016 06:33 AM

සැලසුම නම් හොදයි.හැබැයි මේ පොලිසියේ පවතින යාන්ත්‍රණය තුළ කොතරම් දුරකට සාර්ථක වේවිද ?අනෙක බලන්නකෝ අපේ තීන්දු තීරණ ගන්න ඉන්න අය බහුතරයක් බෝ නොවන රෝග ලක්ෂණ පෙන්න අපුරුව (ම)

:       0       0

රොහාන් දයාදර පැරිස් Tuesday, 05 April 2016 06:39 AM

නිදිකිරා වැටෙන ඒ පොලිස් නිලදාරියා රාජකාරිය දේවකාරියටත් ඉහලින් සලකා රෑ දවල් නොතකා කටයතු කරන අවංක නිලධාරියෙක් විඩාපත්වී ඇතිබව හොදින් පෙනේ (ම)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ Tuesday, 05 April 2016 06:46 AM

පටන් ගන්න නියමිත වෙලාවට පටන් ගත්තනම් කාටවත් අපහසු තාවයක් නෑ...එත් රාජකාරී කටයුතු නිමවා මෙවන් තැන්වලට ආවත් නිසි සැලසුමක් නැතුව සූදානම් කිරීම නිසාත් ...නිසි වෙලාවට පටන් නොගත් නිසාත් ඕනෑම රසවත් දේශනයක් උනත් නීරසවෙනවා...ආරම්භක උළෙල මෙහෙම නම් ඉදිරිය ගැන කවර කතාද?(හේ)

:       0       0

සුරංග Tuesday, 05 April 2016 07:05 AM

බලමුකෝ මොකද වෙන්නේ කියලා.(හේ)

:       0       0

ඉම්රාන් Tuesday, 05 April 2016 07:08 AM

වැඩේනම් හොදයි.(හේ)

:       0       0

චන්දික Tuesday, 05 April 2016 07:36 AM

හොද වැඩක්.. (ම)

:       0       0

ඩයස් Tuesday, 05 April 2016 08:10 AM

දියුණු ක්‍රමවේදයන් වලට යොමු වීම වැදගත්. (ර)

:       0       0

හේමන්ත Tuesday, 05 April 2016 08:15 AM

නව ක්‍රම වලට යොමු වීම හොද දෙයක්. (ර)

:       0       0

ගනේෂ් Tuesday, 05 April 2016 08:16 AM

වෙනදා පුරුද්දට අදත් නිදි නේද?(හේ)

:       0       0

නවරත්න Tuesday, 05 April 2016 08:29 AM

අවිල්ලා ඉන්න අය නිදිමතෙන් වගේ ඉන්නේ.(හේ)

:       0       0

නන්ද Tuesday, 05 April 2016 08:31 AM

මේ මහත්තුරුන්ට කීවා නම් හොඳයි මේ සම්මන්ත්‍රණයට එනකොට, පැදුරකුයි කොට්ටෙකුයි අරන් එන්න කියලා. එහෙම වුනා නම් පුටුඋඩ මේ වගේ දුකසේ නිදාගන්න සිද්ද වෙන්නේ නැහැ.(හේ)

:       0       0

නිහාල් Tuesday, 05 April 2016 08:51 AM

චන්දිගේ අදහස හොදයි.(හේ)

:       0       0

දනීෂා Tuesday, 05 April 2016 09:07 AM

වැඩේ හරි ගියොත් හරි.(හේ)

:       0       0

ෆෙරෝස් Tuesday, 05 April 2016 09:33 AM

ඔය නිදාගෙන ඉන්න කට්ටිය නැගිටලා හිටියනම් අපරාධ අඩුකරගන්න පුළුවන්. (ර)

:       0       0

සුනීත Tuesday, 05 April 2016 03:33 AM

කරන්න යන වැඩේ හොදයි.(හේ)

:       0       0

රොහාන් Wednesday, 06 April 2016 09:21 PM

අවදියෙන් ඉන්න අයගෙන්ද, නිදියාගෙන ඉන්න අයගෙන්ද මහජනයාට සේවයක් වුණේ කියමු බලන්න (නි)

:       0       0

ජයතු Tuesday, 05 April 2016 08:03 PM

ජනතාවගේ බදු මුදලින් රැකෙන පොලිසිය සහ ඔවුන්ගේ දරු පවුල් අසරණ ජනතාව ඉතාමත් දරුණු අන්දමින් තලාපෙලා දමන හැටි අප දැක අැත. ධර්මය නොදැන මොවුන් කරන අසාධාරණකම් වලට සමාවක් නැත. (නි)

:       0       0

ජයනාත් Tuesday, 05 April 2016 03:50 AM

මේ දියුණු ක්‍රමවේදයන් ප්‍රමාදවී හෝ වැටහුණු එක අගයමි...! ඉතාමත් කාලෝචිත ව්‍යාපෘතියක්..! .ඒවගේම මේවා විමසීමට නියමකෙරෙන පොලිසියේ පහල ස්ථරවල පහසුකම්,නිසි වැටුපක් ,නීතිය,මහාමාර්ග නීතිය පිලිබඳ දැනුම යාවත් කාලීනවීම් ද සිදු විය යුතුය .මන්ද සාමාන්‍ය රජයේ සේවයට වඩා විශේෂ අසීරු සේවාවක් මහජනයා සමග සමීපව වගේම ගැටෙමින් පොලිසියේ පහල ශ්‍රේනීන් විසින් ඉටු කරන නිසාය (බ)

:       0       0

ඉන්දු Tuesday, 05 April 2016 11:15 AM

නිදා නොනිදා ඉන්න මහත්වරුන්ගෙන් මම අහනවා ප්‍රශ්නයක්.. හැකි නම් වැඩසටහනේ සාරාංශය කියන්න බලන්න.. (ර)

:       0       0

දිලිප් Tuesday, 05 April 2016 05:02 AM

රැස්ව සිටින අයගේ ඉරියව් දෙස බැලුවහම අපරාධ මර්ධනය කෙසේ වෙතත් නිලධාරීන්ගේ හරි අවධානය ලැබුනොත් ලොකු දෙයක් (ම)

:       0       0

ජයම්පති Tuesday, 05 April 2016 05:03 AM

සම්මන්ත්‍රණය රසවත් බව පේනවා මොකද හැමෝම හොඳට නිදි.(ම)

:       0       0

සේන Tuesday, 05 April 2016 05:12 AM

ඉන්න කට්ටිය වැඩි හරියක් නිදිනේ ඉතින් ඔහොම පුළුවන්ද අපරාධ මඩින්න. (බ)

:       0       0

චන්දි Tuesday, 05 April 2016 05:19 AM

මොලේ තියෙන උගත් හොද පවුල් පසුබිමකින් එන අය විතරක් මේ ඒකකයට අලුතින් ගන්න. සියලු අයගේ හා පවුලේ වත්කම් සැම වර්ෂයකම දෙපාර්තුමේන්තුවට .විගණනයට බාරදෙන්න ඕනේ කියල නීතියක් හදන්න. (බ)

:       0       0

සමන් Tuesday, 05 April 2016 05:34 AM

අපේ අයට පාර්ලිමේන්තු සැසිවාරේක එහෙම නැත්නම් රැස්වීමක පැය බාගයක් නිදා ගන්නේ නැතුව ඉන්න බෑ. (ම)

:       0       0

නවින් Tuesday, 05 April 2016 05:35 AM

පවතින දැඩි රශ්නය හරිම පීඩාකාරී බව පේනවා. ශාලාව වායු සමනය කලත් එයින් මහා විශාල වෙනසක් ලැබෙන්නේ නැහැ.. විඩාව එසේමයි . ඇත්තටම පොලිස් නිලධාරීන්ට දහදියට ඔරොත්තු දෙන කපු රෙදි වලින් නිම කල නිල ඇඳුම් ලබා දිය යුතුමයි. (ම)

:       0       0

සුගත් Tuesday, 05 April 2016 05:48 AM

දෙවැනි පින්තුරෙන් හොදට පේනවා කට්ටිය ආරම්භය හොදට කරලා තියෙන බව (ම)

:       0       0

කමල් පෙරේරා Tuesday, 05 April 2016 05:57 AM

නිලධාරීන්ගේ කිසිම උද්යෝගී බවක් පේන්නේ නෑ. තවත් එක ප්‍රදර්ශනයක් වගේ (ම)

:       0       0

තෙහාන් Tuesday, 05 April 2016 06:07 AM

මෙයාල අපරාද මඩින්න නෙමෙයි. අපරාද වෙද්දි නිදියන්න හොදයි.(හේ)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 05 April 2016 06:25 AM

බොහෝ පීඩාකාරී කටයුත්තක් විය හැකියි.මොකද සමහර නිලධාරියෝ නිදි. අඩු ගානේ මහජනතාව මේ පින්තුර බලන නිසාවත් අවදියෙන් සිටියානම් නේද හොද...(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 137 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 96 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 102 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 503 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 1008 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 1075 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38089 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site