IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘අපේ ආරක්ෂාව අපේ අතේ‘

‘කවර අතින් බැලුවත් ඉන්දියාවේ හාශ්‍රී ලංකාවේ බොහෝ සමාන කම් ඇත. සමීපම අසල් වැසියන් වශයෙන් ආගම භාෂාව සංස්කෘතිය ආදී හැම අංශයකින්ම දෙරටේ සමානම් බොහෝය. අප දෙරට නිදහස් ලැබුවේ ද එකවිටම වාගේය.‘ යැයි ඉන්දියා අගමැති මෝදි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී කීවේය.

‘ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවේ දියුණුව යනු ඉන්දියාවේ ප්‍රබෝධයට හේතුවකි.

ලොව ඉන්දියාව දෙස බලනුයේ ජගත් ආර්ථිකයේ ප්‍රධාන හවුල්කරුවකු වශයෙනි. ඉන්දියාවේ උත්සාහ වනුයේ එහි ප්‍රථම සහකරු ශ්‍රී ලංකාව කර ගැනීමයි. දකුණු ආසියා සංවර්ධනයේ ප්‍රධාන ඇන්ජින් දෙක ලෙස ඉන්දියාව හා ශ්‍රී ලංකාව කර ගත යුතුයි.

න්‍යෂ්ඨික බලය සාමකාමී කටයුතු වලට යොදා ගැනීම සඳහා අපි ගිවිසුම් අත්සන් කළෙමු. කෘෂිකර්මය එසේ දියුණු කර ගත හැකි එක් අංගයකි. චන්ද්‍රිකා තාක්ෂණයේ උපරිම පළ නෙලා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිය. ශ්‍රී ලංකා වැසියන් ඉන්දියාවට ගමන් කිරීමේ දී ඔන්ලයින් වීසා ක්‍රමය අපි ක්‍රියාත්මක කරන්නෙමු.

මගේ උපන් බිම බුදු සමයේ වැදගත් ස්ථානයකි.  අප දෙරටේ ආරක්ෂාව අපේ පැවැත්මට බෙහෙවින්ම අවශ්‍ය වේ. සාමුද්‍රික ආරක්ෂාව ද ඉතා වැදගත් වේ.

දියුණුවේදීත්, ආපදාවේදීත් අත්වැල් බැඳ ගැනීමේ ශක්තිය අප දෙරටට තිබිය යුතුයි.

අපේ ආරක්ෂාවට හා දියුණුවට අහිතකර බලපෑම් අප හදුනාගත යුතුයි. ඒ අනුව අහිතකර ආරක්ෂක බලපෑම් තත්ත්වයන් ඇති කිරීමට ඉඩ නොතැබිය යුතුයි. ශ්‍රී ලංකාව, මාලදිවයින, ඉන්දියාව, ඇතුළු රටවල ආරක්ෂාව අප තහවුරු කර ගත යුතුයි.

එය අපේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමේ අප සතු වගකීමයි.‘

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා -

‘ප්‍රජාතන්ත්‍රවාදී සමාගමය ග්‍රීක ශිෂ්ඨාචාරයට පෙර භාරතයේ ඇති විය. ගෞතම බුදුන් වහන්සේගේ සමය ලිච්ඡවී රජ දරුවන්ගේ පාලනය වැනි දේ නිදසුන් කොට දැක්විය හැකියි. ශ්‍රී ලංකාවේ අනුරාධපුර පොළොන්නරු යුගය මේ කලාපයේ ඉපැරණි ශිෂ්ටාචාරය ද නිදසුන්ය.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සබඳතා අනාදිමත් කාලයක සිට පවතී. චෝල හා පාණ්ඩව යුග විජය කුමරුගේ ශ්‍රී ලංකා ආගමනය නිදසුන් කිහිපයකි.

ඉන්දියා සාගර කලාපයේ ප්‍රධාන කාර්යභාරය ඉන්දියාව සතුය. ශ්‍රී ලංකාවට ද කාර්යභාරයක් හිමිය.  ‘

විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා -

‘අශෝක රජතුමාගේ පුත් මිහිඳු මහරහතන් වහන්සේ හා දියණිය සංඝමිත්තා තෙරණිය බුදු සමය හඳුන්වා දීමෙන් ශ්‍රී ලංකාවට දැක්වූ අනුග්‍රහය කිසිවකුටත් අමතක නොවේ.

බුද්ධගයා, බරණැස, කුසිනාරාව, වැනි බෞද්ධ මධ්‍යස්ථාන වලට ශ්‍රී ලාංකිකයෝ ලක්ෂ ගණනින් යති.

පවුල්  බලපෑමකින් තොර ස්ව ශක්තියෙන් නැගී සිටි විනයගරුක අවංක හා කාර්යශූර නායකයකු ලෙස ඔබ සැලකිය හැකිය. ගුජරාටය සංවර්ධනය කිරීමට ඔබ ගත් උත්සාහය ඔබේ කෘෂිකාර්මික දැනුමේ සාර්ථකම පියවරකි. ‘

  

_DSC0008 _DSC0025 _DSC0036 _DSC0042 _DSC0053 _DSC0062 _DSC0075 SAM_9354

ඡායාරූප- ජයමාල් චන්ද්‍රසිරි

60 600 DSC_ DSC_3079 DSC_3131 DSC_3260 DSC_3263 DSC_3324 DSC_3414 DSC_3421 DSC_3475 DSC_3486 DSC_3493 DSC_3503 DSC_3517 DSC_3523 DSC_3540 DSC_3584

 

ඡායාරූප- ශාන්ත රත්නායක

 

 

  

 



අදහස් (0)

‘අපේ ආරක්ෂාව අපේ අතේ‘

ශීලා Friday, 13 March 2015 05:14 PM

අචලා, ඉන්දියාව තමයි යුද්දෙට මුලිකවම වගකියන්න ඕනේ. ඒගොල්ලෝ තමයි මුලින්ම දෙමල තරුණයන්ට යුධ පුහුණුව දුන්නේ. තවත් 1980 ගණන්වල ඩෙන්සිල් කොබ්බෑකඩුව සෙන්පති තුමාලා යුද්දේ කරගෙන යද්දී ඉන්දියාව තමයි එ්ක නවත්තල නියපොත්තෙන් කඩන්න තුබුණු දෙමල කොටි ත්‍රස්තවාදය පොරවෙනුත් කපන්න බැරිතරමට ලොකු කලේ (නදී)

:       0       0

විකුම් Friday, 13 March 2015 06:21 PM

යුද සමයේදී ශ්‍රී ලංකාවට කිසිම උදවුවක් කිරීමට ඉන්දියාව ඇඟිල්ලක්වත් ඉස්සුවේ නැත. (නි)

:       0       0

විකුම් Friday, 13 March 2015 06:30 PM

ශ්‍රී ලංකාවේ නිදහස මින් ඉදිරියට වැටකොටු වලට පමණක් සීමාවේද? (නි)

:       0       0

පියසිරි Friday, 13 March 2015 10:24 PM

තව ටික දිනකින් බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

වසන්ත Saturday, 14 March 2015 02:50 AM

ඉඟුරු දීල මිරිස් ගත්තා හා සමාන වේවි .

:       0       0

අනුර Saturday, 14 March 2015 03:11 AM

යුද්දයේ මුලික වීරයා චීනය,රුසියාව අනුග්‍රාහකයා ඉන්දියාව, චීනය තම දේශ සීමාව තර කිරීමත් මන් මොහාන් සින්ග් කිසියම් හේතුවක් නිසා ශ්‍රීලංකාව ස්වෛරී රාජ්‍යයක් බව ඉන්දීය පාර්ලිමේන්තුවට පැවසීම නිසා සම්පුර්ණයෙන්ම රෝඕ ඔත්තු සේවා ක්‍රියාකාරකම් අත්හිටුවා නැවත පරිප්පු දැමීමට ඉඩ නොතැබීමත් නිසා අපි දිනුවෙමු. ක්‍රියාන්විතයේ වික්‍රමාන්විත වීරයෝ ෆොන්සේකා ඇතුළු ත්‍රිවිද හමුදාපතිවරු තීන්දු තීරණ ගැනීමෙන් නායකත්වය රාජපක්ෂ සහෝදර සමාගමට. එල්ටිටිය දෙකඩ කිරීම, අඩපන කිරීම, දිවි දුන් දිගු දුර බලකාය කර්නල් තුවාම් ඇතුළු කණ්ඩායම. මෙම විරුවන් පාවාදීමෙන් කකුලෙන් ඇද්ද පිරිස ජනතාව දනී. අද බළලුන් ලවා කොස් අැට බෑවීමට ඔවුන්ට සිදු උනේ මේ නිසාය (නදී)

:       0       0

අනුර Saturday, 14 March 2015 03:12 AM

ජයන්ත හරියටම හරි කකුලෙන් ඇදපු අය වෙනම ඉන්නවා (නදී)

:       0       0

උක්කුන් පුතා Saturday, 14 March 2015 04:29 AM

ඉන්දියාව කියන්නේ කවුද කියලා දැනගෙන වැඩකරන්න. ලංකාවට හැමදම කරදර කළේ ඉන්දියාව. දැන් රට බෙදිලා ඉන්න වෙලාවේ ඉන්දියාව බොර දියේ මලු බාන්න දගලන්නේ. (ම)

:       0       0

ජයන්ත Friday, 13 March 2015 02:48 PM

අපි චීන කොලනිය අමතක කර ඉන්දියානු කොලනිය බාර ගමු .......හැබැයි කොටි යුද්දෙයෙදී චීනය අපි සමග සිටි බව අමතක නොකරමු . (අ)

:       0       0

අචලා Friday, 13 March 2015 04:03 PM

අපේ යුද්දෙදි ඉන්දියාව අපිව ආරක්ෂා නොකරන්න අපිට යුද්ධය දිනීම හීනයක් පමණි (අ)

:       0       0

යහපාල Friday, 13 March 2015 04:18 PM

අචලා කියන්නේ යුද්ධය වෙලාවේ ඉන්දියාව අපිව ආරක්ෂාකළා කියලද? ඔයා දන්න දේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 2 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 63 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 337 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 433 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 266 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 154 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38185 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25143 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 828 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site