ඉතා දිප්තිමත් රතු වර්ණයකින් යුතු මාළුවකු නිසා ම ලේ තිත්තයා යැයි සිංහල බසින් හඳුන්වන මේ සත්ත්වයා පෙතියා තිත්තයා Puntius titteya නමින් සත්ත්ව විද්‍යාත්මකව හඳුන්යි. චෙරි ගෙඩියේ පැහැයට සමාන රතු පැහැයක් ගැනීම හේතුවෙන් මේ මාළුවා චෙරි බාප් Cherry barp ලෙස ඉංග්‍රීසි බසින් හැඳින්වේ.
ශ්‍රී ලංකාවට ආවේණික ලේ තිත්තයා වඳවීයාමේ තර්ජනයට මුහුණ දී ඇති බැවින් රතු දත්තපොතට ඇතුලත් කළ සත්ත්ව විශේෂයකි.
1929 වර්ෂයේ දී සත්ත්ව විද්‍යාඥ පී.ඊ.පී. දැරණියගල මහතා විසින් මේ සත්ත්වයා ලෝකයට හදුන්වා දී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. සෙමෙන් ගලායන ඉතා පිරිසිදු ජලය හා කොළරොඩුවලින් යුතු පත්ලක් සහිත ඇලමාර්ග මොවුන්ගේ වාසස්ථාන වී තිබේ. ප්‍රධාන ගංඟාවන්ට එකතුවන ඇල මාර්ගයන්හි දැකිය හැකිය. ඉතා සංවේදී සත්ත්වයෙකි. ජලයේ සිදුවන සුළු වෙනස්වීමක් පවා මොවුන්ට හානිකර වන බව පරිසරවේදීන් කියයි.
ලේ තිත්තයාගේ වර්ණ ප්‍රබේද දෙකක් දක්නට ලැබෙයි. ඉතා දීප්තිමත් රතුවර්ණයෙන් යුතු ප්‍රබේදයක් හා මධ්‍ය රේඛාව හරහා දිගටි ඉරක් සහිත ප්‍රබේදයක් ඇත. පිරිමි මත්ස්‍යයා වඩාත් රත් පැහැයෙන් යුතු අතර ගැහැනු මත්ස්‍යයා වඩාත් දුඹුරු පැහැයට හුරුය.
කැලණි ගංඟා නිම්නයේ සිට නිල්වලා ගංඟා නිම්නය දක්වා ගංඟා නිම්නයන්හි දක්නට ලැබෙයි. අභිජනන සමයේ දී පිරිමි මාළුවාගේ රත් පැහැය වඩාත් දීප්තිමත්වේ. ගැහැනු මත්ස්‍යයා ඇළ දොළ පත්ලේ කොළ රොඩු අතර සිය බිත්තර විසුරුවා හරියි.
විසිතුරු මත්ස්‍ය අපනයනයේ දී චෙරි බාෆ් ලෙස හඳුන්වමින් ලේ තිත්තයන් බහුලව අපනයනය කිරීම හේතුවෙන් මොවුන් ස්වභාවික පරිසරයෙන් වඳවීයාමේ තර්ජනයට මුහුණ පා ඇත. වනාන්තර විනාශයත් තේ වගාව, මැණික් ගැරීම හා කෘෂි රසායනික භාවිතය හේතුවෙන් මොවුන්ගේ වාසස්ථාන විනාශවිම පැවැත්මට දැඩි තර්ජනයක් වී ඇත.
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අපේ යාළු මාළුවෝ - 5
සජිත් Tuesday, 28 October 2014 08:12 AM
ඉතාම වටිනා ලිපි පෙළක්. කවුරුහරි පුලුවන්නම් මට අපේ යාළු මාළුවෝ - 2 ලින්ක් එක එවන්න. මොකද මට ඒක විතරයි කියවන්න බැරි උනේ.(දිල්)
විමුක්ති - එංගලන්තය Tuesday, 28 October 2014 08:41 AM
සජිත්, අපේ යාළු මාළුවෝ - 2 කියලා ගූගල් සර්ච් කරලා බලන්න. මමත් දැන් තමයි මේ ලිපි පෙල දැක්කේ. සර්ච් කලාට පස්සේ එය පෙනෙන්නට තිබුණා. එහි සඳහන් වන්නේ බන්දුල පෙතියා ගැන. හරිම අපූරු ලිපි පෙලක්. මා ලංකාදීප වෙබ් සයිට් එක දැන්නම් ඉතින් හැමදාම නොවරදවාම බලනවා. මේ සේවයට කරන සියලු දෙනාට පින්. මා පොඩි අයට මෙය පෙන්විය යුතුයි. එයාලා හරිම ආසාවෙන් බලාවි. මා සජීව විජේවීරගෙන් ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකාවේ ගස්වැල් ගැනත් මේ වගේ ලියන්න කියා. වෙනකෙනෙක් හරි ලියනවානම් ලොකු දෙයක්. (ර)
ධනුෂ්ක Tuesday, 28 October 2014 09:09 AM
මේ ඔක්කොම ටික එකට එකතු කලානම් හොද නැද්ද? මම කිව්වේ පහුගිය ලින්ක් ටික යටට දැම්මනම් කාට හරි බලාගන්න තිබුණා ඔක්කොම ටික. ස්තුතියි. (ර)
අසිත Monday, 27 October 2014 07:29 PM
මම මේ ටික දිගටම කියෙව්වා. ඒ වගේම අපේ දරුවන්ට ආශාවෙන් පෙන්නුවා. එයාලත් කියවනවා. මෙය දිගටම කරගෙන යන්න කියා ලංකාදීපයෙන් ඉල්ලනවා. මාළුවන් සහ කුරුල්ලන් ගැන ලියන වේරගොඩගේ සජීව විජේවීර මහතා අපි දැක තිබෙනවා, නිතර නිතර පරිසරය ගැන ලිපි ලියන අයුරු. මේ ආකාරයෙන් දිගටම පරිසරය සම්බන්ධ ලිපි ලියන්න. එය ළමයින්ට ඉතා වැදගත් වෙනවා. කටකතා තිබෙන වෙබ් අඩවි අතරේ ලංකාදීප වෙබ් අඩවිය ඉහළින් වැජඹෙන්නේ මෙවැනි ලිපි නිසා. ඔබ සැමට සදා ජය! (නි)
සජිත් Tuesday, 28 October 2014 11:11 AM
ලංකාදීප පත්තරේ පලවුන ඉතාම වැදගත් ලිපි සියල්ලම වගේ මං ගාව තියනවා. මොකද ඒ සේරම ඕනේ වෙන්නේ අපිටත් වඩා අපේ දරුවන්ට. ඒ අපි ඒ කලේ දැකපු අහපු දේවල් වලින් 10% වත් අද කලේ අහන්න දකින්න නැති නිසා.(හේ)
දිමුතු Tuesday, 28 October 2014 05:23 AM
අසෝක පෙතියා, කහ කොරලියා, ගඩයා, ගල් පාඬියා, තිත් පෙතියා, දෙපුල්ලියා, පතිරණ සාලයා, පොඩි පෙතියා, බුලත් හපයා, මල් පෙතියා,විල්පිට දණ්ඩියා, හික මස්සා, මඩ කනයා, හඳයා, වැලිගොව්වා, මගුරා,කනයා, තෙලියා, ඔය වගේ මසුන් ගැනත් විස්තරයක් දෙන්න බලන්න, තව මේ සතුන්ගේ වැඩුනු පසු දිග, බිත්තර දාන කාලය වගේ දේවලුත්, මම බොහොම අසාවෙන් බලන්නේ, ස්තූතියි. (ස)