IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


‘‘අපේ ආණ්ඩුවක් යටතේ රසායනික පොහොර‘‘

(සුජිත් හේවාජුලිගේ )

සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටවූ සැණින් ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර යළි මෙරටට ගෙන්වන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පවසයි.

තම පක්ෂය කාබනික පොහොර ප්‍රතික්ෂේප නොකරන බවත් රට කාබනික පොහොර සඳහා යොමුකළ යුත්තේ ක්‍රමානුකූලව බවත් හෙතෙම සඳහන් කළේය.

අහිතකර විස පළිබෝධනාශක කිහිපයක්ම තහනම් කරනු ලැබුවේ පසුගිය ආණ්ඩුව බවද අලවතුවල මහතා සිහිපත් කළේය.

 



අදහස් (24)

‘‘අපේ ආණ්ඩුවක් යටතේ රසායනික පොහොර‘‘

Raveendra Friday, 03 September 2021 08:22 AM

අප සියල්ලෝම දැක්කා පුවත් පත්වල තමන්ගේ නම වෙනසක් කරලා දැන්වීම පල කරලා තියෙනවා මෙයාද මන්ද ???

:       1       18

Bamunuarachchi Friday, 03 September 2021 08:24 AM

ජනතාවට රසායනික පොහොර යෙදූ කෑම කවලා ඕගොල්ලෝ කාබනික පොහොර යෙදූ එළවලු හොයනවා නේද? ඕගොල්ලෝ බලයට එන කාලේ වෙනකොට අපි කාබනික පොහොරවලට පුරුදු වෙලා ඉවරයි. ගජ මිතුරන්ට කියන්න රසායනික පොහොර බිස්නස් එක නවත්තලා කාබනික පොහොර නිෂ්පාදනය කරන්න කියලා.

:       5       48

දිනාල් Friday, 03 September 2021 08:25 AM

ඒ කියන්නේ අලවතුවල අපිට වස විස ඇති අල කවනවා කියලද කියන්නේ. අනේ මන්දා, ලොක්කාගේ මොලේම තමයි තියෙන්නේ. ඇයි ඔයාලගේ ආන්ඩුවක් ආවත් ඒ එන්න සාමාන්‍යයෙන් තව අවුරුදු හතරක් වත් ඉන්න ඕන නේද. ඒ අතරේ මේ දැන් තියෙන බාල්දිය විසඳිලා රසායනික පොර අනවශ්‍ය තැනට ඇත්තටම රට ඇවිත් තිබුණොත් ආපහු රසායනික පෝර මොකටද? ඇයි ඒවා හදන සහ ගෙන්වන කොම්පැණි වලින් ගානක් එනවද? ලොක්කා වගේම මෝඩ කතා කියන්න තමයි දක්ෂ.

:       2       36

RaveendraFriday, 03 September 2021 10:21 AM

හා හා.. ඔබ මේ අපහස කරන්නේ "මුල්ලේරියාව විශ්වවිද්‍යාලයෙන් ලෝකයේ තිබෙන සියලුම විෂයන් සඳහා පිරිනමන පශ්චාත් උපාධිය ඉහළින්ම සමත්" උගත්කමේ කෙළ පැමිණි පුතාණෝට නේද? මේ අදහස් දක්වා ඇත්තේත් උන්දැගේම ළඟම අනුගාමිකයෙන් බැවින් "මුන්දෑද" එම මට්ටමේම උගතෙක් නොවේද?

:       4       13

Bamunuarachchi Friday, 03 September 2021 08:27 AM

අපේ ආණ්ඩුවක් ? ඒ මොකක්ද මොන කල්පේ එන එකක්ද? අර සුළු ජාතිකයෝ මහා ජාතිය පාලනය කරන ආණ්ඩුවක්ද?

:       8       46

Nihal Friday, 03 September 2021 08:43 AM

ඔයාලට ඡන්දේ තියෙන්නේ උතුරු නැගෙනහිර සහ කොළඹ විතරනේ.

:       5       24

John Perera Friday, 03 September 2021 08:48 AM

මොලයක් නෙවෙයි, මේ වගේ....

:       4       12

තොප්පි ගල -කැලයක් Friday, 03 September 2021 08:58 AM

කකුලෙන් අදින්න නම් නේද... මයේ අම්ම. ඕනේ බලේ විතරයි..... කිසිම ඉදිරි දැක්මක් නැති හැටි

:       2       25

Prase Friday, 03 September 2021 09:05 AM

මේ වගේ ගොන් වැඩ කරන්න ඡන්දේ දෙන මිනිස්සු ඉන්නේ කොහෙද.?

:       5       25

kasun Friday, 03 September 2021 09:26 AM

අනේ මෙහෙමත්....

:       2       15

p.d goonawardena Friday, 03 September 2021 09:50 AM

රටට, ජනතාවට කරපු කෙනෙහෙලිකනම් වලට තමා ගිය පාර ගෙදර ඇරියේ... බඩු ගෙන්නන්න ආයිත් ඇවිල්ල ඉන්න එපායැ නේද?

:       7       19

Asantha Friday, 03 September 2021 10:17 AM

හරක් කියන්නේ මේ අයට තමයි...

:       3       14

Lal Friday, 03 September 2021 10:42 AM

මෙහෙමත් කපටි, කෛරාටික කාලකන්නි මිනිස්සු...

:       4       12

කිිරිපුතා Friday, 03 September 2021 10:55 AM

රටට වස විෂ ගෙන්වන්න කියලා මෙයාලාට ඡන්දය දුන්නොත් ඒ මෙයාලගේ වරද නෙවෙයි. ඡන්දය දෙන අයගේ වරද... මෙවැනි පහත් සංකල්ප දිනවනවා නම් රටක් හැටියට කවදා ඉස්සරහට යා හැකි වෙයිද?

:       4       8

කෝ අපේ දේශපාලකයන්ට දැක්මක් Friday, 03 September 2021 10:58 AM

මේ ආණ්ඩුවේ අධ්‍යාපනය හරියට නැති දේශපාලකයින්ටත් එන්න ඉන්න අයටත්, විපක්ෂයේ අයටත් කියන්නේ දත්ත විද්‍යාව සහ විශ්ලේෂණය භාවිතා නොකොට ඔහේ මෙවැනි ප්‍රකාශ කරන්න එපා. කාබනික පොහොර භාවිතය ඉතා හොඳ පියවරක් වගේම කළ යුතුව තිබූ දෙයක්... ඒත් මේ වර්ග දෙකම වෙනස් හේතු නිසා කළමණාකරණය කොට භාවිතා කරන්න වෙනවා. දෙපැත්තේම කථා කළ, වගකිව යුත්තෝ තමන්ගේ නූගත්කම ප්‍රදර්ශනය කළා කියලා කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා.

:       2       9

විජේ Friday, 03 September 2021 11:02 AM

ජාතික ප්‍රතිපත්ති ඕනෙ තැන්වලට අවස්ථාවාදී, කූට, දේශපාලන ගුග්ලි දැමීමෙන් ව්‍යාපාරිකයන් කීපදෙනෙක් සහ ඔවුන්ගෙන් යැපෙන දේශපාලුවන් ඇර, වෙන කිසිම කෙනෙකුට සෙතක් නෑ. ලෝකෙ ලොකුම වකුගඩු රෝහල් 100 ම ලංකාවේ හැදුවත් වැඩක් නෑ. මිනිස්සු ඒවාට ගොදුරුවෙන ක්‍රම නැති නොකර. අල, වතුවල තිබුණාට වැඩක් නෑ.., මැටි මොලවල තිබිලා.

:       2       7

දිසා.....ගම්පහ. Friday, 03 September 2021 11:14 AM

පොළොන්නරුවට වගේම, කුරුණෑගලටත් අංග සම්පූර්ණ "වකුගඩු රෝහලක්" හදන්න දැන්ම පටන් ගත්තොත් හොඳයි....

:       4       5

ලලිත් එම් Friday, 03 September 2021 11:18 AM

කොහොම වුවද කෑම බීම හිඟ වෙනකොට වස නොවේ.. තණකොළ තමයි අපිට කන්න වෙන්නේ. ඉන්දියාවේ, ඕස්ට්‍රේලියාවේ ඵහෙම කාබනික වලින්ම වෙන්න ඇති අල, පරිප්පු, කුළුබඩු, ළූණු වවන්නේ. සුරංගනා ලෝක මැව්වට අපි ඉන්නේ ලංකාවේ... අනික රසායනික පොහොර මතම යැපෙන එක ලොකුම මෝඩ වැඩක් බව ඇත්ත. මිශ්‍ර ක්‍රම තිබිය යුතුයි.

:       4       6

Sriland Friday, 03 September 2021 12:05 PM

එජාප ප්‍රතිපත්තිය රට බල්ලට පවරලා ගොඩදාන ප්‍රතිපත්තියක් නෑ. කවදාවත් දිනන්න බෑ...

:       0       1

Dilini perera Friday, 03 September 2021 12:32 PM

අපේ රටේ මිනිස්සු හැමදේම දේශපාලයට හරවගන්න තරම් මෝඩයි .දේශපාලකයෝ මෝඩ තීරණ ගන්නවා

:       0       0

chandana Friday, 03 September 2021 03:36 PM

වචන හරඹ වලට රැවටිලා මෙයාලාව පත්කරගන්න තරම් ජනතාවට මොලේ අමාරුවක් නැතුව ඇති. කොහොමත් මෙයාලා වැරදිලා හරි පත් කරපු හැම වෙලාවේම රට ආපස්සට යවන ඒකනෙ කලේ. ඒ්ක කාටවත් අමතක වෙන එකක් නැහැ. අද ඊයේ ඇටෙන් පොත්තෙන් එළියට ආපු ගැටයින් නම් රැවටෙයි...

:       0       3

සරත් වීරසිංහ Saturday, 04 September 2021 03:28 PM

ඉතාමත් වැදගත් අගය කළයුතු විද්‍යාත්මක තීරණයක්... පොළවේ පය නොගැසූ දිව්‍යලෝකවල ජීවත්වන්නන්ගේ තාත්වික නොවූ මතයකට අභියෝග කිරීම...

:       2       0

සරත් වීරසිංහ Saturday, 04 September 2021 03:31 PM

පොළවේ පයගැසුවන්ගේ මතයත් එයයි..

:       2       0

Sarath Tuesday, 07 September 2021 04:54 PM

ජාතික ප්‍රතිපත්තියක් ලංකාවෙ නැ. කලකන්නි. ඔහොම හිතන උන්ගෙ ආණ්ඩුවලට වඩා යටත්විජිත හොදය. මේ ගොන්පාර්ට්වලට අහුවෙන්නෙ මෝඩයො විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 508 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 1279 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 690 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 625 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 926 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 457 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 93 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1441 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site