IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


අපේ හැසිරීම අනුව තමයි මේ දේ හොඳ හෝ නරක වෙන්නේ

2016-06-10-ent-18

මියසි සන්දීපනී

 

මියසි සන්දීපනි යනු පුංචි තිරයට එක්වූ නවක රංගන ශිල්පිනියකි. මියුසික් වීඩියෝ සහ වෙළෙඳ දැන්වීම් හරහා ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වූ ඇයගේ සිහිනය නිරූපණයෙන් හෝ රංගනයෙන් ඉදිරියට යාමට නොවේ. වෘත්තීමය වශයෙන් මෘදුකාංග ඉංජිනේරුවරියක වීමට සිහින දකින ඇයගේ වැඩකටයුතු පිළිබඳව කළ කතාබහකි මේ.

 

2016-06-10-ent-19මේ දිනවල හරි කාර්යබහුලයි නේද?

ඇත්තටම කිව්වොත් ටිකක් කාර්යබහුල වෙලා. මොකද නාට්‍ය වැඩකටයුතු, මියුසික් වීඩියෝ සහ වෙළෙඳ දැන්වීම නිසා තමයි කාර්යබහුලකමක් ඇවිත් තියෙන්නේ.

 

කොහොමද ක්ෂේත්‍රයට පිවිසෙන්නේ?

මම ක්ෂේත්‍රයට එන්න අවස්ථාව ලැබුණේ FB එකේ මගේ ඡායාරූප දැකලයි. ඉන් පස්සෙ කතා කරලා ස්ක්‍රීන් ටෙස්ට් එකකට ගිහිල්ලා ඊට පස්සෙ මාව වැඩේට තෝරාගෙන තමයි කටයුතු කළේ. විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි මම මුලින්ම වැඩ කළේ මියුසික් වීඩියෝවකයි. දැනට මම ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු එකහමාරක කාලයක් වෙනවා. ඇත්තටම කිව්වොත් මම වෘත්තීය වශයෙන් ක්ෂේත්‍රයෙ නියැළෙන්නේ නැහැ. මම උසස් පෙළ කරලා විශ්වවිද්‍යාලයට තේරී පත්වුණත් ගියෙ නැහැ. නමුත් දැනට Business Management and Human Resource උපාධියක් කරන ගමන් තමයි ඉන්නේ. ඒ අතරේ ඉස්සරහට සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න සිහිනයක් තියෙනවා. ඒකනිසා වෘත්තීය වශයෙන් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් ලෙස වෘත්තීයේ යෙදෙන්න බලාපොරොත්තු වෙනවා. නිරූපණයේ සහ රංගනයේ යෙදෙන්නේ විනෝදාංශයක් වශයෙන්. නමුත් ඉගෙන ගැනීමේ කටයුතු මේ දවස් ටිකේ නම් ටිකක් නතර කරලා තියෙන්නේ. මොකද වෙලාවක් නැතිකම හින්දා. ඉස්සරහට ඒක ඉක්මනට නැවත පටන් ගන්න හිතන් ඉන්නවා.

 

දායක වූ වැඩකටයුතු පිළිබඳව පැවසුවොත්?

ක්ෂේත්‍රයේ වැඩකටයුතු බොහොමයක් සඳහා දායක වෙලා තියෙනවා. ටෙලිනාට්‍ය සඳහා අලුතින් තමා දායක වුණේ. ඒ සඳහා දැනට මාස දෙකක් විතර වෙනවා. දැනට මම රංගනයෙන් දායක වූ ටෙලිනාට්‍ය දෙකක් විකාශනය වෙනවා. තව තුනක රූගත කිරීම් යනවා. ඒවගේම මියුසික් වීඩියෝ සහ වෙළෙඳ දැන්වීම් සඳහා දායක වෙලා තියෙනවා.

 

එම ටෙලිනාට්‍ය ගැන සඳහන් කළොත්?

හිරු ටීවී ඔස්සේ විකාශනය වන "වස්සානේ ප්‍රේමය", ස්වර්ණවාහිනියේ විකාශනය වන "සමනලුන් පියාඹයි" කියන නාට්‍යය දෙකයි. මෙහි එක නාට්‍යයක් තුළ මම කරන්නේ නපුරු චරිතයක්. මේ නාට්‍ය දෙක සඳහා දැනට දායක වෙලා තියෙන්නේ. තව නාට්‍ය තුනක් එන්න තියෙනවා.

 

ක්ෂේත්‍රය පිළිබඳව යම්කිසි හැදෑරීමක් තියෙනවාද?

මම ඇත්තටම ක්ෂේත්‍රයට ආව මුල් කාලයේ මහේන්ද්‍ර පෙරේරාගේ පන්ති සඳහා දායක වුණා. මේ පිළිබඳව යම් හැදෑරීමක් කරලා තමයි ක්ෂේත්‍රයට පැමිණියේ.

 

ඒ කියන්නේ ක්ෂේත්‍රයට එන්න යම්කිසි හැදෑරීමක් කරන්න ඕනේ කියන එකද?

මේ පිළිබඳව හැදෑරීමක් කරලා ආවොතින් වඩාත් හොඳයි කියලා හිතෙනවා. එතකොට මේ ක්ෂේත්‍රය පිළිබඳව යම්කිසි දැනුමක් තියෙනවානේ. නමුත් හැදෑරීමක් නැතුව ආවා කියලත් කිසිදු ප්‍රශ්නයක් නම් ඇති වෙන්නේ නැහැ.

 

නවක තරුණියන්ට මේ ක්ෂේත්‍රයට උචිතද?

ඔව්, මේ ක්ෂේත්‍රය තුළ කිසිදු වරදක් නැහැ. අපි දැනගන්න ඕනා හරියට ඉන්න. අපේ හැසිරීම අනුව තමයි මේ දේ හොඳ හෝ නරක වෙන්නේ. අපි හොඳට වැඩ කළොත් හොඳට ඉන්න පුළුවන්. නරකට හිටියොත් හොඳක් වෙන්නේ නැහැ. මට මේ ක්ෂේත්‍රය පිළිබඳව කිසිම වරදක් දකින්න ලැබෙන්නේ නැහැ.

 

සහයෝගය දැක්වූ අය ගැන කතාකළොත්?

මම බොහෝමත්ම ස්තූති කරන්නේ මගේ පවුලේ කට්ටියට. මගේ හැම වැඩකටයුත්තක් සඳහාම යන්න එන්නේ මගේ තාත්තා හරි මගේ අයියා හරි. ඒවගේම මගේ අම්මා, අක්කා මේ හැමෝගෙන්ම ගොඩක් සහයෝගයක් ලැබෙනවා. මගේ අම්මා ලංකාවේ නැහැ. නමුත් එහෙම නැහැ කියලා මට දැනෙන්නෙ නැහැ ඒ තරමටම එයාගෙන් ලැබෙන සහයෝගය උපරිමයි. ඒ නිසා මගේ පවුලේ හැමදෙනාටම බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ඩිලාන් ක්‍රිෂාන්ත

 

ඡායාරූප - Wedding Ring

 

2016-06-10-ent-17
2016-06-10-ent-16
2016-06-10-ent-15
2016-06-10-ent-13
2016-06-10-ent-12
2016-06-10-ent-11
2016-06-10-ent-10
2016-06-10-ent-09
2016-06-10-ent-08
2016-06-10-ent-07

 



අදහස් (0)

අපේ හැසිරීම අනුව තමයි මේ දේ හොඳ හෝ නරක වෙන්නේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1040 1

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 146 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 138 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 429 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 1105 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 2165 4

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38766 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25467 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 996 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site