IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


අපේ ක්‍රිකට් කණ්ඩායම කටුනායකට

(ටී.කේ.ජී.කපිල)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය පිටුපස, එක්තරා කණ්ඩායමක් සිටි බවත් ,ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ නිසා මෙම ඛේදනීය පරාජය අත් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍යය වික්‍රමසිංහ මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී අද අලුයම පැවසීය.

ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් තම ග්‍රහණයට ගැනීමට කැසකවමින් සිටින බවත් ,මේ පිළිබඳ සියලු තතු තව දින දෙකකින් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරමින් ශ්‍රී ලාංකීය ජනතාවට දැන ගැනීමට සළස්වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය .

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කීප දෙනකු ඔවුන් පිළිගැනීම සදහා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්,පුහුණුකරුවන් , භෞතචිකිත්සකයන් ඇතුළු නිලධාරීන් සියලුම දෙනා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

ඔවුන් වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව යාම සදහා පොදු බස් රථයක් සූදානම් කර තිබුණ ද බොහෝ ක්‍රීඩකයින් තම පෞද්ගලික මෝටර් රථවලින් සිය නිවෙස් බලා පිටත්ව ගිය අතර මොවුන් වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ සහ ඒ අවට වැඩි ආරක්ෂක නිලධාරීන් පිරිසක් යොදවා තිබුණි .



අදහස් (28)

අපේ ක්‍රිකට් කණ්ඩායම කටුනායකට

ලොම්තයා Friday, 10 November 2023 08:13 AM

අනේ ප්‍රොමෝ !! එතකොට ඔය කුමන්ත්‍රණකාරී වැඩ හින්දාද අපේ ටීම් එකේ ඉන්න අයට විකට් එක කෙලින් එන බෝලෙට ගහගන්න බැරි වුනේ? SENA රටවල දඟපන්දු යවන්නන් වැඩිම කඩුලු ලාභීන් අතර ඉන්න කොට අපේ දඟ පන්දු යවනන්න්ට මැච් එකක 1 විකට් එකක් වත් ගන්න බැරිව හිටියේ? කරුණාකරලා මේ කට්ටියව ආපහු කිසිම තරඟාවලියකට යවන්න එපා...

:       0       25

IndikaFriday, 10 November 2023 11:07 AM

හරියට හරි ලොන්තෝ

:       0       10

Sam Friday, 10 November 2023 08:35 AM

මුන් රටේ නමත් කාලයි එන්නේ.

:       0       20

Cham Friday, 10 November 2023 08:44 AM

ශ්‍රී ලංකා ක්‍රිකට්, කාලා ඉවරයි. වෙන්න කළින් කිව්වා නම් වටිනාකමක් තියෙනවා. දැන් මොනවටද හේතු කියන්නේ...?

:       0       11

nobody Friday, 10 November 2023 08:59 AM

කොහොමද බන් අපේ වෙන්නෙ?

:       0       14

මහසෙන් Friday, 10 November 2023 08:59 AM

අපේ ක්‍රිකට් කොහේ ද? ඔය ෂම්මී ටුවර් ඇන්ඩ් ට්‍රැවල්ස් නේ.

:       0       22

පර්සි Friday, 10 November 2023 09:04 AM

වෙන කවුරුත් හිටියෙ නෑ උබලා ටික තමා බහිරවයො වගේ හිටියේ.

:       0       17

Kazi Shajahan Friday, 10 November 2023 09:18 AM

පින් මඳ පුතුන් සියයක් ලැබුවත් නිසරු, අපේ ක්‍රිකට් ටීම් එක වගේ පුත්තු 100ක් හිටියත් වැඩක් නැහැ ලක් මාතාවට...!

:       0       12

wedage Friday, 10 November 2023 10:07 AM

ප්‍රමොද්‍ය කියන්නෙ රන් වලට ප්‍රසිද්ධ කාන්තාවකගෙ සම්බන්ධයක් තියෙන කෙනෙක් නේද ?

:       0       11

යෝගා Friday, 10 November 2023 10:37 AM

දැන් මේක අපේ ටීම් එකක් නෙවෙයි. ඉන්දියාවේ සල්ලිවලට නැටවෙන රූකඩ ටීම් එකක්...

:       0       15

Nihal Dharmatileke Friday, 10 November 2023 10:47 AM

මෙන්න තවත් වික්‍රමසිංහ කෙනෙක් කියනවා පරාජයේ පිටුපස කවුදෝ හිටියලු... නටන්න බැරි මනුස්සයාට පොළව ඇදයි...

:       0       15

Saman Friday, 10 November 2023 11:03 AM

අපේ නෙවෙයි, ෂම්මිගේ ක්‍රිකට් කණ්ඩායම...

:       0       10

Indika Friday, 10 November 2023 11:05 AM

අපේ ටීම් ඒක නොවෙයි. ශම්මි කම්පනි ටීම් එක.

:       0       9

ජේ. ආර්. ජයවර්ධන Friday, 10 November 2023 11:10 AM

පාර්ලිමේන්තුවේ මගේ ගෝලයිනුත් මං වගේ ම තමා දුන්නා නේ හොඳ ටොපියක් රටේ මිනිස්සුන් ට හප හප ඉන්න දැන් ඉතින් ඔය උඹ ලා ගැන රටේ මිනිස්සුන් ට තිබුණු අප්‍රසාදය එහෙම ටික ටික අඩු කරගනිල්ලා. ලඟදි චන්දෙකුත් එනවා නේ. ක්‍රිකට් කාරයෝ තමා බිල්ලට අහු උනේ.

:       1       7

අනුරුද්ධ ලියනගේ Friday, 10 November 2023 11:11 AM

මහේල,ප්‍රමෝද්‍ය , නාලන්දාවටත් ලැජ්ජයි . අපේ ක්‍රීඩකයන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමෙන් පාඩම් ඉගෙන ගන්නවා නම් මීට වඩා හොඳට ක්‍රීඩා කරන්න පුලුවන් වෙනවා නොඅනුමානයි.

:       0       8

Siriwardana Friday, 10 November 2023 11:36 AM

ක්‍රිකට් කාල ඉවරවෙලා මීඩියා එකටත් එනවලු මෙයා අමු පිස්සෙක්. ඔයාල එක්ක දැන් ලංකාවෙ මිනිස්සු නැහැ.

:       0       8

duminda weera Friday, 10 November 2023 11:42 AM

ලංකාව ගැන ලැජ්ජයි...

:       0       5

ජගත් ලියනගේ Friday, 10 November 2023 11:48 AM

විකාර කතා කියන්න එපා ප්‍රෙමා්දය...

:       0       8

චන්දිම ෆොන්සේකා Friday, 10 November 2023 11:49 AM

ඔය නවසීලන්ත මැච් එකේදී අර අවසානයේ පිතිකරණයේ යෙදුනු ළමයි තුන්දෙනා නම් පන්දු යවන්නන් වෙලත් ටිකක් හරි තමන්ගේ රටේ මිනිස්සුන්ගේ නම්බුව රැකගන්න ලොකු උත්සාහයක් කරලා ඔය ගානට හරි ගෙනාවා. නැත්නම් ඉවරයි... අනිත් පිතිකරුවෝ කියන වැඩිහරියක් හැදුවේ කලින් දවසේ මැක්ස්වෙල් ගැහුවා වගේ ආපු ගමන් ගහගෙන ගහගෙන කෙළගෙන කෙළගෙන නෙලාගෙන නෙලාගෙන යන්න. ඉතින් සාමාන්‍ය දැනුමක් මොලයක් නැති ඔය වගේ මෝඩ මිනිස්සුන්ට ගිහින් අන්තර් ජාතික ක්‍රිකට් ගහන්න පුළුවන්ද?

:       0       8

Nadadawa withanage sisira kumara Friday, 10 November 2023 12:23 PM

එක එක්කෙනා එකඑක කතා කිව්වට බැරිකම ගැන කවුරුවත් කියන්නේ නැහැ...

:       0       9

නාමලී Friday, 10 November 2023 01:29 PM

චික්කේ ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම කියලා නම් කියන්නම එපා... ලැජ්ජාවේ දුකේ බැහැ... මාළු කඩේ මැස්සෝ එලවන්නවත් වටින් නැති සෙට් එකක්...

:       0       7

dasun Friday, 10 November 2023 01:47 PM

ඩිල්ෂාන් මධුසංකට උණුසුම් සුබපැතුම්...! 

:       1       7

Namal Friday, 10 November 2023 03:08 PM

ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවක්, විනෝදාස්වාදයක් මිසක් ජනතාවගේ ජීවිතය නොව... රටේ ජනතාව කන්න බොන්න නැතිව.., ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙනවා , ජීවිත පවා අහිමිවෙලා තියෙනවා. මේවා යට ගහන්න රජයට සහ සමහර බයි කල්ලියක අවශ්‍යයි.

:       0       2

Nilantha Friday, 10 November 2023 03:20 PM

* බාල්දියක් ලැහැස්තියි, බැරි බැරි රෝගීන්ව නාවලා, පොවන්න.

:       0       3

de silva Friday, 10 November 2023 04:27 PM

අනේ කාලේ වනේ වාසේ, අවසානයේ ක්‍රිකට් ක්‍රීඩකයින්ටත් දේශපාලකයින්ට වගේ මහජනතාවගෙන් ආරක්ෂා වෙන්න පොලිස් ආරක්ෂාව උවමනා වුණු බව පෙනෙනවා...

:       0       0

M M Friday, 10 November 2023 07:41 PM

ඔවුන් සෙල්ලම් කරන්න නෙමෙයි හොඳ... යවන්න ඕන අඹේවෙල කිරිහරක් බලන්න... පහුගිය කාලේ අපි මොනතරම් ආසාවෙන් බලපු ක්‍රීඩාවක්ද අද බල්ලට ගිහින් තියෙන්නේ.... මේ සක්කිලි හැත්ත ඒකත් නැති කළා...!

:       0       3

Prasanna Friday, 10 November 2023 08:44 PM

මෙයා නිදිපෙති බීලද සෙල්ලම් කරන්නේ...? 

:       0       0

Ruwan Friday, 10 November 2023 08:57 PM

රෙදි ඇඳගෙනද දන්නේ නැහැ කට්ටිය ආවේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 1 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 61 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1683 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 477 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 85 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 431 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39700 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 8 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1229 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site