IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


‘අපේ ආරක්ෂකයන් කොළඹට කැඳවලා‘

 ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවට දිගින් දිගටම බාධා කළ ආණ්ඩුව එම පාද යාත්‍රාව කොළඹට එන සඳුදා (1) දිනයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට සිටින ප්‍රභූ ආරක්ෂකයන් හදිසියේ කොළඹට කැඳවා ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද  (31) පැවැසීය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට සිටි ප්‍රභූ ආරක්ෂකයන් කොළඹට කැඳවීම නිසා මන්ත්‍රීවරුන් අනාරක්ෂිත වී ඇතැයි ද එලෙස අනාරක්ෂිත කිරීමට හේතුව නොදන්නේ යැයි ද වීරවංශ මහතා කීවේය.

වීරවංශ මහතා එලෙස පැවැසුවේ පාද යාත්‍රාවේ සිව් වැනි දිනය අවසානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ ද කීවේය.

 “අපි පාද යාත්‍රාවේ නුවර සිට කොළඹට එන්නේ පැරැදුණු දිස්ත්‍රික්ක හතරක් පසු කරමිනුයි. පැරදුණු දිස්ත්‍රික්ක හරහා පා ගමන් යන්නේ ඇයි දැයි බොහෝ දෙනකු විමසුවා. පැරැදුණු දිස්ත්‍රික්කවල ජනතාවගේ අද තත්ත්වය, දැන ගැනීමයි අපේ අරමුණ. පසුගිය ඡන්දයේදී අපට විරුද්ධව ඡන්දය දුන් බොහෝ දෙනකු දැන් පසුතැවෙනවා. පාද යාත්‍රාවේ සිව් වැනි දිනය අවසන් වන විට ලක්ෂ දහයක ජනතාවක් ඊට සහභාගි වී තිබුණා.

ආණ්ඩුව අපට විවිධ බාධා කළා. වෙනත් කෙනකුට කන්න තිබුණු තණකොළ ටික ගෙනත් කිරිබත්ගොඩ එල්ලුවා. ජනමාධ්‍යයට බලපෑම් කළා. මාධ්‍යවේදීන් උද්යෝගයෙන් පාගමන ආරම්භ කළා. නමුත් ආණ්ඩුවේ බලපෑම උඩ සමහර මාධ්‍ය ජනතාව සිටින ඡායාරූප පළ කළේ නැහැ. සමහර මාධ්‍ය බාර්වලට යන ගණන බලන්න සුරාසල් ගාව බලා සිටියා. ආණ්ඩුවට තමන්ගේ වැරැදි හදාගන්න වුවමනාවක් නෑ. එහෙම වුවමනාවක් තිබෙනවා නම් අපට මඩ ගසමින් අවලාද නගමින් ඉන්නේ නෑ.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් පමණක් ප්‍රභූ ආරක්ෂකයන් සදුදා (01) කොළඹට කැඳවලා. අපි නිල වශයෙන් වෙන් කර ගත් හයිඞ් පිටියේ වළවල් කපන්න අරගෙන. අපට දි තිබුණු ශබ්ද විකාශන යන්ත්‍රය පොලිසියෙන් නැවත අරගත්තා.

මේ රටේ හිටපු පොලිස්පතිලා වැඩ කරන නිහඬ චරිත. මරදානේ චොප්පේ වගේ නෙමෙයි. පූජිතට අපි කියනවා ඔය නිල ඇඳුම ගලවලා වික්‍රමසිංහගේ කොළ කමිසය ඇඳගන්න කියලා. හිටපු පොලිස්පතිලාගේ කීර්තිනාමයත් මේ පොලිස්පති වනසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු කීර්තිමත් ලේකම්වරයකුගේ පිළිරුවට මල්මාලා දමන්න දොඹකරයක් ගත්තැයි කියමින් සංවිධායකයෙක් අත්අඩංගුවට ගත්තා. අපි දොඹකරය ගත්තේ බලපත්‍ර සහිතවයි. ශ්‍රිලනිප සභාපති ජනාධිපති වෙලා ඉන්න ආණ්ඩුවක එහි හිටපු ලේකම්වරයකුට ගෞරව කරන්නත් බෑ. මේ පා ගමන විනයානුකූලව ආ පා ගමනක්. අද වනතුරු ගැටලුවක් වුණේ නෑ. අපි සදුදා (01) කොළඹට එනවා. හොඳම තැනට යනවා. අපේ පසුපසින් එන්න අපි බිලමු කොහේටද යන්නේ කියලා.

IMG_2899 IMG_2903



අදහස් (0)

‘අපේ ආරක්ෂකයන් කොළඹට කැඳවලා‘

ජෙනී Monday, 01 August 2016 04:34 AM

අපිට මහින්දගෙන් ලැබුන දේකුත් නැහැ, මෛත්‍රී ගෙන් රනිල් ගෙන් අපිටවත් අපේ ගෙදරවත් ලැබුණු දෙයක් නැහැ , නමුත් එඩිතර නායකයෙක් වශයෙන් රටට සාමයක් ඇතිකළා , අද අපි මර බිය නැතුව ඉන්නේ එතුමා නිසයි , ඒ නිසා එතුමා දේශපාලනේ ඉන්නකම් මගේ ඡන්දෙ එතුමාට පමණයි (බ)

:       0       0

රොහාන් පෙරේරා Monday, 01 August 2016 04:35 AM

ජනතාවාදී නම් අාරක්ෂකයෝ කුමටද ඇවිදින්න නිදහසේ සුදු වෑන් නැහැ (බ)

:       0       0

නසාර් Monday, 01 August 2016 04:41 AM

විමලේ මින් ඉදිරියට පුජිතලා වගේ පොලිස්පතිලා බලාපොරොත්තු වන්න. විමලේ නැවත රටබාර දෙන්නේ පොලිසියට බව දැනගන්න. (බ)

:       0       0

සමන් Monday, 01 August 2016 04:41 AM

මට හොදටම විශ්වාසයි දැන් ඒකාබද්ධ විපක්ෂය පසුතැවෙනවා ඇති මේ පාද යාත්‍රාවක් යන්න ගත්ත තීරණය ගැන. ආණ්ඩුව ගැන යම් අතෘප්තිමත්බවක් තිබුනත් එය මේ පාද යාත්‍රා කරුවන් ගැන ඇති අපුල පරයා නොයයි. (බ)

:       0       0

ඉසුරන්දි Monday, 01 August 2016 04:44 AM

ලැජ්ජා නැතුව තව ආරක්ෂාවක් ගැන කතා කරනවා.ඔහෙලා දැන් සාමාන්‍ය ජනතාව මිසක් ප්‍රභූ පැලැන්තියේ කට්ටිය වෙන්නේ කොහොමද?අනික මෙතන ආරක්ෂාව සැපයිය යුත්තේ ඔතන වේලි වේලි ගමන් කරන සාමාන්‍ය මිනිසුන්ට මිසක් මෙයාලට නෙමෙයිනේ. (බ)

:       0       0

හraI Monday, 01 August 2016 05:02 AM

සුබ ගමන්! ගැරහිලි බාධක මැඩගෙන ඉදිරියටම එන පාද යාත්‍රාවට ජය වේවා! (ම)

:       0       0

ශාන Monday, 01 August 2016 05:12 AM

නිලතල වල ඉන්න අයගේ ඇඳුම් ගැලෙවුවේ ඒ කාලේ. දැන් ඒවා කරන්න බැහැ. (නි)

:       0       0

ශාන සෞදි Monday, 01 August 2016 05:13 AM

යහපාලනය පාද යාත්‍රා ගැන කිසිම සැළකිල්ලක් නැහැ. එතුමන්ලා දන්නවා රටේ ජනතාව ඔය පාද යාත්‍රා යන කල්ලිය ගැන හොඳින්ම දැනුවත් කියලා. 3000-4000 ක් පාරේ ඔහේ ඇවිදගෙන ගිහින් රජයක් පෙරළන්න පුළුවන් කියලා හිතෙන්නේ මොන්ටිසෝරි දරුවන් පමණයි. හරිහමන් නීතියක් රීතියක් තිබුනා නම් මෙයාලා මේ වෙනකොට හිර ගෙදරයි ඉන්න ඕනෑ. හිරේ හොඳ ආරක්ෂාවක් තියෙනවා. පූජිත මහතා ඔහුගේ රස්සාව හරියට කරනවා. කෙළින් වැඩකරන ඔහුට අපගේ ආචාරය! (නි)

:       0       0

ලක්ෂ්මන් කුමාර Monday, 01 August 2016 05:16 AM

පූජිත මහතා ඔහුගේ රස්සාව හරියට කරනවා. කෙළින් වැඩකරන ඔහුට අපගේ ආචාරය! (නි)

:       0       0

රජින්ද Monday, 01 August 2016 05:18 AM

හුඟක් අදහස් දක්වලා තියෙන අය මේ පාද යාත්‍රාව ෆොටෝ වලින් දැකපු අය බව 100%ක්ම පැහැදිලියි. නුවර පාර අයිනට වෙලා කඩවත ටවුමේ ඉඳන් බැලුවා නම් මේ අය දැනගනීවි කීයක් ආවද කියලා. මගේ දැනීමේ හැටියට අවම තුන් ලක්‍ෂයකට වැඩි ජනතාවක් ආවා. (නි)

:       0       0

රණාලේ Monday, 01 August 2016 05:24 AM

පව්! ඔයා විමුක්ති පෙරමුණේ ඉන්නකොට ඔය ආරක්ෂක නිලධාරීන්ට සැළකුව හැටි අපි (මම) හොඳටම දන්නවා. (නි)

:       0       0

අංගොඩ ලාල් Sunday, 31 July 2016 07:48 PM

පාද යාත්‍රාවල යන්න මන්ත්‍රී ආරක්ෂාව මොකටද? මන්ත්‍රී ආරක්ෂාව ලැබිය යුත්තේ මන්ත්‍රීවරු වගේ වැඩ කරනකොට විතරයි. දැන් තමුන්නැහෙලා උද්ඝෝෂකයෝ නිසා ආරක්ෂාව ඉල්ලලා අඬන්න එපා. (නි)

:       0       0

නවරත්න Sunday, 31 July 2016 08:47 PM

බලය නැතිවුණාම මන්ත්‍රීවරුනට හරියට කේන්ති යනවා. බලය නැතිවුණාම තමා රටේ නීතිය සාමය මතක් වෙන්නේ. ලෝකයේ කොහෙවත් නැති දේශපාලඥයින් තමා අපේ රටේ ඉන්නේ (නි)

:       0       0

වින්සන්ට් Sunday, 31 July 2016 08:59 PM

මේ යුගයේ සමහර මන්ත්‍රීවරු කුලියට කටු කන චරිත බවට පත්වීම ඇත්ත වශයෙන්ම කණගාටුවට කරුණකි. (නි)

:       0       0

සිරිමල් Sunday, 31 July 2016 09:05 PM

ජයවේවා! (නි)

:       0       0

ප්‍රියාන් Monday, 01 August 2016 05:45 AM

දැන් එතකොට නුවර කෑගල්ල නිට්ටඹුව නගර වල තියෙනවා කිව්වා යු එන් පි ප්‍රවර්ධන වැඩ සටහන් ටික කලාද? ඒවාට මොකද උනේ? (ර)

:       0       0

චතුරි Sunday, 31 July 2016 09:05 PM

ප්‍රභූ ආරක්ෂකයෝ කියන්නේ කාටද? පැරදිලා ගෙදර ගිහින් නැවත එන්න දඟලන කට්ටියටද, තමන්ගේ ආරක්ෂාවට? පොලිස්පතිගේ ඇඳුම් මාරුකරන්න කියන්න තමන් කවුද? ඉස්සර දාපු සෙල්ලම් දැන් දාන්න බැහැ. (නි)

:       0       0

කමල් Monday, 01 August 2016 05:56 AM

පූජිත තවත් උඩුගම්පල කෙනෙක් වේවිද? (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 01 August 2016 06:00 AM

මේක බංකොලොත් යාත්‍රාවක් (බ)

:       0       0

ශාන්ත පෙරේරා Monday, 01 August 2016 06:06 AM

ආණ්ඩුවට කඩේ ගොස් පොලිසිය කුජීත කළ ලෝක පූජිත කෙනෙකු නම් කරන්න..(බ)

:       0       0

රංග Monday, 01 August 2016 06:01 AM

මට තියෙන ප්‍රශ්නේ ඇයි ආණ්ඩුව මෙච්චර බයවෙලා තියෙන්නේ කියලා (බ)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 31 July 2016 10:09 PM

අපි නම් මැරිලා ඉපදිලා නැහැ. අපට මතකයි ඒ අතීතය. ඒ අතින් අද පොලිස්පතිතුමා කොන්ද කෙළින් තියාගෙන වැඩ කරනවා. වැඩ කරන්න යහපාලන රජය ඉඩදීලා තියෙනවා. අපට ඕනෑ දේශපාලකයන්ට කඩේ යන පොලිසියක් නොව රටේ සාමය නීතිය රකින පොලිසියක්. අද ඒ කාර්යය අකුරටම මේ රටේ පොලීසිය ඉටු කරමින් ඉන්නවා. අපි නම් ගෞරව කොරනවා අපේ පොලිසියට කරන රාජකාරියට (නි)

:       0       0

ජනහිත Sunday, 31 July 2016 10:22 PM

මට හිතෙන්නේ ඒගොල්ලන්ටත් තණකොළ කාල ඇතිවෙලා. අපි මේවා තමයි පහුගිය කාලෙ කෑවෙ කියලා පෙන්නන්න වෙන්න ඇති ඔය එල්ලලා තියෙන්නේ. පවු අනේ කාපු තණකොළ වලටත් ණයයි. (නි)

:       0       0

තිලක් Sunday, 31 July 2016 11:46 PM

සුබ ගමන්! ගැරහිලි බාධක මැඩගෙන ඉදිරියටම එන පාද යාත්‍රාවට ජය වේවා! (නි)

:       0       0

සෝමපාල Monday, 01 August 2016 12:15 AM

පාද යාත්‍රාවේ යන අයට ආරක්ෂාව සපයන්නත් ඕනෑද? මේ අයගේ ආරක්ෂාව ඉවත් කළයුතුව ඇත්තේ මොවුන් සාමාන්‍ය ජනයාගේ ආරක්ෂකයන් නොවන නිසාත්, ආරක්ෂාව දියයුත්තේ සාමාන්‍ය ජනතාවට නිසාත්ය. පංචස්කන්ධයම ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, බලලෝභයෙන්, තණ්හාවෙන් පිරිලා. (නි)

:       0       0

ටෙෂාන් Monday, 01 August 2016 12:17 AM

තමන් වරදක් කරලා නැත්නම් ඔය කිසිදේකට බයවෙන්න දෙයක් නැහැනේ (නි)

:       0       0

මුණසිංහ Monday, 01 August 2016 12:38 AM

ආණ්ඩුව දෙඩෙව්වාට බයවුණ තරම පේනවා. මේවා දකිනකොට පැත්තකට වෙලා හිටපු අයත් පොදු විපක්ෂයේ පැත්තට ඇදෙනවා. (නි)

:       0       0

මුණසිංහ Monday, 01 August 2016 12:46 AM

පංචස්කන්ධයම ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, බලලෝභයෙන්, තණ්හාවෙන් පිරිලා තියෙන්නේ ආණ්ඩුවේ අයගේ නේද සෝමපාල? ආරක්ෂාව සපයන්න ඕනෑ කොටින්ට සහයෝගය දක්වන අයටද? සාමාන්‍ය ජනතාව අතරමංවෙලා ඉන්න බව දන්නේ නැතුවාද? (නි)

:       0       0

මුණසිංහ Monday, 01 August 2016 01:23 AM

පොලිස්පතිතුමා මීටවැඩිය ගෞරවාන්විතව හැසිරෙයි කියලා අපි හිතුවා. මේවා දකිනකොට අපිට නම් පිළිකුල්. මින් පස්සෙවත් අපිට ගෞරවයක් ඇතිවෙන විදිහට වැඩකළොත් හොඳයි (නි)

:       0       0

එරංග Monday, 01 August 2016 01:36 AM

ආරක්ෂා වෙන්න ඕනෑ කාගෙන්ද? (නි)

:       0       0

වික්‍රම Monday, 01 August 2016 01:36 AM

දැන් මොකටද ආරක්ෂාවක්? (නි)

:       0       0

ශාන්ත Monday, 01 August 2016 02:01 AM

ඉතින් හත් දෙයියනේ ඇත්ත නේන්නම්. අර කිව්වත් වගේ එයාලගේ අය අතරේ මොකටද අමුතු ආරක්ෂාවක්? ඒ මිනිසුන්ටත් නිවාඩුවක් ගන්න ඉඩදෙන්න එපැයි මෙහෙම වෙලාවකවත්... (නි)

:       0       0

ලක්ෂ්මන් Monday, 01 August 2016 02:12 AM

නිට්ටඹුව පහුකරලා යන මෙයාලව මට නම් පෙනුනෙ මල් පෙරහැරක් යන මොන්ටිසෝරි ළමයි ටිකක් වගේ. ඇයි යන්නෙ කොහෙද කියලා මොකුත් දන්නෙ නැතුව යන්නන්වාලේ යනවා. ටීචර්ලා ටික වාහන වල යනවා. (නි)

:       0       0

විජේසිංහ Monday, 01 August 2016 02:40 AM

නේත්‍රා දෙකින් දුටු අවරකෙළි වෙතත් මුන්... පාත්‍රා රැගෙන සඟගණත් බණ දෙසත් දැන්... මාත්‍රා ගණනකුදු චරිත නම් නොවෙත් වෙන්... ගාත්‍රා ගෙවෙනතුරු යාත්‍රා කළත් මුන්... (නි)

:       0       0

කමල් Monday, 01 August 2016 02:48 AM

ඔබ වගේ අයට මොන ආරක්ෂාද? (නි)

:       0       0

දොන් Monday, 01 August 2016 03:00 AM

හොරු සමග හෙළුවෙන්! (නි)

:       0       0

දොන් Monday, 01 August 2016 03:06 AM

පූජිත මහතා ඔහුගේ රස්සාව හරියට කරනවා. කෙළින් වැඩකරන ඔහුට අපගේ ආචාරය! (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Monday, 01 August 2016 03:06 AM

යහපාලනය පාද යාත්‍රා ගැන කිසිම සැළකිල්ලක් නැහැ. එතුමන්ලා දන්නවා රටේ ජනතාව ඔය පාද යාත්‍රා යන කල්ලිය ගැන හොඳින්ම දැනුවත් කියලා. 3000-4000 ක් පාරේ ඔහේ ඇවිදගෙන ගිහින් රජයක් පෙරලන්න පුළුවන් කියලා හිතෙන්නේ මොන්ටිසෝරි දරුවන් පමණයි. හරිහමන් නීතියක් රීතියක් තිබුනා නම් මෙයාලා මේ වෙනකොට හිර ගෙදරයි ඉන්න ඕනෑ. හිරේ හොඳ ආරක්ෂාවක් තියෙනවා. (නි)

:       0       0

චන්ද්‍රා Monday, 01 August 2016 03:14 AM

ජෙනරාල් සරත් මහතාගේ ආරක්ෂාව නැතිකරනකොට නිකරුනේ හිරේට ඇදලා දාද්දි ඔබතුමා ලංකාවේ නෙමෙයිද හිටියේ? ළඟ තියෙන වත්කම් හෙලිකළොත් ලොකු ආරක්ෂාවක් ලැබෙන්න බැරි නැහැ (නි)

:       0       0

බණ්ඩා කුවේට් Monday, 01 August 2016 03:17 AM

මේ වගේ රාජ්‍ය දේපල හොරාකාලා දුෂණ යටගහන්න දඟලන පාද යාත්‍රාවක් මම ලෝකේ කොහෙවත් අසා නැහැ (නි)

:       0       0

ප්‍රියාන් Monday, 01 August 2016 03:36 AM

පාද යාත්‍රව ගණන් ගන්නේ නැත්නම් මොකටද මේ හැටි කෑ ගහන්නේ? තමාගේ පාඩුවේ සද්ද නොකර හිටියා නම් ඉවරනේ යන ගමනක් යන්න කියලා. මට පෙනෙන්නේ කෑ ගහන අයට හොදටම රිදිලා වගේ (නි)

:       0       0

ජනහිත Monday, 01 August 2016 03:36 AM

සමහරු අරගොල්ලන්ටත් වඩා නන්දොඩවනවා වාගෙයි. කාට වුණත් දැන් බය සැක නැතුව පාරේ බැහැල යන්න පුළුවන් වුණේ එතුමාගේ වැඩ නිසයි. කවුරු තණ එල්ලුවත් ඒවා කන්නේ කැමති අයනේ. බුද්ධිමත් ජනතාව ඒක දන්නා නිසා ජනතාව එතන ඉන්නවා. ඔයගොල්ලෝ කලබල වෙන්න ඕනෑ නැහැ. එතකොට ඒ අයත් කලබල වෙන එකක් නැහැ.

:       0       0

නිම්මි Monday, 01 August 2016 03:04 PM

චතුරි නිකම් පොලිස්පතිගේ දුව වගේ. මේ රටේ කිසිම පොලිස්පති කෙනෙක් ඔය වගේ තුට්ටු දෙකේ කතා කියල නැහැ මිනිස්සු ඉස්සරහ. තමුන් ඒ වගේ දේවල් අනුමත කරනවා කියන්නේ තමනුත් ඒ විදියම ඇති. ඉන්නේ නම් වැදගත් කියන රටක නේද? (බ)

:       0       0

ටිකිරි Monday, 01 August 2016 03:55 AM

මේ වගේ අයට ප්‍රභූ ආරක්ෂාව දෙන පළමු රට වෙන්න ඇති ලංකාව.(හේ)

:       0       0

තිලක් Monday, 01 August 2016 03:54 AM

කරුණ කරලා දැනට කෙරීගෙන යන දුෂණ වංචා පරීක්ෂණ ටික ඉක්මන් කරලා මෙයාලට සුදුසු ආරක්ෂක ස්ථානයකට යවන්න.(හේ)

:       0       0

හර්ෂ Monday, 01 August 2016 04:09 AM

ඔයාලව ආරක්ෂා කරන්න තමයි උසාවි නියෝග අරගෙන අනික් මිනිස්සු සංවිධානය කරලා තිබුන හැම එකක්ම නවත්තලා පාද යාත්‍රාව පමණක් තියන්න දුන්නේ ... රතුපස්වල මිනිස්සු වගේම මාවනැල්ලේදීත් මිනිස්සු අනික් කාරනාවට එකතු වුනා නම් ගුටි කෙලියක් වෙන නිසා තම පොලිස්පති මුන්දලව රැක ගත්තේ...අනික කියන්නේ නම් විදුලි පුටුවට යන්නම් කියලා ...ඒ වුනාට නුවර ඉදන් කොලඹට පයින් එන්න බැහැ ආරක්ෂාව නැතුව ...එච්චරට රටේ මිනිස්සු මේ අයට ආදරෙයි ...(හේ)

:       0       0

ජයසිරි Monday, 01 August 2016 04:20 AM

ඔක්කොම බලන්නේ හරි සැහැල්ලුවෙන්. නමුත් ඔය වගේ දේවල් අළු යට ගිනි පුපුරු වගේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 125 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 160 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 296 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 109 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1108 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 2501 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39114 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site