IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


අපේ සීයලා වගේම අපිටම තමයි අලුත් රැල්ලක් හදන්නත් වෙන්නෙ

2017-01-13-ent-59

ගායන පරපුරකින් පැවත එන නව යොවුන් විය පසුකරමින් සිටින පසන් මල්ලවාරච්චි, මිල්ටන් මල්ලවාරච්චි ගායන ශිල්පියාගේ මුනුබුරාය. ඔහු තම සීයාගේ ගීත එකතුවක් තරුණ පරපුරට තිළිණ කරමින් Concert එකක් ඉදිරිපත් කළේය. ඒ පිළිබඳව හා ඔහුගේ ඉදිරි කටයුතු පිළිබඳව "තරුණය" සමග මෙලෙස පැවසීය. මෙවර "තරුණයා" කවර සරසන්නේද ඔහුය.

 

මේ දවස්වල වැඩකටයුතු කොහොමද?

2017-01-13-ent-58පසුගිය දවස්වල අපේ Concert එකක් තිබ්බා. එයට බොහෝ පිරිසක් ඇවිත් හිටියා. දැන් ටිකක් Relax එකේ ඉන්නවා.

 

එතකොට මේ Concert එකෙන් පස්සේ ඔබ ලංකාවෙන් යනවද?

ඔව්, 30 වැනිදා පාසල් පටන්ගන්නවා. ඒ නිසා 27 වැනිදා නැවතත් ඔස්ට්‍රේලියාවට යනවා.

 

ඔබ සීයාගේ Concert කරන්න හිතුවේ ඇයි?

ඔහුගේ ගීත අපි ඉදිරියට රැගෙන යායුතුයි. අලුත් පරම්පරාව තුළත් ඒ ගීත රැඳී තියෙන්න ඕන නිසා අපි මේ දේ කළා. පැමිණෙන පිරිස දැකපුවාම අපිට හිතෙනවා ඒ ගීතවලට තවමත් බොහෝ දෙනෙක් කැමැතී කියලා.

 

ඒ කාලේ තිබුණ ගීත අද කාලයට සරිලන ලෙස නැවත නිර්මාණය කිරීමේදී ගීතයට හානියක් වෙන්නේ නැද්ද?

අපි සිංදුව කරන්නෙ පරණ තාලෙටම තමයි. අපි කිසිදු වෙනසක් කරන්නෙ නෑ. අපි ගීතයට යම්කිසි වෙනසක් කළොත්, ඒක Unplugged Style එකට කරනවා විතරයි.

 

ඔබේ කටහඬින් පැරණි ගීත ඇසෙද්දී, යොවුන් පරපුරෙන් ලැබෙන ප්‍රතිචාරය මොනවගේද?

මේ ප්‍රසංගයට තරුණ තරුණියන් ගොඩක් ඇවිත් හිටියා. ඒක ලොකු දෙයක්. ඔවුන් එහෙම එනවා කියන්නේ ඔවුන් පැරණි ගීතවලට කැමතී කියන එක. ඒ ගීත මගේ හඬින් අහන්න ඔවුන් කැමතියි කියලා මට හිතෙනවා.

 

සීයාගේ, තාත්තාගේ ගීත ඇරෙන්න ඔබේම ගීතයක් එළිදක්වන්නේ කවදාද?

මමත් ගීතයක් එළිදක්වන බලාපොරොත්තුවෙන් ඉන්නෙ. මම යන්න කලින් ඒ දේ කරන්න හිතාගෙන තමයි ඉන්නෙ.

 

ලංකාවේ අද නිර්මාණය වන ගීත පිළිබඳව ඔබ සෑහීමකට පත්වෙනවාද?

අද කාලේ ගීත ගැන ගොඩක් කලකිරෙනවා. අඬෝවැඩියා සින්දු අද වැඩියි. ඔක්කොම එක වගේ ගීත, එකම වගේ මෙලඩි, එකවගේ සින්දු. එහි කිසිම විවිධත්වයක් නෑ. සීයාගෙ සහ වික්ටර් රත්නායක මහතාට තියෙන්නෙ ශෛලීන් දෙකක්. එතකොට ජෝතිපාල මහතාගේ තියෙන්නේ වෙනස් ගීත. නව පරම්පරාවේ අය අතරින් ශනුක වික්‍රමසිංහ, නදිමාල් වගේ අය වෙනස් දෙයක් කරනවා, ඔවුන් ඉදිරියට ඒවි කියලා මම හිතනවා.

 

අද කාලේ ගීතයත් වාණිජකරණය වෙලා තියෙන නිසාද මෙහෙම වෙන්නේ?

ඔව්, හැමෝම එක රැල්ලක යන්නේ. කවුරුවත් වෙනස් දේවල් කරන්නෙ නැහැ.

 

ගායන පරම්පරාවෙන් පැමිණෙන නවකයන්ට පවතින රැල්ල වෙනස් කරන්න පුළුවන් වෙයිද?

අපේ සීයලා තමයි රැල්ල හැදුවෙත්. ඉතිං අපිටම තමයි මේක වෙනස් කරන්නත් පුළුවන්. ඒ වගේම අපිටම තමයි අලුත් රැල්ලක් හදන්නත් වෙන්නෙ.

 

ශ්‍රී ලංකාවේ සහ ඔබ ජීවත්වන රටේ සංගීතයේ තිබෙන වෙනස්කම් මොනවාද?

English සින්දු අපේ සින්දුවලට වඩා ඉදිරියෙන් තියෙනවා. හැබැයි අපිට ඒ අයගේ පොඩි පොඩි දේවල් අරගෙන කොපි නොකර දෙයක් කරන්න පුළුවන්.

 

ඉස්සර කාලේ සිංදුවක් ජනප්‍රිය වෙන්න මියුසික් වීඩියෝවක් අවශ්‍ය වෙන්නෙ නැහැ. නමුත් අද කාලේ ඒ දේ අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. මේකට හේතුව ලෙස ඔබ දකින්නේ?

මම හිතන්නේ අන්තර්ජාලය තමයි මේකට හේතුව. ගොඩක් අය දැන් ගුවන් විදුලිය අහනවා අඩුයි. හැමදේම දැන් ඩිජිටල්කරණය වෙලා තියෙන්නේ. එහි මම වැරැද්දක් දකින්නෙ නැහැ. නමුත් යම්කිසි තේරුමක් ඇතිවයි වීඩියෝ එකක් හදන්න ඕන.

 

පැරණි ගීත රූපවාහිනි සහ ගුවන්විදුලි නාළිකාවල ප්‍රචාරය වීම බොහෝ දුරට අඩුවෙලා තියෙන්නේ. ඒක අද රසිකයාට වෙන අසාධාරණයක් නේද?

එහෙමත්ම කියන්න බෑ. අහන අයට තාක්ෂණික දියුණුවත් සමග අන්තර්ජාලය භාවිත කරන්න පුළුවන්.

 

ඔබේ මතය අනුව ගීතයක් නිර්මාණය කළ යුත්තේ රසඥතාවය සඳහාද? වාණිජකරණය සඳහාද?

අපේ සීයලාගේ කාලේ ගීත නිර්මාණයවෙලා තියෙන්නෙ එහෙම මුදල් බලාපොරොත්තුවකින් නෙවෙයි. උදාහරණයක් විදියට ගත්තොත් යහළුවන් පිරිසක් කතාබහක යෙදී ඉන්න වෙලාවක හිතට එන අදහස් අනුව ලියැවෙන ගීතවලට අපේ සීයා එහෙම තනු නිර්මාණය කරලා ගීත ගායනා කරලා තියෙනවා. ඒ කාලේ ඒ වගෙයි. නමුත් දැන් ගීතයක් නිර්මාණය වෙන්නේ මුදල් පරමාර්ථයෙන් තමයි.

 

ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවද?

තාත්තා නම් අවුරුද්දකට වතාවක් ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම ෆයිලට් කෙනෙක් වෙන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ. මේ මගේ අවසන් වර්ෂය. ඉන්පසු මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා.

 

රැකියාව වශයෙන් ෆයිලට් කෙනෙක් වුණාම සංගීතයට කාලය වෙන්කරගන්න හැකියාවක් ලැබෙන්නෙ නෑ නේද?

ඔව්, කාලය වෙන්කරගන්න හැකියාවක් ලැබෙන්නෙ නෑ. තාත්තා සංගීත කටයුතු කරන නිසා ඒ දේවල්වලට ඉඩලැබෙන අවස්ථාවක සහයෝගය දෙන්න බලාපොරොත්තු වෙනවා.

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායරූප - මිහිර බණ්ඩාර

2017-01-13-ent-57



අදහස් (0)

අපේ සීයලා වගේම අපිටම තමයි අලුත් රැල්ලක් හදන්නත් වෙන්නෙ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 827 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 126 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


පිපිරීමකින් තරුණයෙක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 14 307 0

යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.


අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 454 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 2145 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 4178 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 355 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1381 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site