මහ මැතිවරණය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා අම්පාර, මඩකලපුව හා ත්‍රිකුණාමලය ප්‍රදේශවල සංචාරයක නිරත වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
එහිදී උසස් නිලධාරීන් හමුවූ පොලිස්පතිවරයා දැඩිව මැතිවරණ නීති ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියේය.
‘පොලිසියට කිසිම පක්ෂයක් නෑ. පාටක් නෑ. අපේ පක්ෂය පොලිස්. අපේ පාට කාකි පාට. ඒ නිසා සෑම පක්ෂයකටම එක සමානව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න.‘
විශේෂයෙන්ම මාර්ගවල ධාවනය වන අවසර නැති අඳුරු වීදුරු සහිත වාහන හා ලියාපදිංචි නොකළ වාහන සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් පොලිස්පතිවරයා එම නිලධාරීන්ට දැනුම් දුන්නේය.
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘අපේ පක්ෂේ පොලිස් : අපේ පාට කාකි පාට‘
මනෝජ් Friday, 31 July 2015 10:37 AM
නියමයි මහත්තයා නියමයි (නි)
ජයසේන Friday, 31 July 2015 11:10 AM
නියමයි. (නි)
බිඩා Friday, 31 July 2015 05:31 AM
බොහොම හොඳයි, මෛත්‍රී, රනිල්, මැකෝ ඇතුළු මුළු පොලිස් සේවයටම තුති. (නදී)
සී.කේ.ලංකාපුත්‍ර Friday, 31 July 2015 05:37 AM
ඉස්සර පොලිස් පාට නිල් පාට. යහපාලනයෙන් පාට වෙනස් වෙලා. තවම නිල් පාට යුනිෆෝර්ම් අදින පොලිසියේ මහත්තුරුත් නැත්තේම නැහැ. (නදී)
වයිකෝ Friday, 31 July 2015 05:42 AM
පොලිස්පතිතුමනි නීතිය හැමදාම එක ලෙස ක්‍රියාත්මක කල යුතුය. ඔබතුමා කෙලින් හිටියොත් මුළු පොලිස් දෙපාර්තමේන්තුවටම හරියට නීතිය ක්‍රියාත්මක කිරීමට පහසු වේවි. රටේ ලිකිත නීතියේ බාර කාරයෝ පොලිසියයි. (නදී)
වයිකෝ Friday, 31 July 2015 05:49 AM
නීති වෙනස් කිරීමට හෝ අලුත් නීති පැනවීමට පාර්ලිමේන්තුවට බලය තිබුනද, එදිනෙදා පොලිසියේ රාජකාරි වලට බලපෑම් කිරීම මැති ඇමති වරුන් නොකළ යුතුය (නදී)
අචිනි Friday, 31 July 2015 06:39 AM
බලන්න දැන් පොලිස් පති තුමා. ඉස්සර කොහොමද මීයා වගේ හිටියේ.(නදී)
සහන් Friday, 31 July 2015 07:20 AM
පසුගිය අවුරුදු දහයේ නම් පොලෝසියේ පක්ෂය රාජපක්ෂය. පාට නිල් පාට, ලකුණ බුලත් කොලයයි (නදී)
වසන්ත Friday, 31 July 2015 07:28 AM
දැන් වෙනසක් තියනවා.... ඉස්සර වගේ නොව. අපේ රට බැබලේවා. (බ)
ශිරන්ති Friday, 31 July 2015 08:18 AM
මෙයාගේ ටෙලිෆෝන් බිල දැක්කනම් කොයි පක්ෂේද කියල හොයා ගන්න පුළුවන්. (නදී)