(චින්තක ක්‍රීෂාන්ත බාලසූරිය)
පවතින අධික වර්ෂාවත් සමඟ නොච්චියාගම කටුරොදගම ගම්මානය ජල ගැලීමෙන් හතර වටින්න ජලයෙන් කොටුවී ගම්මානයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය හා පාලමද ජලයෙන් යට වී ඇතැයි ගම්වාසීහු පවසති.
මේ හේතුවෙන් ගම්මානයේ ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි ගම්වාසූහ පවසති.
ජලයෙන් කොටුවූ ගම්මානය තුළ පිරිමි පමණක් රැඳී සිටින අතර කාන්තාවන් මේ වන විට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් මුදවා ගෙන රාජාංගනය යාය 18 මාලිගාතැන්න රජමහා විහාරයේ තාවකාලිකව රඳවා ඇතැයි, නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කර සිටියේය.
ජල ගැලීමෙන් ආපදාවට පත්වූ කටුරොදගම ගම්වාසීන් මෙවර මහ කන්නයේ වගා කළ ගොඩ බෝග හා ඔවුන් වගා කර ඇති ස්ථිර භෝග සහිත ගොවිතැන් වන අලින්ගෙන් ආරක්ෂා කරගැණිම වෙනුවෙන් පිරිමි සිදුව ඇති බවත්, ජලයෙන් මොන තරමට පීඩාවට පත් වූවත් වගාවන් ආරක්ෂා කර ගැනීමෙ උත්සාහයක නිරත වන බවත් ඒ වෙනුවෙන් ගමින් පිටව නොයන බවත් ගම්වාසින් අප කළ විමසීමකදී පැවසූහ.
මහනුවර දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා බුද්ධි අංශ නිලධාරීන්ද දහසක් යොදවා ඇති බව පොලිසිය පවසයි.
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අ‘පුරේ ගමක් යටවේ
පිටරැටියා Wednesday, 27 November 2024 05:48 PM
ගන්වතුර උවදුර ඉක්මනින් දුරුවේවා..! ජනතාව සියලු කරදර වලින් මිදේවා...! සියලු දෙවිපිහිට, ආරක්ෂාව නිරතුරුවම ලැබේවා...!