IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


අපේ නීති යල් පිනූ බව අගවිනිසුරු කියයි

මෙරට පවතින යල්පැන ගිය රෝම ලන්දේසි, ඉංග්‍රීසි නීතිය රටට කාලෝචිත නැති බවත්, සමාජයට රටට ඔබින ලෙස නීති වෙනස් කර අලුත් ගමනක් යෑමට සියලු දෙනා සූදානම් විය යුතු බවත් අග විනිසුරු මොහාන් පීරිස් මහතා හොරණ මහේස්ත්‍රාත්වරුන් හා නීතීඥවරුන් අමතමින් පැවැසීය.

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනාත මහතාගේ හා හොරණ නීතීඥ සංගමයේ ආරාධනාවකට අනුව අගවිනිසුරුවරයා මෙහි පැමිණ සිටියේය.

‘යල් පැන ගිය රෝම ලන්දේසි ඉංග්‍රීසි නීතිය කාලෝචිත නොවේ. අපි ඒවා වෙනස් කරගෙන රටට සමාජයට ඔබින ලෙස අළුත් ගමනක් යෑමට සූදානම් විය යුතුයි. අපි මේ සඳහා සුළු වෙනස්කම් කළ යුතුයි.

 



අදහස් (0)

අපේ නීති යල් පිනූ බව අගවිනිසුරු කියයි

පද්මිණි Thursday, 12 June 2014 09:53 PM

ඔය කියන කල් නීතියේ අඩු පාඩුවක් අපිට පෙනුනේ නැහැනේ. (දී)

:       0       0

අනුපම Friday, 13 June 2014 10:16 AM

මෙම යෝජනාව ක්‍රියාත්මක වෙනවා නම් කොච්චර ‍හොඳද? (නි)

:       0       0

ලුම්බිණි Friday, 13 June 2014 10:52 AM

නීතිය ගැන නම් දැන් අපි කතාකරන්නත් අකමැතියි. ඒ තරමටම නීතිය දැන් අගාධයට ගිහින් (නි)

:       0       0

ජෙහාන් Friday, 13 June 2014 01:33 PM

නීතිය අලුත් කලාට අපේ නඩුකාර හාමුදුරුවනේ , දේශපාලුවන් ඒකෙත් හිල් හදා ගත්තොත් තමා වැඩේ ! (නදී)

:       0       0

චන්ද්‍රා Friday, 13 June 2014 02:32 PM

ඉක්මනින් වැඩේ හරියටම කරන්න, පින් අත්වේවි. (නි)

:       0       0

පද්මිණි Friday, 13 June 2014 12:01 AM

ඒක ඇත්ත. කාලයේ තාලයට අපි හැඩගැසිය යුතුයි (නි)

:       0       0

රංගන Friday, 13 June 2014 02:40 PM

වෙන රටවල වගේ පහසුවෙන් දික්කසාද වෙන්න පුළුවන් විධියට නිතිය වෙනස් කරලා දෙන්න මැතිතුමනි, නැත්නම් ගෘහස්ත ප්‍රචන්ඩත්වය හා මිනිමැරැම් වැඩිවේවි රටේ මේ යන විධියට. (දී)

:       0       0

ගාමිණී - සිරි Friday, 13 June 2014 02:40 PM

රටේ සංවර්ධනයට බාධාවක් , ගම්වල අසමගියට හේතුවක් හා ගැමියන් කාබාසීනියා කරන අවුරුදු ගණන් ඇදගෙන එන ගොඩගසාගෙන ,දින දමන ,ඉඩම් නඩු කඩිනමින් විසඳා දෙන ක්‍රමෝපාදයක් නම් ඉතාමත් හදිසියි . (දී)

:       0       0

ප්‍රියංකර Friday, 13 June 2014 04:12 PM

ඔබතුමාට ඔය දේ දැන් හෝ තේරුණා එක ලොකු දෙයක් (දී)

:       0       0

සෑම් Friday, 13 June 2014 04:26 PM

රෝම ලන්දේසි/ඉංග්‍රීසි නිතිය කාලෝචිත නැහැ.මොකද ඒකේ හැටියට නීතිය ඉදිරියේ සියලු දෙනාම සමානයි.අපිට හරි යන්නේ වෙන වෙනම අදාළ වන නීති (දී)

:       0       0

මාධවී Friday, 13 June 2014 04:30 AM

දේශේ හැටියට බාසේ තියෙන්න ඕනෑනේ. (නි)

:       0       0

ලක්මාල් Friday, 13 June 2014 05:18 PM

විනිසුරුතුමනි , ඔබතුමා නිවැරදියි මේ කතාව ඉක්මනින්ම ප්‍රායෝගික වෙනවා නම් තමයි වටින්නේ (දී)

:       0       0

අහිංසා Friday, 13 June 2014 06:48 AM

මෙතන තියෙන්නේ නීතියේ ප්‍රශ්නයක් නොවෙයි කියලයි මට නම් හිතෙන්නේ. නීතියට දේශපාලුවන් ඇඟිලි ගහලයි තියෙන්නේ. (නි)

:       0       0

කේශාන් Friday, 13 June 2014 06:53 AM

කතාව නම් සහතික ඇත්ත (නි)

:       0       0

වීරා Thursday, 12 June 2014 07:10 PM

අපි මෙය දැනගෙන හුගක් කල්. සුළු වෙනස්කම් නම් මදි. දැන් ඇති නීතියෙන් ඇති ආරක්ෂාව සාමාන්‍ය ජනතාවට නොවේ, (දී)

:       0       0

ශානක Friday, 13 June 2014 07:19 AM

විවිධාකාර බලපෑම් නිසයි ලංකාවේ නීතිය අද හරිහැටි ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබෙන්නේ (නි)

:       0       0

දිල්ශාන් Friday, 13 June 2014 08:15 AM

නව මාවතකට පිවිසීමට දොරටු විවර කරන්නට උත්සාහ දරන ඔබට ස්තූතියි! (නි)

:       0       0

බන්දුල Thursday, 12 June 2014 07:59 PM

අපිනම් ඔය කතාව කියලා ගොඩාක් කල් (දී)

:       0       0

පතිරණ Thursday, 12 June 2014 08:02 PM

අනේ මන් දන්නේ නැහැ සමහර උදවිය කියන්නේ තියෙන නීති වත් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියල. (දී)

:       0       0

ලක්ෂපාන Thursday, 12 June 2014 08:11 PM

හත් දෙයියනේ ඔච්චරමත් දන්නවනං ඔබතුමාල ඉදිරිපත්පත් වෙලා සුළු නොවේ විශාල වෙනසක් කරානම් රටක් ජාතියක් වඳ වෙන්න කලින් බේරාගන්න පුළුවන් වෙයි. මොකදෝ තවත් පමා රටේ මිනිස්සු ආගම,දහමට හදන්න බැරි කාලේ නීතියේ බලපෑමකින් හරි මිනිසුන් යහමගට ගන්න පුලුවන්නම් ඔබතුමාලටත් ඒ පින් අත්වෙයි. ... (දී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Friday, 13 June 2014 08:55 AM

අග විනිසුරුතුමාගේ අදහස බොහොම හොඳයි, කාලෝචිතයි. පුළුවන් තරම් ඉක්මනට මේ සම්බන්ධව අදාල පාර්ශවයන් සමග ක්‍රියාත්මක වුණොත් හොඳයි. (නි)

:       0       0

සැම්සන් Friday, 13 June 2014 08:57 AM

බොහොම කාලෝචිත අදහසක් (නි)

:       0       0

චමිල් Friday, 13 June 2014 09:14 AM

ඉතා ‍කාලෝචිත යෝජනාවක්. ක්‍රියාත්මක වනතුරු අපි බලා සිටිමු (නි)

:       0       0

ඒ පි කිර්ති ආනන්ද Thursday, 12 June 2014 08:34 PM

චිත්‍රපටි හදන මහත්වරුන්ගෙන් අපේ රට වෙනුවෙන් ඉල්ලෙමක් කරන්න කැමතියි අරක්කු සිගරට් සමගම්වලින් සල්ලි අරගෙන ඒවා බාවිතාකරන දර්සන චිත්‍ර පටිවලට දාන්න එපා. අපේ නුගත් රුපවාහිනී මාධ්‍ය ඒවා පෙන්නනවා . හොදද (දී)

:       0       0

ටිරෝන් Thursday, 12 June 2014 08:35 PM

නීතිය අලුත් කලොත් අපේ ගොඩ දෙනෙක් ඇතුලේ (දී)

:       0       0

බෙනට් Friday, 13 June 2014 09:15 AM

අපිත් ඔබතුමා සමඟ එකඟයි (නි)

:       0       0

ඩී උපුල් Thursday, 12 June 2014 09:19 PM

ගුඩ් මෝනිං අග විනිසුරු තුමනි. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1363 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 846 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1899 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 485 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2788 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37158 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24474 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 623 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site