පෙට්‍රල් බෝතල් අතැතිව කටවුටයක් මත නැගීමෙන් මහජනයා තුළ භීතියක් ඇති කිරීමට තැත් කළැයි මහරගම නගරයේ සවිකර ඇති දේශපාලකයකුගේ විශාල කටවුට් පුවරුවක් මත නැගී පුද්ගලයකු එයින් බැසීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අනුරාධපුර ප්‍රදේශයේ පුද්ගලයකු වන මොහු බෞද්ධාගම ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර ඇතැයි ද ඔහුගේ අතේ පෙට්‍රල් බෝතලයක්ද උදර ප්‍රදේශයේ බැඳ ගත් තවත් පෙට්‍රල් බෝතලයක්ද අතැතිව සිටි බවත් මහරගම ප්‍රඥානන්ද පිරිවෙනේ හිමිවරු දෙනමක් එම ස්ථානයට පැමිණීමෙන් පසු ඔහු බිමට බැස්සේය.
අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්
මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත
රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අ‘පුර මිනිහෙක් මහරගම කටවුටයකට නගී
කුමාර් (ගල්ෆ්) Tuesday, 13 October 2015 10:53 AM
බුදු දහමේ දැන් මොනවාද ආරක්ෂා කරන්න ඉතුරුවෙලා තියෙන්නේ. (ම)
රූපසිංහ Tuesday, 13 October 2015 06:02 PM
කුමාර්(ගල්ෆ්), ඔබගේ දැනීමේ ඇති අඩුපාඩු ගැන මට ඇතිවන්නේ කණගාටුවක්. මොකද ඔබ බුදුදහම ගැන හරිහැටි තේරුම් කරගෙන තිබුනා නම් ඔහොම කවදාවත් කතාකරන්නේ නැත. බුදුජාණන් දෙසූ දහම අකාලිකයි. එම දහමට විරුද්ධව තර්ක කිරීමට එදා සිටි බමුණන්ට බැරිවුණා සේ අදත් කිසිදු දාර්ශනිකයෙකුට නොහැකිවී ඇත. අප මහා බුදුපියාණන් විසින් දෙසු දහම දහමක් වගේම දර්ශනයක්ද වේ. බුදු දහමේ ඇති දාර්ශනිකත්වය භෞතික දර්ශනය තුළින් තහවුරුවී තිබීමෙන්ද එය පැහැදිලියි. ඉතින් ඔබගේ විශ්වාශයට අනුව නම් එය විනාශවුණේ කොහොමද කියන එක කාහටත් ප්‍රශ්නයකි. (නි)
කරුණාරත්න Tuesday, 13 October 2015 08:08 PM
තමන්ගේ රට ගැන හැඟීමක් ඇති මිනිස්සු තාමත් ඉන්නවා (නි)
අතුල Tuesday, 13 October 2015 12:48 PM
සංකල්ප මහත්මයෝ, මේ මනුස්සයා තමන්ට හැකි අයුරින් හරි, තමන්ගේ ආගම බේරගන්න හදනවා. ඔබතුමාත් තවම නිදි වගෙයි. (නි)
එම.ඉ.ස Wednesday, 14 October 2015 07:37 AM
අපී මිනිස්සු මොනවා හරි දෙයක් කරනකොට කට ඇරගෙන බලාගෙන ඉන්න නිසා තමයි. ගණන්ගන්නේ නැතුව හිටියොත් උන්ටම එපා වෙලා බහිනවා. (ර)
ඉසුරන්දි Tuesday, 13 October 2015 08:07 AM
ආගම දහම ආරක්ෂා කරගන්න ඕනේ අපිම තමයි. අණබෙර ගගහා මම බෞද්ධයෙක් කියකියා කෑකෝ ගහනවට වැඩිය. (ස)
අතුල Wednesday, 14 October 2015 01:46 AM
ඔන්න බුදුදහම අරක්ෂා කරන්න ඉදිරිපත්වෙන මිනිසුන්ගේ හැටි. මේ වනවිට බුදුන්ටත් බුදුන්ගේ ධර්මයටත් ඇති තරමින් නින්දාකර හමාරයි. බුදුන් දේශනාකළ ධර්මයේ නොමැතිදේම කියයි. මිනිසුන් මේවා ඇහුවාද? අසනවාද? අද පවතින සමාජ පැතීකඩෙන් එය මොනවට පැහැදිලි වේ. බුදුන්ගේ ධර්මය එයාකාරයෙන්ම සරල බසින් මිනිසුන්ට අසන්න ලැබෙන්නේ කවදාද? (නි)
සරත් Tuesday, 13 October 2015 01:51 PM
ඔය පන්සල් පිළිම කඩල බිඳලා හදන වෙල් යායවල් වලට අපි හුරේ තියමු විහාර කඩලා ගහන පල්ලි වලට අපි සලා දමමු එකට එරෙහි වෙන හාමුදුරුවන්ව හිරේ යවමු ! (බ)
දුමින්ද Tuesday, 13 October 2015 08:42 AM
ධනාත්මක පුවත් දැන් ඇත්තෙම නැද්ද.? (ර)
සංකල්ප Tuesday, 13 October 2015 08:50 AM
මොහු බෞද්ධයෙක් විය නොහැක.මෙම ක්‍රියාව බෞද්ධ දර්ශනයට පටහැනිය.මොහුට අවශ්‍ය වන්නට ඇත්තේ ප්‍රසිද්ධිය පමණක් විය හැක. (ස)
රෙජි-සිඩ්නි Wednesday, 14 October 2015 03:22 AM
අපේ සමාජයේ කරන්න දෙයක් නැතිවුණාමත් සමහර අය ඔවැනි දේවල් කරනවා. (නි)
ප්‍රසාද් Tuesday, 13 October 2015 09:20 AM
මට ඇතිවෙන්නේ ලොකු කලකිරීමක්. (ර)
චන්දික Wednesday, 14 October 2015 03:41 AM
මේවා මෝඩ වැඩ.(ම)
දේවා Tuesday, 13 October 2015 10:15 AM
මෙරටේ අඩුම ජනකොටස තමා බෞද්ධයෝ. රටේ සිදුවන අපරාධවලින් එය පැහැදිලිය. (බ)
ධර්ම ජයවික්‍රම Tuesday, 13 October 2015 10:23 AM
නගරය මැද විශාල කටවුටයේ විරාජමාන දේශපාලක තුමාට අවමානයක් නොවේනම් ඔය ප්‍රදර්ශනකාමි මිනිසා නිදහස් කර යවමු. (ම)
නුමා Tuesday, 13 October 2015 04:33 PM
ඔය පෙට්‍රල් ටික හලලා කටවුට් එකට ගිණිතියල බැස්සනම් තමා වටින්නේ. අඩුමගානේ මහරගම නගරයේ අලංකාරය හරි ආරක්ෂා කරගන්න තිබුණ. (අ)