IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


අප්‍රේල් 15 රජයේ නිවාඩු

අප්‍රේල් 15 වැනි දා රජයේ සහ බැංකු නිවාඩු දිනයක් බවට රජයෙන් ප්‍රකාශයට පත් කර ඇත.මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යෙදී ඇත්තේ අප්‍රේල් 13 ඉරිදා හා 14 සඳුදා යෙදී ඇත.

 



අදහස් (0)

අප්‍රේල් 15 රජයේ නිවාඩු

සජී Wednesday, 02 April 2014 04:07 PM

අනේ මදුෂානි නංගි මගේ හිතට එන අදහස් මෙතන ලිව්වොත් මේ අදහස ඇතුළත් කරන්නෑ. (ස)

:       0       0

සුමින්ද Wednesday, 02 April 2014 04:12 PM

නිවාඩුව අපට නම් හොඳයි. නමුත් ආරක්ෂක අංශයට සහ පොලිසියේ අයට කවදා නම් නිවාඩු ද? (ස)

:       0       0

දම් Thursday, 03 April 2014 12:34 AM

නිවාඩු දෙනවා නම් තව කොහෙන් හරි කපලා දෙන්න.(නදී)

:       0       0

බෙනට් Wednesday, 02 April 2014 04:45 PM

මදුෂානි සෙව්වන්දි- මතුගම, ඔයාට එපා වුණත් අපිට නම් අපේ ගෙවල් වල තීන්ත ටිකක් ගාලා එළි පෙහෙළි කර ගන්න ඕනා. නෑදෑයෙකුගේ ගෙදරක යන්න ඕනා. කැවුම් කිරි බත් කන්න ඕනා.. ඔයා ඕස්ට්‍රේලියාවේ නිසා ඒවා මතක නැතුව ඇති. ෆේස්බුක් මතකද? හි හි... (ස)

:       0       0

යසංග Wednesday, 02 April 2014 04:57 PM

අනේ අපිට නිවාඩු නැද්ද? වෙළඳ නිවාඩු නැද්ද ? ඒ කියන්නේ අපිට අවුරුදු නැහැ. මදුෂානි එහෙ ඔච්චර හොඳ නම් මොකද මෙහෙට ආවේ. එහෙට වෙලා ඉන්න එපායැ වැඩ කරගෙන හැමදාම. (ස)

:       0       0

සරත් Wednesday, 02 April 2014 05:36 PM

මදුෂානි ඉල්ලගෙන කනවා හොඳට (නි)

:       0       0

රත්න Wednesday, 02 April 2014 05:38 PM

ඇද්ද මදුෂානි අහගත්තා? (නි)

:       0       0

චමින්ද Wednesday, 02 April 2014 06:12 PM

ලෝකයේ නිවාඩු අඩුම රට තමයි අපේ රට.ඒක තමයි මේ තරම් දියුණු. (නි)

:       0       0

අයිරාංගනී Wednesday, 02 April 2014 12:54 PM

ඒක නම් හොඳයි නේද? (නි)

:       0       0

කුමාර Wednesday, 02 April 2014 01:00 PM

හරිම සතුටුදායක ආරංචියක් (නි)

:       0       0

සජී Thursday, 03 April 2014 08:42 AM

අනේ පවු මදුෂානි නංගි (නි)

:       0       0

යෝගා Wednesday, 02 April 2014 01:19 PM

මෙන්න මගෙන් මනාපයක්. (ස)

:       0       0

මදුෂානි සෙව්වන්දි මතුගම Wednesday, 02 April 2014 01:20 PM

අපිට නිවාඩු එපා. අපට නිවාඩු එපාමයි. අපිට වැඩ කරන්න ඕනෑ, මේ රට තව දියුණු කරන්න. මම "සිඩ්නි" වල වැඩකරනකොට අපට වසරටම නිවාඩු දවස් 2, 3 කට වඩා තිබුනේ නැහැ. ඒකට මේ රටේ හැමදාම නිවාඩු. (නි)

:       0       0

උපාලි Wednesday, 02 April 2014 01:21 PM

අපේ රට තමයි ලෝකයෙන්ම නිවාඩු වැඩිපුරම තිබෙන රට. තවත් නිවාඩු වැඩි වෙනවානේ මෙහෙම ගියොත් (නි)

:       0       0

සමන් Wednesday, 02 April 2014 01:22 PM

එහෙත් බැංකු සහ ෆිනෑන්ස් ආයතන වල වැඩකරන අපිට අවුරුද්දකට සැරයක්වත් ගෙදර ඉන්න නැති හැටි? ජනාධිපතිතුමනි, ඔබතුමාවත් ඉදිරිපත් වෙලා 14 වෙනිදාට බැංකු ටික නිවාඩු දෙන්න පුළුවන් නම් කොච්චර හොඳද? පින් සිද්ධ වෙනවා (නි)

:       0       0

අල්විස් Wednesday, 02 April 2014 07:37 PM

ශාන්ත මහත්මයා ඔස්ට්‍රේලියාවට දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා තදට ඉර පායනවාද? මොකද ඔබතුමා සමර් වැකේෂන් කියල ලියල තිබුන නිසයි මම එහෙම ඇහැවුවේ. මම හිතන්නේ මදුශානිට නම් ඒ කාලය වින්ට(ර්) විය යුතුයි. (දී)

:       0       0

නුවන් Thursday, 03 April 2014 09:05 AM

පෞද්ගලික ආයතන වලට නැති එකයි ප්‍රශ්නය (නි)

:       0       0

ජයේ Wednesday, 02 April 2014 01:34 PM

අපි ඉරිදා, පෝයදා, සිකුරාදා, බැංකුදා සියල්ලම දින සති අන්ත කරමු. හැමදාම ගෙදර ඉන්න පුළුවන් වෙයි. (නි)

:       0       0

රුෂාන් Thursday, 03 April 2014 09:06 AM

15 දා නිවාඩුව හොඳයි. ලංකාව සිංහල බොදු රටක්. බොහෝ දෙනා අවුරුදු සමරනවා. ඉතින් 13/14 අවුරුදු සමරලා 15 නිදහසේ ගෙදර ඉන්න ලැබීම සතුටක්. මදුෂානි ගේ කතාව ටිකක් වැරදියි. ඕස්ට්‍රේලියා වලට නිවාඩු 9/10 විතර තියෙනවා වසරකට. ඒකත් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට ටිකක් වෙනස් වෙන්න පුළුවනි. මුළු ඕස්ට්‍රේලියාවටම පොදු නිවාඩු දවස් කීපයක් තිබෙනවා. මාත් අවුරුදු 31 ක් ලංකාවේ ජීවත් වුණ කෙනෙක්. ඇත්තම කතාව ලංකාවේ නිවාඩු වැඩියි. එහෙත් ලංකාවේ අය ගන්න වැටුප, රැකියාවට යන එන ගමන් අපහසුව, කරන සේවයට නොසරිලන වැටුප්, වැටුප් විෂමතා, සේවය නිසි ලෙස නොඇඟයීම වගේ දේවල් නිසා ලංකාවේ අය වැඩිපුර නිවාඩු ගන්න කැමති ඇති. සමහර අය නොදන්නා දේවල් දන්නා විදිහට ලියලා තිබෙනවා. ලිවුවා වැඩි නම් සමාවෙන්න. (නි)

:       0       0

මදුෂානි සෙව්වන්දි මතුගම Thursday, 03 April 2014 09:11 AM

වැඩ කරන්න කම්මැලි අලසයෝ ටික මට චෝදනා කරලා තියෙන බව පේනවා හොඳට. ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා තියෙන එහෙ වැඩ කරලා තියෙන උදවිය දන්නවා කොච්චර අඩු නිවාඩු ප්‍රමාණයක්ද තියන්නේ කියලා. වසරටම නිල නිවාඩුවකට දෙන්නේ "රැජිනගේ උපන්දිනයට " දෙන නිවාඩුව. මට වසරකට ලක්ෂ 5 ලැබුණා "කොමන්වෙල්ත් බෑන්ක්" එකේ ජොබ් එක දාල ආවේ මගේ අම්මගේ අසනීප තත්වය නිසා. ඔය අදහස් දාන කාට හරි "පර්මනන්ට් රෙසිදන්ස්යි " වීසා තිබේ නම් මට පුළුවන් සිඩ්නි වල ජොබ් හොයා ගන්න උදව් කරන්න. (ස)

:       0       0

සුරංග Wednesday, 02 April 2014 01:35 PM

නිවාඩු එපා කියන අය හිතාගෙන ඉන්නේ ජීවත් වෙන්නේ වැඩ කරන්න කියලා. නැහැ. වැඩ කරන්නේ ජීවත් වෙන්න. සිංහල අපිට ගෙවල් වල මිනිස්සු, නෑදෑයෝ, යාලුවෝ කට්ටියත් එක්ක ඉන්න,සන්තෝෂ වෙන්න ලැබෙන්නේ මේ කාලෙට. නිවාඩු නැතුව වැඩ කරන්න ඕනෑ නම් ඕස්ට්‍රේලියාවට යන්න.අපේ සිංහල දෙමළ මිනිසුන්ට තිබෙන මේ දවස් ටික නැති කරන්න හදන්න එපා.අපේ දියුණුව මනසේ තිබෙන නිදහසයි. (නි)

:       0       0

මනෝජ්-සාජා Wednesday, 02 April 2014 07:54 PM

අපිට කොයින්ද අවුරුදු නිවාඩු? ලංකාවේ හැමෝටම සතුටින් ප්‍රීතියෙන් අවුරුදු නිවාඩුව ගත කරන්න ලැබේවා! සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !! (නි)

:       0       0

අභය Wednesday, 02 April 2014 01:40 PM

මදුෂානි, මේ ඕස්ට්‍රේලියාව නෙමෙයි.සිඩ්නි වල ගෙවන පඩියෙන් කීයෙන් පංගුවද මෙහෙ ගෙවන්නේ? ඒ නිසා තමයි නිවාඩු වැඩි. (නි)

:       0       0

සමන් Thursday, 03 April 2014 09:43 AM

මේ නිව්ස් එක දැක්කම මට නම් ඇති වුනේ හරිම කණගාටුවක්. ලෝකේ වැඩියෙන්ම නිවාඩු තියෙන්නේ අපේ රටේ. දැන් කාලය ඇවිත් තියෙන්නේ අඩුම ගානේ ඊළඟ පරපුරටවත් කම්මැලිකම දායාද නොකර ආකල්පමය වෙනසකට යන්න. ශ්‍රී ලංකාවට ජය වේවා .......!!!!!! (ස)

:       0       0

රේමන්ඩ් Thursday, 03 April 2014 09:56 AM

ලංකාවේ වෙළඳ නිවාඩු සහ රජයේ නිවාඩු සමාන විය යුතුයි. (ස)

:       0       0

සජී Thursday, 03 April 2014 10:26 AM

මදුෂානි නංගි ඔයා ඔස්ට්‍රේලියා රැකියාව එපා කියලා මෙහෙ අවේ අම්මා බලා ගන්න නේද ? එහෙනම් ඔය දවස් දෙක තුනේ වත් ගෙදර ඉදල අම්මා හොදට බලාගන්න. ඔයා දවස් 365 රැකියාවට ගිහාම කොහොමද අම්මා බලාගන්නේ. මිනිස්සු ජීවත් වෙන්නේ සල්ලි හොයන්නම නෙමෙයි නේද ?(නදී)

:       0       0

ප්‍රියන්ත Wednesday, 02 April 2014 02:09 PM

රජයේ අපිට හරියට බැලුවහොත් එක නිවාඩුවක් වත් නෑ.ගන්න අය ගන්නවා. එහෙම නිවාඩු ගන්න බැරි අය ඕන තරම් ඉන්නවා. ගුරුවරු නම් නිවාඩු කාල වලටවත් නිවාඩු තියෙනවා. මෙහෙමවත් නිවාඩුවක් නැත්නම් අපිට නිවාඩු නැහැ. ජනාධිපති තුමනි, මේ පරණ රෙගුලාසි වෙනස් කරන්න. අවුරුද්දකට දෙතුන් පාරක්වත් අනිවාර්ය නිවාඩු 10ක් වත් රජයේ සේවකයන්ට දෙන්න. ඒක හැමෝටම ගන්න පුලුවන් වෙන්න. නැත්නම් නිකන් ඉන්න අය නිවාඩු 40ම ගන්නවා බැරි අය එක නිවාඩුවක් ගන්න ගියත් බැනුම් අහනවා. (ස)

:       0       0

ඉන්දික Wednesday, 02 April 2014 02:11 PM

ෂාහ්! මදුෂානි සිඩ්නි වලත් වැඩ කරලා තියෙනවා.(නදී)

:       0       0

අමිල - බලන්ගොඩ Wednesday, 02 April 2014 02:26 PM

නිවාඩු දුන්න එක නම් වටිනවා. ඒ උනාට වැඩ කරන දවසටවත් රජයේ සේවකයෝ හරියට වැඩ කරන්නේ නෑනේ. උදේ එන්නේ 9 ට විතර. උදේට කලා වැඩ පටන් ගන්නේ 9.45 ට විතර. දවල්ට ෂොපින් යනවා. තව කියන්න තියනවා. වෙලාව නෑ. කාර්මික විද්‍යාලයෙන් ඉගනගත්තට පස්සේ මම පුහුණු උනේ විදුලි බල මණ්ඩලේ. මේ මගේ අත්දැකීමක්.(නදී)

:       0       0

ශාන්ත Wednesday, 02 April 2014 02:47 PM

ඕස්ට්‍රේලියාවේ දෙසැම්බර් අන්තිම ඉදල ෆෙබරවාරි අන්තිම වෙනකම් සමර් වැකේෂන් එක. ඔයාට නැද්ද මදුෂානි.(නදී)

:       0       0

පිටිගල Wednesday, 02 April 2014 10:10 PM

සිඩ්නි කියන්නේ අර මාළු ලෑල්ලක් දා ගෙන ඉන්න එක්කෙනාද මධු ෂානි?(දී)

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Wednesday, 02 April 2014 03:01 PM

මදුෂානි, ඔයා ඕස්ට්‍රේලියා ගිහින් තියෙනවද ? (ස)

:       0       0

ඔසියා Thursday, 03 April 2014 01:15 PM

මෙතන සමහරු ඕස්ට්‍රේලියාවේ ඇති නිවාඩු පිළිබඳව විවිධ අදහස් පළ කර තිබුනා.ඉතින් මගේ අදහසත් දැක්වුවා නම් හොඳයි කියලා හිතුනා.ඕස්ට්‍රේලියාවේ සේවය ස්ථිර සේවකයෙකුට අවුරුද්දකට දින 20 ක නිවාඩු හිමියි. වෛද්‍ය නිවාඩු අවුරුද්දකට දින 8 යි. ඊට අමතරව රජය අනුමත රජයේ නිවාඩු අවුරුද්දකට දින 9යි.ඒ දින මොනවද කියලා විස්තර කරන්න ගියොත් අදහස දික් වෙනවා. සියල්ල එකතු වුනහම දින 37 යි. මේ නිවාඩු සෙනසුරාදා,ඉරිදා හැරුනහමයි.ඕස්ට්‍රේලියාවේ රැකියාව ස්ථිර නැති අයට මේ කිසිම නිවාඩුවකට හිමිකම් ලැබෙන්නේ නැහැ.වැඩ කළොත් පමණයි වැටුප් ලැබෙන්නේ.අනෙක් කාරණාව බැංකු වල වැඩ කරන සියල්ලෝම ස්ථිර සේවකයන් නොවේ.යුරෝපයට 2009 අවුරුද්දේ වුණ දේ වගේ දෙයක් තමයි දැන් ඕස්ට්‍රේලියාවටත් සිදු වේගෙන එන්නේ.අපේ රැකියාවත් කොයි වෙලේ නැති වේවිද කියලා අපිවත් දන්නේ නැහැ.මේක තමයි ඇත්ත කතාව. (නි)

:       0       0

යසංග Friday, 04 April 2014 05:18 PM

මේ අහන්න මදුෂානි, අපිට වැඩ කරන්න බැරිකම නෙමෙයි, අපි ආසයි ලැබෙන නිවාඩුවෙන් ගෙදර අය එක්ක ටිකක් නිදහසේ ඉන්න. අනික මේක නිකම් දවසක් නෙමෙයිනේ. අපේ අවුරුද්ද. ඔන්න හැමදාම නිවාඩු ඉල්ලනවා නම් අපි වැරදියි (නි)

:       0       0

චානක පිටිගල Wednesday, 02 April 2014 03:36 PM

මදුෂානි, සිඩ්නි නගරය ලොකුද පොඩිද? (ස)

:       0       0

රිල්වාන් Wednesday, 02 April 2014 03:38 PM

වෙළඳ නිවාඩු. අපිට බුදු සරණයි මේ පාර. (ස)

:       0       0

පිටිගල Thursday, 03 April 2014 02:10 PM

විහිලු කෙරුවට අපේ රටේ දවස් 365න් භාගයක්ම නිවාඩු. එහෙම නිවාඩු පිට වැඩි පඩි ඉල්ලලා හර්තාල් කරනවා සමහරු. (ස)

:       0       0

ශාන්ත Wednesday, 02 April 2014 04:01 PM

පොඩි වැරදීමක්. පෙබරවාරි අන්තිම නෙමේ. පෙබරවාරි මුල වෙනකම්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 726 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4666 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2795 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 257 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1372 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1478 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28036 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23571 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 404 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site