IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අ‘පුර රෝහලත් නිර්වින්දනය වෙයි

නිර්වින්දන වෛදවරුන්ගේ හිඟය නිසා අනුරාධපුර රෝහලේ සියලුම ශල්‍යකර්ම අද (22) සිට නවතා දැමීමෙන් රෝගීන් අපහසුතාවයට ලක්ව ඇතැයි රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු රෝගීහු කියති.

විශේෂඥ  නිර්වින්දන වෛද්‍යවරු දෙදෙනෙක් ඇතුළු නිර්වින්දන වෛද්‍යවරු 29ක් එහි සිටිති. ශල්‍ය වෛද්‍යවරු 16 දෙනෙක් සිටිති. රෝගීහු 1500 ක් වෙති. මුළු වෛද්‍යවරු සංඛ්‍යාව 300කි. මීට පෙර සතියකට දින 4 ක් ශල්‍යකර්ම සඳහා වෙන් කර තිබූ බවත් මෑතක සිට එය එක් දිනකට සීමාවී ඇති බවත් රෝහල් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීවේය.

‘අපි 20 වැනිදා සිට හදිසි ශල්‍යකර්ම පමණක් සිදු කරනවා. නිර්වින්දන වෛද්‍යවරුන්ගේ හිඟය නිසා දින වකවානු වෙන් කළ ශල්‍ය කර්ම කරන්නේ නෑ. වෛද්‍යවරුන් 60කගේ පමණ හිඟයක් පවතිනවා. මේ පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් කීප වරක්ම දැන්වත් කර තිබෙනවා‘ යැයි අනුරාධපුර රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ඩබ්ලිව්.අතපත්තු මහතා පැවසීය.

දැන ගන්නට ඇති විදියට නිර්වින්දන වෛද්‍යවරු 9 ක් සිටින පොළොන්නරුව රෝහලේ මාසයකට සැත්කම් 1110 ක් පමණ සිදුවේ. එහෙත් නිර්වින්ද වෛද්‍යවරු 29 දෙනකු සිටින අනුරාධපුර රෝහලේ මාසයකට කරන සැත්කම් ප්‍රමාණය 1400කට මදක් වැඩි යැයි රෝහල් ආරංචි කියයි.

හදිසි සැත්කම් අවශ්‍ය පිළිකා රෝගීන් අඩු ගණනේ සිව් දෙනකුවත් එහි සිටින බවත් දැනගන්නට ඇත.

 

 

 

 



අදහස් (0)

අ‘පුර රෝහලත් නිර්වින්දනය වෙයි

ඇසළ Wednesday, 22 April 2015 11:49 AM

ඔහොම යමුකෝ. දුන්නා නම් දැන් බලාගෙන ඉන්න. බොහෝ රජයේ රෝහල් වල දැන් බෙහෙත් නැහැ. ෆාමසිකාරයන්ගේ මඩි හොඳට තරවෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 337 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 415 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 689 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 538 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 380 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 711 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site