IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අප්‍රේල් විරු සමරුව තංගල්ලේ

ජනතා විමුක්ති පෙරමුණේ 44 වැනි අප්‍රේල් විරු සමරුව අද (5) තංගල්ල නගර සභාවේ පැවත්විණි. ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් මිය ගිය විරුවන්ට ඉටි පහන් දල්වා උපහාර දැක්වීමෙන් පසු එහි ලේකම් ටිල්වින් සිල්වා, නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස උත්සව සභාව ඇමතූහ.

හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතාද එයට එක්වී සිටි අතර මුළු ශාලාවම රක්ත වර්ණ ගැන්වී තිබූ අතර ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතා ජනවාරි 8 වැනිදා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළ බවත් ලක්ෂ 62 ක් එයට දායක වූ බවත් කීවේය.

‘මහින්ද රාජපක්ෂගේ පවුල් පාලනය එදා අපි අවසන් කළා. එහෙම කළේ ඔහු සමග ඇති තරහකට නොවේ. අලුතින් ජනාධිපති වූ මෛත්‍රිපාල සිරිසේන මහතා සමග ඇති මිත්‍රකමකටද නොවෙයි. අපට ඕනෑ වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමයි. එසේ කිරීමට එදා ඉදිරිපත්වූ ඇතැමුන් අද විධායක ජනාධිපති ක්‍රමය රකින්න යනවා. නමුත් ඡන්දය දුන් ජනතාවගේ අපේක්ෂාව වුයේ එය නැති කිරීමයි. විධායක ජනාධිපති ක්‍රමය ඕනෑ යැයි ඊට විරුද්ධවූ ඇතැමුන් දැන් කෑ මොර ගහනවා. ඇමැතිකමුත් කරනවා.‘

IMG_9526 IMG_9530 IMG_9566 IMG_9597 IMG_9623 unnamed-(1)



අදහස් (0)

අප්‍රේල් විරු සමරුව තංගල්ලේ

හර්ෂ Sunday, 05 April 2015 07:00 PM

අපෙනුත් මෙන්න ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

ඩික්සන් Sunday, 05 April 2015 07:14 PM

අද ජේවීපී එකේ සමහර අය මේ විරුවන්ටත් ලැජ්ජාවක් කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

රනිල් වික්‍රම Monday, 06 April 2015 08:39 AM

අනේ ධම්ම, ඔහෙට මේ සංසාරේ පුරා අධ්‍යයනය කළත් මේ ප්‍රතිපත්තියක් නැති හොරු රැළගේ මතවාදේ තේරුම් ගන්න බෑ, මෙයාල කරන්නේ වැල යන අතට මැස්ස ගහල, මැස්ස ගැහුවේ වෙන කවුද වගේ ඉන්නවා! (බ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Wednesday, 08 April 2015 06:20 AM

මාර්ක්ස්වාදය තුලින් පාලනය වෙන රටක් දැන් ලෝකයේ තියනවද? කරුණාකර මෙම තීරය තුලින් මා දැනුවත් කරන්න. (ස)

:       0       0

ඔටාරා - ඩුබායි Monday, 06 April 2015 08:41 AM

අපි දන්නවා ඔය කොයි රතුරත්නගේ හැටිත්! ප්‍රතිපත්තියක් තිබුන නම් මෙහෙම කොන්දක් නැති වැඩ කරයිද?(බ)

:       0       0

ෂර්ලි Sunday, 05 April 2015 08:07 PM

අපේ උත්තමාචාරය! (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 05 April 2015 11:57 PM

විරු සමරුව නම් ඒක සමරන්නකෝ. මෙතැන දේශපාලන කතා කරන එක හරි නැහැ නේද ? (නි)

:       0       0

රෂිකා Monday, 06 April 2015 09:24 AM

මේ අය දැනගන්න වෙනම අධ්‍යනයක් අවශ්‍ය නැහැ.අසුචි ගැන දන්නවානේ.මෙයාල ලේ දකින්න හරි කැමති අසත්පුරුෂ නඩයක්.මේ අයට සිහිකරන්න වෙන්නේ මේ අය කරපු ඝාතන ,මංකොල්ල කෑම්,දේපල විනාශ කිරීම්,සහ කැලේ නීතිය තමයි. එජාපයට තියෙන්නෙත් මේ ටිකම තමයි දැන් එකට වැඩ කරන්නේ ජාඩියට මූඩිය වගේනේ (බ)

:       0       0

රේණුකා Monday, 06 April 2015 09:31 AM

අනේ අපි නොදන්නා මේ ගොල්ලන්ගේ වැඩ.88-89 වකවානු ගැන හිතන්න.පොඩ්ඩක්.දැන් ඉතින් මේ දෙගොල්ලොම අඹ යහළුවොනේ.ඉතින් කවර කතාද? (බ)

:       0       0

රෂිකා Monday, 06 April 2015 03:18 AM

එදා රෝහණ විජේවීර ඉල්ලුවේ වෙනදෙයක්.දැන් ඉන්න අය ළඟ ඒ ප්‍රතිපත්ති නැහැ. විජේවීර අද හිටියා නම් මොනවා වෙයිද? (නි)

:       0       0

දුමින්ද Monday, 06 April 2015 03:45 AM

නොව පරාජයක් -පමණි පසු බැසීමක්. (ස)

:       0       0

ධනංජය Monday, 06 April 2015 04:23 AM

එදා ජේවීපී මිනිස්සු මැරුම් කෑවේ කවදාහරි දවසක මේ වගේ තත්ත්වයක් උදාවේවි කියලා නොදැනනේ ඉතින්! (නි)

:       0       0

තිලක් -ඩුබායි Monday, 06 April 2015 04:25 AM

රටේ ඉන්න කට්ටියට තේරුම් ගන්න පුළුවන් භාෂාවෙන් කතාකරන්න පුළුවන් දක්ෂ ජවිපෙ නායකයෙක් අපිට ඉන්නවා.ඒ ගැන මම සතුටු වෙනවා.ජවිපෙ නොතිබෙන්න රටම විකුණගෙන කාලා ඉවරයි. (නි)

:       0       0

සුමුදු හේවා Monday, 06 April 2015 12:03 PM

හරියට හරි රපිකා. මේගොල්ලෝ ජාඩියට මූඩිය වගේ තමයි. (ර)

:       0       0

සමිපත් Tuesday, 07 April 2015 07:24 AM

මේ නිසා මියගිය තරුණයන්ගේ දෙමාපියන්ට පවුල්වල උදවියට කවදාවත් මෙයාල කලගුණ සැලකුවේ නැහැ. අවුරුද්දකට දවසක් පහනක් තියල බටහිර ක්‍රමේට පටියක් දානවා. දෙන්නකෝ දානයක් පුලුවන්නම්. දෙපිටකාට්ටු දේශපාලනේට රටේ මිනිස්සු අන්දන්න බැහැ දැන්. (ස)

:       0       0

නිහාල් Sunday, 05 April 2015 02:20 PM

රුවන් දිවි පිදුවේ අපි වෙනුවෙනි. ඔබේ පැතුම් අපි ඉටුකරමු (නදී)

:       0       0

සුමුදු හේවා Monday, 06 April 2015 06:53 AM

ඉස්සර ජවිපෙ වෙනුවෙන් පූජා කෙරුණු තරුණ ජිවිත අපරාදේ. ජවිපෙ දැන් රටට ද්‍රෝහී දේශපාලනයක යෙදෙමින් එජාපය සමග දීග කනවා මදිවාට බොරුවට විරු සමරු තියලා ඒ අව්‍යාජ තරුණයන්ට නින්දා කරනවා. (බ)

:       0       0

සමිපත් Tuesday, 07 April 2015 08:02 AM

මෙයාල දැන් එක්සත් ජාතික පක්ෂේ ශාඛා සමිතියක් වගේ රට අාපස්සට හැරෙව්වේ මෙයාල. ප්‍රභාකරන්ටත් ආයුධ ගන්න පුරුදු කලේ 71 කැරැල්ලෙන්. කිසිම ආගමක් දහමක් නැහැ මෙයාලට. අඩුම තරමේ මැරුන යට පින් දීල හීල් දානයක් දීල තියෙනවද? (ස)

:       0       0

රාජසිංහ Monday, 06 April 2015 07:16 AM

රසිකා, දන්නවනම් කියන්නකෝ අපිටත් විජේවීර ඉල්ලපු දේ මොකක්ද කියලා.(ම)

:       0       0

පිවිතුරු යහපාල Monday, 06 April 2015 07:21 AM

පාවාදී දිවි රැකගත්තෝ විරුවන් සමරති..අනේ ඔය විරුවන්ට වලවල් වලින් නැගිටලා එන්න පුලුවන් නම් බොටු මිරිකනවා අද මේ පක්ෂයට කරලා තියෙන විනාසයට..(දිල්)

:       0       0

පිවිතුරු යහපාල Monday, 06 April 2015 07:22 AM

පාවාදී දිවි රැකගත්තෝ විරුවන් සමරති..අනේ ඔය විරුවන්ට වලවල් වලින් නැගිටලා එන්න පුලුවන්නම් ..... කරලා තියෙන විනාශය දැකලා .....(ම)

:       0       0

දිමුතු Monday, 06 April 2015 02:34 PM

අපේ උත්තමාචාරය! (නි)

:       0       0

යසිරු Sunday, 05 April 2015 05:06 PM

මට යන්න පුලුවන්කමක් තිබුණා නම් මමත් යනවා (නි)

:       0       0

ධම්ම Monday, 06 April 2015 07:59 AM

කලින් කලට පත්වූ ආණ්ඩු ජනතාව මත බලෙන් පැටවූ අදහස් මත ජේවීපිය තක්සේරු කරන එක අසාධාරණයි. ජේවීපිය ගැන හරියට දැන ගන්න නම් ජේවීපී මතවාදය අධ්‍යයනය කල යුතුමයි. මට තාම ඒක කරන්න බැරි උනා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 166 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 177 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 143 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 117 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 365 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


බේකිරි නිෂ්පාදන මිල වෙනසක් කරන්න බෑ
2024 සැප්තැම්බර් මස 29 353 2

බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site