අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය තවදුරටත් තීරණාත්මක කඩයිමක් නොවනු ඇතැයි ද සිසුන් සමත් කිරීමක් හෝ අසමත් කිරීමක් මෙම විභාගයෙන් නොකරනු ඇතැයි ද හඳුන්වාදීමට යන නව අධ්‍යාපන ක්‍රමය අනුව හොඳ සිසුන් ඉහළ පන්තියට සමත් කරනු ඇතැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීගමුව නිව්ස්ටඩ් බාලිකා විදුහලේ 200 වැනි සංවත්සරය අමතමින් ප්‍රකාශ කළේය.
අපොස උසස් පෙළ විභාගයෙන් පසුව සරසවියට ඇතුළුවීමට බලාපොරොත්තුවන සිසුනට පමණක් සාමාන්‍ය පෙළ විභාගයේදී විෂයයන් කිහිපයක් අනිවාර්ය කරනු ඇතැයි ද අගමැති පැවසීය.
අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව සියලුම සිසුන් පාසලේ ඊළඟ පෙළට උසස් කරන බවත් සිසුන් විභාග බරින් නිදහස් කිරීම රජයේ අරමුණ බවත් අගමැති කීවේය. ලොව බලගතුම රටවන ඇමරිකාවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය යටතේ විභාග නොපැවැත්වෙන බවද ඊට සමාන පිළිවෙතක් ශ්‍රී ලංකාවද අනුගමනය කළ යුතු බවද අගමැති සඳහන් කළේය.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘අපොස සාපෙළ තීරණාත්මක කඩයිමක් නොවේ‘
නිම්මි Thursday, 02 June 2016 02:47 PM
ජාතියක් ජන්මයක් නැති මිනිස්සුන්ට තමුන්ගේ රට ජාතිය ගැන කැක්කුමක් නැහැ. සිංහල ජාතියට මේ රටට විශේෂ හිමි කමක් නැති විදිහට අනාගත ජාතියට උගැන්වි. ඉතිහාසය ඉවත් කරාවි. යන්ත්‍ර වගේ මිනිසුන් බිහි කරාවි. (බ)
කමල් Thursday, 02 June 2016 04:14 PM
ඔය විප්ලවය තව ශතවර්ෂ කීයකින්ද දන්නේ නැහැ පටන් ගන්නේ... (නි)
ධම්ම Thursday, 02 June 2016 04:19 PM
අනවශ්‍ය මිනිස්සු කාර් ගන්න නිසා මිල වැඩිකළා වගේ අනවශ්‍ය අය අධ්‍යාපනය ලැබීම වැළැක්වීම වැනි ප්‍රගතශීලී විප්ලව සිදුවෙන්න ඕනෑ. (නි)
විපුල Thursday, 02 June 2016 04:40 PM
අනේ මෙයාලගේ විප්ලව! (නි)
විපුල Friday, 03 June 2016 08:17 AM
එතකොට අලුතෙන් පන්ති කාමර හදන්න එපැයි. හැබැයි ඉතින් අධ්‍යාපනය මොන සංස්කරණ ආවත් ලංකාවේ රස්සාවල් නම් වැඩි කරන්නේ නැහැ. (ම)
නාත් රණසිංහ Thursday, 02 June 2016 05:03 PM
නූතන ලෝකයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් ඉක්මනටම අවශ්‍යයි. ලංකාවේ විශ්ව විද්‍යාල වල නවකවදය දැක්කහම දුක හිතෙනවා (නි)
දිලන්ක Thursday, 02 June 2016 08:14 PM
6,7 වසරවල් ඉවත් කළයුතු වන අතර අවුරුදු 16 දී සියලු සිසුන්ට උසස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබාදිය යුතුයි. අවුරුදු 20න් සරසවි වලින් එළියට ආ යුතුයි. අධ්‍යාපන බලධාරිනි, ලංකාවේ ළමයි වයසට යනතුරු තිබෙන අධ්‍යාපනය වෙනස් කරන්න. (නි)
වින්සන්ට් Thursday, 02 June 2016 08:12 PM
මොන විප්ලවයක් කරලා හරි ලෝකයට ණය නැති ජනතාවක්, රටක් බිහිකිරීම මොන කෙරුමෙකුගේ වුණත් වගකීම වියයුතුය. (නි)
ගයාන් හෙට්ටිආරච්චි Thursday, 02 June 2016 08:40 PM
නිම්මි හරියට හරි. දැනටත් ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ රටේ ඉතිහාසය ගොඩනැඟුවේ ඔක්කොම ජාති එකට එකතුවෙලා කියලයි (නි)
අශාන් Thursday, 02 June 2016 09:00 PM
අපේ අය දැන්මම පරලවෙලා වගේ. අනිවාර්යයෙන් අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වියයුතුයි. (නි)
ඉන්දු Thursday, 02 June 2016 10:08 PM
බයේ බැහැ මේවා ඇහෙනකොටත්. 88-89 කාලය මතක් වෙනවා අපිට (නි)
ශානක Thursday, 02 June 2016 10:34 PM
මෙයාලගේ විප්ලවය අපිට අමතක නැහැ (නි)
සම්පත් පතිරණ Friday, 03 June 2016 02:35 AM
ඇගේ හිරිගඬු පිපෙනවා මේවා ඇහෙනකොට. අපි නොදන්න විප්ලව (නි)
නුවන් Friday, 03 June 2016 04:53 AM
මේ රට හැම ජාතියටම අයිතියි තමා නිම්මි. (බ)
ස්මිත් Thursday, 02 June 2016 01:22 PM
ඔවු ඔවු අපිට හොඳට මතකයි මෙයා අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති කාලේ අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙනැල්ල කරන්න හදපු තරම. ජයවේවා! (බ)
රංග Thursday, 02 June 2016 01:26 PM
එකත් පුළුවන් නම් ඉන්දියාවෙන්ම අරන් වරෙව්...!!! (බ)
අනිල් Thursday, 02 June 2016 02:42 PM
අපි දැක්කා විප්ලවේ 88-89. (බ)