IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


අපේ ක්‍රිකට් කණ්ඩායමට රතු පළස එළයි

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඔවුන් පිළගැනීමට එහි රතු පළස එළා තිබිණි.

ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඔවුන් පිළිගත් අතර සර්ව ආගමික වතාවත්වලින් පසු මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය.

ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීමට විශාල පිරිසක් කටුනායක ගුවන්තොට අසළ රැස්ව සිටිති.

 

 



අදහස් (0)

අපේ ක්‍රිකට් කණ්ඩායමට රතු පළස එළයි

චන්ද්‍රා Tuesday, 08 April 2014 05:26 PM

ජයවේවා! 2015 ලෝක කුසලානයත් ලංකාවටම ලබාගන්න නුවණ ,ශක්තිය, අවස්ථාව ලැබේවා ! සැමටම ප්‍රණාමය වේවා! (නි)

:       0       0

නිරාන් Tuesday, 08 April 2014 05:31 PM

මවු රටේ නොසිටියත් හදවතින් අපි ඔබ සමඟයි (නි)

:       0       0

සුගත් Tuesday, 08 April 2014 05:37 PM

ජය වේවා අපේ රජ පැටවුන්ට! (නි)

:       0       0

වල්පිට Tuesday, 08 April 2014 05:40 PM

ජාතියේ පැතුම ඉටු වුණා.ඔබගේ ශක්තියට ජය! ඒ වගේම ඔබගේ ජය සහ පරාජයේදී පිටුපසින් සිටියේ අපේ රටේ ජනතාව බව අමතක කරන්න එපා.රටේ දුප්පත් ජනතාව වෙනුවෙන් යමක් ඔබට කරන්න පුලුවන් නම් මෙහි අගය තවත් වැඩිවේවි. (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 08 April 2014 05:44 PM

මම නම් කල්පනා කළේ මැලේසියාවේ ගුවන් යානයට සිදුවූ දේවත් පාඩමකට නොගෙන තවමත් එකම ගුවන් යානයක වටිනා කියන පුද්ගලයන් මෙහෙම පටවන එකයි.තාක්ෂණයේ දියුණුවට කළ නොහැකි දේ තිබෙන බව මලයාසියා ගුවන් යානය ඔප්පු කර තිබියදී මේ වගේ තීරණ ගන්න අපේ අයගේ ඇස් ඇරෙනකොට අපිට අපේ රටට කීර්තිය ගෙනෙන ජාතික සම්පත් අහිමි වෙලා තියේවි කවදාහරි. (නි)

:       0       0

රංග ජයවර්ධන Tuesday, 08 April 2014 05:45 PM

20% ක් ක්‍රීඩකයන්ට ගෙවීම සාධාරණයි (නි)

:       0       0

චමල් Tuesday, 08 April 2014 05:46 PM

30 වසරක යුද්ධය නිම කර ලංකාව ආසියාවේ ආශ්චර්යය කරා යන ගමනේ තවත් සන්ධිස්ථානයක් පසු කරන්න සමත් වුණා. මෙම කුසලානය දිනා ගැනීම ඕස්ට්‍රේලියාව, ඉන්දියාව,එන්ගලන්තය වැනි අපට එරෙහි රටවල් වලට කියා දුන් පාඩමක් බවයි විද්වතුන් පවසන්නේ. (නි)

:       0       0

ප්‍රවීන් Tuesday, 08 April 2014 05:51 PM

මාලිංග කියන්නේ අති දක්ෂයෙක්. වාසනාවන්ත නායකයෙක්. නමුත් දිනේෂ් චන්දිමාල් කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාවේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම මහත්මයෙක්.අයි.පී.එල් වලදී තමන්ට ලැබුන ලන්සුව පසෙක තබා ගෙදර හිටියා. 20/20 ලෝක කුසලානයේදී අවසාන තරග තුන කැපකළ, තරඟ දිනන විට අවංකවම සතුටු වුණ නියම ශ්‍රී ලාංකික කොල්ලෙක්. චන්දි ,ඔබට ජය! (නි)

:       0       0

ජයන්ත Tuesday, 08 April 2014 06:03 PM

සුභ පැතුම්! ක්‍රිකට් නිසා රටේ සියලුම දෙනා සතුටින් ඉපිලෙනවා.මටත් හරිම සතුටුයි.ඡන්ද කාලෙට මේ මිනිසුන්ම පිල් බෙදිලා කපා කොටා මරාගන්නවා. (නි)

:       0       0

සරත් පර්ත් Tuesday, 08 April 2014 06:04 PM

ලෝක කුසලාන දිනාගෙන මවුබිමට පැමිණි සියලුම ක්‍රීඩකයින්ට අපේ උණුසුම් සුභ පැතුම් හද පිරි සතුටින්! (නි)

:       0       0

කෝසල Tuesday, 08 April 2014 06:19 PM

සැමදා දිනේවා ලක් මෑණි මගේ! (නි)

:       0       0

සුලෝච් Tuesday, 08 April 2014 06:23 PM

සිරියලතා කියන්නේ ලංකාවේ ඉන්න බැරිවුණාට කරුමය කියලාද? ඒකට කමක් නැහැ.තවම ප්‍රමාද නැහැ.වහාම ලංකාවට පියාඹලා එන්න. (නි)

:       0       0

මොහොමඩ් නිෆල් - දෝහා කටාර් Tuesday, 08 April 2014 06:30 PM

ඇත්තටම මට හිතාගන්න බැරි සතුටක් තියෙන්නේ. මේ වගේ ජයග්‍රණයක් ලැබූ මොහොතේ ලංකාවේ නැති එක ගැන ගොඩක් දුකයි (නි)

:       0       0

සුලාරි Tuesday, 08 April 2014 06:37 PM

මගේ ලක් මෑණියන් සැමදා දිනේවා! (නි)

:       0       0

නිරංජන Tuesday, 08 April 2014 06:55 PM

මෙදා සැරේ අවුරුද්ද නම් ජයටම කන්න පුළුවන් (නි)

:       0       0

පහන් Tuesday, 08 April 2014 07:01 PM

ලියන්න වචන නැහැ. මමත් ලංකාවේ හිටියා නම් අනිවාර්යයෙන්ම සුභ පතන්න,දැකගන්න එනවා.මගේ චුටි පුතා ලංකාවේ ඉඳලා අපි දිනපු හැටි ලස්සනට කියනවා.එයාට දැන් අවුරුදු 5යි. අපේ ක්‍රිකට් වීරයන්ගේ නම් කීපයක්ම දන්නවා (නි)

:       0       0

චන්දන Tuesday, 08 April 2014 07:09 PM

ජය වේවා! (නි)

:       0       0

අර්ශා Tuesday, 08 April 2014 07:13 PM

මහේල, සංගක්කාර, ඔබ දෙපල ඇත්තෙන්ම විශිෂ්ටයි. (නි)

:       0       0

මර්වින් Tuesday, 08 April 2014 07:16 PM

බන්දුල පෙරේරාගේ අදහස කියවලා මම තවම හිනා වෙනවා. ඔයාට තිබුණ මොළය මේ ලෝකයේ කාටවත් නොතිබුණ එකනේ පුදුමේ. ඔය පණ්ඩිතකම් පැත්තක තියලා කරුණට අදාලව අදහස් දාන්න.කුහකකමක මහත! තාමත් සුභ පැතුවේ නැහැ නේද? (නි)

:       0       0

මල් Tuesday, 08 April 2014 07:20 PM

ඔබයි අපගේ දේශයේ සැබෑ අභිමානය... (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 08 April 2014 07:33 PM

බන්දුල පෙරේරා කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ.අනේ මන්දා මර්වින්, මෙයා කවදා දෙයක් තේරුම් ගනීද කියලා (නි)

:       0       0

කසුන් Tuesday, 08 April 2014 07:40 PM

සංගා, මහේල, මාලිංග ඇතුළු සැම සදා අපේ හිත්වල රැ‍ඳේවි (නි)

:       0       0

ගුණතිලක Tuesday, 08 April 2014 07:47 PM

මගේ ලක් මව සැමදා දිනේවා! (නි)

:       0       0

අනුරුද්ධ Tuesday, 08 April 2014 08:01 PM

ලංකාවේ නම ලෝකය පුරා රැ‍ඳෙව්වාට ගොඩක් සතුටුයි අපට. (නි)

:       0       0

රන්ජනී ලන්ඩන් Tuesday, 08 April 2014 08:03 PM

ඔබ සියලු දෙනාටම සියලු දෙවි දේවතාවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා! වචන වලින් කියලා නිම කරන්න බැරි සතුටක් තියන්නේ. ජය වේවා! (නි)

:       0       0

සුදත් Tuesday, 08 April 2014 08:16 PM

රටට ජයක් ගෙනදුන් ඔබට ඉදිරියටත් ජයෙන් ජය ලැබේවා! (නි)

:       0       0

අසින්ත Tuesday, 08 April 2014 08:23 PM

ලංකාවේ සිංහයන්ට ජය වේවා! නමුත් අපේ ගොඩක් අයට චන්දිමාල්ව අමතක වෙලා. ප්‍රවීන් වගේ ක්‍රීඩාලෝලීන් ඉන්නකම් අපේ රටේ ක්‍රිකට්/ ක්‍රීඩකයන් ආරක්ෂා වේවි. චන්දිමාල්, ඔයා කවදාහරි ක්‍රිකට් වල අර්ජුන රණතුංග කෙනෙක් වෙනවා කියලා අපිට විශ්වාසයි. ඔබට ජය. (නි)

:       0       0

සුනෙත් Tuesday, 08 April 2014 08:25 PM

සියලුම ක්‍රීඩකයින්ට අපේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

රංග Tuesday, 08 April 2014 08:33 PM

අපි සැමදා ඔබට ණයගැතියි විරුවනේ. (නි)

:       0       0

ගජමන් Tuesday, 08 April 2014 08:36 PM

මගේ උණුසුම් සුභ පැතුම්, සියලුම ක්‍රීඩකයන්ට. (නි)

:       0       0

සි. ගංගොඩ Tuesday, 08 April 2014 08:51 PM

අපේ පුංචි රට ශ්‍රී ලංකාව, ලෝකයේ මුල් තැනට ගෙනඒමට කැපවීමෙන් ක්‍රීඩා කළ අපේ සිංහ පැටවූ ටිකට උණුසුම් සුභ පැතුම් පතමු ! (නි)

:       0       0

සමත් Tuesday, 08 April 2014 09:19 PM

හදවතින්ම සුභ පැතුම්! ලංකාවේ ඉපදීම ආඩම්බරයක් (නි)

:       0       0

පෙරේරා Tuesday, 08 April 2014 09:35 PM

ඒ වුණාට චන්දිමාල්ට මෙහෙම නොකර ඉන්නයි තිබුණේ (නි)

:       0       0

මිගිද Tuesday, 08 April 2014 10:50 PM

දැන් ඉතින් මණ්ඩලය උඩ පැන පැන නටාවි.දැක්කනේ සංගයි මහේලයි කළ කතාව. (නි)

:       0       0

දුමින්ද Tuesday, 08 April 2014 11:00 PM

වාස් සහ මාවන් අමතක කළ යුතු නැහැ නේද? (නි)

:       0       0

කුමාර Tuesday, 08 April 2014 11:51 PM

අපේ සිංහ පැටියනි, 2015 වසරේත් රතු පලස උඩින් එන්න සමගියෙන් කටයුතු කරන්න. ජාතියේ ආශිර්වාදය ඔබට. (නි)

:       0       0

ශාන්ති Wednesday, 09 April 2014 12:12 AM

අපේ වීරයන්ට ජය වේවා (දී)

:       0       0

වෙලගෙදර Wednesday, 09 April 2014 12:57 AM

තව තවත් මේවගේ ජයග්‍රහණ ලබා ගන්න ශක්තිය අපේ කොල්ලන්ට ලැබේවා (දී)

:       0       0

චමින්ද Wednesday, 09 April 2014 01:00 AM

ක්‍රිකට් විරුවනි, ඔබ මුදලට ක්‍රිකට් ගසා (අයි පි එල්) රටට පැමිණි විටදී ලැබුණු ප්‍රතිචාරයත්, රට වෙනුවෙන් ක්‍රීඩා කර පැමිණෙන විටදී ලැබෙන ප්‍රතිචාරයත් ගැන සිතන්න. සැමවිටම 'පළමුව මව්බිම' ලෙස සිතන්න. ඔබ සැමට මගෙත් උණුසුම් සුබ පැතුම්. (දී)

:       0       0

ලයනල් Wednesday, 09 April 2014 01:40 AM

අපේ සුභපැතුම් (දී)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Wednesday, 09 April 2014 01:44 AM

ජය වේවා (දී)

:       0       0

උපුල් Wednesday, 09 April 2014 01:49 AM

චාමි, මේ හැසිරීම ලෝකෙටම පොදු දෙයක්. ඇමෙරිකාවේ ඉස්කෝල තරඟ අවසානයේත්, බ්‍රසීලයේ ගම් දෙකක් අතර තරඟ අවසානයේත්, යුරෝපයේ කණ්ඩායම් අතර තරඟ අවසානයේත් මේ කී නොකී හැමෝම මේ විදියට හමුවෙනවා ඒ නිසා අප්සෙට් වෙන්න එපා. . (දී)

:       0       0

දම් Wednesday, 09 April 2014 03:46 AM

ලෝක කුසලානය දෙස බැලීමට වෙලාවයි (දී).

:       0       0

භානු Wednesday, 09 April 2014 04:14 AM

අපේ බන්දුල පෙරේරා මහත්තයව තමා ක්‍රීඩා ඇමැතිකමට ගන්න තිබුනේ. එතකොට ක්‍රීඩකයන් එක්කෙනාට එක ගුවන් යානය බැගින් සපයා දෙවි. ක්‍රීඩා අරමුදල හින්දුනත් කමක් නැහැ .ලෙඩා මලත් බඩ සුද්දයි කියලා සතුටු වෙන්න පුළුවන්. බන්දුල මහතාණෙනි මේ ප්‍රීතිමත් අවස්ථාවේ අපි ඉස්සෙල්ල ක්‍රීඩකයන් ට සුභ පතා ඉන්පසු ඔව්න් ගේ ජීවිතාරක්ෂාව ගැන සිතමු. (දී)

:       0       0

අසංක Wednesday, 09 April 2014 05:31 AM

අපේ කොල්ලෝ දිනුවත් පැරදුනත් අපි ආදරයෙන් පිලි ගන්නවා (දී)

:       0       0

කමල් Wednesday, 09 April 2014 06:23 AM

අපේ විරුවන්ට මතක ඇතුව පඩි වැඩි කරන්න.(නි)

:       0       0

සෙනරත් Wednesday, 09 April 2014 06:46 AM

ජය වේවා! සියලු දෙනාම එකමුතුව සෙල්ලම් කළා. සුභ පැතුම් මාලිංග, සංගා, මහේල, චන්දිමාල් ඇතුළු සියලු දෙනාටම. බන්දුල පෙරේරා කියනදේත් ඇත්තක් තිබෙනවා. ඒ කතාවේ වැරැද්දක් නැහැ. (නි)

:       0       0

රකිත් Wednesday, 09 April 2014 07:54 AM

හොඳයි, බන්දුල මහත්තයෝ, 86දී ත්‍රස්තවාදී ක්‍රියාවක් හැරුනුකොට අපේ ශ්‍රී ලංකා ගුවන් සේවයේ ගුවන් යානයක් මගීන්ගේ ජීවීත අනතුරට ලක් කරමින් වැටුණු බවක් අසා තිබේද? සිංගප්පුරු ගුවන් සේවය අනතුරුවලට ලක්වී ඇත. එහෙත් තවම අපේ ගුවන් සේවය නිසා ජීවීත හානි වී නොමැත. එසේ නැතත්, මෙම ගුවන් යානය ගොඩබෑවේ කටුනායකයි. කාලගුණය නිසා වෙනත් ගුවන් තොටුපලකට ගොඩ බැස්සුවා නම් සමහරවිට අවදානම් තත්ත්වයක් ඇතිවීමට තිබුණි. කටුනායක පැමිණීමට කිසිදාක බියවිය යුතු නැත. (නි)

:       0       0

හුෂේන් Wednesday, 09 April 2014 08:23 AM

අපේ ක්‍රිකට් විරුවන්ට සුබ පැතුම්! (නදී)

:       0       0

උපාලි Wednesday, 09 April 2014 08:28 AM

ජයවේවා ශ්‍රී ලංකා කණ්ඩායමට! ඔබ අපට අභිමානයකි.සුපිරි තරගයක් අපි බැලුවා. ඔබට ජය! (නි)

:       0       0

රුවන චාමර (පොළොන්නරුව) Wednesday, 09 April 2014 09:58 AM

ලංකාවට ගෞරවයක් ගෙන ආවට හදවතින්ම අපි ඔවුන්ට ආශිර්වාද කරමු . ආයු රඛකන්තු ආ වඩා. (නදී)

:       0       0

මීනා Wednesday, 09 April 2014 10:20 AM

විශිෂ්ටයි, නියමයි, අපේ කණ්ඩායමට ජය වේවා. (ස)

:       0       0

රොහාන් දල්පෙතාදු Tuesday, 08 April 2014 04:06 PM

ජය වේවා ශ්‍රී ලංකා කණ්ඩායමට (ස)

:       0       0

මංජුලා හේමමාලි Tuesday, 08 April 2014 04:08 PM

අපේ රටට ජයවේවා!! (ස)

:       0       0

මාධව වෛජයන්ත Tuesday, 08 April 2014 04:09 PM

ජය වේවා!!! (ස)

:       0       0

දිලීප් Tuesday, 08 April 2014 04:10 PM

ජය ශ්‍රී..... (ස)

:       0       0

මීනා Tuesday, 08 April 2014 04:15 PM

අපේ ක්‍රිකට් විරුවන්ට සුබ පැතුම්!!! (ස)

:       0       0

ලලින්ද Tuesday, 08 April 2014 04:16 PM

ජය වේවා. ස්තුති මහේල සංගක්කාර ඔබ දෙපලට,මාලිංග ඔබ විශිෂ්ටයි. ලක් මව දිනේවා!!! (ස)

:       0       0

නිලන්ති Tuesday, 08 April 2014 04:17 PM

අපේ රටට කීර්තියක් ලබා දුන් සියලුම ක්‍රිකට් විරුවන්ට සුබ පැතුම්. (ස)

:       0       0

රුවන් Tuesday, 08 April 2014 04:17 PM

ජය වේවා !!!! ඔබට සැමදා ජය !!!! ඒත් චන්දිමාල් කරපු කැප කිරීම අමතක කරන්න එපා. සමාන ගෞරවයක්‌ චන්දිමාල්ටත් ලැබිය යුතුයි. (ස)

:       0       0

මුන්සීර් Tuesday, 08 April 2014 04:19 PM

ජය වේවා!!! (ස)

:       0       0

කසුන් Tuesday, 08 April 2014 04:20 PM

අපේ කණ්ඩායමේ එකමුතුකම තමයි අද අපි හැමෝටම මේ ලැබිල තියෙන්නෙ. සැමදා දිනේවා ලක් මෑණි මගේ. (ස)

:       0       0

ඉෂාක් සෞදි Tuesday, 08 April 2014 04:24 PM

ජය වේවා විරුවනේ. අපිට එහෙට ඇවිත් ජයඝෝෂා පවත්වන්න වරම් නැහැ. එහෙත් අපි සැමදා ඔබට ණයගැතියි විරුවනේ. (ස)

:       0       0

විදුර Tuesday, 08 April 2014 04:26 PM

අපේ නිහතමානී ක්‍රීඩකයන්ට සැමදා ජය. අනේ කෝ තව ෆොටෝ දාන්න අපිට බලන්න. සංගා මහේල ඔබ දෙපල විශිෂ්ටයි. (ස)

:       0       0

ප්‍රසාද් Tuesday, 08 April 2014 04:26 PM

අපිට කියාගන්න වචන නැහැ. අපේ සිංහයෝ අපි වෙනුවෙන් ලෝකය හෙල්ලුවා. සංගා, මහේල, මාලිංග ඇතුළු සැම සදා අපේ හිත්වල රැදෙනවා. අපි වෙනුවෙන් 2015 ලෝක කුසලානය දිනන්න සැම ශක්තියක්ම ලැබෙන්න කියා මම ප්‍රර්ථනා කරනවා. ජය ශ්‍රී ලංකා. (ස)

:       0       0

ජයවර්ධන Tuesday, 08 April 2014 04:30 PM

එළ එළ කොල්ලනේ. ජය වේවා. මගේ ලක්මෑණියන් සැමදා දිනේවා. (ස)

:       0       0

රිද්මා Tuesday, 08 April 2014 04:31 PM

අපේ සිංහ පැටව්න්ට ජය වේවා. (ස)

:       0       0

බුද්ධික Tuesday, 08 April 2014 04:32 PM

ජය ශ්‍රී... (ස)

:       0       0

පුෂ්පා Tuesday, 08 April 2014 04:34 PM

අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුබ පැතුම් ! (ස)

:       0       0

නලීන් Tuesday, 08 April 2014 04:34 PM

නියමයි. නියමයි. ජය වේවා. ක්‍රිකට් පොතේ ලංකාවේ නම රැදෙව්වට ගොඩක් සතුටුයි අපට. අපේ කොල්ලන්ට ජය වේවා. (ස)

:       0       0

සිරියලතා කෙන්ය Tuesday, 08 April 2014 04:36 PM

අනේ මගේම කරුමෙට මේ දවස්වල මට ලංකාවේ ඉන්න බැරී වුණානේ. ජය වේවා අපෙ විරෝදාර සිංහ පැටවුනේ (ස)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 08 April 2014 04:42 PM

සැමදා ජයෙන් ජය ලක් මෑණියන්ගේ දරුවන්ට. රන්පලසක්ම වේවා යන ගමන ඉදිරියෙන් ඉදිරියට. පෙන්නුවා අපේ සුරු විරු කම ලෝකයට . මුළු හදවතින් සුබ පතනෙමි අපේ මේ විරුවන්ට. (ස)

:       0       0

තුෂාන් Tuesday, 08 April 2014 04:42 PM

ලක් මෑණියන් සැමදා දිනේවා!!! (ස)

:       0       0

නිශාන්ත ජයවර්ධන Tuesday, 08 April 2014 04:46 PM

ජය වේවා ශ්‍රී ලංකා !!! (ස)

:       0       0

සන්ධ්‍යා Tuesday, 08 April 2014 04:48 PM

ජය වේවා අපේ රජ පැටවුන්ට. (ස)

:       0       0

පෙරුමාල් Tuesday, 08 April 2014 04:49 PM

ඒත් කෝ මහේල මේ පිංතූර වල? අනේ මොකුත් හිතන්න එපා. මේක මෝඩ ප්‍රශ්නයක් වෙන්න ඇති. (ස)

:       0       0

නිශාන් ජයවර්ධන- පර්ත් ඕස්ට්‍රේලියා Tuesday, 08 April 2014 04:51 PM

අනේ මගේම කරුමෙට මේ දවස්වල මට ලංකාවේ ඉන්න බැරී වුණානේ.අපේ කොල්ලන්ට ජය වේවා. (ස)

:       0       0

හසන්ත Tuesday, 08 April 2014 04:53 PM

අපේ වීරයන්ට සුබ පතන ගමන්ම හාල්, පරිප්පු, සීනි පෙට්‍රල් වලට ඇහ ගහගෙන ඉම්මු ! (ස)

:       0       0

රත්නායක Tuesday, 08 April 2014 04:54 PM

"අපේ රටට කීර්තියක් ලබා දුන් සියලුම ක්‍රිකට් විරුවන්ට සුබ පැතුම් !!!" (ස)

:       0       0

රුවන් Tuesday, 08 April 2014 04:59 PM

අපිට හරි සතුටුයි. අපේ කොල්ලන්ට සැබෑම සුබ අනාගතයක් ......... ජයවේවා (ස)

:       0       0

නයන Tuesday, 08 April 2014 05:00 PM

කෝ ක්‍රීඩා ඇමති (ස)

:       0       0

අහ්මඩ් ජිෆ්රි Tuesday, 08 April 2014 05:01 PM

අපේ සිංහයන්ට තව තවත් ඉදිරියට යන්න ශක්තිය දහිරිය ලැබේවා. ,අපිට ආඩම්බරයි අපේ කොල්ලෝ ගැන. (ස)

:       0       0

අමීර් මොහොමඩ් - අලුත්කඩේ Tuesday, 08 April 2014 05:01 PM

ජය වේවා ! අවුරුදු 18 කට පස්සේ. හරිම සන්තෝයි. (ස)

:       0       0

නඩරාජා Tuesday, 08 April 2014 05:03 PM

අපේ ශ්‍රී ලංකා කොල්ලන්ට මගේ හදපත්ලෙන් සුභ පැතුම්! රටට තවත් ජයක් ගෙනදුන් ඔබලාට ඉදිරියට ජයෙන් ජය! (නි)

:       0       0

නන්ද Tuesday, 08 April 2014 05:04 PM

අතපත්තුට වුණ දේ නම් චන්දිමාල්ට කරන්න එපා. ඔහුට හොඳ අනාගතයක් තිබෙනවා (නි)

:       0       0

සුමනා Tuesday, 08 April 2014 05:13 PM

කෝ, මම බලාපොරොත්තු වුණ කෙනා නැහැනේ (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 08 April 2014 05:16 PM

ඔබ සැමට තෙරුවන් සරණයි! (නි)

:       0       0

ජනනි Tuesday, 08 April 2014 05:24 PM

ජය වේවා අපේ කොල්ලන්ට! (නි)

:       0       0

ලසන්ත Tuesday, 08 April 2014 05:26 PM

ජයවේවා ශ්‍රී ලංකා කණ්ඩායමට! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1070 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6633 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3634 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 306 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1531 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1639 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28670 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23609 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site