IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


අ’පුර බන්ධනාගාරයට කුණුමාළු කිලෝ 31 ක් යවලා

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර බන්ධනාගාරයේ රැදවියන් සදහා අද (8) දින දිවා ආහාරය සදහා රැගෙන ආ කුණු වූ මුහුදු මාළු කිලෝ 31 ක් වළ දැමීමට බන්ධනාගාරයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු විසින් පියවර ගෙන තිබිණි.

බන්ධනාගාරයට මුහුදු මාළු සැපයුම් කරන අනුරාධපුර ව්‍යාපාරිකයකු විසින් මෙම මුහුදු මාළු තොගය අද බන්ධානාගරයේ සැපයුම් අංශයට බාරදී තිබේ. එම මාළු කිලෝ 31 තොගයට බල සහ අලගොඩුවෝ යන මාළු වර්ග ඇතුළත් වේ.

එම මාළු තොගය පරික්ෂා කිරිමේදී ඒවා කුණු වී යල්පැන ගිය මාළු තොගයක් බවට අනාවරණය විමෙන් පසුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු විසින් ඒවා බන්ධනාගාර භූමියේ වළ දමා තිබේ.

මෙම කුණු මාළු තොගය ආපසු තමන්ට ලබාදෙන ලෙස මෙම ව්‍යාපාරිකයා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගෙන් ඉල්ලා සිටියද එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඒවා මෙසේ වළදමා තිබේ.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් මෙම ව්‍යාපාරිකයාට දැඩිව අවවාද කර මුදාහැර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරි රෝහණ අජිත් මහතාගෙන් කළ විමසුමේ දී ඒ මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සොයා බලන බවයි.



අදහස් (1)

අ’පුර බන්ධනාගාරයට කුණුමාළු කිලෝ 31 ක් යවලා

විජිත් Monday, 08 February 2021 06:15 PM

අපරාදේ කුණු මාළු වැලලුවේ. ඔය කුණු මාළු දියවන්නාවේ හොල්මන් මන්දිරයේ ඉන්න, මිනිස් ලේ බොන නරින්ට කන්න දෙන්න තිබුණනේ. ඔවුන් හරි ආසයි "ජරාව" කන්න. ඒ නිසාමයි මිනිස්සුන්ට බොරු කියලා ඡන්දෙ අරගෙන ඔතනට ඇවිල්ලා ඉන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘නැණ ඉසුර අරමුදලට’ විතාරන්දෙණියේ කස්සප නාහිමි කෝටියක්
2024 නොවැම්බර් මස 07 36 0

අපවත්වී වදාල ආචාර්ය ගල්බොඩ ඥණීස්සර නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය භික්ෂුවක් වන මහා බි්‍රතාන්‍යයේ සංඝ සභාවේ සභාපති, මිඩ්ලනඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස


පාදුක්කේ වත්තක කාන්තා මළ සිරුරක්
2024 නොවැම්බර් මස 07 387 0

පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි වත්තක ඉහල කොටසේ කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් අද (07) දින දහවල් හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි


’’වඩාත් කැමතිම දූපත’’ හිමි රන් සම්මානය ශ්‍රී ලංකාවට
2024 නොවැම්බර් මස 07 728 0

එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති


ඡන්ද නීති කඩකළ අපේක්ෂක 9කට වැඩ වරදී
2024 නොවැම්බර් මස 07 403 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි


ලග්ගල පතලකට යට වී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 07 278 0

මාතලේ, ලග්ගල පල්ලේගම පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී මැණික් පතලක පස්කණ්ඩියකට යට වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ලග්ගල පොලීසිය කියයි.


ලොහාන් යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 07 1481 0

කොටස් එකළස් කළ සුඛෝප භෝගී වාහනයක් සන්තකයේ තබා ගැනිම සහ එය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 54 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 442 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1384 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site