IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අබ්දුල් කලාම් මිය යයි

ඉන්දීය හිටපු ජනපති ආචාර්ය අබ්දුල් කලාම් අද (27) මිය ගිය බව ඉන්දීය පුවත් සේවා කියයි.

මේගාලයා හි රෝහලක දී ඉන්දීය හිටපු ජනපතිවරයා අභාවප‍්‍රාප්ත වී ඇති අතර ෂීලෝන්හි පිහිටි ඉන්දීය කළමනාකරණ ආයතනයේ දේශනයක් පැවැත්වීම සඳහා සහභාගී වී සිටියදී ඔහු අභාවප‍්‍රාප්ත වූ බව එන්ඩීටී පුවත් සේවය වාර්තා කළේය.

මියයන විය 83 වියෙහි පසුවූ ආචාර්ය අබ්දුල් කලාම්, දේශනය පැවැත්වීම සඳහා වේදිකාවට ගොඩ වූ විට ඇද ගෙන වැටී ඇතැයි ද ඒ අවස්ථාවේදීම ඔහු රෝහල් ගත කළ බවත් වාර්තා වේ. ඔහු දරුණු හෘද්‍ය ආබාධයකින් පෙළෙමින් සිටි බව වෛද්‍යවරු ප‍්‍රකාශ කර ඇත.

ආචාර්ය කලාම් ඉන්දියාවේ 11 වැනි ජනපතිවරයා වූ 2002 වසරේ සිට 2007 වසර දක්වා ජනපතිධුරය දැරුවේය. ආචාර්ය අබ්දුල් කලාම් 1931 ඔක්තෝබර් 15 වැනි දින රාමේෂ්වරම් හිදි උපත ලැබුවේ බෝට්ටුකරුවකුවකුගේ පවුලට දාවය.

හිටපු ජනපති කලාම්ගේ අභාවය සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බවත්, ජාතියක් පුබුදුවාලීමට කලාම් මහතා ඉමහත් සේවයක් කළ බවත් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං සිය ට්විටර් ගිණුමේ ඔස්සේ පණිවිඩයක් නිකුත් කර තිබුණි.

සූර්ය බලශක්තිය, න්‍යෂ්ටික බලශක්ති, තාක්ෂණය හා විද්‍යාව වෙනුවෙන් ඔහු කළ ඉමහත් සේවාව වෙනුවෙන්, ඔහුට ඉන්දියාවේ පුද්ගලයකුට හිමිවන ඉහළම සම්මාන වන භාරත් රත්න හා පද්ම භූෂණ සම්මාන වලින් ද පිදුම් ලැබුවේය.

ආචාර්ය අබ්දුල් කලාම් මහතා පසුගිය දිනෙක, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සංවිධානය කළ බලශක්ති සමුළුවක් ඇමැතීම සඳහා ශ්‍රී ලංකාවටද පැමිණියේය.

 



අදහස් (0)

අබ්දුල් කලාම් මිය යයි

ටී.එම් කස්තුරිආරච්චි Tuesday, 28 July 2015 05:44 AM

රටක් දියුණු වෙන්න නම් ඒක මෙහෙයවන නායකයෝ බුද්දිමත් වෙන්න ඕනා. ඒ වගේම බඩ ගැනයි තමන්ගේ පරපුර ගැනයි හිතන්නේ නැති වෙන්න ඕනා (නදී)

:       0       0

උපුල් Tuesday, 28 July 2015 05:48 AM

ඉතාමත් ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙක්, විද්වතකු, පරිනත දෙශපාලකයෙකු සහ සොදුරු මානව හිතවාදියෙකු. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනසින් උසස් පුද්ගලයෙකි. ඔබට නිවන් සුව. ලෝකයේ අති විශිෂ්ට මානව හිතවාදීන් ලොවට සැමදාම දායාද කරන ඉන්දීය මාතාවට මගේ ප්‍රණාමය (නදී)

:       0       0

සත්‍යයා Monday, 27 July 2015 09:44 PM

අපට කෝ ඒ වගේ උත්තරීතර මිනිස්සු? (නදී)

:       0       0

සම්පත් Tuesday, 28 July 2015 07:23 AM

ඔබ තුමාට නිවන් සුව ලැබේවා.(හේ)

:       0       0

ඉසුරන්දි Tuesday, 28 July 2015 10:10 AM

නිහතමානි ශ්‍රේෂ්ට නායකයෙක්. ඔබට මොක් සුව ලැබේවා. (නදී)

:       0       0

උද්දික Monday, 27 July 2015 04:19 PM

ඔබට නිවන් සුව පතමි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 6 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 261 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 23 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 653 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 660 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 14058 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19788 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 291 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 152 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site