IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


අපේක්ෂක ලැයිස්තු හැදීමේදී පක්ෂ රැසක් අර්බුදයක

 


(සුජිත් හේවාජුලිගේ )

දූෂණ වංචා චෝදනා එල්ල වූ විශාල පිරිසක් ඉදිරි මහ මැතිවරණයේදී තරග කිරීමට ඉදිරිපත් වීම හේතුවෙන්  අපේක්ෂක ලැයිස්තුවලට   අපේක්ෂකයන් තෝරා ගැනීමේදී  දේශපාලන පක්ෂ රැසක් බරපතළ  අර්බුදයකට මුහුණදී   සිටින බව වාර්තාවේ.

මේ පිරිස අතර අධිකරණවල නඩු පවතින අයද සිටින බව දැනගන්නට ඇත.

ජාතික ජාතික ජන බලවේගය විද්වතුන් ඇතුළු දේශපාලනයට අලුත් පිරිසක් මහ මැතිවරණයට ඉදිරිපත් කරන හෙයින් එම අපේක්ෂකයන් සමග තරග වැදිය හැකි අලුත්ම පිරිසක් ඉදිරිපත් කළ යුතු බවට බොහෝ පාර්ශව වලින්  සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යන දේශපාලන පක්ෂ වල නායකයන්ට  යෝජනා ඉදිරිපත්ව ඇතැයිද  වාර්තාවේ.

මේ තත්ත්වය සැලකිල්ලට ගෙන   සියළුම අපේක්ෂකයන්ගේ පහුගිය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වෙන වෙනම වාර්තා ලබා ගැනීමට එම දේශපාලන පක්ෂ කටයුතු කරමින් සිටී.
අල්ලස් හෝ දූෂණ  චෝදනා විමර්ශන  කොමිෂන් සභාවෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ද ඒ පිළිබඳ වාර්තා ලබා ගැනීමට නියමිතය.

මේ අතර හිටපු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් තිහකට වැඩි පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඒ බව සිය පක්ෂ වලට දැනුම්දී ඇත.

මින් වැඩි පිරිසක් ශ්‍රී ලංකා පොදුජන  පෙරමුණ නියෝජනය කරන අය වෙති.ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිගාමඩුළු දිස්ත්‍රික් මන්ත්‍රී විමලවීර දිසානායක මහතා අප සමග පැවසුවේ
තමා මහ මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණයක් ගෙන නොමැති බවයි. ආර්ථික ප්‍රශ්න ඊට ප්‍රධාන හේතුව බවද ඔහු සඳහන් කළේය.

මේ අතර හිටපු අමාත්‍ය එස් බී දිසානායක මහතාද ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවට සිය හිතවතුන්ට ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.

හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාද  ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවට දැනටමත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. තමා විශ්‍රාම දිවියක් ගත කරන බවද ඔහු  වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසක් ඉදිරියේදී ව්‍යවසායක දිලිත්  ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා  පක්ෂය සමඟ සම්බන්ධ වීමට සාකච්ඡා ආරම්භ කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දහයකට ආසන්න පිරිසක් දැනටමත් එම පක්ෂය සමඟ සම්බන්ධවී ඇත.  පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ නාමයෝජනා බාර ගැනීම පසුගිය 4 වැනිදා ආරම්භ කෙරුණු අතර එය ලබන 11 දක්වා සිදු කෙරේ.

මේ අතර මහ මැතිවරණයට ඉදිරිපත් වන සියලුම අපේක්ෂකයන් නාම යෝජනා භාර දෙන අවස්ථාවේදී සිය වත්කම් බැරකම් ප්‍රකාශ භාරදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මීට අමතරව මහ මැතිවරණයෙන් පසු අපේක්ෂකයන් සියලු දෙනා මැතිවරණ වියදම් වාර්තාද කොමිසමට ඉදිරිපත් කළ යුතුවේ.

 

 



අදහස් (1)

අපේක්ෂක ලැයිස්තු හැදීමේදී පක්ෂ රැසක් අර්බුදයක

සිල්වා Sunday, 06 October 2024 02:38 PM

බලය වෙනුවෙන් බොරු කියන අපේක්‍ෂකයන්ට ඡන්දය දෙන්නේ නෑ...

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 90 0

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 554 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 494 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 202 1

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


ජොන්ස්ටන්ට අවි 8ක් දීලා
2024 ඔක්තෝබර් මස 06 549 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පව


මහාචාර්ය සෝමසුන්දර නමින් නයිජීරියා සරසවියේ දේශන ශාලාවක්
2024 ඔක්තෝබර් මස 06 732 0

සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර මහතා නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39156 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25591 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 325 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site