තමන් කිසිම අවස්ථාවක ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය නොකළ බවත්, ඇමෙරිකාවෙන් එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ඉරාන ජනාධිපති අවධාරණය කර ඇත.
ට්‍රම්ප් ජයග්‍රහණය කළේ පසුගිය නොවැම්බර් මාසයේ පැවැති ඇමෙරිකන් ජනාධිපතිවරණයෙනි. ඊට පෙර, ජනාධිපතිවරණ රැලි අතරතුරේ ට්‍රම්ප් වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ ගැනුණි.
ඉකුත් ජූලි මාසයේ පෙන්සිල්වේනියා ජනපදයේ බට්ලර් නුවර එළිමහන් වේදිකාවක ජනරැළියක් අමතද්දී, ට්‍රම්ප්ට එල්ල වුණු වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ කන් පෙත්ත ද තුවාල විය. ආරක්ෂක අංශ සාමාජිකයන් වහා ක්‍රියාත්මක වී වෙඩි තබා ට්‍රම්ප්ට වෙඩි තැබූ පුද්ගලයා මරා දැම්මේය.
මෙම ඝාතන සිද්ධි සම්බන්ධයෙන් සීක්‍රට් සර්විස් ජනාධිපති ආරක්ෂක අංශයට දෝෂාරෝපණ එල්ල විය. ඒ, ට්‍රම්ප්ට නිසි ආරක්ෂාවක් ලබා නොදුන් බවටය. ට්‍රම්ප් ඝාතන කුමන්ත්‍රණ සම්බන්ධයෙන් එෆ්.බී.අයි. කාර්යාංශය මැදිහත් වී විමර්ශන සිදු කළ අතර, එහිදී එම කුමන්ත්‍රණ පසුපස ඉරානය සිටිනවා යැයි අනාවරණය කළේය.
ට්‍රම්ප් ඝාතන කුමන්ත්‍රණයේ සැකකරුවන් ලෙස, ඉරාන විප්ලවීය හමුදාවට සම්බන්ධ ඉරාන ජාතිකයන් කීප දෙනකු හඳුනාගෙන ඇති බව ද එෆ්.බී.අයි. පරීක්ෂකයෝ වැඩි දුරටත් පැවැසූහ.
එල්ල වන මෙම චෝදනා සම්බන්ධයෙන්, ඉරාන මධ්‍යස්ථමතධාරී ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්, පවසා ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන කුමන්ත්‍රණයට ඉරානයේ කිසිදු සම්බන්ධයක් නැති බවත්, ට්‍රම්ප් ඝාතනය කිරීමට ඉරානයට කිසිදු ඕනෑකමක් නැති බවත්ය.
ට්‍රම්ප් පළමු වරට ඇමෙරිකන් ජනාධිපති ධුරයේ කටයුතු කරද්දී, ඉරාන විප්ලවීය හමුදාවට සම්බන්ධ අතිරේක හමුදා බලඇණියක් ලෙස ද සැලකෙන කුද්ස් බලඇණියේ ප්‍රධානී ජනරාල් කසීම් සුලෙයිමානී ඝාතනයට අණ දුන්නේය. සුලෙයිමානී ඝාතනයත් සමඟ ඉරාන විප්ලවීය හමුදාව ට්‍රම්ප්ගෙන් පළිගන්නා බවට ප්‍රතිඥා දුන්නේය.
ඉරානය බිය පළ කරන්නේ, ට්‍රම්ප් ලබන 20 වැනිදා දිවුරුම් දීමෙන් පසු ඊශ්‍රායලය සමඟ එක් වී, ඉරානයට එරෙහිව දැඩි තීන්දු තීරණ ගනු ඇති බවටය. ඇමෙරිකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ට්ඉරාන ජනාධිපතිවරයා උත්සාහ ගන්නේ මේ නිසාය.
(ඒ.එෆ්.පී.)
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අපි ට්‍රම්ප් මරන්න හැදුවේ නෑ - ඉරානය