IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘‘අපි දිනුවේ ඔබේ උදව්ව නිසයි ‘‘

නොවැම්බර් 15 සිට 17 වනදා දක්වා කොළඹදී පැවැත්වීමටනියමිත පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සඳහා රාජ්‍ය නායකයින් 54 දෙනෙකු සහභාගී වන බවත් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්, විදේශ අමාත්‍යවිලියම් හේග් සහ මහා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරුන්ද ඒ අතරටඇතුලත්වීම ශ්‍රී ලංකාව ලද වැදගත් ජයග්‍රහණයක් බවත් මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් මහතා පැවසීය. 

ඒ මහතා එලෙස කීවේ මහකොමසාරිස් කාර්යාලයේ පසුගිය සෙනසුරාදා පැවති වෙසක් පිංකම සඳහා සහභාගීවූ මහා සංඝරත්නය සහ අනෙකුත් පිරිස වෙත සිය කෘතඥතාවය පළකර සිටි අවස්ථාවේදීය.

ලන්ඩන් නුවර සිට එම රාජ්‍යනායක හමුව කඩාකප්පල් කිරීමට ශ්‍රී ලංකා විරෝධී පිරිසක් ගන්නාලද බලවත් උත්සාහය ව්‍යර්ථ කිරීමසඳහා හැකියාව ලැබුනේ ඒ සඳහා මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරන උස් පහත් භේදයක් නොමැතිව සම්පුර්ණ කාර්ය මණ්ඩලයෙන්ද ශ්‍රීලංකාවෙහි දියුණුව කෙරෙහි ඇල්මක් දක්වන සියලුම දෙනාගෙන්ද විශේෂයෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විහාරස්ථානයන්හිවැඩ වසන මහා සංඝයාවහන්සේගෙන්ද අනෙකුත් සියලුම ශ්‍රී ලාංකික පුජකවරයන්ගෙන්ද තමන්ට ලැබුන සහයෝගය සහ ගුරු හරුකම් නිසා බවද ඒ මහතා කියා සිටියේය.

ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ වාර්ෂික වෙසක් දානමය පිංකම මෙම මස 18 වෙනි දින ලන්ඩනයේ මහකොමසාරිස් කාර්යාලයේදී පවත්වනු ලැබීය.

මහකොමසාරිස්දොස්තර ක්‍රිස් නොනිස් මහතාගේ ආරාධනාවෙන් ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහාබ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක  බෝගොඩ සීලවිමල නාහිමි, කින්ස්බරිශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අගගමහා පණ්ඩිත ගලයායේ  පියදස්සි නාහිමි, බර්මින්හැම් මහා විහාරාධිපති  විතාරන්දෙණියේ කස්සප නාහිමි, බර්මින්හැම්ජේතවන විහාරාධිපති  කැප්පිටියාගොඩ ගුණවංශ නාහිමි, තේම්ස් බෞද්ධ විහාරාධිපති  කහතේවෙල චන්ද්‍රජෝති නාහිමි, ලෙච්වර්ත් ධම්මනිකෙතනාධිපති  අකුරල සමිත නාහිමි ඇතුළු එංගලන්තයේ ශ්‍රී ලාංකික විහාරස්ඨාන නියෝජනය කරමින් මහා සංඝයා වහන්සේ විසිනමක් පිංකම සඳහා සහභාගී වුහ.

එංගලන්තය වැනි රටක පිංකමක් සඳහා සංඝයාවහන්සේ එපමණ සංඛ්‍යාවක් සහභාගීවීම විශේෂත්වයකි.

පිංකමආරම්භයේදී අනුශාසනාව පැවැත්වූ  බෝගොඩ සීලවිමල නාහිමියන් පැවසුවේවෙසක් පුන් පොහොය වෙනුවෙන් මහකොමසාරිස් කාර්යාලය මඟින් වාර්ෂිකව පවත්වනුලබන වෙසක් පිංකම මෙවර පැවැත්වෙන දිනයෙහිම ශ්‍රී ලංකාවේ රණවිරු දිනය සැමරීමවිශේෂත්වයක් වන බවය. 

වසරතිස් ගණනක කුරිරු භීෂණයකට මුහුණපාසිටි ශ්‍රී ලාංකික ජනතාව එම මර බියෙන්මුදවාලීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතුකළ ශ්‍රී ලංකා ත්‍රිවිධහමුදාවන්හි, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බලකායේ ලොකු කුඩා සියලුම දෙනාටමත්වසර හතරකට පෙර මෙවන් දිනයක ලබාගත් එම විජයග්‍රහණය සඳහාඅභීත නායකත්වයක් සපයාදුන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන සියලුමදෙනාටත්පුන්‍යානුමොදනා කරන බවත් උන්වහන්සේ පැවසුහ. බර්මින්හැම් බෞද්ධ මහාවිහාරාධිපති විතාරන්දෙණියේ කස්සප නාහිමියන් පැවසුවේ ජාත්‍යන්තරය තුල වර්තමානයේ ශ්‍රී ලංකාවට එල්ලවී ඇති විවිධාකාර අභියෝගයන් හමුවේ අප මවුබිමේ ගෞරවය රැකදීම සඳහා මහකොමසාරිස් කාර්යාලයේ සියලුම නිලධාරීන් කටයුතු කරන ආකාරය පිළිබඳව ශ්‍රී ලාංකිකයින්ගේ කෘතඥතාවය පිරිනමන බවය.

සිංහලබෞද්ධ ජනතාව ජාතිවාදීන් ලෙස හැඳින්වීම අසාධාරණ බව පැවසු උන්වහන්සේ ශ්‍රීලංකාවේ විවිධ ආගම් ඇදහීම සඳහා ඉඩප්‍රස්තාව ලබාදී ඇති ආකාරය තුලින්ම ඒ බවපෙනීයන බව පැවසුහ. තමන් වහන්සේගේ විහාරස්ථානයේ දායක සභාවේ ලේකම් ලෙස කටයුතුකරනුයේ යාපනයේ සිට පැමිණි ද්‍රවිඩ පින්වතෙකු බව පෙන්වාදුන් උන්වහන්සේබුදුන් වහන්සේ වදාළ පිරිසිදු ධර්මයේ මුලික හරය අවිහිංසාව සහ සමානාත්මතාවය කෙරෙහි ගරු කිරීම බවද පෙන්වා දුන්නේය.

පිංකමඅවසානයේ ස්තුති කතාව කල මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් මහතා පැවසුවේමහකොමසාරිස් තනතුරේ කටයුතු කිරීම ආරම්භකළ දිනයේ සිට තමන්හට විවිධප්‍රශ්නයන්හට මෙන්ම ගුණාත්මක මෙන්ම නරක විවේචනයන්හට මුහුණපෑමටසිදුවූ බවත් ඒ හැම දුෂ්කර අවස්ථාවකම බ්‍රිතාන්‍යයේ සියලුම ශ්‍රී ලාංකිකසංඝයා වහන්සේගේ ආශිර්වාදයත් ගුරු උපදේශත් තමන්ට ලැබුන බවත්ය. ඒ සඳහා තමන්අතිශයින්ම කෘතඥ වන බවද නෝනිස් මහා තා පැවසුවේය. 

නියෝජ්‍ය  මහා කොමසාරිස් නෙවිල් සිල්වා මහතා ඇතුළු මහකොමසාරිස් කාර්යාල නිලධරයෝද ඊට එක් වුහ.



අදහස් (0)

‘‘අපි දිනුවේ ඔබේ උදව්ව නිසයි ‘‘

රානි Sunday, 19 May 2013 12:21 PM

"සිංහල බවුද්දයන් ජාතිවාදීන් ලෙස හැදින්වීම වැරදි බවත් ලංකාවේ අනික් ආගම වලට ඉඩ ප්‍රස්ථාව ඇති බවත් පැවසිය"අපේ හාමුදුරුවනේ, එතකොට මේ පල්ලි වහන්න කියලා යන පෙළපාලි වලින් වෙන්නේ රටේ නම කැත වෙන එක නෙමෙයිද? ඔබ වහන්සේල ඒක නවතා දමන්න. (නි)

:       0       0

ශීලා Sunday, 19 May 2013 12:22 PM

අපේ හාමුදුරුවෝ ඔහොම කිවුවට මෙහෙ කට්ටියක් පෙළපාලි යනවා පල්ලි වසා දමන්න කියලා.බලදාරියෝ නෑසුණු කන් ඇතිව සිටිනවා.තව ටික දවසකින් අපිටත් ජිනිවා යන්න වෙනවා... හලාල් නවත්තන්න කියලා මර හද දුන්නා. ඒ වුනාට එංගලන්තේ හලාලුත්,ඩුබායි වල ක්‍රිස්තියානි පල්ලිත්, ඕමාන්වල පන්සලුත් ඇත. (නි)

:       0       0

මාලක Sunday, 19 May 2013 12:25 PM

ඊනියා බටහිර විරෝධියෝ මේ සමුළුව එපා කිවුවා. තවත් සමහරු ඕනෑ කිවුවා. දැන් බැලුවම මේකෙනුත් කට්ටියක් පොහොසත් වෙන එකයි වෙන්නේ. (නි)

:       0       0

ජීවන් Sunday, 19 May 2013 12:29 PM

මේ පොදුරදමදුලු "ප්‍රොජෙක්ට්"එකෙන් කරන්නේ රෝල්ස් රොයිස් ආනයනය. මේකට එල්ලෙන්න වැල් හොයන ඊනියා බටහිර විරෝදියෝ අකමැති උනා. පොහොසත්වෙන්න කියක් හරි හොයාගන්න වැල් හොයන අය කැමති උනා. දුප්පත් ජනයා තවත් පරඬැල් වෙනවා මේ සමුළුවෙන්.(නදී)

:       0       0

ලසන්ත Sunday, 19 May 2013 12:30 PM

රෝල්ස් රොයිස් වාහන මග එනවලු.(නදී)

:       0       0

පද්මා Sunday, 19 May 2013 12:32 PM

කට්ටිය අවංකව මේක කරනවා නම් දැනට තියන ඔය බෙන්ස්, බි.එම්.ඩ්බ්ලිව් වගේ වාහන ඇති ප්‍රභූවරුන්ට පාවිච්චියට. හොරකන් කරන්නම දත කට නියාවගෙන ඉන්න අය තමයි ඔය රෝල්ස්රොයිස් ගේන්න හදන්නේ.(නදී)

:       0       0

නීල් Sunday, 19 May 2013 01:08 PM

දානමය පිංකම අවසානයේ ප්‍රධාන දායක තැන විසින් ස්තුති කතාවක් කිරීමෙන් සංඝරත්නයට මෙන්ම සාසනයටත් අගෞරවයක් සිදුවෙනවා.(නදී)

:       0       0

ලුම්බිණි Sunday, 19 May 2013 02:11 PM

මම හිතනවා අපේ මහා කොමසාරිස් තුමා වෙනත් ආගම් වලටත් මේ වගේම තැනක් දීලා ඒ ආගම් නියෝජිතයන්ටත් කොමසාරිස් කාර්යාලයට එන්න කියාවි කියලා. (නි)

:       0       0

දිනේෂ් Sunday, 19 May 2013 02:23 PM

රානි,ශීලා, ඔය දෙන්නට පෙනෙන්න නැද්ද බෞද්ධ උරුමය විනාශ කරන බව.දිඝවාපිය,කුරගල වගේ තැන් විනාශ කරනවා.පුල්මුඩේ වල සිංහලයන්ට ජොබ් දෙන්න එපා කියලා මුස්ලිම් මිනිස්සු උද්ඝෝෂණය කරනවා.ඒවා හොදද? (නි)

:       0       0

ලලිත්-එස්.එල් Sunday, 19 May 2013 02:34 PM

මොනා උනත් දේශපාලකයන්ගේ කල්ල මරේ.(නදී)

:       0       0

රංජනී Sunday, 19 May 2013 02:46 PM

ආගම් ජාතිවාදී වෙන්න එපා කියල ජනාදිපති හැමදාම කියනවා. නිකම් ඉන්න කම්මැලිකමට ඔහේ කට්ටිය පෙළපාලි යනවා ඇති ශීලා. එංගලන්තේ ඔය ආගම් වෙනුවෙන් පෙළපාලි යන්නේ නැහැ.(නදී)

:       0       0

අකිල Sunday, 19 May 2013 03:23 PM

කට්ටියක් සිමෙන්තිත් හලාල් කරන්ඩ හැදුවට පස්සෙයි බොදු බල සේනාවෙන් කතා කලේ. (නදී)

:       0       0

රිස්වාන් ඩුබායි Sunday, 19 May 2013 03:28 PM

ඔබ හරි ශීලා. ඩුබායි වලට ඇවිත් බලන්න.ඔබට ඕනෑම ආගමක් අදහන්න පුළුවන්. මෙහෙ සෞදි අරාබිය වගේ නීති තද නෙවේ. මෙහෙ පාලකයන් ජනතාවට හරී අදෙරයි. කිසිම ජාති බේදයක් නැහැ.(නදී)

:       0       0

අමර Sunday, 19 May 2013 03:51 PM

අකුරැස්ස නගරයේ පමණක් පල්ලි 81 ඇත. මුළු මහත් මැදපෙරදිග අරාබිකරයේම ක්‍රිස්තියානි පල්ලි පන්සල් අතේ ඇඟිලි ප්‍රමාණයට ගණන් කල හැක. සෞදියේ පන්සලක්, ක්‍රිස්තියානි පල්ලියක් බෙහෙතකටවත් හොයා ගන්න නැත. ජිනීවා යනවා කිව්වම නිකන් මට හිනහත් ගියා.(නදී)

:       0       0

සේරම් පැරිස් Sunday, 19 May 2013 04:41 PM

යුරෝපයේ සේම සෑම රටකම දමිල ජනයාගේ ඡන්දය බොහෝ වැදගත්. මේ රටවල දේශපාලකයන්ට සිංහල ජනයා බොහෝ සුළු ගානක් ඉන්නේ . ඒ නිසා දමිළයන් සනසන්න මේ රටවල දේශපාලකයෝ වෙහෙසෙනවා හරි වැරැද්ද නෙමේ බලන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 126 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 518 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 102 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 541 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 330 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 965 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38163 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site