IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අපුර සන්ධාන බලවතා මහින්දගේ රැළියට නෑ

අනුරාධපුරයේ දී අද (17) පැවැත්වෙන සන්ධානයේ මංගල මැතිවරණ රැළියට තමා සහභාගී නොවන බව ඇමැති දුමින්ද දිසානායක මහතා කියයි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහභාගී බැවින් ප්‍රතිපත්තිමය කාරණා නිසා එලෙස සහභාගී නොවන බව ද ඔහු පවසයි.

අද පැවැත්වෙන රැලිය සංවිධානය කරන්නේ උතුරුමැද හිටපු මහ ඇමැති එස් එම් රංජිත් මහතාය.

 



අදහස් (0)

අපුර සන්ධාන බලවතා මහින්දගේ රැළියට නෑ

පාලිත සේනානායක Friday, 17 July 2015 06:11 PM

යහපාලන මන්තරයට, තරඟෙට තොපි නටපල්ලා. බටලන්දේ සුනක රැලේ නඩයට තොපි එක් වල්ලා ! උපන් බිමේ වහලුන් වන දිනය ලඟයි දැනගල්ලා ! සුද්දන් රට අල්ලාගෙන වනසන බව දැනගල්ලා ! (නදී)

:       0       0

වීර Friday, 17 July 2015 11:45 AM

මෙයාට මෙදා සැරේ පාර්ලිමේන්තු එන්න වෙන්නෙත් නැහැ.මහා ලොකු බලවතා.යු.එන්.පී කාරයොන්ගේ පත්තරේට මෙයා බලවතෙක් වෙන්න ඇති. (ස)

:       0       0

කුරුපනාව ගමගේ Saturday, 18 July 2015 04:28 AM

බයට තමා (නදී)

:       0       0

යසිරු Friday, 17 July 2015 12:24 PM

අනේ කමක් නැහැ. එන කට්ටිය එයිනේ (නි)

:       0       0

නිමල් Friday, 17 July 2015 07:59 PM

ඔබ තුමා නැති උනාට රැස්වීම වෙන දාටත් වැඩිය සාර්ථක උනා (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 18 July 2015 05:31 AM

මහින්ද රාජපක්ෂගේ භූමිකාව රටට අවශ්‍ය නම් ජනවාරි 08 වෙනිදා ඔය විදියට ගෙදර යවයිද? රටට අවශ්‍ය මොනවද කියල ජනතාවට අලුතෙන් කියා දෙන්න උවමනා නැහැ. බස් යොදල සෙනග අැදලා ජනතා රැල්ල පෙන්නුවට ඡන්ද රැල්ල කොයි අතබටද කියලයි බලන්න ඕනේ. (නදී)

:       0       0

චමිල Friday, 17 July 2015 08:37 AM

සත්‍යපාල වගේ ඒ අයගේ කොදු නාරටිය කඩල තියෙන්නේ. මොකටද කෙනෙක් තව කෙනෙක්ට බය වෙන්නේ ? මේ මෝඩ මනුස්සයගේ තරම හිතාගන්න පුළුවන් කැකිල්ලේ හෝ යම රජු වේස්සන්තර රජුට වඩා රටකට යහපත්. (අ)

:       0       0

නිසල් Friday, 17 July 2015 08:40 AM

කොන්දක් ඇති එක් දේශපාලන පුතෙක් සිටීම ගැන සතුටුයි (අ)

:       0       0

තුසිත Friday, 17 July 2015 08:54 PM

අනුරපුර බලවතා කෙසේ වෙතත් අපි නම් දන්නේ නැහැ කව්ද කියා (නදී)

:       0       0

දිනේෂ් Friday, 17 July 2015 08:50 AM

අපි දන්නවා හැමදේම. රටට ආදරයෙන් එක දවසක්වත් කෑගහපු කෙනෙක් පුලුවන්නම් කියන්න (නි)

:       0       0

වජිර Friday, 17 July 2015 08:52 AM

කවුරු නැතත් අපි ඔබ සමඟයි (නි)

:       0       0

සත්‍යා Friday, 17 July 2015 01:27 PM

චමිලා, ජනවාරි 8 ට පෙර මහින්දව පැරදවිය යුතුයි කියන මතයේ මා දැඩිව සිටියා. ඒත් යහපාලනය පත්වී ටික දිනකින් නැවත කෑගහන්න සිදුවුනා මෙන්න වැරදි පාරේ යනවෝ කියලා. එ්කයි අපේ දේශපාලනය. යහපාලානේ ඇවිත් රටේ ප්‍රශ්න අනන්ත තියෙද්දී කරන්න ගියේ මෙන්න මේවා. ජාතික කොඩිය වෙනස් කිරීම, ජාතික ගීය දෙමළෙට හැරවීම, හසලක ගාමිණී පිළිරුව ඉවත්කිරීම, හමුදා කඳවුරු වැසීම, ඩයස්පෝරා සැණකෙළි සංවිදානය, ඩයස්පෝරාවට ද්විත්ව පුරවැසිකම් ලබාදීම, ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් කියන නිසා ඔවුන්ගේ ඉල්ලීමට වරාය නගරය අත්හිටුවීම සහ ලෝටස් ටවර්හි ඉදිකිරීම් නැවතීම, ඉන්දියාව ලංකාවට ඈදන මාර්ගයක් ගැන කතාබහ, එරික් සෝල්හයිම් නැවත මැදිහත්වීම. මේ සියල්ල එකම නාටකයක කොටස් නොවේද. එකට ඇමිණු පසු ඊළම නමැති නාටකයේ අවසන් ජවනිකාවට අවශ්‍ය දුර්වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත වූ පසු ලංකා ඉතිහාසයේ අවසාන කොටස ලියවෙන්නට ඔන්න මෙන්න. ඉහත දේ වලට අමතරව ගෝඨාභය අත් අඩංගුවට ගැනීම, පාවෙන අවි ගබඩාව කියමින් අපට දුන් යුධ ආයුධ අන්තවාදී ආගමික කල්ලි වලට දෙනබවත්, රුසියාවේ තානාපති ත්‍රස්තවාදීන්ට අවි සැපයු බවත්, හිටපු නාවුක හමුදාපති කරන්නාගොඩ දෙමල නායකයෙකු ඝාතනයට සහ අවි ජාවාරමකට පැටලවිමට උත්සාහයත්, මහින්දට යුධ අපරාධ චෝදනා එළිදැක්වීමත් සමගම එකට එලියට ගෙන යුද්ධයට නායකත්වය දුන් සියලුදෙනා එකවර දන්ගෙඩියට දක්කන්නට වටකරමින් සිටිබව තේරුම් ගන්නට මහා මොලයක් අවැසි නැත. එවැනි වටපිටාවක මගේ රටේ කොන්ද රැකගැනීම වෙනුවෙන් මගේ කොන්ද නමන්නට නොව රට රකින එකෙක් වෙනුවෙන් මගේ කොදු නාරටිය ඉවත්කර හැම අතටම නැමෙන රබර් බටයක් තිබුනත් මා සතුටු වෙමි. මගේ කොන්දට වඩා රටේ කොන්දත්,මගේ ජිවිතයට වඩා මගේ රටත් මට වටී. (නදී)

:       0       0

තිලක නවරත්න Friday, 17 July 2015 08:55 AM

යුගයට උවමනා මේ වැනි අය තමයි. (අ)

:       0       0

රාජ් Friday, 17 July 2015 08:56 AM

කොහොමත් උඹලා වගේ අය මේකට ගන්නෙ නෑ. මේකෙ එජාපෙ ට කඩේ යන අය නැහැ. (අ)

:       0       0

දිලිප් Friday, 17 July 2015 08:58 AM

යහපාලනයේ යුග පෙරළියේ පෙරනිමිති. (අ)

:       0       0

සත්‍යපාල Friday, 17 July 2015 09:00 AM

චමිල මට කොන්දක් තිබෙන නිසා මේ තිරයෙන් යහපාලන රජය පත්කරන්නට ඇති වෙන්න කෑගැහුවා.අපි බලන්නේ මොකා හරි එන එකා රට තවත් අඩියක් හරි උඩට ගන්න පුළුවන් එකෙක්ද කියලා.අන්තිමට යහපාලන දවස් 158 තුල විසදන්න ගියේ මොනවද? ජාතික කොඩිය වෙනස් කරන්න, ජාතික ගීය දෙමළෙට හරවන්න, ඩයස්පෝරා සැණකෙළි තියන්න,හසලක ගාමිණි පිළිරුව ඉවත්කරන්න, කදවුරු ඉවත්කරන්න, ඉන්දියාවට පාරක් කපන්න, එරික් සෝල්හයිම් බදාගන්න. මේ ඔක්කොම එකම කතන්දරයක කෑලි. (අ)

:       0       0

ඉන්දික Friday, 17 July 2015 09:01 AM

සන්ධානේ අයගේ කොන්ද ගැන වද වෙන්නේ එජාපේ අය!! (අ)

:       0       0

රෝහණ Saturday, 18 July 2015 06:53 AM

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විනාශ කළේ රට විතරක් නෙමෙයි. ශ්‍රී ල නි පක්ෂයත් විනාශ කළා. බණ්ඩාරනායක මහත්තයා ශ්‍රී ලනිපය ගොඩනැඟුවේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියන පංච මහා බලවේගය මූලික කරගෙනයි.ශ්‍රී ල නි පාක්ෂිකයන්ගේ හදවතේ රැඳුණේ එවැනි පක්ෂයක්. (අ)

:       0       0

කමල් පුෂ්පකුමාර ජයසිංහ Friday, 17 July 2015 01:46 PM

මැරෙනකම්ම මම මහ ඇමැති කියාගෙන හිටිය කෙනාගේ පුතානේ මෙයා පව් අනේ දැන් යන එන මං නැතිව ඉන්නේ (බ)

:       0       0

කුසුම් දල්පදාදු Friday, 17 July 2015 09:07 AM

ඔව්... එන්නේ කොහොමද, නේද? (නි)

:       0       0

විජයබාහු Friday, 17 July 2015 09:11 AM

අපිට නම් ඕනෑත් නැහැ (නි)

:       0       0

ඉමාක් Friday, 17 July 2015 09:11 AM

එක වරක් පැරදුන මහින්ද දේශපාලනයෙන් කොහෙත්ම විශ්‍රාම ගතයුතු නැත. මහජනතාවද ඊට කිසිසේත් ඉඩදිය යුතු නොවන්නේ අතීතයට වඩා මහින්ද රාජපක්ෂගේ භූමිකාව හෙට රටට අත්‍යවශ්‍ය බව වර්තමානය ඔප්පුකොට ඇති නිසාය. (නි)

:       0       0

මහානාම Friday, 17 July 2015 01:52 PM

එක හොඳ තිරණයක් එබට අනුරාධපුරයෙන් එක වෙන්න පුළුවන් ජයවේවා (ම)

:       0       0

සසිත් Friday, 17 July 2015 09:14 AM

ඕකට කියන්නේ පුද්ගලික් තරහ කියල (අ)

:       0       0

රවිනාත් විජේසේකර Friday, 17 July 2015 02:07 PM

අපේ මාතෘ භූමිය පිරිසිදුව තබා ගනිමු..! ශ්‍රී ලංකාව පිරිසිදු කිරීමේ මහා ශ්‍රමදානය 2015 අගෝස්තු 17 වෙනිදා ඔබගේ ඡන්ද මධ්‍යස්ථානයේ දී රටට දැයට හිතැති සැමට ආරාධනා..!  (අ)

:       0       0

ප්‍රසන්න Saturday, 18 July 2015 07:40 AM

මහා පවා දෙන්න රැලියට නැද්ද .කදිමයි (අ).

:       0       0

අබේරත්න-ටෝකියෝ Friday, 17 July 2015 02:21 PM

මෙයා අනුරාධපර සංධානයේ නායක කියන්නෙ මොන මොඩයද? (අ)

:       0       0

ජනක ධර්මරත්න Friday, 17 July 2015 09:27 AM

ලාංකීය දේශපාලනයේ අනාගතය ඔබ වැන්නන්ට භාර දිය යුතුයි. (නදී)

:       0       0

කමණි Friday, 17 July 2015 09:32 AM

ඔබතුමා හරි, ඔබතුමාට කොන්ද පණක් තිබනවා . හොරුන්ට ලැජ්ජා නැති අයට මේකට යන්න පුළුවන් (නදී)

:       0       0

රුචිර Friday, 17 July 2015 02:36 PM

බලවතෙක්ද බවලතෙක්ද ?(නදී)

:       0       0

හේමන්ත Thursday, 23 July 2015 04:37 PM

ජනවාරි 8 වැනිදා ජනතාව බලපොරෝත්තු වුණ දේ නොවෙයි ලැබුණේ. ඉගුරු දීලා මිරිස් ගත්තා. දැන් මිනිස්සු දන්නවා ඉගුරුවලට වඩා හොඳ මිරිස් බව දැන් වැටහෙනවා (ම)

:       0       0

කෝලිත Friday, 17 July 2015 02:50 PM

ගෙදර ඉන්න එක හොඳයි. (නදී)

:       0       0

සෙලන්සියුස් Friday, 17 July 2015 09:50 AM

මහජන මුදල්වලින් තමන්ගේ වාසියට දන්සල් දීම, ඩුප්ලිකේට් විරුද්ධ අපේක්ෂකයින් පෙන්නලා ඡන්දවලදී මිනිස්සු මුලාකිරීම, සදහටම බලයේ රැඳෙන්න ව්‍යවාස්ත වෙනස්කිරීම ඔය කියන කොන්දක් තිබීමේ ලක්ෂණ ද ? කැකිල්ලේ හෝ යම රජු ට නම් ඔය ක්‍රියා ගැලපෙනවා (නදී)

:       0       0

පිවිතුරු යහපාල Friday, 17 July 2015 02:57 PM

ටෝය්යෝ ටික දුමින්දව මුරුංගා අත්තේ තියලා අපිව බබා කරන්න හදනවා. පව්. අපි නොදන්නා ටෝයියෝ... දුමින්ද ගියේ නැත්තේ යන්න බැරි හින්දා. (ර)

:       0       0

රවී Friday, 17 July 2015 09:58 AM

මෙයා කොහොමද සන්ධානේ අනුරාධපුර බලවතා වෙන්නේ. (නදී)

:       0       0

නුවන් Friday, 17 July 2015 02:57 PM

2010 මනාප ප්‍රතිපල බලන්න මෙයා කිවෙනියද කියලා. (ර)

:       0       0

හේරත් Friday, 17 July 2015 09:59 AM

ඔබතුමා හරි, ඔබතුමාට කොන්ද පණක් තිබනවා .මහින්ද ඇමති කෙනෙක් පමණි.17න් පස්සේ. (අ)

:       0       0

ගයාන් ප්‍රසංග Friday, 17 July 2015 06:33 AM

නියමයි. (ස)

:       0       0

අදිකාරි Friday, 17 July 2015 09:59 AM

ඔව් ඔව් සත්‍යපාලගේ කොඳු කලා තමයි තියෙන්නේ. එහෙම කියන අයට කොන්දක් ඉපදෙද්දීම තිබිල නැනේ.. (අ)

:       0       0

පුලාරා Friday, 17 July 2015 03:07 PM

මෙයා අනුරාධපුර බලවතා නොව.... (ර)

:       0       0

දුමින්ද Saturday, 18 July 2015 02:13 AM

කරපු කියපුවා මතක් වෙලාද , පාක්ෂිකයෝ 17 වෙනිදට කල ගුණ සලකාවි (නදී)

:       0       0

නිලන්ත Saturday, 18 July 2015 10:00 AM

මහින්ද මහත්තයට අවශ්‍යම නැති දෙයක් තමයි මේ හැමතැනටම ගිහින් රැස්වීම් පටලවා ගත්ත එක (නදී)

:       0       0

ගමගේ Friday, 17 July 2015 10:00 AM

අනේ අපි කැමතිත් නැහැ එයාලව බලන්න (නි)

:       0       0

රවී Saturday, 18 July 2015 02:21 AM

ඔබටත් අපේ ප්‍රණාමය (නදී)

:       0       0

රෝයි Friday, 17 July 2015 06:52 AM

මහින්ද සමඟ ඔබට ඉදිරි ගමනක් නැති බව ආදර්ශයෙන් පෙන්වීම ගැන අපට ගොඩක් සතුටුයි.(ම)

:       0       0

බණ්ඩාර-කටුබැද්ද Friday, 17 July 2015 03:39 PM

දුමින්දට යනඑනමන් නැති වෙනවා .....(අ)

:       0       0

විජයබාහු Friday, 17 July 2015 10:14 AM

මෙහෙම කට්ටිය නම් ඕනෙත් නැ. (ර)

:       0       0

දිනේෂ් Friday, 17 July 2015 03:55 PM

අපෝ ලොකු දෙයක්,ඔයා ගිහින් ජනදිපතිගේ ශක්තිමත් කර කර ඉන්න එහෙටම වෙලා. (අ)

:       0       0

පීටර් ප්‍රනාන්දු Friday, 17 July 2015 07:06 AM

දුමින්ද බයයි රාජපක්ෂ සුදුවැන් එකේ අරන් යයිකියලා ඇයි රාජපක්ෂ (ස)

:       0       0

දීප්ති Saturday, 18 July 2015 03:11 AM

මෙයා නාවා කියල බලපෑමක් නෑ. මෙයාගේ ඡන්ද අඩු වෙයි. අපි ඡන්දේ දෙන්නේ මහින්ද එක්ක ඉන්න අයට. (නදී)

:       0       0

ප්‍රදීප් Friday, 17 July 2015 07:16 AM

අර ඩලස් කියපු විදිහට කොන්දක් තියෙන කෙනෙක් වගේ (ස)

:       0       0

බණ්ඩා Friday, 17 July 2015 10:40 AM

බයියන්ට අබ සරණයි රනිල් අගමැති . (ර)

:       0       0

සුසිරිවර්දන Friday, 17 July 2015 07:17 AM

කොන්ද පන තියෙන උදවිය සන්ධානය තුල තවමත් ඉන්න එක අපේ රටේ වාසනාවක් !! (ස)

:       0       0

පද්මිණී Friday, 17 July 2015 07:18 AM

අනේද කියන්නේ . මේ අප්පොච්චි කෙනෙක් කරන හොල්මන් කිරිල්ලක්...(ස)

:       0       0

ප්‍රියාන් Friday, 17 July 2015 07:19 AM

අපි නම් දන්නේ නැ එයා බලවතා කියල ..එයා එන්නේ නැති තරමට හොදයි ..එයාගේ තාත්තා බලවතා කිව්වා නම් හිතන්නවත් තිබුන..(ස)

:       0       0

සිරි Friday, 17 July 2015 07:20 AM

පෞද්ගලික අමනාපකම් ජාතික දේශපාලනයට අනුපානයක් ලෙස කලවම් කර ගැනීම මොහු වැනි නැගී එන දේශපාලකයකුට ඔරොත්තු නොදෙන සුළුය. (ස)

:       0       0

රත්නසිරි Friday, 17 July 2015 04:50 PM

ඔයාට රැලියට වගේම පාර්ලිමේන්තුවටත් එන්න බැරිවෙයි (ම)

:       0       0

පිවිතුරු යහපාල Friday, 17 July 2015 05:03 PM

ටොයියෝ ටික දුමින්දව මුරුංග ඇත්තේ තියල අපිව බබා කරන්න හදනවා. දුමින්ද ගියේ නැත්තේ යන්න බැරි හින්දා. (නදී)

:       0       0

දිල්ශාන් Friday, 17 July 2015 07:29 AM

හූ කියයි කියල බයේද දන්නේ නැහැ.(අ)

:       0       0

ඉෂාන් Friday, 17 July 2015 11:03 AM

මම සත්‍යපල ගේ අදහසට 100% එකගයි. (ර)

:       0       0

සත්‍යපාල Friday, 17 July 2015 07:31 AM

නායකයෙක් කියන්නේ කොන්දක් තියන කියන කියන එකාට එහෙයි නොකියන , කොල්ලටයි කුරුට්ටටයි නටවන්න බැරි කුණුහරුප බයිලා කියල තරුණ තරුණියෝ අවුස්සන බයිලකාරයො ඔඩොක්කුවේ දාගන්නේ නැති ටිකක් තද ගති තිබෙන කෙනෙකුට.එහෙම කෙනෙකුට බයයි.ලෝකෙමත් බයවුනා. ත්‍රස්තවදියොත් බයවුනා. ඒකෙන් රට රැකුණා. නැතුව සේවලයෙක්, දියාරුවෙක්, පණනැති කෙනෙක් නායකයෙක් වුනොත් රටක් ගෙනයන්න බෑ. ඒකයි මම මුල ඉදලම කියන්නේ රටක් ගිලගන්න බලවේග වැඩි වෙලාවක රටක නායකයා වෙස්සන්තර රජ වුනොත් රට ඉවරයි.කැකිල්ලේ හෝ යම රජු එස්සන්තර රජුට වඩා රටකට යහපත්. නමුත් සමහරු කැමති අල්ලේ නටවන්න පුළුවන් එකෙක් පත්කරගෙන හුරතල් කර කර ඉන්න .හැබැයි රට ගොඩ නොයෙන අමාරුවක වැටෙනවා. වැටුනට පසු පලු පැලෙනකම් නායකයට බනිනවා.රටත් ඉවරයි වෙස්සන්තරත් ඉවරයි. (අ)

:       0       0

ප්‍රකාශ් Friday, 17 July 2015 11:08 AM

මේ අර රට පාවා දෙන කෙනා නේද? (ස)

:       0       0

මහානාම - කඳාන Saturday, 18 July 2015 04:02 AM

සත්‍යපාල හරිi. ඔබතුමා ලියන්න දිගටම බඩ නොවේ රට ගැන ලියන්න. අද මේ රට මාස 6 ආර්ථික හා ආරක්ෂාව අතින් නැවත ගොඩ ගන්න බැරි තරම් පිරිහිලා (නදී)

:       0       0

සිමොන් Friday, 17 July 2015 07:38 AM

අනේ අම්මපා මේ මහින්දට ලැජ්ජාවක් නැති හැටි. අනුරපුර ශුද්ධ භූමියත් ජරා කරන්න හදනවා. දුමින්ද දිසානායක ගැන අපි ආඩම්බර වෙනවා. (ස)

:       0       0

මේල් Friday, 17 July 2015 11:21 AM

මෙයාට අවශ්‍ය රනිල් දිනවන්න . සිරිසේන ගේත් උවමනාව එයමනේ. (ර)

:       0       0

සරත් Friday, 17 July 2015 07:40 AM

දේශපාලනය කරන අයෙකුට කොන්දක් තියෙන්න ඕන. (ස)

:       0       0

මහානාම - කඳාන Saturday, 18 July 2015 04:03 AM

සත්‍යපාල හරි. ඔබතුමා ලියන්න දිගටම බඩ නොවේ රට ගැන ලියන්න. අද මේ රට මාස 6 ආර්ථික හා ආරක්ෂාව අතින් නැවත ගොඩ ගන්න බැරි තරම් පිරිහිලා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 46 0

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 852 0

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1349 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 169 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1076 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1186 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26056 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23462 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 391 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site