IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


අපේ මැටි වැඩ මොස්කව් යයි

(අංජුල මහික වීරරත්න)

රුසියාවේ මොස්කව් අගනුවර වාර්ෂිකව පැවැත්වෙන සංස්කෘතික සතිය සඳහා ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික කලා ශිල්ප විදහා දැක්වෙන ප්‍රදර්ශන කුටියක් සහ අලෙවිසැලක් නිර්මාණය කිරීමට ආරාධනා ලැබ ඇතැයි වෙිවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි.

ශ්‍රී ලාංකික ශිල්පීන් නිර්මාණය කරන ලද කලා නිර්මාණ සංස්කෘතික ප්‍රදර්ශනයට යැවීම සඳහා කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාට විදේශ අමාත්‍යාංශයේ දී බාරදුන් බව රණවීර මහතා සඳහන් කරයි.

මෙලෙස මොස්කව් යවන ශ්‍රී ලාංකික කලා නිර්මාණ වලින් කොටසක් රුසියානු ජාතික කෞතුකාගාරයේ තැන්පත් කිරීම සඳහාද ඉල්ලීම් ලැබී ඇතැයි ද ප්‍රසන්න රණවීර මහතා කියයි.

ඔක්තෝම්බර් මස 03 වන දා සිට 09 වන දා දක්වා රුසියානු ජාතික සංස්කෘතික ප්‍රදර්ශනය මොස්කව් අගනුවර දී පැවැත්වෙි.

 

 



අදහස් (9)

අපේ මැටි වැඩ මොස්කව් යයි

ගොබ්බසේන Saturday, 04 September 2021 03:41 PM

මොස්කව් ගෙනනොගියත් නිදහසෙන් පස්සේ කරපු වැඩ අනුව අපේ මැටිවැඩ ගැන ලෝකයාම දන්නවා..

:       69       18

යටත් විජිත මානසිකත්වයෙන් මිදියන්Saturday, 04 September 2021 04:51 PM

අපේ මිනිස්සු වරද්ද ගත්ත පලවෙනිම තැන තමයි නිදහසෙන් පස්සෙ කතාව. බටහිර කොලොනි වෙච්ච කිසිම රටක් තාමත් සම්පූර්ණ දියුණු රටක් වෙලා නෑ. එංගලන්තෙ විතරක් නෙමේ, ස්පාඤ්ඤ, ජර්මන්, ප්‍රංශ, ඉතාලි යටත් විජිත විදියට තිබුනු හැම රටක්ම තාම දියුණු වෙමින් පවතින රටවල්. ඒකට හේතුව උන් අපේ රටවල් වල ඉගැන්නුම් රටාවයි කර්මාන්තයි විනාශ කරල උන්ගේ කර්මාන්ත ටිකක් හදල ගියා. ඒක තමයි තිත්ත ඇත්ත.

:       0       0

WikashSaturday, 04 September 2021 04:53 PM

රුසියාවට වඩා ඉරිසියාව ලොකුයි ගොබ්බසේන.

:       0       0

Ran Saturday, 04 September 2021 04:11 PM

මේ ගොල්ලන්ගෙ " මැටි මෝල් වැඩ" නම් ප්‍රදර්ශනය කරන්න දෙයක් නෑ. කවුරුත් දන්නවා. අලුත්ම එක තමා ඇමෙරිකානුවෙක් පිනට පත්වෙලා "අමාත්‍යාංශවල කපා හැරිය හැකි වියදම් සම්බන්ධයෙන් සවිස්තර වාර්තා " හොයන එක...

:       48       16

Jayasinghe Saturday, 04 September 2021 04:54 PM

මෙහෙම දේකවත් සාර්ථකත්වයක් දැකල සතු‍ටු වෙන්න බැරිද තමුන්ට? එච්චරටම පක්ශ වහලෙක්ද?

:       0       0

Manilka Jayaweera Saturday, 04 September 2021 04:59 PM

දැන්වත් ලංකාවේ කාර්මික විප්ලවයක් ඇති කරපල්ලා. අපනයන ආර්ථිකේ වර්ධනය කරන කර්මාන්ත වල ආයෝජනය කරපල්ලා. ප්‍රේමදාස හදලා ගියපු ගාමන්ට් ටික විතරයි තාම තියෙන්නේ. ඒ ඇරෙන්න ටයර්, රබර් ප්‍රඩක්ට් කීපයක් විතරයි තියෙන්නේ... අයි.ටී ඇරුණාම ආනයනය කරන ඒවා ලංකාවේ හදන්න පටන් ගන්න. ඔවුන්ට අත හිත දෙන්න. දැන් ඔය පාරවල් හැදුවා ඇති.... ඉලෙක්ට්‍රොනික්, මෙකැනිකල් කර්මාන්ත පටන් ගන්න... ලෝහ සහ රසායනික කර්මාන්ත වැඩි දියුණු කරපල්ලා..

:       1       14

ගමේ එකාලා Saturday, 04 September 2021 06:01 PM

මැටි ඇමැතිලාට හොඳ අවස්ථාවක්... රුසියාවේ ටුවර් එකක් යන්න.

:       4       12

ලකි පැරිස් Saturday, 04 September 2021 10:21 PM

අයියෝ 225 යවන්න තිබුනෙ. අවුරුදු හැත්ත ගානක් කරපු මැටි වැඩ වලට, නැතිනම් අපිත් ලංකාවේ .

:       1       2

Perera Sunday, 05 September 2021 10:19 AM

ලංකාවේ මැති ඇමැතිලාගේ ‘‘මැටි‘‘ වැඩ මුලු ලෝකෙම දැක්කා අර පාර්ලිමේන්තුවේදී මිරිස් කුඩු ගහපු වෙලාවේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 686 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 1684 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 800 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 707 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 1031 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 493 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 94 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1441 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site