(බී.ජී.චතුරංග)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු, අමානුෂික අයුරින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ඝාතකයා සහ ඊට අනුබල දුන් පුද්ගලයෙකු කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මැදවච්චියේ විහාර පෙදෙසේ පදිංචි, 27 හැවිරිදි පුද්ගලයෙකු සහ කෝණ කුඹුක්ගොල්ලෑව මැදවච්චියේ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා සන්තකයේ තිබී, ඝාතනය සඳහා භාවිතා කළ පිහියක්, ජංගම දුරකථනයක්, සිම් පතක්, ඝාතනය සිදු කළ අවස්ථාවේදී හැඳ සිටි ඇඳුම් සඟවා තිබීයදී අත්අඩංගුවට ගත් බව ද පොලීසිය පවසයි.
මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කීපයක් විමර්ශන මෙහෙය වූ අතර අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී සංජීව මහනාම මහතා යටතේ ක්‍රියාත්මක වන නොවිසඳුණු අපරාධ ඒකකයේ නිලධාරීන් පිරිසක් දෙමටගොඩ ප්‍රදේශයට ගොස් 'සහස්පුර' මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ සැඟව සිටියදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය අප්‍රේල් 26 දා, මැදවච්චියේ නගරාසන්නයේ දී කාන්තාවන් ඇතුළු පුද්ගලයන් පිරිසක්, පුද්ගලයෙකුට පොලු මුගුරු වලින් පහරදීම හේතුවෙන් බර පතළ තුවාල ලැබූ පුද්ගලයෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර, මහාචාර්ය ඒකකය සිව් වන මහලේ 66 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඝාතනයට ලක්ව තිබූ බව පොලිසිය කියයි.
තියුණු ආයුධයක් ඇති ඇතිව පසුගිය අප්‍රේල් 28 දා අලුයම 4.30ට පමණ එම වාට්ටුවට ඇතුළු වූ ප්‍රධාන සැකකරු, එම වාට්ටුවේ 39 වන ඇඳේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි, අංක 15 මන්නාරම් පාර, මැදවච්චිය ලිපිනයේ පදිංචිව සිටි, පී.බී. ඩබ්ලිව්. රුවන් ගීත් විජිත නැමැති, 22 හැවිරිදි පුද්ගලයා අමානුෂික ලෙස ඝාතනය කර, රෝහල් ආරක්ෂක අංශ වලට හසු නොවී පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අ‘පුර රෝහලේදී කළ ඝාතනයේ ප්‍රධාන සැකකරු අල්ලයි