IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


අපුර මහ අනතුරක්

ජල බවුසරයක් අනුරාධපුර  නගරයේ තැපැල් කාර්යාලය ඉදිරිපිට බස් නැවතුමේ හැපීමෙන් අද (16 ) සවස එහි සිටි දහම්පාසල් සිසුවියක (17) හා කාන්තාවක (49) මිය ගොස්  තවත් පස් දෙනකු රෝහල් ගත කැර ඇතැයි පොලීසිය කියයි.

කෞෂල්‍යා ප්‍රභාංජලී බණ්ඩාර(17)  හා කේ ජී ප්‍රේමකාන්ති(46)  මෙසේ මිය ගොස් ඇත.

තුවාල ලැබු සිසුවියන් වන  කේ එම් දිනුෂා සෙව්වන්දි (17),දිලිනි මධුෂිකා හේරත්(18),ඩීඑම් තනුජා නිල්මිණි දිසානායක (17),ඩී එම් ගංගානි සකුන්තලා(17),යු ඩී සංජුලා පියුමිකා (17) යෂින්තා ප්‍රබෝධනී (17),සමිජා නිල්මිණි දිසානායක (17) අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබති.

බස් නැවතුම ද ගැලවී ඇති අතර බවුසරය තැපැල් කාර්යාලයයේ තාප්පයද කඩාගෙන ගොස් නතර වී ඇත.අනතුරත් සමඟ ගිලන් රථ,දොඹකර සමඟ සහන සේවකයෝ එහි ආහ.

දහම් පාසල් තරගයක් අවසානයේ නිවෙස් බලා යන්නට ආ දහම්පාසල් සිසුන් පිරිසක්  එහි සිටි බවත් දැනගන්නට ඇත.

 

 

 

 DSCF4064

DSCF4066 DSCF4067 DSCF4068 DSCF4069

ඡායාරූප රෝහණ චන්ද්‍රදාස

accdent-4 accident-2 accident-3

ඡායාරූප - මංජුල සේනානායක



අදහස් (0)

අපුර මහ අනතුරක්

කොස්වත්ත Sunday, 16 November 2014 04:31 PM

පවු අසරණ දරුවෝ! රියැදුරා බීමත්ව සිටියාවද්ද? මොනවා කරන්නද? රටේ තිබෙන වල්වැදුනු නීති නිසයි මේ සියල්ලම (නි)

:       0       0

ටෙක්ලා Sunday, 16 November 2014 04:38 PM

මෙවන් පුවත් ඇසීමත් අපිට ලොකු කම්පනයක් (නි)

:       0       0

දිලාන් Sunday, 16 November 2014 08:34 PM

අපේ රටේ රියදුරු බලපත්‍රය ගැන කතාකරලා වැඩක් නැහැ. ඒකෙ ප්‍රමිතිය ලෝක ප්‍රසිද්ධවෙලා. ඕස්ට්‍රේලියාවේ ඉන්න මගේ මිතුරෙක් කිව්වා ලංකාවේ රියදුරු බලපත්‍රය සහිත ලාංකිකයන් සහ දකුණු ආසියාතික රටවල් වල සංක්‍රමණිකයන්ට සාමාන්‍ය පරීක්ෂණයට අමතරව වෙනම විගණන පරීක්ෂණයක් පවත්වනවාලු, එහෙ රියදුරු බලපත්‍රය දෙන්න. හේතුව අවිධිමත් ලෙස රියදුරු බලපත්‍ර නිකුත්කිරීම සහ මහාමාර්ග වැරදි වලට අසු වූ රියදුරන්ට නිසි ක්‍රමවේදයකට ඊට දඬුවම් නොලැබෙන බව ආරංචිවීමලු. (නි)

:       0       0

සිල්වා Sunday, 16 November 2014 09:05 PM

කුමන වාහනයක් වුවත් පැදවීම නොව,එය පාලනය කිරීමයි වැඩියෙන් ඉගැන්විය යුත්තේ. තම වාහනයේ බරට සාපේක්ෂව වේගය,වැසි සහිත බව ඉදිරිය මෙන්ම මඟ දෙපස ගැන අවධානය ඉතා අත්‍යාවශ්‍යයි. යම්තාක් දුරට හෝ අධ්‍යාපනයක් නොමැති නම් ඔවුන්ට මේවා තේරුම්ගත නොහැකියි.බලපත්‍ර නිකුත් කිරීමේදී ඒ ගැනත් සළකා බලන්න වේවි. නැත්නම් අවසාන පිළිතුර වන්නේ කවුරුත් අවාසනාවන්ත දෙයකි (නි)

:       0       0

සත්‍යපාල Sunday, 16 November 2014 09:31 PM

ලංකාවේ ලොරි, බවුසර්,ටිපර් තියෙන්නේ මුදල සහ බලය තිබෙන අයට. රියදුරා බලයක් නැති කෙනෙකු වුණත් මුදලාලිගේ සම්බන්ධකම් වල හයිය හිතට අරගෙන රඟපානවා. අවසානයේ මොනම අනතුරක් වුණත් වාහනය බේරාගැනීම සඳහා මුදලාලි ජිල්මාර්ට් දාලා සියල්ල යටගහනවා. රියදුරොත් වේගයෙන් යනවා.අවසානයේ හැමදාම අහිංසකයින් වාහනවලට යටවෙලා වේදනාසහගතව මියයනවා (නි)

:       0       0

චනිල් Sunday, 16 November 2014 11:21 PM

අපේ රටේ බර වාහන රියදුරු බලපත්‍ර වල ප්‍රමිතියයි, මිනිසුන් යටකරගෙන යන සමහර රියදුරන්ට තිබෙන බලවත් අනුග්‍රහයයි ගැන කතාකරලා වැඩක් නැහැ. (නි)

:       0       0

ගිහාන් Sunday, 16 November 2014 11:33 PM

මේවා ගැන කතා මොකටද? ඔය සමහර පුතුන් රියදුරු බලපත්‍ර නැතුව වාහන පදවලා,කහ ඉර උඩින් ගිය මිනිස්සු යටකරලා ඇඟ බේරාගත්තේ. (නි)

:       0       0

වීරසිංහ Sunday, 16 November 2014 11:37 PM

‍මේක නම් සමාව දෙන්න පුලුවන් වරදක් නෙමෙයි. මහා විනාශයක් (නි)

:       0       0

සේපාලි Monday, 17 November 2014 07:18 AM

මෙවන් අනතුරක් යලි සිදු නොවේවා.(හේ)

:       0       0

ජෙහාන් Sunday, 16 November 2014 11:39 PM

දැන් දැන් ලංකාවේ බර වාහන අනතුරු වෙන හැටියට මට හිතෙන්නේ මේවා පදවන්නේ බලපත්‍රලාභීන් නොවේවද්දෝ කියලයි. (නි)

:       0       0

සත්‍යයා Sunday, 16 November 2014 11:52 PM

රථ පදවන්න බලපත්‍ර දෙන්න ඕනෑ "සම්මා සති" ඇති යහපත් මිනිසුන්ට. අල්ලසට, පගාවට හා දුෂණයට ගැති නිලධාරීන් සතුන් වැනි මිනිසුන්ට බලපත්‍ර දී කරගන්නා විනාශය වළක්වන්නට නොහැකිවීම ඇත්තෙන්ම අවාසනාවක්. (නි)

:       0       0

මැණික් Monday, 17 November 2014 12:15 AM

අර දාහත් හැවිරිදි තරුණ දුවගේ දෙමාපියන්ට මොනවා හිතෙන්න ඇද්ද? දරුවා යන්තම් ඇති දැඩි කරගත්තා විතරයි නේද? (නි)

:       0       0

මෙලනි Monday, 17 November 2014 12:21 AM

ඒ දරුවන්ගේ දෙමාපියන්ට ඇතිවුණ වේදනාව මට හිතාගන්න පුළුවන්. (නි)

:       0       0

නිලංග Monday, 17 November 2014 12:28 AM

මම සිටින රටේ ඉන්න ලාංකික අයට මෙහෙ අමතර රියදුරු විගණන පරීක්ෂණයකට සහභාගි වෙන්න සිදුවෙලා තිබෙනවා. (නි)

:       0       0

අසේල Monday, 17 November 2014 12:28 AM

ලංකාවේ රියදුරන් ගැන නම් දැන් කතාකරන්නත් ලැජ්ජයි (නි)

:       0       0

නිහාල් Monday, 17 November 2014 12:53 AM

මම නම් මෙහෙම රියදුරන් එන වෙලාවට ඒ පැත්ත පළාතෙන්වත් යන්නේ නැහැ. (නි)

:       0       0

චානක. Monday, 17 November 2014 12:57 AM

අද ලෝකයේම රියදුරන්ගේ හෙණහුරා වී තිබෙන්නේ 'සෙල්ෆෝන්' මාරයායි. (නි)

:       0       0

තරංග Monday, 17 November 2014 07:48 AM

පව්! (නි)

:       0       0

ටානියා Monday, 17 November 2014 12:58 AM

මේ රියදුරාට උපරිම දඬුවම් දෙන්න (නි)

:       0       0

සරසි Monday, 17 November 2014 01:12 AM

මුලික වැරදිකාරයන් නිසි ප්‍රමිතියක් ක්‍රමවේදයක් නැතුව රියදුරු බලපත්‍ර නිකුත් කරන උදවියයි. (නි)

:       0       0

අෂ්රෆ් Monday, 17 November 2014 01:16 AM

හරිම කණගාටුයි (නි)

:       0       0

සමන්ති Monday, 17 November 2014 01:17 AM

නිහාල්, මෙහෙම රියදුරන් එන බව දැනගන්නේ කොහොමද? වාහන එනකොට නම් දැනගන්න පුලුවන් (නි)

:       0       0

කැළුම් Monday, 17 November 2014 03:00 AM

ඩිලාන්, මම ඔබ අගය කරමි. අපේ රටේ රියදුරු බලපත්‍රය ගැන කතාකරලා වැඩක් නැහැ. (නි)

:       0       0

සමන්ජය Monday, 17 November 2014 03:19 AM

දැන් වෙන රිය අනතුරු නම් මහා අපරාධයක්. පව් අසරණ ජිවිත! අපේ රියදුරන්ට එක්කෝ කිසිම විනයක්, ඉවසීමක් නැහැ. නැත්නම් කිසිම විවේකයක් නැතුව වැඩකිරීම නිසා අධික වෙහෙස. කරුණාකර රජය මැදිහත් වී හදිසි කටයුත්තක් සේ සළකා සියලුම රියදුරන්ට නිසි විනයක්, පුහුණුවක්, දැනුවත් කිරීමක් නැවත ලබාදෙන්න. බොහෝ රටවල රියදුරු බලපත් ලබාදෙන විට මාර්ගයේ රථ ධාවනය පිළිබඳව මනා අවබෝධයක්, දැනුමක් ලබාදෙනවා. (නි)

:       0       0

සමන්ජය Monday, 17 November 2014 03:27 AM

සරසි, ඔබ හරියටම හරි. දියුණු විදේශ රටක රියදුරු බලපතක් ලබාගැනීම කොතරම් අපහසුද? (නි)

:       0       0

නිසංසලා Monday, 17 November 2014 03:28 AM

ඇත්තටම කියන්න වචන නැහැ මේ වගේ දේවල් ගැන (නි)

:       0       0

නිශාර්ඩ් Monday, 17 November 2014 03:43 AM

බොහොම ඛේදජනක සිදුවීමක්. අනතුරු සිදු වුනගමන් ලයිසන් දුන්නේ කවුද, කොහෙන්ද, වැනි ප්‍රශ්න වැලක් මතුකරනවා. රියදුරු අසුනේ වාඩිවෙන අයගේ විනයක් සහ හික්මීමක් නැතිකම සහ මහා මාර්ගය ධාවනයට නුසුදුසු වාහන භාවිතය මේ සේරටම මුල. මේ හේතු අපරාදේ වටිනා ජිවිත නැතිවෙනවා එහෙම නැතිනම් රෝගීන් වෙනවා. ඒවගේම රිය අනතුරුවලට අදාලව ලංකාවේ රක්ෂණ සමාගම් හඳුන්වා දී තිබෙන ප්‍රතිපත්ති වල තිබෙන සමහර අඩුපාඩු දැඩිව නිරීක්ෂණය කළ යුතුයි. මියගිය දැරියට සහ කාන්තාවට නිවන් සුව පතමි. (බ)

:       0       0

අනුර Monday, 17 November 2014 03:43 AM

යාන්ත්‍රික දෝෂයක් වෙන්න පුළුවන් ලංකාවේ තත්ත්ව සහතික දෙන්නේ පගාවට දෙන උන්ගේ ළමෛනුත් යට වෙන බව හිතන්නේ නැහැ. මුදල් පසු පස යන බොහොමයක් සිංහලයන්ට ජාති ආගම් නැහැ (බ)

:       0       0

දිනුෂ Monday, 17 November 2014 03:49 AM

යන ගමන ගැන කල්පනාවෙන් නොයන නිසා අසරණ මිනිසුන්ගේ ජීවිත බිලි ගන්නවා. කුමන ගමන ගියත් තම පාරේ යන පුද්ගලයන් ගැන සැලකිලිමත් විය යුතුය. එය රියදුරකුගේ වගකීමයි (බ)

:       0       0

ලහිරු Monday, 17 November 2014 04:05 AM

බීමතින් රිය පැදවීමේ ප්‍රතිවිපාක තමයි ඕවා. පව් අහින්සක ජීවිත. මොකද්ද මෙයාටදෙන්න ඕන දඩුවම ? (බ)

:       0       0

දයාන් Sunday, 16 November 2014 01:00 PM

පව්.! අහිංසක දරුවෝ. මෙවැනි විපත් කිසිම කෙනෙකුට වේවා.! (ර)

:       0       0

ඉසුරන්දි දෝහා Sunday, 16 November 2014 01:03 PM

අනතුරුවල සීමාවක් නැහැ. පවු අසරණ දරුවෝ. (ර)

:       0       0

ජයනී Sunday, 16 November 2014 01:19 PM

බොහොම නරක කාලයක් වගේ. සෙනසුරු මාරු වෙලා තියෙන්නේ අපේ රටට උඩින් ද කොහෙද. අනතුරට පත් සැමට ඉක්මන් සුවය පතමි. (ර)

:       0       0

ලසිත් Sunday, 16 November 2014 01:44 PM

මේ පුජා නගරයේ දැන් දැන් සිද්ධ වෙන්නේ ඉතා කණගාටුදායක සිද්ධීන් . ආරංචි වෙන්නෙත් ශුද්ධ වූ නගරයක සිදු නොවිය යුතු නොහොබිනා සිදුවීම්. මේ දේවල් දිහා බලා අනේ අපොයි කීම හැර අපිට වෙන කරන්න දෙයක් නැහැ. (අ)

:       0       0

චානක. Monday, 17 November 2014 08:46 PM

පිටරට වල නම් අදක්ෂ රියදුරන් මෙල්ල කරන ක්‍රමවේදයන් තිබෙනවා. එම රටවල රියදුරු බලපත්‍රය තමන්ගේ මුළු අනාගත ජීවිතයටම සම්බන්ධ කරලයි තිබෙන්නේ.එලෙසින්ම එම නීති කඩකළොත් රක්ෂණය ඉහළයාම,රක්ෂාවකට ඉල්ලුම් කිරීමේදී නුසුදුසුකමක් වීම, අනතුර වුණ පුද්ගලයන්ට, දේපළ වලට තමන්ගේ ගේදොර විකුණා දමා හෝ වන්දි ගෙවීමට සිදුවීම... අපේ රටේ අනතුරු වුණ පුද්ගලයන්ට දෙන වන්දිය තීරණය කරන්නේ අනතුර කළ පුදගලයායි.ඉතාම කණගාටුයි මේ සිද්ධිය දකිනකොට. ලස්සන, යුක්තිගරුක, නීතිගරුක දේශයක ඉපදීමට ඔබට වාසනාව ලැබේවා! (නි)

:       0       0

සුරන්ග පෙරේරා Monday, 17 November 2014 04:59 AM

අනේ පව් අහිංසක ජීවිත(අ)

:       0       0

රෂේන් Sunday, 16 November 2014 02:19 PM

මෙයාට ආයිත් රිය පදවන්න දෙනවනේ ? (අ)

:       0       0

ගමගේ Sunday, 16 November 2014 02:26 PM

මේ බූරු රියැදුරාව උල තියන්න ඕන. මුන් හරක් වගේ ගිහිල්ල මිනිස්සු යට කරලා සෙනසුරු මරුවයි තව ලෝකේ නැති ඔක්කොම දේවල් කියාවි. බුරුලක් නොදී මේ වගේ එවුන් ගේ බලපත්‍ර අවලංගු කර ජීවිත යටම මතක හිටින දඬුවම් දියයුතුයි. දියුණු රටවල්වල මීටි වැඩියේ කොච්චර වාහන යනවද? වල බූරු නිදහස තමා සියල්ලට හේතුව. අසරණ දරුවෝ සහ ඔවුන්ගේ දෙමව්පියන් පවි. (අ)

:       0       0

පිටිගල Sunday, 16 November 2014 02:30 PM

දෙනවා ! දෙනවා!! (අ)

:       0       0

බුද්ධි Sunday, 16 November 2014 02:51 PM

පවු අසරණ දරුවෝ! (නි)

:       0       0

කුමාර් Sunday, 16 November 2014 02:53 PM

ලංකාවේ මාර්ග නීති හෝ මොන නීති කැඩුවත් කිසිම තැනක නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකයි මෙවැනි දේ නිතර සිදුවන්නේ. මිනිස් ජීවිත වල වටිනාකමක් නැහැ මේ රටේ. (නි)

:       0       0

කුමාර Sunday, 16 November 2014 02:55 PM

බීලා ගියත්, නින්දගියත් අන්තිමේදී දුක් විඳින්නේ අර අහිංසකයින්නේ! (නි)

:       0       0

වසන්ත Tuesday, 18 November 2014 10:43 AM

වාහනයේ දෝෂයක්ද, රියදුරාගේ වරදක්ද.? (ර)

:       0       0

මධුසංඛ Sunday, 16 November 2014 03:01 PM

කිසිම කෙනෙක් අනතුරක් ඕනෑකමින් කරන්නේ නැහැ.අනික මාර්ග අනතුරු නොවෙන රටක් තිබේද? කළයුත්තේ මේවගේ අනතුරු නොවෙන්න වගබලාගන්න එකයි. දෙයක් වුණාට පස්සේ කියවලා වැඩක් නැහැ (නි)

:       0       0

තරංග Monday, 17 November 2014 11:58 AM

මේ අනතුර ගැන දැනගත්ත හැමොමෝම හදවතින්ම කම්පා වුනා. මමත් දරුවන් සිටින පියෙක් විදියට විදියට මේ සිදුවීම ගැන හදවතින්ම කණගාටු වෙනවා. මෙවෙනි ඉරණමක් කිසිම දරුවෙකුට අත් නොවේවා කියා ප්‍රර්ථනා කරනවා. ඒ වගේම මම යුද හමුදා සෙබලෙක් විදියට කියන්න කැමති මෙම වරද සිදු කළ පුද්ගලයට එරෙහිව සිවිල් උසාවි නඩු පවරන්න.. එම නඩුවට මොහු වරදකරු වෙනවා. ඒ වගේම යුද හමුදා නීති අනුව ලබා දිය හැකි ඉහලම දඩුවම් පමුණුවනවා. මොහු යුද හමුදාවෙන් පහ කිරීමට කටයුතු කරන්න.(හේ)

:       0       0

දමිත් Monday, 17 November 2014 05:30 AM

අපේ බලවත් ශෝකය ඒ නැතිවූ දුවට ප්‍රාර්ථනා කරනවා. සසර වසනතුරු මෙවන් දෙයකින් සමුගැනීමක් නොවන්න (නි)

:       0       0

සදුනි Sunday, 16 November 2014 03:28 PM

මෙවැනි රියදුරු මැරයින්ට අමතක නොවන දඬුවමක් දියයුතුය. එසේ නමුත් කෙටි කලකින් දඩයකට යටත්කොට නිදහස් කරාවිද දන්නෙ නැහැ (නි)

:       0       0

නිමල් ලලිත Sunday, 16 November 2014 03:37 PM

ගමගේ මහතාගේ අදහස හරියටම හරි. වෘත්තියෙන් කාර්මික නිලධාරියෙකු වුණත් ලංකාවේදී අවශ්‍ය අවස්ථාවලදීත් විදෙස් වලදීත් බරවාහන පදවපු අයෙකු වශයෙන් මම කියනවා කල්පනාකාරීව රිය පැදවුවහොත් මෙවැනි අනතුරු සිදුනොවන බව (නි)

:       0       0

ෂෙරිෆ් Sunday, 16 November 2014 03:47 PM

අනේ පවු අසරණ දරුවෝ. මෙවැනි විපත් කිසිම කෙනෙකුට නොමවේවා!

:       0       0

චමිලා Sunday, 16 November 2014 04:00 PM

පවු අහිංසක ළමයි! දෙමාපියෝ මොනතරම් දුකක් විඳිනවා ඇද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 533 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 1374 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 1298 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 368 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 325 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 2344 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38450 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25330 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 269 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 903 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site