IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


අපි දෙන්නව ළං කළේ ‘සුජාතා’

 SAN_3680-Cover    

 

සිනා පිපෙනා මේ වසන්තය 
නෙලා දෝතීන් මලක් සේ
ඔබයි ගෙන ආවේ........
සිනා සී
වසන්තය ඔබයි ගෙන ආවේ................

 

වොල්ගා ඔහුට සමීපව ආදරණීයව ඒ ගිීය මිමිණීමට ප්‍රිය කරන්නීය. හැබැයි ඒ නාට්‍ය ජවනිකාවක් සඳහා නම් නොවේ. වොල්ගා හර්ෂණට සැබෑවටම ආදරය කරන්නීය. හර්ෂණද එසේමය. පුංචි තීරයේ විටෙක පෙම්වතුන්ගේ චරිත රඟපෑ මේ දෙදෙනා දැන් සැබෑවටම පෙම්වතුන් වෙති. ඒ පෙම් කතාවේ සටහනයි මේ.

 

SAN_3716

 


හර්ෂණ, කොහොමද මේ “ආදර කතාව” ඇරඹෙන්නේ?
ඇත්තම කිව්වොත් මේ “ආදර කතාව”ට දීර්ඝ ඉතිහාසයක් තියෙන්නේ. මීට අවුරුදු 16 කට විතර කලින් තමයි වොල්ගාව මට මුණ ගැහෙන්නේ. අපි දෙන්නම ගුවන් විදුලියේ සහ රූපවාහිනියේ ළමා වැඩසටහන් වලට දායක වුණා. ඒ විදිහට දැන හඳුනාගෙන සිටියත් කාලයක් අපි දුරස්ව හිටියේ. දෙන්නාගෙම අධ්‍යාපන කටයුතු නිසා අපි හමුවුණේ නැහැ. නමුත් කුඩා කාලයේ ඉඳලා තිබුණු හිතවත්කම් නැති වුණේ නැහැ. කාලයක් ගෙවුණු පසු දෙදෙනාම ටෙලි නාට්‍ය රංගනයට පැමිණ සිටියදී “සුජාතා” නාට්‍යය තමයි නැවත අපි දෙන්නා සමීප කළේ.

 


“ආදරය” ප්‍රකාශ වුණේ එහි රඟ පෑ කාලයේදීද?
ඇත්තම කිව්වොත් කුඩා කාලයේ ඉඳලාම තිබුණු “ අයියා සහ නංගි ” කියලා අපි දෙදෙනා ආමන්ත්‍රණය කර ගත්තා. සුහදතාවය තමයි ආදර කතාවකට මුල පිරුවේ. ‘ආදරය’ ගැන කතා කරන්න කලින් අපි හොඳ යාළුවෝ වුණා. දෙන්නාම දෙන්නාගේ ජීවිතයේ දුක - සතුට ඒ වගේම ප්‍රශ්න ඇති වූ විට බෙදා හදා ගත්ත අවස්ථා තිබුණා. එයාට ප්‍රශ්නයක් ආවාම මට කියන්නත් මට ප්‍රශ්නයක් වුණොත් එයාට කියන්නත් අපි දෙන්නා පුරුදුව හිටියා. ඒ සියලු දේ අපි දෙන්නාට දෙන්නා බාරගත් විදිය අපිව සැහැල්ලුවට පත් කළා.

 

SAN_3683

 

එය “ආදරයක්” දක්වා දුර ගියේ කොහොමද?
ප්‍රධානම දේ අපි දෙන්නාම එකම ක්‍ෂේත්‍රයේ. ඒනිසා තේරුම් ගැනීමේදී දෙදෙනාටම එය වඩා පහසුවක් ගෙන දෙන්නේ. අපි දෙදෙනා ක්‍ෂේත්‍ර දෙකක හිටියා නම්, සමහර විට මේ තරම් දුරට මේ බැඳීම ශක්තිමත් වන එකක් නැහැ. ඒ කාරණාවලට අමතරව කතා කළොත්, එයා හරි සරලයි. මාත් එහෙම කෙනෙක්. ඒ සරල බව අපි දෙන්නම හොඳට පෑහුණා.

 


‘ආදරය’ කියන්නෙ මොකක් කියලද හිතන්නෙ? 
හිතන්නේ, ‘සුන්දරයි’ කිව්වොත් හරි. ඒත් සුන්දරයි කියපු නිසාම එය සුන්දර වන්නෙත් නැහැ. ආදරයේදී තියෙන්නේ සතුට විතරක්ම නෙවෙයි. ‘දුක’ කියන දේ ‘ආදරය’ එක්ක සමව එන දෙයක්. විශේෂයෙන්ම ජිවිතයේ අපි නොසිතූ අනපේක්‍ෂ්ත අවස්ථාවකදී ‘දුක’ බෙදා ගන්න විදිහ හරි වටිනවා. වොල්ගා එතැනදී මා ළඟින්ම සිටි කෙනෙක්. ඇත්තම කිව්වොත් අපි දෙන්නට දෙන්නා හොඳට ආදරයෙන් ඉන්න දෙන්නෙක්.ඒක වැලන්ටයින් දිනට විතරක් හෝ උපන් දිනයට වගේ විතරක් සීමා වූ ආදරයක් නොවෙයි. එක් දිනකට විතරක් ආදරවන්තයින් වීම වැඩකට ඇති දෙයක් නොවෙයි. තත්ත්පරයෙන් තත්ත්පරයට ‘ආදරය’ අලුත්වන වෙනස්වන විදිහට ‘ආදරය’ කරන කෙනාව සතුටින් තැබීම වැදගත්. අපේ ආදරය ඒකකාරී නැහැ. අපි දෙන්නටම නැවුම්. ඇවිදින්න ගියත්, කෑමකට ගියත්, ගීතයක් රස වින්දත් අපි එකම තැන - එකම දේ නොවෙයි විඳින්නේ. ඒ වගේම පිටස්තර අයට අපි දෙන්නගේ ජීවිතයට අනවශ්‍යදේ ගෙනෙන්න අපි ඉඩ තියන්නෙත් නැහැ. “කසාදය - විවාහය” මේ බැඳීමට අවශ්‍යයි. එය සිදුවේවි. ඒත් අපි දෙන්නාට ඕනෑ නිරන්තරයෙන්ම ජිවිතාවබෝධය ඇතිව නැවුම් විදිහට ජීවිත ගත කිරීමටයි.

 

SAN_3696


වොල්ගා ඇයි ඔබගේ මනාපය හර්ෂණට දුන්නේ?
ප්‍රධානම දේ අසීමිතව හර්ෂණ මට ආදරය කිරීමයි. එය සීමා සහිත ආදරයක් නෙවෙයි. මගේ අම්මාට - තාත්තාට සහ අපේ පවුලේ අයටත් හරිම ලැදියි. එයා නළුවකු කියන තැන දිහා බලලා නෙවෙයි මමත් එයාට ආදරය කරන්නේ.


ඉතා හොඳ මිනිසෙක්. එයා මොන දේ කළත් ඊට හරිම අවංකයි. මවාපාන අදහස් එයාට නැහැ. ජීවිතය බෙදා හදා ගන්න වටිනාම චරිතයක්. ඒක අදට කියලා හෙට විවාහ වෙලා ඉන්පසු වලංගු නොවන දෙයක් නෙවෙයි. විවාහයෙන් පසුවත් එය එහෙමම වෙවි.

SAN_3715


හැඩගැන්වීම් Salon Charming - අරුණි සෙව්වන්දි
විලාසිතා Emma Fashion කඳාන

sadun-gamage



අදහස් (0)

අපි දෙන්නව ළං කළේ ‘සුජාතා’

හර්ෂි Friday, 19 February 2016 09:01 AM

ලස්සනයි. සුභ පතනවා.! (ර)

:       0       0

චාරු Wednesday, 17 February 2016 08:14 AM

ආදර්ශමත් විවාහ ජිවිතයක් ලැබේවා. සමහර ටෙලි නිලියන් වගේ අනුන්ගේ පවුලක් කඩලා තමන්ට කෙනෙක් සොයා ගත්තේ නැතිව වැදගත් පිලිවෙලටනේ මේ කටයුතු කෙරෙන්නේ. ඒ නිසා හැමෝගෙම ආශිර්වාදය ලැබේවි. (ර)

:       0       0

යොහාන් Friday, 19 February 2016 12:34 AM

ගැළපෙන ජෝඩුවක් (නි)

:       0       0

මොහොමඩ් Tuesday, 16 February 2016 11:38 PM

වොල්ගාට මේක්අප් වැඩියි මට පෙනෙන විදිහට. (නි)

:       0       0

පාලිත Thursday, 18 February 2016 08:53 AM

චාරු කතාව හරි .සුබ අනාගතයක් ඔබ දෙන්නටම (බ)

:       0       0

නිම්මි Tuesday, 16 February 2016 03:08 PM

ඔබේ ආදරය සැමදා පවතීවා. නමුත් පුද්ගලික ජීවිතය පමණට වඩා මාධ්‍යයට නිරාවරණය කරන්න එපා. (බ)

:       0       0

ලොකුගේ Saturday, 27 February 2016 04:46 AM

මේ දෙන්නා හොඳ ලස්සන ජෝඩුවක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 97 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 1010 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 198 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 895 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3583 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2263 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24867 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site