IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘අ‘පුර නාගරික කොමසාරිස් එෆ්සීඅයිඩියට ගියේ නෑ‘

ටෙන්ඩර කැඳවීමක් හෝ ඇස්තමේන්තු නොමැතිව අනුරාධපුර නාගරික ගණකාධිකාරී විසින් කවරක්කුලම විශාඛා කාන්තා ග්‍රාම සංවර්ධන සමිතියට රුපියල් 5,49,320 ක් දීම ඇතුළු අක්‍රමිකතා කිහිපයක් කළැයි ලැබුණු පෙත්සමක් අනුව අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් සම්පත් රෝහණ ධර්මදාස මහතාගේ කාර්යාලයට පැමිණ පසුගියදා ප්‍රකාශයක් ලබාගත්තේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නාගරික කොමසාරිස්වරයා කොළඹ එෆ්සීඅයිඩියට කැඳවා ප්‍රශ්න කළ බව පසුගිය 23 වැනිදා ලංකාදීප වෙබ් අඩවියේ ‘අපුර නාගරික කොමසාරිස්ගෙන් එෆ්සීඅයිඩිය ප්‍රශ්න කරයි‘ යනුවෙන් පළවූ ප්‍රවෘත්තිය සාවද්‍ය බව ඔහු පවසයි.

අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය තම කාර්යාලයට පැමිණ එම සිද්ධි සම්බන්ධයෙන් තමන් පැවැත්වූ විමර්ශන හා අභ්‍යන්තර විගණන ගැන තොරතුරු ලබාගත්තා මිස තමා කොළඹ කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නොකැඳවූ බව අනුරාධපුර නාගරික කොමසාරිස් කියයි.

ටෙන්ඩර කැඳවීමක් හෝ ඇස්තමේන්තු නොමැතිව අනුරාධපුර කවරක්කුලම විශාඛා කාන්තා ග්‍රාම සංවර්ධන සමිතියට රුපියල් 5,49,320ක් දීම ඇතුළු අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංඔය පරීක්ෂණයක් පවත්වයි.

නාගරික කොමසාරිස්වරයා සම්බන්ධයෙන් නගර සභාවේ ශ්‍රීලනිප රාජ්‍ය සේවා වෘත්තීය සේවක සංගමයේ සභාපති ඩී.කේ.ජේ.ගුණසේකර මහතා පොලිසියට කළ පැමිණිල්ලක් අනුව මේ පරීක්ෂණය ඇරැඹිණි.

මෙම පෙත්සම සම්බන්ධයෙන් අනුරාධපුර නාගරික කොමසාරිස් සම්පත් රෝහණ ධර්මදාස මහතා විමර්ශනයක් ද කර ඇත.

නගර සභාව සතු වාහන සඳහා නියමිත ක්‍රියා පටිපාටියට ටෙන්ඩර් නොකැඳවා රුපියල් 34,00000 ක වටිනාකමින් යුත් ටයර් තොගයක් ගෙන්වීම ද, 2014/2015 වර්ෂවලදී ගංවතුරෙන් පීඩාවට පත් නගර සභා සේවකයන් සඳහා ලබාදීමට රුපියල් 3,80000 ක වටිනාකමින් යුත් ආහාර තොගයක් නීත්‍යනුකූල නොවන අන්දමට වරකාපොළ ස්ටෝර්ස් ආයතනයෙන් ලබාගෙන එම ආහාර මලු සේවකයන්ට ලබානොදීම සම්බන්ධයෙන්ද පැමිණිලි ලැබී ඇතැයි කියති.

ගණකාධිකාරී සම්බන්ධයෙන් ජනපතිටද මූල්‍ය අපරාධ විමර්ශන අංශයට ද උතුරු මැද පළාත් පාලන කොමසාරිස්ට ද පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.

 

 



අදහස් (0)

‘අ‘පුර නාගරික කොමසාරිස් එෆ්සීඅයිඩියට ගියේ නෑ‘

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 506 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 499 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 151 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1485 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1123 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 440 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 748 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site