IMG-LOGO

2025 ජනවාරි මස 27 වන සඳුදා


‘අපි ගැන අවතක්සේරුවට හිතන්න එපා‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ජාතික ජන බලවේග රජයේ සාමූහික ශක්තිය අවතක්සේරුවෙන් හිතන්න එපා යැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී  අද (17) පැවසුවාය.

 පාසල් ළමුන්ට ලිපි ද්‍රව්‍ය ලබා ගැනීම පිණිස දීමනාවක් ලබාදීම සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදය ඇරඹමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය.

"දරුවන් පාසල තුළ රඳවා ගැනීම සඳහා සියලු ක්‍රියා මාර්ග ගනිමින් සිටිනවා.දිවා ආහාර වේල තවත් ශක්තිමත් කරන්නට හිතාගෙන ඉන්නවා.පසුගිය කාලයේ දිවා ආහාර දීමේදී පැන නැගුණු ප්‍රශ්න තිබෙනවා. මුදල් වෙන් කළාට පෝෂණ ආහාර වේල සැමට ලැබුනාද යන්න ප්‍රශ්න මතුවී තිබෙනවා. 

2025 වසරටත් සියලු දරුවන්ට පාසල් නිල ඇඳුම් ලබා දෙනවා. ඒ සඳහා චීන රජයෙන් සම්පූර්ණ නිල ඇඳුම් ප්‍රමාණය ලබාදී තිබෙනවා. අප මේ කරන්නට හදන ක්‍රියාවලිය හරහා රට මුහුණ දී සිටින ප්‍රශ්න වලට විසදුම් දෙන විට විපක්ෂයේ යම් යම් කණ්ඩායම් සහ ඔවුන්ට සම්බන්ධ මාධ්‍ය ඒවා කඩාකපල් කරන්නට උත්සාහ කරනවා.

විපක්ෂය සහ එහි මාධ්‍ය උත්සාහ කරන්නේ අපේ ආණ්ඩුවේ ජාත්‍යන්තර සබඳතා දුර්වල බවට මතය සමාජගත කිරීමයි.හොඳ වෙලාවට ඒ උත්සාහයන් සියලු දේ පරාජය වී තිබෙනවා.ජනපතිගේ ඉන්දීය සංචාරය ගැන සමීපව නිරීක්ෂණ කළහොත් අපේ ජාත්‍යන්තර සබඳතා කොතරම් හොඳින් ක්‍රියාත්මක කරනවා දැයි අවබෝධ කරගන්න පුළුවන්.

අපේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ සුදුසුකම් ගැන පුදුම උනන්දුවක් සිදුවී තිබෙනවා.සහතික පත් ඉල්ලනවා. ඉස්සර ඇමතිවරුන් මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් නොව හොරකම් ගැන හොයන්නට සිදුවුනා

.අපේ හොරකම් නැති නිසා අධ්‍යාපන සුදුසුකම් ගැන උනන්දුවක් දැක්වීම ගැන එක අතකට සතුටු වෙනවා.දේශපාලකයන් ජනතාවට බොරුවක් කරනවා නම් ඒ බොරුව එළිකිරීමේ අරමුණින් මේ පරීක්ෂණ කරනවා නම් ඒ ගැන සතුටට පත්වෙනවා.ජනතාවට ඒ ගැන පරීක්ෂා කරන්න සම්පූර්ණ අයිතියක් තිබෙනවා.

අප ඒ ආදර්ශය සමග වැඩ කරනවා.නමුත් මේ සංවාදය ඇතිවී තිබෙන්නේ ඒ අවංක කමින් නොවේ.මෙතන තිබෙන්නේ ඉතා පටු මෙන්ම කැත දේශපාලන අරමුණක් යනුවෙන්ද අගමැතිවරිය පැවසුවාය.



අදහස් (6)

‘අපි ගැන අවතක්සේරුවට හිතන්න එපා‘

prasanna Tuesday, 17 December 2024 08:03 PM

පච මැෂින් එක.

:       0       4

Perera Wednesday, 18 December 2024 03:21 AM

උත්සව වලට පැය 1 1/2ක් ප්‍රමාද වී පැමිණීමත් එක්තරා ඇමැතිවරයෙක් නොපැමිණීමත් ආදර්ශමත් නොවේ. ඒවා ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාව අපකීර්තියට පත්වන ක්‍රියා...!

:       0       4

Edirisingha Wednesday, 18 December 2024 05:38 AM

විපක්ෂයේ අය ආණ්ඩු පක්ෂයේ අයගේ අධ්‍යාපන සුදුසුකම් ඉල්ලනවා කියන්නෙ ඊළග මැතිවරණයේදී දැනට විපක්ෂයේ සිටින අයටත් උගතුන්ම ඉදිරිපත් කිරීමට හේතුවක් වෙනවා. ඒක හරියට බුලත්විට කාලා උඩ බලාගෙන කෙල ගැහුවා වගේ වැඩක් තමයි .කොහොම වුණත් වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුව,පළාත් සභාවෙ හා පළාත් පාලන ආයතනවලට ඉදිරිපත්වීමට අධ්‍යාපන සුදුසුකම් අදාළ මැතිවරණ පනත්වලට ඇතුලත් කරනවා නම් ඉතාමත් හොදයි.

:       0       4

විදුර Wednesday, 18 December 2024 07:26 AM

ප්‍රවාහන පද්ධතිය හදලා දෙන්න, මම ආසයි ලංගමේ වැඩට යන්න, ඉදගෙන කූල් එකේ, මට කවදාවත් ඉඳගෙන කූල් එකේ යන්න ලැබිලා නෑ.

:       0       2

සමන් විමල් Wednesday, 18 December 2024 12:41 PM

අනේ අපි නිසියාකාරව තක්සේරුවකින් ඉන්නේ, වැඩ බැරි ටාසන්ලා ගැන.

:       4       3

ගුණරත්න Wednesday, 18 December 2024 01:18 PM

මට දැන් නම් හිතෙන්නේ අපි අධිතක්සේරුවකින් හිටියා කියලයි.

:       5       3

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

යෝෂිතට එරෙහි තවත් නඩුවක්
2025 ජනවාරි මස 27 7 0

වසර දහයකට ආසන්න කාලයක් නාවික හමුදාවේ සේවය කර ලුතිනන්වරයකු ලෙස වැඩ තහනමට ලක් වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ රුපියල් කෝටි ගණනි


යෝෂිතට ඇප
2025 ජනවාරි මස 27 315 1

මුදල් විශුද්ධිකරණ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා


ළමුන් දරුකමට පිටරටට දීම ගැන විශේෂ ගැසට්ටුවක්
2025 ජනවාරි මස 27 271 0

ළමයින් දරුකමට හදාවඩා ගැනීමේ ආඥාපනතට අනුව විදේශීය ඉල්ලුම් කරුවන් සඳහා මෙම ලිත් වර්ෂය සඳහා සියලුම අධිකරණ මගින් නිකුත් කළහැකි ළමයින් දරුකමට හදාවඩා ගැ


මනෝ වෛද්‍යවරයාට පහරදුන් අයිය- මලෝ අත්අඩංගුවට
2025 ජනවාරි මස 27 380 0

මහනුවර ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකුට පහර දුන් බව කියන බීමත් අයියා මලෝ දෙදෙනෙකු මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


සූර් පිට අනතුරක් කර පලා ගිය එස් අයි අත්අඩංගුවට
2025 ජනවාරි මස 27 509 0

බීමතින් පොලිස් කැබ් රථයක් ධාවනය කර ත්‍රිරෝද රථයක හප්පා පලා ගිය උප පොලිස් පරීක්ෂකවරයෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසිය පවසයි.


තවත් මහාචාර්ය පට්ටමක් ගැලවේ
2025 ජනවාරි මස 27 1622 5

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතාගේ නම ඉදිරියෙන් මහාචාර්ය පදවි නාමය කිසිදු ලේඛනයක සඳහන් නොකරන ලෙස එම අමාත්‍යාංශයේ ජ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 27 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 569 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 660 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site