IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


අපේ ගුවන් භටයෝ දකුණු සූඩානයට

දකුණු සූඩානයේ සාම සාධක රාජකාරීන් සඳහා ශ්‍ර්‍රී ලංකා ගුවන් හමුදාවේ එහි යන  අවසන් භට කණ්ඩායම  දිවයිනෙන් පිටත්ව ගියේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනුයේ දකුණු සුඩානයේ සාම සාදක රාජකාරී සඳහා ප්‍රථම වරට   ගුවන් හමුදා ඒකකයක්  පිහිටුවීමට තීරණය කර ඇති බවයි.

 මෙහි ප්‍රථම කණ්ඩායම ලෙස නිළධාරීන් දෙදෙනෙක්,  ගුවන් භටයින් දස දෙනෙක්ගෙන්  යුත් ගුවන් හමුදා භට කණ්ඩායමක් හා එම් අයි 17 වර්ගයේ ගුවන් යානා 03 ක් 2015  පසුගිය  06 වන දින දකුණු සූඩානය බලා ඒ එන් 124 දරණ ගුවන් යානයෙන් පිටත්ව ගිය අතර එම කටයුතු සදහා අවශ්‍ය භාණ්ඩද  පසුගිය 6 වෙනිදා සිට 20 වෙනිදා තෙක් අතර කාලය තුලදී  ගුවන් ගමන් වාර පහකින් සුඩානය වෙත ප්‍රවාහනය කරනු ලැබීය.

 ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනුයේ භට පිරිස් ප්‍රවාහනය, ප්‍රභූ පුද්ගල ප්‍රවාහනය ආහාරපාන/භාණ්ඩ භ්‍රවාහනය අභ්‍යන්තර ගුවන් ගමන්, පැරෂුට් හෙලීම, වෛද්‍ය ප්‍රවාහන කටයුතු සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා බලඝණය තම සක්‍රීය දායකත්වය එහිදී ලබා දීමට නියමිත බවයි.

 1 2 3 4 5 6 7 8 9 10

 

 



අදහස් (0)

අපේ ගුවන් භටයෝ දකුණු සූඩානයට

රූපවතී Monday, 22 June 2015 06:37 PM

සිල්වා, මාත් ඔයා කියන ඇෆ්ගනිස්තානේටයි, ඉරාකෙටයි, ලිබියාවටයි, සිරියාවටයි හැම යුද්ධය ඇති රටකටම සාම හමුදාව පිටත්කර විශේෂ බ්‍රිටිෂ් ,ඇමරිකන් බේස් එකක වසර 13 ක අත්දැකීම් ඇතුවයි. රට ඇතුළේ සිට දකිද්දී අපි හැමට පෙනෙන්නේ ඔයා කියන ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉහළ තැන මිසක් මේ මා කිවුව ටික නොවන බව මා හොඳින්ම දන්නවා (නි)

:       0       0

රූපවතී Tuesday, 23 June 2015 07:35 AM

හේවා විතාරණ .?.මාත් සේවය කරන්නේ යුධ බේස් එකක ..අපේ හමුදාව සාම හමුදාවට තෝරාගැනීම හොඳ දෙයක්. එ්ත් මා දුටුදේ නිතර මෙහි සේවයේදී දකිනා දේ ලීවේ ..ඇමරිකාව බ්‍රිතාන්‍ය ..සාම හමුදාවට නිලධාරීන් තෝරාගෙන ස්ථාපිත කරන්නේ විශේෂ බේස් වල ආරක්ෂාව සමගින් ඒ සාම නිලධාරියාගේ දරුවන් හා බිරිද ඇතුළුව ..ඔවුන්ට පාසල් අධ්‍යාපනය වෛද්‍ය පහසුකම්. නිවසක් ඒ රැකියා කාලය වසර දෙක තුන තුලදී සපයනවා මා ඉන්නේ අධි ආරක්‍ෂිත බේස් එකක..? එ්ත් අාසියාතිකයින් අපේ රටවලින් නේපාල ජාතිකයින් ..කෙලින්ම තනිකඩයින් වශයෙන් යවන්නේ වසංගත පිරි යුද්ධ රටවල් වන අප්‍රිකාවට කියන දේ ඔයාලට කියාදුන්නේ නිකම් තේරුමක් නැතිවාටද ..? එක්සත් ජාතීන්ගේ සංවිධානෙන් එහෙනම් අපේ හමුදාව ඇෆ්ගනිස්තානෙට ඉල්ලුම් කල අවස්ථාවේ රජය බැහැ කීවේ ඇයි ..කියලත් මට කියල දෙන්න කෝ ..? (බ)

:       0       0

දුමින්ද Monday, 22 June 2015 12:03 PM

2009 පරාජිත බව පරාජය කිරීමේ ප්‍රතිඵල (නි)

:       0       0

රුපවතී Monday, 22 June 2015 12:16 PM

බලවත් රටවල මිනිසුන් හැම වෙලේම ඔවුන් ආරක්ෂා වී දුප්පත් රට වල මිනිසුන්ම තෝරාගෙන ලෙඩ වසංගත බහුල රට වල සාම සාධකයින් වශයෙන් යැවීම ශ්‍රී ලාංකික යෙකු හැටියට හිතට පුංචි දුකක් නොව ලොකු කල කිරීමක් දැනෙනවා. ඇයි බලවත් රට වල සාම හමුදාවන් වැඩියෙන් නොයන්නේ. ඒගැන ලොකු පැහැදීමකින් සැකයක් ඇතිවෙනවා . ඔබ හැමට සියලු දෙවි රැකවරනයි තිස්තුන් කෝටියක් දෙවියන් රැකදේවා..! (ර)

:       0       0

නිහාල් Monday, 22 June 2015 12:25 PM

සුඩානය බලවතුන් විසින් උතුර හා දකුණ ලෙස බෙදාවෙන් කළේ සුඩානයේ සාමය සඳහායි.අද මේ විදින්නේ ඒවායේ අතුරුඵලයි. (නි)

:       0       0

සාගර Monday, 22 June 2015 12:34 PM

අපේ හමුදාව, හිටපු ජනපති, යුධ අපරාද කාරයෝ කියන එවුන් කොහොමද එහෙම හමුදාවක් සාම සාධක බලකායක් විදිහට යොදාගන්නේ? (ර)

:       0       0

සිල්වා Monday, 22 June 2015 12:34 PM

රුපවතී ගේ දනුම මේ අදහස්වලින්ම පේනවා ඉරාකේ ඇෆ්ගනිස්ත්නේ ඉන්නේ ගොඩක් ඇමරිකන් බ්‍රිතාන්න්‍ය හමුදාව මෙතන වැදගත් වෙන්නේ අපේ ත්‍රිවිද හමුදාවට ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහල තලයක සිටීම ඉන්දියන් බංගලි වැනි හමුදාවලට මෙම ඉහල තලයට එන්න හැකියාව මදි අදහස් ප්‍රකාස කරනකොට එහි තිබෙන දනාත්මක කම පහැදිලි කරන්න උත්සුක වන්න. (ර)

:       0       0

හේවාවිතාරණ Tuesday, 23 June 2015 01:59 AM

රූපවතී, ඔයාට සාම හමුදා හෝ ලෝකයේ කිසිම සංවිධානයක් ගැන නිසි අවබෝධයක් නැතුවා වගේ (නි)

:       0       0

කවින්ද Tuesday, 23 June 2015 02:03 AM

සුබ පැතුම්! (නි)

:       0       0

තිස්ස Monday, 22 June 2015 12:58 PM

ඔබ සැමට දළදා සමිදු පිහිටයි.සුබ ගමන්.(හේ)

:       0       0

චමිලා Monday, 22 June 2015 01:07 PM

සාගර කියන්නේ ඇත්ත, යුද අපරාද කාරයෝ, මානව හිමිකම් කඩනවා කියලා අපේ හමුදාවට චෝදනා කරනවා. එහනම් කොහමද අපේ හමුදාව සාමසාදක හමුදාවකට තෝරගන තියෙන්නේ ? (ර)

:       0       0

රජින්ද Monday, 22 June 2015 01:48 PM

ජීවත්ව සිටියදී ප්‍රියයන්ගෙන් වෙන්වීමට සිදුවන අසීරුම ස්ථානය... (ර)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 23 June 2015 03:31 AM

රටේ අහස් කුස ජයගත්තා සේම මුළු ලොවෙහිම අහස් කුස ජය ගන්නට ඔබට හැකි වේවා! (ම)

:       0       0

ශ්‍රීමා Monday, 22 June 2015 02:20 PM

සුබ ගමන්. (ර)

:       0       0

ද සිල්වා බර්ලින් Tuesday, 23 June 2015 09:00 PM

යුධයට දක්ෂ නිර්භීත විනය ගරුක හමුදාවක් අපිට සිටින බව එක්සත් ජාතින් විසින් පිළිගෙන ඇත. බටහිර රටවල් වල තාක්ෂනය අතින් දියුණු හමුදාවක් තිබුනට අපේ භටයන් යුධ අත්දැකීම් වලින් පොහොසත්. එක්සත් ජාතීන්ට අපේ හමුදාවේ සේවය අවශ්‍ය විටදී අප නොපැකිලව දිය යුතුයි. එතකොට ජිනිවා වලදී අපේ හමුදා වලට විරුද්ධව බොරු චෝදනා ඉදිරිපත් කරන්නන්ගේ කටවල් ඉබේම වැහිලා යාවි. අපේ හමුධ භට කාණ්ඩ වලට අණදීමට වින්ග් කමාන්ඩර් විශ්ව සමන්ත වැනි යුධ අත්දැකීම් වලින් සපිරි දක්ෂ නිලධාරීන් යවා ඇත. ඔවුන් ලෝකයේ කොහේ ගියත් අපේ රටේ නම ආරක්ෂා වෙන ලෙස කටයුතු කරනු ඇත. අපේ ගුවන් හමුධාවට සියලු ජය පතමි (නදී)

:       0       0

ටිරෝන් Monday, 22 June 2015 02:27 PM

මොනවා උනත් ලෝකයේ අපේ හමුදාවට තියෙන තැන සහ පිළිගැනීම මෙයින් තහවුරු වෙනවා ඒ ගැන අපිට ආඩම්බරයි සුබපැතුම්! (ර)

:       0       0

සංජය නවරත්න Monday, 22 June 2015 02:48 PM

සිල්වා කියන එක හරි මොකක් හරි කියනකොට කල්පනා කරලා කියනවනම් තමා හොද. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3182 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2306 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3166 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3057 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 677 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1352 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36078 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24127 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 172 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site