IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


අපේ යාළු මාළුවෝ - 4

ඕනේට් පැරඩයිස්ෆිෂ් Ornate paradisefish ලෙස ඉංග්‍රීසි බසින් හඳුන්වන මල්පුළුට්ටා මෙරට දක්නට ලැබෙන අතිශය අලංකාර මිරිදිය මත්ස්‍යයෙකි. සාමාන්‍ය නමින් විස්තරවන ආකාරයෙන් ම වරල්වල පැහැදිලි නිල් පැහැති මල් වැනි රාටවන් මොවුන්ගේ අලංකාරය වැඩි කරයි.

මල්පුළුට්ටා ක්‍රෙට්සෙරි Malpulutta kretseri යනුනේ සත්ත්ව විද්‍යාත්මකව හැඳින්වේ. 1937 වර්ෂයේ දී සත්ත්ව විද්‍යාඥ පී.ඊ.පී.දැරණියගල මහතා විසින් නව මත්ස්‍ය විශේෂයක් ලෙස ලෝකයට හඳුන්වාදුන් මල්පුළුට්ටා පළමු වරට සොයාගන්නා ලද ශ්‍රී ලාංකික නීතිවේදියකු වූ දි ක්‍රෙට්සර් මහතාට ගෞරවයක් පිණිස විද්‍යාත්මක ව ක්‍රෙට්සෙරි ලෙස නම්කැර ඇත.

මේ මත්ස්‍යයාගේ විශේෂත්වයක් වන්නේ වෙනත් මාළුන් මෙන් ජලයේ දියවී ඇති ඔක්සිජන් කරමල් තුලින් නොගෙන දිය මතුපිටට වරින් වර පැමිණ වායුගෝලයෙන් සාමාන්‍ය වාතය ලබාගැනීමයි. බිත්තර දැමීමේ දි ජලලය මතුපිට ඇති ජලජ ශාක පත්‍රයක යටි පැත්තේ වායු බුබුල්වලින් පිරිමි සතා කැදැල්ලක් තනායි. මතුපිට පාවෙන පත්‍ර නොමැතිනම් ජලයට එල්ලී ඇති ශාක මුල් කොටස්වල ජල මතුපිටට ආසන්නයෙන් මේ කැදැල්ල තනයි. කැදැල්ල තනන විට පිරිමි සතා ගැහැණු සතාට ඒ අසළටවත් එන්නට ඉඩ දෙන්නේ නැත.

කැදැල්ල තැනූ පසු ගැහැනු සතා එහි ඇතුලත බිත්තර තැන්පත් කරයි. බිත්තර දැමූ පසු පිරිමි සතා යළි ගැහැනු සතාට පහර දී එළවා දමයි. ඇතැම් අවස්ථාවලදී ගැහැනු මත්ස්‍යයාට මරණීය තුවලා පවා සිදුවන බව පරිසරවේදීහු කියති. බිත්තර දැමූ පසු ද පිරිමි මත්ස්‍යයා ඒ කැදැල්ල සතුරන්ගෙන් ආරක්ෂා කරගනී. බිත්තර දමා පැය 36කින් පමණ පැටවුන් එළියට එයි. එළියට පැමිණෙන පැටවු පීනාගත නොහැකිව ජල පත්ලට වැටුණහොත් පිරිමි සත්ත්වයා ඒ පැටවුන් තම කටින් රැගෙනවිත් යළි කැදැල්ලේ තබයි.

පැටවුන්ට පිහිනීමට හැකිවනතුරු පිරිමි මාළුවා ඔවුන් රැකබලාගනී. කුඩා කාලයේ තම පැටවුන්ට සතුරන්ගෙන් සැඟවී සිටීමට ද අවශ්‍ය ආරක්ෂාව පිරිමි මතස්‍යයා විසින් සපයයි.

කොළඹ, ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක අතර ත්‍රිකෝණාකාර වපසරියක ඇති සෙමෙන් ගලායන හොඳින් සෙවණ වූ මඩ සහිත පත්ලක් ඇති දිය පහරවලට මල්පුළුට්ටා සීමා වී ඇතැයි සත්ත්ව විද්‍යාඥයෝ කියති.

1970-90 දශයකයන්හි දී සුරතල් මිරිදිය මත්ස්‍ය කර්මාන්තය හරහා ඉතා සීඝ්‍රලෙස අපනයනය කිරීම හේතුවෙන් පසුකාලීනව මේ මත්ස්‍යයාගේ ඝහනය ඉතා පහත බැස තිබිණි. 1993 වර්ෂයෙන් පසු වනජීවී ආඥාපනත වෙනස්වීමත් සමග මල් පුළුට්ටා ආරක්ෂක මාළුවකු ලෙස නම් කැරිණි. මේ හේතුවෙන් මල් පුළුට්ටාගේ ඝහනය යම් තරමකින් වැඩිවී ඇත. එසේ වුව ද වනාන්තර විනාශයත්

(විශේෂ ස්තූතිය ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය)

Malpulutta kretsri - Copy



අදහස් (0)

අපේ යාළු මාළුවෝ - 4

බුද්ධි Monday, 27 October 2014 03:54 AM

ලංකාදීපයට ස්තුතියි මෙවැනි ලිපි පෙළක් පළකිරීම ගැන. (නි)

:       0       0

තිලක් Monday, 27 October 2014 05:24 AM

මෙයා ඔය කියන ත්‍රිකෝණයෙන් පිටත ප්‍රදේශ වන කෑගලු දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, යටියන්තොට, බුලත්කොහුපිටිය වගේ ප්‍රදේශ වලත් ඉන්නවා. හරි ලස්සනයි (නි)

:       0       0

B K Monday, 27 October 2014 09:49 AM

මේ ඉන්නෙ ෆයිටර් මාලුවා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 499 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 914 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 779 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1564 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 460 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 231 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38301 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25232 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 304 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site