IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘අපේ අම්මලා පිටරට යැවීම සීමාකරනවා‘

අඩු වැටුපට ගෘහ සේවිකාවන් ලෙස අපගේ සහෝදරියන් සහ අම්මලා පිටරට යැවීම සීමා කිරීමට රජය කැපවී සිටින බවත්, ඒ වෙනුවට ඔවුන් ලංකාවේ සිටම වැඩි ඉපැයීමක් කළහැකි ගෝලීය අගය දාමයට එකතු කිරීමට පියවර ගන්නා බව වැඩබලන විදේශ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.

තමා සමාජ වෙළඳපොළ ආර්ථිකයක් ගොඩනැගීම පිළිබඳව නිරන්තරයෙන් අවධාරණය කරන්නේ මෙවැනි කාරණා නිසා බවත් අමාත්‍යවරයා පැවසීය.

මැදපෙරදිග සහ රුසියාවේ සේවයේ යෙදි සිටියදී මියගිය විගමනික ශ්‍රමිකයින්ගේ පවුල් 34 සාමාජිකයින්ට රුපියල් මිලියන 50 කට ආසන්න වන්දි මුදල් ප්‍රදානය කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ (26) පියවර ගෙන තිබු  අතර එම වන්දි මුදල් ලබ‍ා දීමේ අවස්ථාවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව කීය.
 
මේ වසර සඳහා විදේශ කටයුතු අමාත්‍යංශය විසින් වන්දි ලබාදීමේ වැඩසටහනක් සංවිධානය කර තිබූ තුන්වන අවස්ථාව වන අතරසෞදි ආරාබිය, කටාර් රාජ්‍යය, කුවේටය, ඊශ්‍රායලය, එමීර් රාජ්‍යය, ජෝර්දානය, ඕමානය, බහරේනය සහ රුසියාව යන රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල උපදෙස් මත වන්දි මුදල් ගෙවීමට පියවර ගෙන තිබේ.මේ වර්ෂය තුළදී පමණක් අගතියට පත් පවුල් 116 ක් සඳහා රුපියල් මිලියන 169 ක වන්දි  මුදලක් ප්‍රදානය කර ඇත.

harsha_20151127-2 harsha_20151127-3 harsha_201511279



අදහස් (0)

‘අපේ අම්මලා පිටරට යැවීම සීමාකරනවා‘

තුෂාර Friday, 27 November 2015 07:16 PM

පාර්තිපන්, උදව්වක් ඉල්ලා තමුන් ළඟට පැමිණි අසරණියකට ඉඳුම් හිටුම් කෙසේවෙතත්, දවස් ගණනකින් කාලා නැහැ කියද්දිත් ඔබ අහකබලා ගත් එක ගැන පුදුමයට පත්වුයෙමි. එක වේලක කෑමට කීයක් හෝ නොදුන් ඔබ ඇයටත් වඩා අසරණයෙකු යැයි මට හැඟුනි. (නි)

:       0       0

භානුක Friday, 27 November 2015 08:02 PM

මේක දැන්වත් නවත්වන්න (නි)

:       0       0

සම්පත් Friday, 27 November 2015 09:53 PM

මොනම හේතුවක් මතවත් ගෘහ සේවිකාවන් ලෙස අපේ රටේ කාන්තවන් මැදපෙරදිග රටවලට යවන්න එපා. (නි)

:       0       0

ප්‍රියා Friday, 27 November 2015 10:14 PM

ඔබතුමන්ට පුලුවන් නම් ලංකාව තුළදීම රැකියා සොයාදෙන්න, ගැහැණු මැදපෙරදිග යවන එක නතර කරන්න වෙන පින් කරන්න ඕනෑ නැහැ. ඇයි කියනවා නම් ගැහැණු වහල්කමට යවා විදෙස් විනිමය හොයන එක ගැන ලැජ්ජයි අපිට (නි)

:       0       0

අශාන් Saturday, 28 November 2015 10:29 AM

ඔවු. මැදපෙරදිග යන්නේ යුරෝපා රටවල් වලට යන්න ලොකු මුදලක් නැති නිසා. යුරෝපා රටවල් වලට යවන්න උත්සාහ කරන්න. ප්‍රශ්න නැහැ. බැංකු ණය ලබාදෙන්න වැඩපිළිවෙලක් යොදන්න (නි)

:       0       0

ඩිල්ෂාන් Saturday, 28 November 2015 01:38 AM

වැඩක් කරලා අවසන්වෙලා ඒක ගැන කතාකරන්න. අපිට බයිලා අහන්න ඕනෑ නැහැ. අනාගතේදී කරන්න බලාපොරොත්තු වෙන වැඩ ගැන දැන් කතාකරන්න එපා. (නි)

:       0       0

ශාන්ති Saturday, 28 November 2015 01:49 AM

මේවා වචන වලට පමණක් සිමා නොකරන්න (නි)

:       0       0

ටෙනිසන් Saturday, 28 November 2015 04:32 AM

තුෂාර, පාර්තිපන්ට වරදක් කියන්න බැහැ. මැදපෙරදිග සමහර රටවල තිබෙන්නේ පුදුම නීති. වැඩකරන නිවසින් පැනගිය කෙනෙකුට ආහාර වේලක් දීමත් වරදක්. කවුද අනිවාර්තේ හිරේ විලංගුවේ වැටෙන්න කැමති. (නි)

:       0       0

ශාන් සෞදි Friday, 27 November 2015 12:11 PM

අඩු වැටුපට නෙවේ මොන වැටුපකටවත් ගැණු ගෙවල් වල වැඩට රට යවන එක නවත්වන්න එක්කෝ මේක අපේ රටේ ඉන්න ගැණු තේරුම් ගන්න ඕනේ නැත්නම් රටේ පාලකයෝ තේරුම් ගන්න ඕනේ මුන්ට ඕනේ අම්ම හරි වෙන රටකට යවල මුන්ගේ බඩ පුරවා අගන්න (බ)

:       0       0

ප්‍රියන්ත අනුරුද්ධ, සෞදි අරාබිය Friday, 27 November 2015 01:12 PM

බංගලාදේශය කියන්නේ අපිට වඩා ගොඩක් හිගන රටක්. නමුත් බංගලාදේශයේ ආණ්ඩුවෙන් ගැනු පිටරට පටවා සල්ලි හම්බු කරන්නේ නැත. මැදපෙරදිගට ගැහැණු අය එවීම සම්පුර්ණයෙන්ම නතර කළ යුතුය. පිරිමින්ට රට එන්න පහසුකම් සලසන්න. නමුත් අපේ පවතින හැම ආණ්ඩුවක්ම කරන්නේ පාස්පෝර්ට් එකට පගාව දෙන එකයි හොර ඒජන්සි කාරයෝ ආරක්ෂා කරන එක තමයි කරන්නේ. (බ)

:       0       0

පාර්තිපන් Friday, 27 November 2015 02:16 PM

අපේ ගැහැණු උදවිය වැරහැලි ඇඳගෙන හිඟන්නෝ වගේ පාරවල්වල ඇවිදන් යන හැටි මම දැකලා තියනවා. විදේශිකයෝ බලහත්කාරයෙන් දුෂණය කරන අවස්ථා අනන්තයි. රූමත් තරුණියක් දවසක් පාරෙදි මාගාවට අැවිත් දවස් ගානකින් කාලා නෑ යන්න තැනක් නෑ කියලා උදව් ඉල්ලුව. එ්ත් මම උදව් කරන්න පුළුවන් පසුබිමක නෙමේ හිටියේ. (බ)

:       0       0

බණ්ඩාර - කුවේට් Friday, 27 November 2015 02:37 PM

දේශපාලකයිනි ඔබලාගේ අම්මාත් ගැහැනියක් බවම සිතා සමාජයේ නිසිතැන කාන්තාවට දෙන්න ලස්සන වචනවලට සීමා නොකර (බ)

:       0       0

පී.එච්.රණවීර Friday, 27 November 2015 03:42 PM

ශාන් මේවා කොච්චර කීවත් වැඩක් නෑ (බ)

:       0       0

ඉන්ද්‍රා Friday, 27 November 2015 04:22 PM

මහජනයා අමතනවිට හරබර වචන දාලා අමතනවා. පොරොන්දු දෙනවා. මේවා ක්‍රියාවට නඟන්නේ බොහොම සුළුවෙන්. කාන්තාවන් මැදපෙරදිග යවන එක සහමුලින්ම නතර කළයුතුයි (නි)

:       0       0

පද්මිණී Friday, 27 November 2015 05:36 PM

කාන්තාවන් කොපමණ ප්‍රමාණයක් අබිරහස් ලෙස ඔය කියන රටවලදී මැරෙනවද? අරාබි රටවලට අපේ කාන්තාවෝ යවන්නම එපා. හැකිනම් යුරෝපයට රැකියා වලට එවන වැඩපිළිවෙලක් රජයේ මැදිහත්වීමෙන් කරන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 180 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
2024 සැප්තැම්බර් මස 23 1507 1

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 944 0

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක


පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1538 1

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 1144 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 2687 4

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20765 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 19692 4



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 107 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 308 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 164 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site