(යොහාන් භාසුර)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නංවන විට ඇතිවන තත්වයන්වලට මුහුණ දෙන්න සූදානම් විය යුතු බවත් අපි තමයි හොඳටම කරමින් ඉන්නේ කියන අයට ඇත්තට මුහුණ දෙන්න වෙලාව වැඩි ඈතක නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ‘කෝප්’ කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය.
ආණ්ඩුව, පොදුජන පෙරමුණේ පරමාර්ථවලින් බැහැර වන්නේ නම් ගැටුමක් ඇතිවීමට ඉඩ ඇතැයි ද මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා කීය.
කිසියම් කෙනෙක් කියනවා නම් රටට ඉතාමත් හොඳ තත්වයක තියෙනවා කියලා එසේ කිවහැක්කේ ආණ්ඩුව තවම ණය ගෙවීම ආරම්භ කර නොමැතිවීම නිසා බවත් ණය ගෙවීම ආරම්භ කළ පසු ඇතිවන තත්වයට රට මුහුණ දිය යුතු බවත් ඒ මහතා කීය.
මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට රජය සමඟ ඇති බැදීම රාජ්‍යය ආරක්‍ෂා කරගැනීමේ කොන්දේසි විරහිත බැදීමක් පමණක් බවත් රජය පොදුජන පෙරමුණේ පරමාර්ථවලින් එළියට යන්නේ නම් සමහර විට රජයත් සමඟ ගැටෙන්න සිදුවන බවත් ඒ මහතා කීය.
පොදුජන පෙරමුණ පක්‍ෂයේ පරමාර්ථ සමඟ ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය ගැටෙන්නේ නම් ගැටීමට සිදුවිය හැකි බව කී රංජිත් බණ්ඩාර මහතා ආණ්ඩුව රාජ්‍යය ආරක්‍ෂා කරනවා මෙන්ම මේ රටේ අතිමහත් බහුතරයක් ජනතාවගේ ඕනෑ එපාකම් වෙනුවෙනුත් කටයුතු කිරීමට සිදුවන බව ද සඳහන් කළේය.
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
‘අපි තමයි හොඳටම කළේ’ කියන අයට ඇත්තට මුහුණ දෙන්න වෙයි
Kumara Friday, 15 September 2023 01:00 PM
අපිට කියන්න එපා... අනිත් අයට කියන්න.
Lalla Friday, 15 September 2023 05:21 PM
කවුද පසුගිය කාලයේ හොඳටම කළේ කියලා තමන්ට තේරෙනවා ඇති නේද...? නමට හරි මහැදුරෙක්නේ...!
සල්ලි Saturday, 16 September 2023 07:27 AM
කවුරු කවුරුත් හොඳට කොලා. 2022 අගෝස්තුවේදී පා. ම ලාගේ පඩි වැඩිකළා.. කියන්නේ බොරුවක්ද?