ශ්‍රී ලංකාවේ සිටින අතිශය දුර්ලභ මත්ස්‍ය විශේෂයන් අතර බන්දුල පෙතියා නමැති මාළුවාට ද හිමිවන්නේ විශේෂ ස්ථානයකි. ශ්‍රී ලංකාවට ආවේණික මේ කුඩා මාළුවා මෙරට හමුවන්නේ ද එක් ඇල මාර්ගයක පමණි. බන්දුල පෙතියා සොයාගනු ලැබුවේ 1990 වර්ෂයේ දී ය.
සත්ත්ව විද්‍යාත්මකව Pethiya bandula ලෙස මේ මාළුවා හැඳින්වේ. මාළුවා මුල්වරට සොයාගත් රංජිත් බන්දුල මහතා සිහිවීම පිණිස මේ මාළුවාට එම නම දී ඇත. සිංහල බසින් බන්දුල පෙතියා යන නමින් මෙන් ම ‘‘ජයන්තියා‘‘ යන නමින් ද හැඳින්වේ.
මේ මත්ස්‍යයාගේ විශේෂත්වය වන්නේ දැදිගම ප්‍රදේශයේ ගම්මාන තුනක් වූ හපුගොඩ, මිණිපුර හා හල්පිටිය හරහා ගලා බස්නා කුඩා ඇළක පමණක් ජීවත් වීමයි. එම ඇල මාර්ගය ගුරුගොඩ ඔයට එක්වේ. ගුරුගොඩ ඔයෙන් ගලායන ජල කඳ කැලණි ගඟට එක්වෙයි.
කුඩා සීමා සහිත ප්‍රදේශයකට සිමා වූ බන්දුල පෙතියා වඳවී යාමේ දැඩි තර්ජනයට ලක්ව සිටීම හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශය සංරක්ෂණ ව්‍යාපෘතියක් දියත් කැර තිබිණි. මේ ව්‍යාපෘතියේ විශේෂත්වය වන්නේ ඔවුන් සංරක්ෂණය කිරිමේ කාර්යයේ දී මසුන් ආරක්ෂා කර බෝ කිරීමේ කාර්යය සඳහා ගම්වැසියන්ගේ ද සහාය සෘජුවම ලබා ගැණිනි.
තම ගමේ සිටින කුඩා මාළුවා මුළු රටට ම පමණක් නොව ලෝකයට ම සම්පතක් බව තේරුම්ගත් ගැමියෝ ස්වේච්ඡාවෙන් ම මේ සංරක්ෂණ කාර්යයට දායක වූහ.
සිරුරේ කෙලින් අතට පිහිටි පැහැදිලි ඉරි දෙකක් සහිත වැඩුණු සතකුගේ දිග අඟල් දෙකක් පමණ වේ. වරල, ගුද වරල හා යෝනි වරල් කළු පැහැයෙන් දක්නට ලැබෙයි.
වැලි සහිත පතුලක් ඇති පිරිසිදු ජලය බැස යන දිය පහරවල පත්ල ආසනන්නය තම වාසභූමිය කරගෙන ජීවත්වෙයි. 2003 දී බන්දුල පෙතියා සංරක්ෂණ ව්‍යාපෘතිය ආරම්භ කරන විට මුළු ලෝකයට ම බන්දුල පෙතියන් සිටියේ 150ක් පමණ සුළු පිරිසක් යැයි මෙරට මාළු පිළිබඳ පර්යේෂණ ගණනාවක් සිදුකළ මහාචාර්ය දේවක වීරසිංහ මහතා පවසයි.
එම ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් ලෙස දැන් බන්දුල පෙතියන් 1500ක පමණ ඝනත්වයක එම දොළේ දක්නට ඇතැයි සත්ත්ව විද්‍යාඥයෝ කියති. ඒ අනුව පැහැදිලි වන්නේ බන්දුල පෙතියා සංරක්ෂණ ව්‍යාපෘතිය සාර්ථ්ක වී ඇති බවයි. දැන් හපුගොඩ ගම්මානයේ මේ ව්‍යාපෘතියට අදාලව තොරතුරු මධ්‍යස්ථානයක් ද ඉදිකැර ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය
ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ
ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අපේ යාළු මාළුවෝ - 2
කුමාර් Thursday, 16 October 2014 09:30 PM
මේ මාළුවා පිටරටට (ගල්ෆ් වලට) එවනවා තායිලන්තයෙන් හා මැලේසියාවෙන්. (නි)
කන්තලේ එරික් විමලසිරි Saturday, 18 October 2014 04:44 AM
මේ මාළුවා කන්තලේ වෙන්දරාසන්පුර ඇළෙත් ඉන්නවා. (නි)
යසපාල Saturday, 18 October 2014 04:48 AM
ඉතා හොඳ කාර්යයක් ලංකාදීප. මෙය දිගටම කරගෙන යන්න (නි)
සජිත් Saturday, 18 October 2014 04:50 AM
බුලත් හපය කියන්නෙත් මේ මළුවට නේද ? (ස)
සජිත් Saturday, 18 October 2014 04:52 AM
මේ මාළුවෝ ඕනෑතරම් ඉන්නවා රත්නපුර කහවත්ත එන්දාන ගමේ දෙමෝදර අැලේ. (ස)
ගමගේ Friday, 17 October 2014 02:26 AM
කුමාර, ලංකාවට ආවේණික මාළුවෙක් කොහොමද වෙනත් රටක ඉන්නේ? (නි)
කපිල අතුකෝරල Saturday, 18 October 2014 05:02 AM
මේ මාළුවාට කියන්නේ ජයන්තියා කියලා (ස)
නාලක Friday, 17 October 2014 02:42 AM
සොයුරු කුමාර, ජලජ සත්වයන්ගෙන් මිනිසා සොයාගෙන ඇත්තේ සියයට පහකටත් අඩු ප්‍රමාණයක්. එක හා සමාන මාළුන් බොහොමයක් ඉන්නවා. මේ වගේම එහෙත් කිලෝ බාගයක් තරම මාළු විශේෂයක් මමත් යුරෝපයේ ආනයන වෙළඳ පොලේ දැක්කා. මේ මාළුවා අඟල් දෙකක් තරම් පොඩියි. ශරීරයේ දිග අතට කාල වර්ණ ඉරි දෙකක් තිබීම විශේෂත්වයක්. (නි)
තිලක් Friday, 17 October 2014 03:45 AM
මේ විශේෂඥයින්ට අභියෝග කරන්න මට දැනුමක් නැහැ. ඒත් මේ මත්ස්‍යයා රුවන්වැල්ල දෙහිඕවිට ප්‍රදේශයේ ඉන්නවා. සියලුම වර්ණ හා ලක්ෂණ සමානයි. පැහැදිලි ජලයේ වැලි සහිත පතුලේ ආහාර සොයමින් අඟල් තුන හතරක් දුර පිහිනා යළි යළිත් වැලි අතරට හොට ඇන ඇන යන මාළුවෙක්. අටුලුගම උතුර කන්දේ ඇළ හා කැලෑගම හීන් ඇළෙත් මහ ඇළෙත් ඉන්නවා. (නි)
අභය Friday, 17 October 2014 03:46 AM
මේ මත්ස්‍යයා කළුතර දිස්ත්‍රික්කයේ නෑබොඩ ගීකියනකන්ද වතුයායෙන් ගලන උඩෝවිට ඇලේ පාළමට ඉහළ සහ පහළ සිටිනවා. ඒ පැත්තේ මිනිස්සු මෙයාට කියන්නේ "ජයන්ති" කියලා (නි)
දිල්ෂාන් Friday, 17 October 2014 03:12 PM
අචිර වගේ කට්ටිය නිසා ස්වදේශීය මාළු වර්ග වඳ වෙලා යනවා. ඕස්ට්‍රේලියාවට නම් කිසිම රටකින් ශාකයක් හෝ සතෙක් ගෙන ඒම තහනම්. එයට හොඳ හේතු තිබෙනවා. (නදී)
විරාජ් Friday, 17 October 2014 04:31 AM
ලස්සන මාළුවෙක්! (නි)
වාසනා Friday, 17 October 2014 04:37 AM
ඉතා හොඳ ලිපියක් (නි)
අචිර Friday, 17 October 2014 04:39 AM
මෙම මාළුවාට සමාන මාළු වගයක් ප්‍රදේශයේ ඇති ඇළකින් මම ඇල්ලුවා. එම මාළුවා රෝසි බාබා කියන මාළු වර්ගය සමඟ මුහුන් කර ඉතා ලස්සන මාලුවෙක් මා නිර්මාණය කළා. මාළු ඇතිකිරීම සිත සනසන විනෝදාංශයක් (නි)
තිලක් Friday, 17 October 2014 05:22 PM
ලංකාදීප සේවාවේ අගය මෙයින්ම පෙනෙනවා. මේක බලන බොහෝ දෙනෙක් තම තමන්ගේ ප්‍රදේශ වල ඉන්න සමාන සතුන් ගැන කරුණු පළකරන්න පටන් අරගෙන. පර්යේෂණ කරන අයට මෙය ලොකු මඟපෙන්වීමක්. සමහරවිට අපේ මාළු දත්ත පොත අලුතෙන් ලියන්න වේවි. (නි)
කුමාර Friday, 17 October 2014 05:41 PM
අදටත් ලෝකයේ වැඩිපුරම අලෙවිවෙන කොරල් පර වල විසිතුරු මාළුවන් අල්ලනේ ලංකාවෙන් . මේ ජාවාරම ගැන රටේ අවධානයක් යොමුවෙලා නෑ .(අ)
නිරෝෂණ Friday, 17 October 2014 06:00 AM
අපි මේ මාළුවට කියන්නේ බුලත් හපයා කියල. අල්ගම ඉන්නවා ඇලවල්වල. අල්ගමත් කෑගල්ල දිත්‍රික්කේ දැදිගම ආසනයේම ගමක්. (ස)
ලීල් ගුණවර්ධන Friday, 17 October 2014 06:52 PM
තිලක්ගේ කතාව මමත් අනුමත කරනවා.ලංකාදීපයට ස්තුතියි. ඒ වගේම වන ජීවින්, වනසම්පත්, මත්ස්‍ය සම්පත් රැකගැනීමට අපි සැවොම එක්විය යුතුයි (නි)
අනුරාධ දුල්රාජ් Thursday, 16 October 2014 06:21 PM
ඉතා හොඳ වැඩක්. ගම්වාසීන්ගේ හා කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ උත්සාහය ඉතාම වටිනවා (නි)
ලියනගේ Friday, 17 October 2014 08:04 AM
නිරෝෂණ, බුලත් හපයගේ කළු ඉරි 3ක් තියෙනවා, රතු ගතියත් වැඩියි, බන්දුල පෙතියගේ කළු ඉරි 2යි, රතු ගතිය අඩුයි. (ස)
දීපිකා Friday, 17 October 2014 08:23 AM
ඔය කියන ඇල පටන් ගන්නේ සුන්දර ගම්මානයක් වන රබ්බිඩිගල ගම් පියසින්. එම ඇලෙහි තමා බන්දුල පෙතියා සිටින්නේ. (ස)
ඌශන්තSunday, 18 August 2024 10:22 AM
මං දන්නෙ නෑ හරියටම මේ මාලුවාමද කියලා හැබැයි අපේ ගගේ එක හරියකත් මේ සමානම මාලු ඉන්නවා මං දැකලා තියෙනාවා. කලුතර දිස්ත්‍රික්කයේ